මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Wednesday, April 28, 2021

මගෙ මව් රට - මෛත්‍රී පනාගොඩ

රචනය: මෛත්‍රී පනාගොඩ
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: අයෝමී බොස්කො සහ අරුණ කන්නන්ගර
ප්‍රසංගය: බක්මහ රංගන (2013)

අරුණ:    සමනොළ ගිර පිස හමනා
සුළඟේ පණ නල වැඩෙනා
ඉර සේවය කරනා
මගෙ මව් රට ශ්‍රී ලංකා
දෙදෙනා:    මගෙ මව් රට ශ්‍රී ලංකා

අයෝමී:    සමනොළ ගිර පිස හමනා
සුළඟේ පණ නල වැඩෙනා
ඉර සේවය කරනා
මගෙ මව් රට ශ්‍රී ලංකා
දෙදෙනා:    මගෙ මව් රට ශ්‍රී ලංකා

අරුණ:    රණ විරුවකු දිරි ගමනේ
ගොවි කම්කරු අප රකිනේ
අයෝමී:    රණ විරුවකු දිරි ගමනේ
ගොවි කම්කරු අප රකිනේ
අරුණ:    මහවැලියේ රැලි, සිංහරාජ වන
අපගේ උරුමය දිලෙනා
දෙදෙනා:    අභිමානය ඔබ වේ ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා

අයෝමී:    එරබදු මල් හිනැහෙනවා
කොවුලන් ගී හැඬවෙනවා
අරුණ:    එරබදු මල් හිනැහෙනවා
කොවුලන් ගී හැඬවෙනවා
අයෝමී:    රන්වන් ගොයමේ, දුන්හිඳ ඇල්ලේ
බක්මහ රංගන රඟනා
දෙදෙනා:    අභිමානය ඔබ වේ ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා

© Maithri Panagoda, 2013

ගීතය රස විඳිමු.

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, April 27, 2021

නංගිලා මල්ලිලා - මෛත්‍රී පනාගොඩ

රචනය: මෛත්‍රී පනාගොඩ
තනුව: ෂෙල්ටන් ප්‍රේමරත්න
සංගීතය: අග්‍රා ප්‍රේමරත්න
ගායනය: සිඩ්නි නුවර මුතුහර ළමා සමාජය
ප්‍රසංගය: බක්මහ රංගන (2014)

ගමේ ඉන්න නංගිලා මල්ලිලා
මට සිහිවෙනවා, මට සිහිවෙනවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා
මට සිහිවෙනවා, මට සිහිවෙනවා
උජාරුවට විසිතුරු ලොව මම සැරිසරනා
උජාරුවට විසිතුරු ලොව මම සැරිසරනා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා

දීයැල් ඔය ඉස්මත්තේ ඔබ කිමිදෙනවා
තටාකයක නිල් වතුරේ මම පීනනවා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා
මට සිහිවෙනවා, මට සිහිවෙනවා
උජාරුවට විසිතුරු ලොව මම සැරිසරනා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා

තුරු සෙවණක ඇලවී ඔබ ගිමන් නිමනවා
වායු සමීකරනය යට මම නිදියෙනවා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා
මට සිහිවෙනවා - මට සිහිවෙනවා
උජාරුවට විසිතුරු ලොව මම සැරිසරනා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා

එක හිරු යට එක සඳු යට අපි හිනැහෙනවා
හෙට දවසෙදි අපි කොයිබද කවුරු දන්නවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා
මට සිහිවෙනවා, මට සිහිවෙනවා
උජාරුවට විසිතුරු ලොව මම සැරිසරනා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා

© Maithri Panagoda, 2014

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

වලා පොදක් නැති අහස වගේ - නිහාල් රූපසිංහ

වලා පොදක් නැති අහස වගේ
පාළුයි ඔබ නැති ගේ, ආදරියේ
ගිය තැනකින් ඉක්මන් කර
එන්න තවම මා මිදුලේ

රහස් විහිළුවක් කරලා
බකස් ගාලා හිනා වෙන්න
තුරුළු වෙලා නිදාගන්න
ඉක්මන් කර ගෙදර එන්න

මං තනියෙන් යයි හිතලා
වලාකුළක් කවුළුව ළඟ
ඉක්මන් කර ගෙදර එන්න
තවමත් මා ගෙයි මිදුලේ

© Nihal Rupasingle, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, April 25, 2021

බැස එනවාද නගේ - හේමාල් ජයවික්‍රම

පිරිමි:   බැස එනවාද නගේ, පදිනට පාරු ගඟේ
ගැහැනු:   එමි අය්යේ මගේ

ගැහැනු:   ආකාශයේ නිවී යාය හිරූ
දෙයි නද රෑහින් කන් බීරි කෙරූ
කන් බීරු කෙරූ

පිරිමි:   සිසිලයි නේද නගේ, පිනි හා එන සුළඟේ
ගැහැනු:   ඔව් අය්යේ මගේ

ගැහැනු:   තනිවී ඔබ හා ඉන්නා විට නම්
එයි නුපුරුදු ලෙන්ගතුකමක හැඟුම්
ලෙන්ගතුකමක හැඟුම්

පිරිමි:   ජීවිතෙ ගැටුම දරා යමුකො ඉතින්
ගල් පර මඩිනා දිය පාර ලෙසින්
දිය පාර ලෙසින්

© Hemal Jayawickrama, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

රෝස මලේ සුවඳ වගේ - එඩ්වින් පේමජයන්ත විතානගේ

ගේයපද: එඩ්වින් පේමජයන්ත විතානගේ
තනු නිර්මාණය සහ සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: සිසිල් ෆොන්සේකා

රෝස මලේ සුවඳ වගේ දුන්න දේ පුතේ
දුගඳ හැමේ හැම වේලේ කාපු දේ පුතේ
අම්ම කියූ හැම වදනෙම අරුතක් ඇත්තේ
රෝස මලක් වගෙ අම්මේ ඔබගෙ ආදරේ
ඔබගෙ ආදරේ

අම්මා දුන් උපදේසේ අනුව හදවතේ
සනාතනික අත්දකීම් නිම් නැති එමට මට ඇතේ
අම්ම කියූ හැම වදනෙම අරුතක් ඇත්තේ
ඔබෙ ඔවදන් රකිනෙමි මම් සදා මගෙ හිතේ
සදා මගෙ හිතේ

අම්මේ ඔබෙ ආදරයට කිසි නිමක් නැතේ
ගෙදර බුදුන් අම්මාමයි සදා හදවතේ
අම්ම කියූ හැම වදනෙම අරුතක් ඇත්තේ
අමමේ ඔබ කියු ඔවදන් සදා හදවතේ
සදා හදවතේ

රෝස මලේ සුවඳ වගේ දුන්න දේ පුතේ
දුගඳ හැමේ හැම වේලේ කාපු දේ පුතේ
අම්ම කියූ හැම වදනෙම අරුතක් ඇත්තේ
රෝස මලක් වගෙ අම්මේ ඔබගෙ ආදරේ
ඔබගෙ ආදරේ
ඔබගෙ ආදරේ

ගීතය අසන්න:

© Edwin P Vithanage, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, April 9, 2021

ඉස්කෝලෙ ප්‍රසංගේ - ලක්ෂ්මන් කොඩිතුවක්කු

රචනය: ලක්ෂ්මන් කොඩිතුවක්කු
සංගීතය: සංගීත් වික්‍රමසිංහ
ගායනය: තිසල් පාදුක්කවිදාන ("මගේ උරුමය" සංයුක්ත තැටියෙනි)
ප්‍රසංගය: බක්මහ රංගන (2010)

ඉස්කෝලෙ ප්‍රසංගේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාරගේ ගෙල සිඳින්න බෑ

බනිස් ගෙඩිය බෙදන් කාපු
පයිප්පයෙන් වතුර බීපු
එළාර ලෙස රඟ පානා එළාර ලෙස රඟ පානා
මගෙ මිතුරා දයාලන්ගෙ ගෙල සිඳින්න බෑ
ඉස්කෝලෙ ප්‍රසංගේ

තැන් තැන්වල ලොකු බෝම්බ පුපුර ගත්තෙ නෑ
බංකර් යට හැංගි හැංගි සටන් කළෙත් නෑ
සැප විඳ විඳ පොඩි එවුන්ව බිලිදුන්නේ නෑ
ලොවට කියා උපන් රටක් පාව දුන්නේ නෑ

මුහුණට මුහුණම දීලා
පපුවට පපුවම දීලා
එළාර ලෙස රඟපානා, එළාර ලෙස රඟපානා
අනේ සර් දයාලන්ට හතුරු වෙන්න බෑ
ඉස්කෝලෙ ප්‍රසංගේ

ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාරගේ ගෙල සිඳින්න බෑ

රණ්ඩු කරන් තරහ වෙලා එක පේළියෙ හිටියා
හොරෙන් බලා දුක්වීලා හිතින් කඳුළු සැලුවා
වෛරය විෂ බැන්දෙත් නෑ
පළිගන්නට හිතුවෙත් නෑ
කිසි කෙනෙකුට කිව්වෙත් නැහ
ැ ලොකු සර්ල දන්නෙත් නැහැ
මේ නාටකෙ රඟපානා හොඳ මිතුරෝ අපි දෙන්නා
අපි ගහේ වැලේ ගඟේ දොළේ සෙල්ලම් කෙරුවා
ඉස්කෝලෙ ප්‍රසංගේ

ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණුයි යාලු කරමුකෝ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණුයි යාලු කරමුකෝ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණුයි යාලු කරමුකෝ

© Lakshman Kodithuwakku, 2009

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, April 8, 2021

සරාගී පෙම් රැජිණියේ - චන්ද්‍රා ආරච්චිගේ

සරාගී පෙම් රැජිණියේ
ඇයි ද මා හැර දා ගියේ
විරහ ගින්නේ දැවෙන්නෙමි මා
කොහෙද ඔබ කොහෙදෝ ප්‍රියේ

පිපෙන හැම මල් පරවෙතේ
නොනැසෙනා කිසිවක් නැතේ
කෙම්බිමක් දුර ඈත පෙනුණත්
මිරිඟුවකි නෙත් රැවටෙතේ

පිපාසෙට දිය පොද නැතේ
සැනසුමක් කොතැනක වෙතේ
මගේ තනියට ළඟින් ඉන්නා
මීවිතයි මගෙ ජීවිතේ

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, April 7, 2021

පුප්ඵං මිලායාතී - රසිකා ඉඹුල්ගොඩ

පුප්ඵං මිලායාතී
කියා දෙන්නම් දුවේ
ලොවේ අනියත බව දැකලා
හැම දුකක් මැද්දේ සැනසී
සිනාසෙනු මැන දුවේ
දුක සැප ද එකසේ ඉවසා
සිනාසෙනු මැන දුවේ

ඝණසාරප්ප දිත්තේන
කියා දෙන්නම් දුවේ
ඥාන ප්‍රදීප දල්වාලා
මෝහාන්ධකාරේ සිතේ
දුරැලන්න මගෙ දුවේ
මෝහාන්ධකාරේ ලොවේ
දුරැලන්න මගෙ දුවේ

නහි වේරේන වේරානි
කියා දෙන්නම් දුවේ
අනුන්ගෙන් වරදක් වූවත්
සමාව දී අමතක කරලා
දිවි ගෙවනු මැන දුවේ
කිසිවෙකුට වෛරය නොබෙදා
දිවි ගෙවනු මැන දුවේ

© Rasika Imbulgoda, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අතථ්‍ය ඒක පාර්ශවීය ප්‍රේමයක් - චන්ද්‍රා ආරච්චිගේ

දනිමි මා හට ඔබ අහිමි බව
ඔබේ සෙනෙහස උරුම නැති බව
නමුදු ඔබ වෙත මගේ හදවත
ඇදෙනවා තාමත්
ඔබෙන් මද සිසිලක් ලැබේයැයි
සිතෙනවා තාමත්, සිත කියනවා තාමත්

ඔබේ අත මට අහිමි වූවත්
සදා නොවෙනස් මගේ සෙනෙහේ
ඔබටමයි පෙම්බරියේ
මගේ සිත තුළ ගැයෙන පෙම් ගී
ඔබටමයි මියුලැසියේ

එදා ඔබ මා දුරස් වූවත්
සදා මා හද රැඳී සිටිනා
ඔබේ රුව සුන්දරියේ
මගේ දිවියට නව පණක් දී
රැක ගනී සියුමැලියේ

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, April 6, 2021

හිරු බැස යයි, සඳු නැග එයි - කසීර පෙරේරා

හිරු බැස යයි, සඳු නැග එයි
තරු හිනැහෙයි, මද අඳුරේ
ඔබ සිහිවෙයි, සිත හිනැහෙයි
හද සැනසෙයි, සියුමැලියේ
දුරකතනේ මගෙ පිහිටට
අත ළඟ ඇත, මියුලැසියේ
මගෙ නිදිමත කර අමතක
ඔබ අමතමි පෙම්බරියේ

මේ දුරු රට තනිකම මැද
දුක් විඳගෙන ඉන්නෙමී
අප දෙදෙනගෙ හෙට දවසට
මසුරන් පොදි සොයනෙමී
හෙට උදයෙම වැඩබිම වෙත
මට යන්නට තියෙන්නේ
නිදි යහනේ ඔබ සිහිනෙන්
දැක ගන්නට ලැබෙන්නේ
ඔබ සිහිනෙන් පෙනෙන්නෙ
මට ඔබ සිහිනෙන් පෙනෙන්නේ

බැලු බැලු සැම අත ඔබෙ රුව
මට මැවිලා පෙනෙන්නේ
මගෙ රන් කඳ ඔබ ගැනමයි
මා නිරතුරු සිතන්නේ
මතු දවසක, මගෙ තුරුලට
ඔබ එන බව දන්නෙමී
එතුවක් මම මේ විලසට
දුරකතනෙන් අමතමි
මම දුරකතනෙන් අමතමී

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, March 25, 2021

තනිකඩ තරුණියගේ ගීතය - රසිකා ඉඹුල්ගොඩ

ඔබ මෙලෙස මගෙ ලොවට පිවිසෙන්න අයදින්නෙ ඇයි
අකමැත්ත පෙනි පෙනිම හදවතට දුක දෙන්නෙ ඇයි
මට මගෙම රිසි විලස ලොව විසුම සුබ නැත්තෙ ඇයි
ඔබ එලෙස පවසන්නෙ ඇයි

ලෝකයේ අන් අයට අවැසි ලෙස මා ඉන්නෙ නෑ
ජීවිතේ ගෙන යන්නෙ නෑ
මගෙ සිතට කිසි සැකක් හෙට දවස ගැන නැතේ
මට ඔබේ අවවාද ඕනැ නෑ, ඕනැ නෑ

ආදරේ, පෙම් සුවේ, රස විඳුම මා දන්නෙ නෑ
ඒ නමුදු දුක් වෙන්නෙ නෑ
ඔබ සිතන තනිකමක් නැති නිසා මගෙ සිතේ
ඔබෙ පිහිට මට කිසිත් ඕනැ නෑ, ඕනැ නෑ

© Rasika Imbulgoda, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, March 22, 2021

දයාබර ඔබෙ ළයාදර රුව - කසීර පෙරේරා

දයාබර ඔබෙ ළයාදර රුව
සදාකල්හිම මා සිතේ
ඇඳීලා ඇත මැකී නොයනා
සිතුවමක් සේ පිය කතේ
ඔබ ම වේ මා ජීවිතේ

එදා ඔබ මා නෙත ගැටුණු දින මුල්වරට දුම්රිය පොළේ
විදා දෙනයන සිනා මල් පිබිදුවා මතකයි අද වගේ
සදාදර මා කුමරියේ
ඔබයි රැජිනිය මා ලොවේ

දිනෙක මතු දා, රැගෙන අවසර ඔබව තුරුලට ගන්නෙමී
මසිත ලියවුණු ප්‍රේම ගීතය තනුව පබැඳා ගයනෙමී
සුමුදු ඔබෙ වත සිපගමී
ඔබව සැමදා රකිනෙමී

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

පිපෙන මල් පරවෙනවා - කසීර පෙරේරා

පිපෙන මල් පරවෙනවා
තුෂර බිඳු මිය යනවා

අතීතය සිහිවෙනවා
මහද ඇතුළේ ඉකිබිඳුම් දුක් සුසුම් රැව් දෙනවා
ඔබ වෙනත් කුලගෙයක සිරවී
දෙනෙත කඳුළැලි පිස දමන බව
මට හැඟී යනවා
නුවන් තෙත් වෙනවා, මා, නුවන් තෙත් වෙනවා

එදා අප ආදරෙන් බැඳුණේ
කඳුළු කැට ගැන බලන්නට නොව සිනා වපුරන්නයි
ඒ සිනා පිරි අනාගතයක
අසිරි විඳගන්නයි, සිරි අසිරි විඳගන්නයි

පැතූ සිසිලස නොවේ ලැබුණේ
සයුර පරදන දුක් ගොඩක් හා සදා වැලපිල්ලයි
මේ දුකෙන් ගැලවෙන්න ඇත්තේ
එකම විසඳිල්ලයි එය මරණයම පමණයි

පිපෙන මල් පරවෙනවා
තුෂර බිඳු මිය යනවා

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, March 19, 2021

ගඟට ගඟක් හමුවේවිද - චන්ද්‍රා ආරච්චිගේ

ගඟට ගඟක් හමුවේවිද කෙදිනක හෝ
විලට විලක් හමුවේවිද කෙදිනක හෝ
ඔබට දිනක මා යළි හමු වේ දෝ
අපට යළිත් එක්වන්නට
ලැබේවි දෝ

කඳු හෙල් මිටියාවත් බෑවුම් ඔස්සේ
ඇදී ගියත් ගංගා රිසි ලෙස සොඳ සේ
මුහුද සමග එක්වූවත්
ගඟට ගඟක් හමුවෙනවා දෝ
කවදා හෝ හමුවේවිද අප දෙදෙනා
මට නොසිතේ

විලේ සුනිල දිය වාෂ්ප බවට හැරේ
ඉහළ නගී සැහැල්ලුවෙන් සැරෙන් සැරේ
වළා සමග එක්වූවත්
විලට විලක් හමුවෙනවා දෝ
කවදා හෝ හමුවේවිද අප දෙදෙනා
මට නොසිතේ

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මට කියන්න එපා ළඳුනේ - කසීර පෙරේරා

ලෝහිත වර්ණ සායම් පොදෙන්
දුඹුලු තොල් වැසුණා
පුයර තැවරූ මුහුණ මත පිණි බින්දු නිදි මැරුවා
කළුවර ගලාගෙන එන පැයේ
නගරේ කොනේ බස් නැවතුමේ
ඔබව ඇස ගැටුණා
මට අමුත්තක් දැනුණා

මල් සාරියේ පැල්ලම් මැකී නෑ වැටුණු රැළි අතරේ
අත් බෑගයේ හම ගැලවි උරහිස කොනේ එල්ලේ
මේ අවේලාවේ
ඔබ කොයිබට ද යන්නේ
මට කියන්න එපා ළඳුනේ

දුම් වැටිය මුවගේ දැවෙන මුත් උණුසුමක් නොදැනේ
සීතලේ, සිරි පොද වැටේ, මගෙ පාළු සිත පැකිලේ
හද සැලේ මාගේ
ඔබ ඇයි ද ඉඟි මැරුවේ
මට කියන්න එපා ළඳුනේ

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, March 17, 2021

අපේ ඇත්තෝ - රසිකා ඉඹුල්ගොඩ

මව් බිමෙන් පිට වෙසෙනා
මුවේ නොම ගාවා,
මුසා බස් දොඩනා,
අපේ සමහර අය වගේ ඇත්තෝ
වෙනත් ලොව නැත්තේ
එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ

ඉසුරු සම්පත් සොයා ඇවිදින්
කලක් තිස්සේ නොරට සිටියත්
සිතේ දුක ඇත්තේ

කටක් ඇරියොත් කියන්නේ:

"උතුම් රට ලංකාවයි,
රටෙන් ආ එක දුකමයි,
අනේ ආපසු යන්න ඇතිනම්
මං යන්න යනවාමයි!"

ඒත් නොරටක,
දුකෙන් සැප විඳ,
ඉන්නවා මිස,
කටෙන් මොන මොන
කතා කිව්වත්,
යලිත් ලංකාවේ,
ඉඳින්නට සැමදා,
කිසිම දිනයක,
යන්න අදහස,
තුන් සිතක නැත්තේ

එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ

කාලෙකින් ලංකාව වෙත ගොස්
සති දෙකක් හෝ තුනක් ඉඳලා
ආවයින් පස්සේ

දුකෙන් බර වී කියන්නේ:

"අපොයි මට ලංකාවේ
ඉන්න බෑ නේ අයියෝ
රටපුරා මදුරුවන් බෝමයි
ග්‍රීෂ්මයි හරි දාඩියයි"

"කාර් එකකින්
යන්නෙ කොහොමද?
රියදුරන් මග
මරුවන්ය අද!
අනේ නොදකින්
දේශපාලකයෝ,
මහා දූෂිතයෝ,
සදාකල් මා,
එරට ඉන්නේ
කොයි ලෙසද අයියෝ!"

එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ

තවත් සති දෙක තුනක් ගත වී
පරණ සුපුරුදු දිවිය ඇරඹේ
යළිත් අපෙ ඇත්තෝ

පරණ තැටියම ගහන්නේ:

"උතුම් රට ලංකාවයි,
රටෙන් ආ එක දුකමයි,
අනේ ආපසු යන්න ඇතිනම්
මං යන්න යනවාමයි!"

එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ!

© Rasika Imbulgoda, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සිනාවෙන් පිරුණු - රසික සූරියආරච්චි

සිනාවෙන් පිරුණු දිය කඩිත්තක් කලතවා
කෝපයෙන් වැසුණු මඩ විලක් කර දමන්නට
ඔබට හැකි බවක් මා දැන සිටියෙ නෑ,
සොඳුරියේ
ප්‍රේමයෙන් පිරී ගිය හදවතක් කළඹවා
ශෝකයෙන් පිරුණු රළු ලෝකයක් මවන්නට
ඔබට හැකි බවක් මා දැන සිටියෙ නෑ,
සොඳුරියේ

තොලට තොල තියාලා, ආදරෙන් බැඳීලා
සෑමදා ඉන්න මා කළ පැතුම් සුන්වෙලා
බිඳුණු ප්‍රේමයෙ නමින් දැන් ඉතින් තියෙන්නේ
හඬා නොවැටී ඉන්න අදිටනක් පමණී

පරාජය උරුම වී, පිළිසරණ අහිමි වී
වියෝ ගිනි ජාලයෙන් හදවත ද දැවීලා
අතීතයෙ නාමයෙන් දැන් ඉතින් පතන්නේ
සදාකල් තනිවෙලා දිවි ගෙවුම පමණී

© Rasika Suriyaarachchi, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, March 14, 2021

තාත්තේ මගෙ තාත්තේ - රසිකා ඉඹුල්ගොඩ

තාත්තේ මගෙ තාත්තේ
මේ අහන්නකො තාත්තේ
ආච්චී මට කියා දුන්නා කතන්දරයක් ඊයේ
ඒ කතාවේ තේරුණේ නැති දේ
මොනවදෝ කියලා
මට කියා දෙන්නකො තාත්තේ

ඒ කතාවේ හිටිය රජ්ජුරුවෝ
මාළිගේ හැරදා
ළමයි දෙන්නා සමග අම්මා
මහ කැලේකට ගෙන ගියේ ඇයි
කියා දෙන්නකො තාත්තේ
මට කියා දෙන්නකො තාත්තේ

කැලෙන් පලතුරු නෙලා එන්නට
ගිය වෙලේ අම්මා
සොයා වහලුන් ආපු බමුණට
ළමුන් දෙන්නා ඇයි ද දුන්නේ
කියා දෙන්නකො තාත්තේ
මට කියා දෙන්නකො තාත්තේ

© Rasika Imbulgoda, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, March 13, 2021

පිටුවහල් ප්‍රේමේ - දයා සුදසිංහ

අන්තෝනි පල්ලියේ
ගැයෙද්දී කන්තාරු ගීතිකා
කලත්තා ගැඹුරටම හර්දේ
හුවමාරු කළෙමු අපි
කල්වාරියක් තරම් ආදරේ

පෝය දොළහක් ගෙවුණා
ගොල්ගොතාවේ මා තාම අඳුරේ
ඉලක්කම් මැකුණා ද
ඔබෙ ස්නේහයෙ කෝදුවේ
අමතක ද ආදරේ මුර පදේ

තැවරෙනවා මහද පතුලේ
ඇස කඳුළ මරිය මව් සුරුවමේ
කටුකයි කයිතාලමේ රාවේ
උහුලන්න බැරි වේ
ගිනියම පිටුවහල් ප්‍රේමේ

© Daya Sudasinghe, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, March 12, 2021

දුර ඈත ආකාශයේ - රසිකා ඉඹුල්ගොඩ

දුර ඈත ආකාශයේ
කුරුල්ලෙක් ඉගිලෙනවා
සුවිසාල අත්තටු විහිදලා
කුරුල්ලෙක් ඉගිලෙනවා
නිදහසේ ඉගිලෙනවා

අම්මගේ සාරියක් වාගේ
ලස්සනට දිලිසෙනා
නෙක සිරින් ඔය උඩු ගුවන් තලයේ
පාට ඇතිවෙන්නේ
කොහොමදෝ, ඒ කොහොමදෝ
කියාපන් මට කුරුල්ලෝ

මල්ලියා ගෙන එන්න ගිය දා
ආ පාර වැරදිලා
දිව්‍යලෝකේ ගිය මගේ අම්මා
එහේ ඉන්නවනේ
දුටුවදෝ ඈ දුටුවදෝ
කියාපන් මට කුරුල්ලෝ

© Rasika Imbulgoda, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, March 9, 2021

ඈත ක්ෂිතිජය - කසීර පෙරේරා

ඈත ක්ෂිතිජය එකලු කරමින්
හිරු උදාවෙන පැයේ
සීත කඳුකරයේ පිපෙනා
මල් සිනාසෙනවා
දසන් පෙති විහිදා
මේ වසත් කාලයේ

සීත සිසිරය නිමාවෙනු දැක
ලෝකයම කුල්මත් වෙලා
නිදා සිටි සියොතුන් ද අවදිව
මියුරු කූජනයෙන්
නවක පැතුමන් බිහි කළා

ගෙවී ගිය දුක්බර අතීතය
සිහිනයකි අද හුදකලා
පිරී ඉතිරෙන පැතුම් ඉටු වී
සොඳුරු හෙට දවසක්
උදාවෙයි සිත සනසලා

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුදුවත ඇඳගෙන - චන්ද්‍රා ආරච්චිගේ

සුදුවත ඇඳගෙන, තෙල් මල් අරගෙන
පන්සල වෙත යන මිතුරේ
වියපත් වෙන විට, ඔබ සිත දහමට
යොමු වූයේ ඇයි මෙලෙසේ
එය චක්කරය ද සසරේ

දහම් පාසලෙන් උගත් පාඩමෙන් වැඩිදුර නොසිතා ඈත් වුණා
පන්සිල් කැඩුණා, පන්සිල් රැකුණා ඒ ගැන කිසිවක් නොම සිතුණා
පෙම් කෙරුවා, අතිනත ගත්තා, යුග දිවියේ අම රස වින්දා
මිහිරෙන් සතුටෙන් පිරුණු අපේ ඒ තරුණ ජීවිතේ ගෙවී ගියා

කාලය ගෙවුණා, දරුවන් ලැබුණා, හොඳ හැටි පවුලේ බර දැනුණා
හිස කෙස් පැසුණා, සම රැළි වැටුණා, මැදිවිය ආවා, දුක හිතුණා
කාලය පෙරටත් වඩා වේගයෙන් ඉගිලී යන බව පසක් වුණා
පින් පව් ගැන යළි, සිත යොමු කරවන, සැන්දෑ සමය ද උදා වුණා

කඩුලු පනිනු බෑ, හයේ පහර බෑ, සිරුරේ ශක්තිය හීන වෙලා
ඉස්සර වාගේ විස්කම් දැන් බෑ, ඒ බව දැන් ඇත පසක් වෙලා
පන්සල පැත්තට සිත හැරුණා, පන්සිල්, අටසිල් මතක් වෙලා
යන තැනකට පින් එක්කර ගන්නට කාලය හරි බව පසක් වෙලා

සුදුවත ඇඳගෙන, තෙල් මල් අරගෙන
පන්සල වෙත යන මිතුරේ
වියපත් වෙන විට, ඔබ මෙන් දහමට
යොමුවෙන්නම් මං නුදුරේ
එයයි චක්කරය සසරේ

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, March 8, 2021

කාලයාගේ ඇවෑමෙන් - රසික සූරියආරච්චි

එදා අප දෙදෙනා
එකිනෙකා හා ආදරෙන් බැඳිලා
රස මැවූ මල්බර සමේ
මා ඔබට ගැයුවේ සැමදා
හදවතේ ඉපදුණු සුපෙම් ගී
මේ ලෙසයි ප්‍රියේ

කියන් මා හට ඔබේ හදවත මලක් දෝ
ගිලන් සිත සුව කරන ඔසුවක
පහන් එළියක
සඳුන් සිසිලක
අරුම කැටිකොට අරුණ සුපිපුණු
කියන් මා හට ඔබේ හදවත මලක් දෝ

මෙදා අප දෙදෙනා
එකිනෙකා හා කෝපයෙන් වෙළිලා
ගතවෙනා දුක්බර සමේ
ඔබට ලියු ගීතේ පෙරදා
මා මුවෙන් යටිකුරුව පෙරළී
මේ ලෙසින් ගැයේ

කියන් මා හට ඔබේ හදවත ගලක් දෝ
දුකින් පිරි සිත තලන පහරක
දෙනෙත කඳුළක
දෙකන යවුලක
කුරිරු බව ගෙන රුදුරු ලෙස සැදු
කියන් මා හට ඔබේ හදවත ගලක් දෝ

© Rasika Suriyaarachchi, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ගේ කුරුල්ලෝ - දයා සුදසිංහ

ගේ කුරුල්ලෝ
අවල කෙලි නවතා
අසාපන් වැහි බින්දු පෙම් කතා
විළඳ ඇට සේ පිපිරෙනා

දිලෙන ගිනි අකුණු ප්‍රේමේ
වැහි බිංදු අස්සේ දවටා
මලවි දුනුදිය අදිනවා
පිළිස්සුම් විස තවරලා

ගන ගැජුම් පිපිරේ නම්
වැසි ලකුණු අහසින් ගෙනේවි
වයිරයේ මාත්තුවක් නැති දා
පෙම් හැඟුම් උපදීද හදකින්

© Daya Sudasinghe, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මූසිලගේ ගීතය - රසන්ත චන්ද්‍රසූරිය

සමාන සේවය වෙනුවෙන් සම තැන
සමාන වේතන දෙන්න කියා
රජුගෙන් මා ඉල්ලූ බව ඇත්තයි
කිමද වරද ඇදුරිඳුනි දයා

වීණා වාදනයේ පරතෙරට ම
මම වැර වීරිය යොදා උගත්තෙමි
වියපත් ඔබ ඉසුඹුව ලැබගත් දා
ගඳඹ තනතුරට සුදුසුම මම වෙමි

ඔබ හා තරගය රජුගෙ කැමැත්තයි
මා අත කිසි ලෙස වරද නැතේ
ඇස්බැන්දුම් ප්‍රෝඩා නොතිබී නම්
මම ජය ගන්නෙමි සැකක් නැතේ

© Rasantha Chandrasuriya, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, March 7, 2021

සිත සසල කරනා - කසීර පෙරේරා

සිත සසල කරනා
දුක්බර ගීත රාවේ
සීත සැන්දෑවේ
ගම්මානයේ
කඳු පාමුලේ
දොළ මායිමේ
සුළඟේ මුසුව පාවේ

පැතුම් සුන්කරලා
සුසුම් හිමිකරලා
හදක පිපි පෙම මියගොසින් බව
ලොවට පවසන්නේ
ඒ ශෝක ගී රාවේ

හිරු උදාවේදෝ
අඳුර දුරුවේදෝ
සිතක සෝ ගිනි නිවීයාදෝ
කුකුස උපදන්නේ
ඒ ශෝක ගී රාවේ

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, March 2, 2021

කෙල්ලේ මගේ කෙල්ලේ (රැප්) - කසීර පෙරේරා

(කෝරස්)
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ ආදර කෙල්ලේ
සිහිවෙනවා ඔබ සැමදා කෙල්ලේ
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ ආදර කෙල්ලේ
ඔබටත් මා සිහිවෙනවද කෙල්ලේ
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ පණ වැනි කෙල්ලේ
ළඟදී මං එන්නම් ගම පැත්තේ
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ පණ වැනි කෙල්ලේ
පරිස්සමෙන් ඉඳින්න රත්තරනේ

(රැප්)
යනකොට එනකොට කනකොට බොනකොට
ඉරිදට සඳුදට අඟහරුවාදාට
දින හත පැය විසි හතර පුරාවට
ඔබ සිහිවෙනවා කෙල්ලේ හැම විට

කඩේට යනකොට වැඩ කරනා විට
උදයට හවසට තේ එක බොන කොට
දහවල රෑ කල බත්පත කනකොට
ඔබ සිහිවෙනවා කෙල්ලේ හැම විට

ගෙදර ඉන්න කොට හුස්ම ගන්න කොට
රූපවාහිනිය නරඹන හැමවිට
තනියම යහනත නිදියන මොහොතට
ඔබ සිහිවෙනවා කෙල්ලේ හැම විට

(රැප්)
නුබ කුස දිලිසෙන සුන්දර පුර හඳ
සඳ වට දිදුලන නිල්මිණි තරු කැට
දුටු විට ඔබ මට සිහිවෙයි ප්‍රිය කත

පෙරදින දොළ ළඟ මා දුටු ඔබ වත
කෝමල ලාලිත සුලලිත සිහිනිඟ
සිහිනෙක පෙනුනද ඇති මට සිරිකත

මගෙ හදවත පිරි නොකැලැල් සෙනෙහස
සදහට ඔබ වෙතටම පුද කෙරුමට
පතනෙමි මම සුදු කෙල්ලේ හැමවිට

ළඟදිම එක්වෙමු එක වහලක් යට
ඒ දින එනතුරු එකරට දෙතැනක
අතැඟිලි ගනිමින ඉමු අපි රන් කඳ

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, March 1, 2021

මල් සුවඳ - ජනක සෙනෙවිරත්න

මල් සුවඳ වැට උඩින් පැන
මා වැළඳ යළි දුවයි
සරදමට මගේ හද පාරවයි
නවතින්න සොඳුරියේ නවතින්න
සුවඳ මට විඳ ගන්න ඉඩදෙන්න

අරලියා මල් වැටෙයි එදා වාගේ අදත්
අපි පෙමින් බැඳුණු තක්සලාවේ
මාවතේ අතුළ මල් පාගන්න මට බයයි
මගෙ දෙපා රළුයි අද ජීවිතේ
ඔබෙ හිමි ද දූපුතුන් ගොළු මුහුද ගෙනගොසින්
නුඹ සරන පටාචාරාවකී
කෙලෙස නුඹ ගෙනයමිද ඉසුරුපිරි ලොවක් වෙත
තවම මම සුනීතගෙ පන්තියේ

ගුරු දෙගුරු නෙත් වසා හාදුවක රස සොයා
ගෙවූ කාලය සුවඳ සිහිනෙකී
එකම පංතියේ හිඳ අකුරු කළ මුත් දනිමු
නොවුණු වග අපි එකම පංතියේ

ඇසුරු කළ පොත් අතර සැඟව ගිය පෙම් හසුන්
පිඹුරුපත් සිහිනයේ පුරවරේ
නුඹේ සිය නෑසියන් උමතුවෙන් වියරුවෙන්
දවාලූවා සිහින මන්දිරේ

© Janaka Seneviratne, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නාන කාමරේ - කසීර පෙරේරා

නාන කාමරේ මාගේ නාන කාමරේ
හද කිති කවනා, සිතුවිලි මවනා, නාන කාමරේ
නාන කාමරේ මාගේ නාන කාමරේ
ගත පිරිමදිනා, සිත සනසවනා, සෑම කාලයේ

උදේ රැයින් එමි මම සැමදා ඔබේ සුව පතා
ඇඟේ පතේ මැළි දුරු කර දා ඔබ ගෙනෙයි සිනා
මුවෙන් ගීතයක් වී ඉපිදේ මගේ පෙම් කතා
නාන කාමරේ නාන කාමරේ
නාන කාමරේ ඇතුලේ, ගායකයෙකි මා

සැඳෑ කලේ සේවය නිමවා එමි වෙහෙස වෙලා
ගතේ වේදනා සැම නිවලා දෙයි සතුට සදා
ඇඟේ වතුර බිඳු ගෑවෙන විට සිත නිවී ගියා
නාන කාමරේ නාන කාමරේ
නාන කාමරේ ඇතුලේ, තාපසයෙකි මා

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, February 28, 2021

කළුවර රැයේ - චන්ද්‍රා ආරච්චිගේ

කළුවර රැයේ, නිදිබර පැයේ
සිහිනේ සුවය සොයමී
ඔබ නැත ප්‍රියේ, අද පෙර ලෙසේ
සයනේ තනිව සිටිමී
තනිකම දැනේ, හදවත රිදේ
අඳුරේ සිතින් හඬමී
යළි හෙට දිනේ, එනු මැන ළඳේ
පෙර සේ බලා සිටිමී

මා නොම සිතා, පැවසූ වදන්
ඔබ රිදෙව්වාදෝ
ඒ ගැන කතා, දුර දිග ගොසින්
සිත හැඬෙව්වාදෝ
මා ඔබ හැඬෙව්වාදෝ

ඒ සුළු දෙයින්, කම්පා නොවෙන්
මට සමාවෙන්නේ
සුපුරුදු ලෙසින්, උණුසුම අරන්
කවදදෝ එන්නේ
ඔබ කවදදෝ එන්නේ

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නෙත හඬනවා - චන්ද්‍රා ආරච්චිගේ

නෙත හඬනවා
සිත රිදෙනවා
හිස බමනවා මාගේ
ඒ හදවතේ
සිසිලක් නැතේ
සිත ගලකි ඈගේ

මා අමනයෙකි
නොලැබෙන දෙයක
පසු පස දුවන සැමදා
ඇය මිරිගුවකි
ළංවෙනු නොහේ
දිවි කතරෙ කිසිදා

හෙට හිරු උදා
වෙන්නට එපා
මට අඳුර සුවදෙයි
ඇගෙ අත සදා
නොලැබෙන නිසා
මට ලොවම අහිමියි

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, February 27, 2021

සීයාගෙන් මුණුපුරාට අවවාද (විරිදු) - කසීර පෙරේරා

මුණුපුරා:   ආයුබොවන් සීයෙ ඉතිං දැන් කොහොමද වාසදේස
ගොතලා කවියෙන් කියන්න හැකි ද ආප්තෝපදේශ
සීයා:   අපොයි මොකොද කියන්න බැරි

සීයා:    කියන්න නම් හැකිය පුතේ හොඳ රසබර පද බැඳලා
අහන්න මා දෙන ඔවදන් අවධානෙන් සවන් හෙළා
මුණුපුරා:    හොඳයි හොඳයි කියන්නකෝ

සීයා:    කිරි කල දහසකින් වුවත් කළු කපුටෙකු නෑව්වාට
නැතේ එයින් කිසි ඵලයක් සුදු කරන්න බෑ කපේට
මුණුපුරා:    ඒක ඇත්ත, සුදු සීයේ

සීයා:    මඩ වතුරේ සුදු රෙදිපිළි සේදීමත් ඒ වගේ ය
කොච්චර සේදුවත් ඉතිං මැකෙන්නෙ නෑ දුඹුරු පැහැය
මුණුපුරා:    සීයගෙ සිල් රෙද්ද වගේ

සීයා:    රඹුටන් කන්නට ගිය කල හෝදන්නට අවැසි නැතේ
එහි රසවත් මදේ කොටස මැනවිත් සුරැකිලා ඇතේ
මුණුපුරා:    අඹ අන්නසි එහෙම නේද?

සීයා:    ජම්බු පේර කෑවොත් ඒ ලෙස හෝදන්නේ නොමැතිව
නොයෙක් රෝග වැළඳීමට ඉඩ ඇති බව සිතට ගනුව
මුණුපුරා:    වෙරළුත් සෝදලා කන්න

සීයා:    පෙරැළෙන ගල්වල බැඳෙන්නෙ නැති බව කියවේ පාසී
බැසයන වතුරේ ඉනි පා කර නැත ලැබෙනුයෙ වාසී
මුණුපුරා:    හකුරු වක්කඩේ නොබඳිමි

සීයා:    තියෙනව නම් ඕනැ පදං විසි කරන්න රන් කාසී
ජීවත් වෙන්නට පුළුවනි සෑමදාම සිනා සිසී
මුණුපුරා:    මසුරං වටිනා කතාව

සීයා:    හෙට එන ලොකු දිනුමක් ගැන අද සිතමින් ඉන්නෙ කුමට
අද ඇති සුළු සතුට වුවද විඳගනු මැන එක හුස්මට
මුණුපුරා:    අදට වැඩිය හෙට නරකද?

සීයා:    යමක් සිද්ධවුණාට පසු අප කිසිවිට නොසිතූ ලෙසට
අඬන්නෙපා පලක් නැතේ කිසිදා ඉහිරිච්ච කිරට
මුණුපුරා:    ඉවසීමයි, සැනසීමයි

මුණුපුරා:    මේ වටිනා ඔවදන් අද රස කවියෙන් කියා දුන්න
සීයේ මගේ ආයුෂ ගෙන තව යහතින් කල් ගෙවන්න

සීයා:    පුතේ කෙනෙකුගේ ආයුෂ තව කෙනෙකුට වැඩක් නැතේ
මා දුන් උපදෙස් පිළිගෙන දිගු කල් වැජඹියන් පුතේ

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, February 24, 2021

ඔබෙ වදන්වැල් - කසීර පෙරේරා

ඔබෙ වදන්වැල් මා සවන් යුග පිනාලූ
කාලයක් තිබුණා
කොවුල් කූජන නිරතුරුව ඇසුණා
ඒ වසන්තය නිමවුණා
සිතක පිපිමල් පරවුණා
රැහැයි හඬ නැගෙනා
සවන් යුග පෙළනා
මා සවන් යුග පෙළනා

අතිරසත් තිත්තට දැනෙන දින
උදා වී ඇත දුක්බරයි
අපට මේ ඉරණම උරුම යැයි
සිතුවෙ නෑ මා ඇත්තමයි

එක්ව දෙදෙනා පා නැගු මග
එදා වගෙ නොව දුක්බරයි
ඉතින් දෙමගක යන්න කාලය
පැමිණ ඇති බව ස්ථිරයි

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ආදර සුදු කෙල්ලේ - රසන්ත චන්ද්‍රසූරිය

මහ මග යන විට, ඔබ දුටු සැම විට
සිත විකල් වුණා නොවෙදෝ
ඔබ මා දෙස බැලු සඳ මගෙ හදවත
සසල වුණා නොවෙදෝ
මිණි කැට නෙතු යුග, සඳවන් ඔබෙ වත
මා වශී කළා නොවෙදෝ
නාලිය ගමනින්, ඇවිදින ප්‍රිය කත
කියන්න ඔබ කවුදෝ
මට කියන්න ඔබ කවුදෝ

ඊයේ උදයෙත් බස් නැවතුම් පොළ ඔබ සිටියා මතකයි
ඔබෙ නෙත් මා නෙත් සුළු මොහොතක් හෝ හමුවූවා මතකයි
අද ඔබ වෙනතක දෑස යොමා
නොතකා ඉන්නේ ඇයි දෝ මා
කියන්න වී නොපමා
මට කියන්න වී නොපමා

හෙට දිනයේ හෝ හිත දිරි වඩවා ඔබ ළඟ හිඳගන්නම්
මා සිත ඉපදුණු ආලය පිළිබඳ බිඳුවක් පවසන්නම්
නව හිරු පීදෙන අරුණැල්ලේ
මගෙ ලොව සරසාලන කෙල්ලේ
ආදර සුදු කෙල්ලේ
මගෙ ආදර සුදු කෙල්ලේ

© Rasantha Chandrasuriya, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, February 21, 2021

මහලු මිනිසාගේ ගීතය - කසීර පෙරේරා

තරුණ ජීවිතේ නැවත නොඑන්නට ගෙවී ගියා
හදට සිසිල් සුවයක් නොම ගෙන දී මැකී ගියා
සිතේ නැවුම් හැඟුමක් ඉතුරුව නෑ
සිතේ සවිය මිස ගතේ සවිය නෑ
සැන්දෑවේ ජීවන සැන්දෑවේ

පැතු පැතුම් නොම සිතූ ලෙසින් ඇත බිඳී වැටී
සදාතනික දුක සිතේ රැඳී ඇත කඳුළු බිබී
හිරු නැග එන මුත්, බැස යන මුත් ඉස්සර වාගේ
පාළුව මිස ජීවිතයේ නැත වෙනසක් මාගේ

ලබා උපන් හැටි, බඹා කෙටූ හැටි අසා ඇතේ
පෙර පව, කරුමය, ඉරණම පිළිබඳ අසා ඇතේ
එනමුත් මට මේ තනිකම හිමිවේවියැයි කියා
සිහිනයකින් හෝ සිතුවේ නෑ පෙර දිනේ එදා

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, February 17, 2021

දිගැසියේ - ජනක සෙනෙවිරත්න

දිගැසියේ දිගැසියේ කොහිද සැඟවී ගියේ
මිහිකතින් මතුවෙන්න කැකුලියක සේ නොඉඳුල්

ආදරේ මුල් කවිය ලියූවේ නුඹ ගැනයි
ඉන්නවා දෝ අදත් කෝල හැඟුමෙන්
පංතියේ කෙළවරක හිඳ අකුරු කළ නුඹට
නොදැනුණි ද නෙත් සරක උණුසුමක්

බොහෝ දුර පිය නගා ජීවිතය හති සලයි
තවම නුඹ රුව සිතේ කෙළවරක සැඟවිලා
දුරින් හිඳ සුවඳ දුන් නුඹය ඒ මල් කැකුළ
කාගෙ හෝ හදක් ළඟ අද ලැඟුම් ගෙන ඇති

අපේ වත වියපත්ය කාලයේ කතර මැද
ඒත් හිත හැමදාම තරුණයි
හමුවුනොත් පාර තොට අහම්බෙන් අතරමග
නැත වරද නගනු මුදු සිනහවක්

© Janaka Seneviratne, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, February 9, 2021

සුන්දර කඳුරට - ගංගා ඒකනායක

ගේයපද: ගංගා ඒකනායක
සංගීතය: අරුණ කන්නංගර
ගායනය: ටියුරින් ෆොන්සේකා
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

සුන්දර කඳුරට පින් පිරි සිරී බර සෙංකඩගල පුරයේ
දන්ත ධාතු හිමීගෙන් පිවිතුරු වූ අන්තිම අග නගරේ
ශෝභන මහනුවරේ

සුවාසු දහසක් දහම් පහස ලද සම්බුදු මාහිමිගේ
දන්ත ධාතු සරණින් සුවපත් වූ ශෝභන මහනුවරේ
නෙත් කරුණා දහරේ, දන මන පුබුදු කෙරේ

දෙනෝ දහක් දන තුන් සිත පහදා බවුන් වඩන පහසින්
බුදු රැස් මාලා ගුවනට මුසුවී දෙව් රම් වෙහෙර ලෙසින්
නෙත් කරුණා දහරේ, සම්බුදු සිසිල දැනේ

ඩෙංකුටු බෙර හඬ කස පුපුරන හඬ කන්දෙන් කන්ද හැපේ
කඳු ගැට අතරින් ගලන රිදී දිය දහරින් සුවය සැදේ
නෙත් කරුණා දහරේ, සම්බුදු සිසිල දැනේ

සුන්දර කඳුරට පින් පිරි සිරි බර සෙංකඩගල පුරයේ
දන්ත ධාතු හිමිගෙන් පිවිතුරු වූ අන්තිම අගනගරේ
ශෝභන මහනුවරේ, සෙංකඩගල පුරයේ
ශෝභන මහනුවරේ, දන මන පුබුදු කෙරේ
ශෝභන මහනුවරේ, සම්බුදු සිසිල දැනේ

© Ganga Ekanayake, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, February 8, 2021

නිසල හද කර සසල - චන්ද්‍රා ආරච්චිගේ

නිසල හද කර සසල
සිනා පෑ නෙතු සඟළ
ළබැඳි සුකොමල ලලන
අතරමග මුණගැසුණ
දිවියේ අතරමග මුණගැසුණ

සොඳුරු සිතුවිලි පෙරදා නම්
තිබුණු මුත් සිත පුරවා
ආදරෙන් පැරදුණ දා
සියලු දේ අමතක කර මා
මතක පොත ගිනි තැබුවා

රාග ගිනි සිත ඇතුළේ
දැල්වෙතත් ගත රිදවා
ආදරේ බිඳකුදු වත්
එහි නැතේ ඔබ සඳහා
මා නොවේ ඔබෙ කුමරා

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, February 7, 2021

නීල වලාවේ සැනසේවී - සුභාෂිණි ජයතිලක

නීල වලාවේ සැනසේවී
නැළවී සඳ සාවී
මල් පියල්ලේ රොන් උරා
බිඟු කැල සැතපේවී
සුසිනිඳු වැල්ලේ සුව දේවී
මුදු මඳනල මුසු වී
සිත් යායේ මල් පිබිදේවී
සුපෙම් සුව විඳීවී

මලවි හී සරින් කිති කැවුණු දෙහද අරා
සුවඳ දී පිපුණි පෙම් මල් දිවි ඇති තුරා
අත්වැල් බැඳ යන මග එළි කළ සිත් පුරා
පහන් සිල ඔබයි දැල්වුණු ගනඳුර ඉරා

විහඟ ගීතයක සිහින් සර ඈත ඇසුණා
ආදරේ නමින් සුමියුරු තනුවක් බැඳුණා
ජීවන ගීතය එයයි අපි එක්ව ගයනා
සසර ගමනේ සපථ ප්‍රේමයක අගනා

© Subhashini Jayathilaka, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, February 5, 2021

ඇතැම් විට මා ඔබ දිහා - රසන්ත චන්ද්‍රසූරිය

ඇතැම් විට මා ඔබ දිහා
බලන විට නෙත් කරකවා
ඔබ ද මා දෙස බලන බව මට
හොඳින් වැටහෙනවා
අපේ දෙනෙත් හමුවෙනවා

සුපිපි මල් කැකුලක් වගේ
උදේ බසයෙදි හමුවෙනා
මිහිරි හැඟුමන් මා සිතේ
නිබඳ පුබුදාලනා
ඔබයි මා ලොව සුරඟනා

දිනෙක සිත දිරි උපදවා
ඔබේ අසලින් වාඩි වී
මගේ හදවත ගැයෙන පෙම් ගී
ඔබට මුමුනන්නම්
ඔබයි මා ලොව සුරඟනා

© Rasantha Chandrasuriya, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, January 28, 2021

මා පෙම්බර පුෂ්පා - රසික සූරියආරච්චි

විඩා නිවා මා සිත සනසන්නී
හදට සෙමෙර රන් පවන් සලන්නී
සදාතනික සෙනෙහස මුදු පහස දෙවන්නී
මා පෙම්බර පුෂ්පා දේවී

විසිර දුවන සිත එක තැන රන්දා
හසරැලි මල් මුව කමලේ බන්දා
සඳ සිසිලස දී දිවි මග එළිය කරන්නී
මා පෙම්බර පුෂ්පා දේවී

ගිම්හානය සරතැස දුක දෙවනා
සන්තාපය හද නිරතුරු පෙලනා
සිඳ අමරස පැන් පොද මා දෙතොල තබන්නී
මා පෙම්බර පුෂ්පා දේවී

© Rasika Suriyaarachchi, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

තුෂර බිඳු දෙන සිසිලසේ - රසන්ත චන්ද්‍රසූරිය

තුෂර බිඳු දෙන සිසිලසේ
රැඳුණු සුව සැප වෙන කොහේ හෝ තිබේ දෝ
සිපිරිගෙයි මුරකාවලින් මිදිලා
ළපටි තණපත් උඩින් පියවර
තබන්නට මට වරම් දේවි ද සූරියා
වරම් දේවීදෝ

දොළොස් වසකින් නොදුටු ගම් දොර
ඉදෙන කිරිබත රස බලන්නට
දහයියා සුවඳින් පිරි ගිය
නැවුම් කළයක වතුර බොන්නට
කුඹුක් ඔය ඒදණ්ඩ හරහා එගොඩ වී
පිපුණු තලමල සුවඳ විඳිනට
වරම් දේවි ද සූරියා
වරම් දේවීදෝ

පරාජිත දුක් අතීතය තුළ
අහිමි වී ගිය දේ බොහෝ ඇත
එයින් ඔබෙ සුන්දර සිනාවයි
නයනයුග කැල්මයි දකින්නට
අහිමි උණුසුම මොහොතකට ලැබ
හදවතේ සීතල මකන්නට
වරම් දේවි ද සූරියා
වරම් දේවීදෝ

© Rasantha Chandrasuriya, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, January 27, 2021

මිහිරියේ, මා ප්‍රිය ළඳේ - චන්ද්‍රා ආරච්චිගේ

මිහිරියේ, මා ප්‍රිය ළඳේ
කාලයේ තරගයෙන් ජීවිතේ පැරදුණා
හිත ඔබේ මට හොරා වෙනතකට ඈඳුණා
මිහිරියේ, මා හැර ගිය ළඳේ

වැරදීම මා අතේ
ඔබේ නොහොඳක් නොවේ
දුක තනිය මගේ සිතේ
ඔබෙ සිතට නොම දැනේ

කඳුළු නොහෙළමි ප්‍රියේ
කිසි දිනක ජීවිතේ
මතු දිනක මගෙ හදේ
කුසුම් පිබිදෙනු ඇතේ

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, January 21, 2021

අසනු හිරු සඳුනේ - ජනක සෙනෙවිරත්න

අසනු හිරු සඳුනේ
මගේ ප්‍රාණය ඇයයි
ඇගේ ප්‍රාණය මමයි
හිරු පියාණනි ගතේ සවිබල ලැබුණි දෝ උරුමෙන්
සඳු මෑණියනි හදේ දිරි බල ලැබුණි නුඹ ඇසුරෙන්

ඇගේ අත ගෙන දුරක් යන්නට
සැරසුණා පමණයි
ගියා දෝ හිරු සිතිජයේ සැඟවී
නොවෙද නුඹ නපුරුයි

හිත රිදුන තැන කඳුළු පිරිලා
දැවුණු හදවත නිති සොවින්
ජීවිතේ මග තවම අඳුරුයි
ඇයිද හිරු සඳු තවම නිහඬව

අප සුසුම් ඇති වත දකිනු රිසි නැති බවක් හඟවා
ඇයිද සඳුනේ කළු වලා සළු පොටින් වත සඟවා
හෙටත් එමු අපි නුඹ දකින්නට හදේ ගිනි පහදා
සඳේ උණුසුම දවාලනු ඇත කඳුළු වැල් පිසදා

© Janaka Seneviratne, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

කිකිණි ගී සිනා මියැදුන - මහේෂා වජිරකාන්ති විජේසේකර

කිකිණි ගී සිනා මියැදුණ නගරෙ මා රැඳී
එදා විසාලා නුවරට සමයි අද යළී
හුදකලා වීම සොඳුරුයි කියා රවටමී
ඒත් දුර වැඩියි මේ දුර සයුරු එපිටදී
සිහිනයක වෙළී මා නෙත ඉන්න ඔබ රැඳී

සිත බරයි පියාඹන්නට නොහැක තටු විදා
නොම ගමන් ඇතුව දැනෙනා වෙහෙස මහ මෙරක්
නොපෙනෙනා රුපුන් පෙන්වන සතුට මිරිඟුවක්
පුදුමයකි පුරුදු තනිකම ගෙනෙන බිය මෙදා

සෙවණැලි ද දුරස් මදි යැයි හිරු ද සැඟවුණී
වැසුම් කළ මුහුණු පණ ඇති වුව ද නැති වැනී
දෑත හිස් වුවත් අඳුරෙහි දිගු දවස් ගෙවී
එළැඹෙනා මුල්ම පැයෙ මා ඔබ සොයා එමී

© Mahesha Vajirakanthi Wijesekara, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, January 19, 2021

සීතල රැයේ පාළුව - ප්‍රසාදිකා වික්‍රමආරච්චි

ප්‍රසාදිකා වික්‍රමආරච්චි විසින් රචිත "සිත් කවුළුව" (2019) කාව්‍ය සංග්‍රහයේ අඩංගු නිර්මාණයකි.

සීතල රැයේ පාළුව මකන්නට
නුඹ නැතේ මගේ ළඟ හිඳින්නට
සඳ වතේ රැස් වැටේ
ගෙමිදුලේ පඩිය මත
නුඹ නැතේ මගේ ළඟ හිඳින්නට

නුඹේ ළඟ දැවටෙන්න
තුරුල් වී හිනැහෙන්න
පොපියයි මගේ හද
සෙමෙන් මුව සිපගන්න

තුරුලතා සිපගනියි
සීතලේ පවන් වැද
නුඹේ සුවඳ දැනේ මට
හමා එන පවන් මඳ
පෙනේ මට නුඹේ රුව
ගුරුපාර කොනේ ඉම

ගේයපද: ප්‍රසාදිකා වික්‍රමආරච්චි ගේ ඉහත කාව්‍ය නිර්මාණය අනුසාරයෙනි
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනයඃ ශ්‍රියානි අබේනායක
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

සීතල රැයේ
පාළුව මකන්නට
නුඹ නැතේ
මා ළඟ හිඳින්නට
නුඹ නැතේ
මා ළඟ හිඳින්නට

නුඹ ළඟ දැවටෙන්න, තුරුල් ව හිනැහෙන්න
පොපියයි මගේ හද, ඔබ මුව සිපගන්න
නුඹ නැතේ මා ළඟ හිඳින්නට

තුරු ලතා සිප ගනියි, සීතල පවන් වැද
නුඹේ සුවඳ දැනෙයි මට, හමා එන පවන් මද
නුඹ නැතේ මා ළඟ හිඳින්නට

සීතල රැයේ
පාළුව මකන්නට
නුඹ නැතේ
මා ළඟ හිඳින්නට
නුඹ නැතේ
මා ළඟ හිඳින්නට

© Prasadika Wickramarachchi, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිනැහෙන් දියණියනේ - ජනක සෙනෙවිරත්න

හිනැහෙන් දියණියනේ
නුඹ මට රැජනකි
හැමදා මගේ ලොවේ

පුංචි දියණියනි මගෙ උකුළේ
මැණිකක් සේ උණහපුළු පැලේ
හිතින් දුවන්නට එපා මගෙ ලොවෙන්
තනිකර මා මේ අඳුරු පැලේ
ඒ ලෝකය අඳුරුයි කුරිරුයි

නුඹේ නිහඬ බව පසක් කළේ මම
තුන්තිස් පැය නිදිවර දෙද්දී
බිය නොමවන් මගෙ ආදර දියණියනේ
මුහුදු දෙබෑකර ගිරි තරණය කර
යන්නෙමි සොයමින් වෙදැදුරු ඉසිවරයෙක්

සඟවා ගමි මම සැලෙනා කඳුළැලි
නුඹ වත සිපගද්දී
කතා කරමු අපි දෑසින් නිරතුරු
ඇසෙනා තෙක් නුඹෙ ආදර එක වදනක්

විමසිලි නුඹ නෙතු නොසොයන් කිසිදා
නුඹේ පියා කොහෙදැයි බලමින්
පියඹා ගොස් දුර තව කැදැල්ලකට
යළි නොම එන්නට අපේ කඳුළු නිවලා

© Janaka Seneviratne, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, January 16, 2021

සීතාවනි මේ - චම්ප බුද්ධිපාල

ගේය පද : චම්ප බුද්ධිපාල
සංගීතය : ඉන්දු ප්‍රේමතිලක
ගායනය : චම්ප බුද්ධිපාල සහ චන්ද්‍රානි බුද්ධිපාල
සංයුක්ත තැටිය : සිසිල ගී (2013)

රාවණා:    ආ ආ
සීතාවනි මේ අන්තිම යුදයයි
සීතාවනි මේ අන්තිම යුදයයි
රාම හා කරනා

සීතා:    රාවණාවෙනි ඒ අන්තිම යුදයයි
ප්‍රේමය ම දිනනා

රාවණා:    සැලුණි මා නාමයෙන් සුරලොව
ආ, යස ඉසුරු මැද වෙසෙමි ලක්පුර
යස ඉසුරු මැද වෙසෙමි ලක්පුර
නමුදු තනි වූ මහද අරණට
පෑවු සඳ නම් නුඹේ රූපය

සීතා:    අසිපතින් ඔබ සිදුරු වුව හද
රකුසු දැහැනින් ගත දැවූව ද
සිත මගේ නතු නොවේ ඔබ වෙත
එහි සදා ගැයුණේ රාම නම
එහි සදා ගැයුණේ රාම නම

රාවණා:    නොහැලුවද නෙත් ම වෙත සැම කල
දිටිමි දෙනුවන් නැමුණු බවුනට
දිටිමි දෙනුවන් නැමුණු බවුනට
ඒ නුවන් අග දිලුණු නිවුමට
ප්‍රේම කළ බව දනුව කුමරිය
ප්‍රේම කළ බව දනුව කුමරිය

සීතා:    බිඳලමින් ශිව දෙවිඳුන්ගෙ දුනු
රාම පෙම්බර දිනී මා අත
මහද පුදසුන සදා රජයන
නැතේ අන් රුව රාම රුව මිස
නැතේ අන් රුව රාම රුව මිස

රාවණා:    සීතාවනි මේ අන්තිම යුදයයි
රාම හා කරනා

සීතා:    රාවණාවෙනි ඒ අන්තිම යුදයයි
ප්‍රේමය ම දිනනා

රාවණා:    ඕ ඕ ආ ඕ ඕ

© Champa Buddipala, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, January 13, 2021

ළඟින් හිටියත් - ජනක සෙනෙවිරත්න

ළඟින් හිටියත් හිතින් හමුවෙමු
දෙනෝදාහක් උකුසු ඇස් අතරේ

ඔබේ ඇස් තුළ දකිමි මා මම
විසි කරන්නෙමි මගේ කැඩපත
ඔබේ පියවර පිටුපසින් එමි
ජන්ම පත්තිරු කුමටදෝ මට
දිවි ගමන කියනා

ඔබේ හිත මගෙ නවාතැන්පල
සෙනෙහසේ සත්කාර හුරු පුරුදුයි
කුමටදෝ මට රුසිරු සිටු මැදුරක්
දොරටු විවරයි වැතිර ගන්නට
නුඹේ හද තුළ අමිල ආදරයෙන්

අනන්තයටම දිවෙන ඔබගේ
සෙනෙහසින් පිරි පහන්වැට අග
පෙනෙන්නේ අප සෙවූ කෙම්බිම දෝ
නුඹේ දෙනෙතේ කාන්තිය ළඟ
කුමටදෝ මට තව පහන් එළියක්

© Janaka Seneviratne, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සීත මීදුම් - අනුර හොරේෂස්

ගේයපද: අනුර හොරේෂස්
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: අනුර හොරේෂස්
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ
සුපිපුණු පියුමේ සමනළයින් සේ
සතර අනන්තයේ සැරි සැරුවේ
සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ

සරසවි බිම අප පුරාණයේ
සිත් සිතුවම් කළ හන්තානේ
නුවර වැවේ උඩරට මැණිකේ ඔබ
මොනවද සුළඟින් දැනගත්තේ
මොනවද සුළඟින් දැනගත්තේ

සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ
සුපිපුණු පියුමේ සමනළයින් සේ
සතර අනන්තයේ සැරි සැරුවේ
සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ

වෙන්වූ දා හසරැළි වියැකී
කම්මුල් මුතු කඳුළින් නැහැවී
දුරස්ව ගිය මියැසිය නෙත ගැටුණේ
ඇයගේ මංගල දිනයේ දී
ඇයගේ මංගල දිනයේ දී

සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ
සුපිපුණු පියුමේ සමනළයින් සේ
සතර අනන්තයේ සැරි සැරුවේ
සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ
සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ
සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ

© Anura Horeshes, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, January 12, 2021

සිත ඉගිල ගියා - ඉන්දු ප්‍රේමතිලක

ගේයපද: ඉන්දු ප්‍රේමතිලක
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක
ගායනය: ඉන්දු ප්‍රේමතිලක
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

සිත ඉගිල ගියා වසන්තයට
හාදුවක් අරන්
සුන්දරයි සියුමැලි යි
ස්නේහයෙන් බරයි

ඔබ දකින දකින හැම මොහොතෙම
ආල සිත් වඩයි
ඒ තරමට අපි ලෙන්ගතු යි
ඔබ දකින දකින හැම මොහොතෙම
ආල සිත් වඩයි
ඒ තරමට අපි ලෙන්ගතු යි
සුන්දරයි සියුමැලි යි
සුන්දරයි සියුමැලි යි
ස්නේහයෙන් බරයි
සිත ඉගිල ගියා වසන්තයට
හාදුවක් අරන්

ඔබ නොදැක ඉන්න බෑ මට තව
සිත හැඟුම් ගෙනෙයි
ඒ තරමට අපි ලෙන්ගතු යි
ඔබ නොදැක ඉන්න බෑ මට තව
සිත හැඟුම් ගෙනෙයි
ඒ තරමට අපි ලෙන්ගතු යි
සුන්දරයි සියුමැලි යි
සුන්දරයි සියුමැලි යි
ස්නේහයෙන් බරයි

සිත ඉගිල ගියා වසන්තයට
හාදුවක් අරන්
සුන්දරයි සියුමැලි යි
ස්නේහයෙන් බරයි
සිත ඉගිල ගියා වසන්තයට
හාදුවක් අරන්

© Indu Prematilake, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුවඳ රැන්දු මාවතේ - හේමාල් ජයවික්‍රම

සුවඳ රැන්දු මාවතේ
මා ආ දිහා එසේ
දල්වා නෙතින් කළේ විපරම්
හද ගිලී රසේ

සිටියේ එලෙස දෑස් විදා
ස්නේහේ ගෙනේ කියා
දිවියේ ගෙවන කාන්සියෙන්
මොහොතක් සුවේ සොයා
දෙහදෙන් නැගෙනා'ලේ රසෙන් මත්වෙමියි කියා

මෙලෙසින් ය එක්ව කාලෙකින්
මැවුණේ සුවේ සහන්
රහසින් කී කතාවලින්
හද මා කළා සිසිල්
ගෙවුණේ සැණෙන් නිමේෂය පෙම්, දෙහදටත් හොරා

දිලෙනා නෙතේ කැල්මෙන්
මොනවා ද කියවුණේ
සැලෙනා සුපුල් තොල් අගින්
රහසක් ද ගොළුවුණේ
සුමිහිරි හඬින් සරාගික වූ, පිබිදුණා හැඟුම්

© Hemal Jayawickrama, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

විනිසුරුවෙකු - මංජුල වෙත්තසිංහ

විනිසුරුවෙකු චූදිතයෙකු වූ දා
වධකයෙකුගෙ සිත කැළඹී දෝ
දූෂිතයෙකු විනිසුරුවෙකු වූ දා
ජූරිය මීවිත කැඳවී දෝ

සැඩ හිරු ඉඳුරින් ගිලිහී ගිය දා
පුරහඳ රැස් බිහිසුණු වී දෝ
සැවුලන් අරුණේ නොහඬනු රිසියෙන්
නොනිදා රැය එළි කරවී දෝ

වේයන් පොත්ගුල අත්පත් කළ දා
උන් සරසවියට පිවිසී දෝ
සතරට ගිජු සිප්හල වැනසූ දා
ඇදුරන් සිල් පද නොබිඳී දෝ

© Manjula Wettasinghe, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, January 11, 2021

ඔපෙරා රඟහල - ජනක සෙනෙවිරත්න

ගේයපද: ජනක සෙනෙවිරත්න
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: ලලිත් කලුපහන
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

ඔපෙරා රඟහල සමනළ තටු යට නුඹෙ වත දිලිසෙන්නේ
වැලි කෙළියේ සිට බැඳි මුදු සෙනෙහස සැමදා ලියලන්නේ
නොහඬන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ
නොහඬන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ

සිය නෑ මිතුරන් අතහැර දුරු රට ආ හැටි සිහිවන්නේ

මා උර තලයේ හිස සඟවා ගෙන ඇයි නුඹ වැලපෙන්නේ
නොහඬන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ
නොහඬන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ

සිහිනෙන් ගෑ සුවඳක් අද වාගේ ඇළ දොළ වන වදුලු

දෙනෙත පියාගෙන ඉවත බලාගෙන රහසින් කඳුළු හෙළු
සිනහෙන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ
සිනහෙන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ
සිනහෙන් සොඳුරියනේ

© Janaka Seneviratne, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, January 9, 2021

ඔබයි වසන්තේ - ඉනුරී වෙත්තසිංහ

ගේයපද: ඉනුරී වෙත්තසිංහ
සංගීතය: තුෂාරී එදිරිසිංහ
ගායනය: චාන්දනී සේනාරත්න
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

ගනඳුර බැස යයි, හිරු රැස් විහිදෙයි
වනන්තරේ හැඩ මල් සුපිපෙයි
වසන්ත ගස්වල මැණික් පිරීලා
බිමට නැමී හරීම හැඩයි
චූටි පැටව් ඉපදුණ මොහොතේ දී
නව සුවඳක් ලොවට ලැබෙයි
ඔබයි වසන්තේ, ඔබයි වසන්තේ
ඔබයි වසන්තේ, ඔබයි වසන්තේ

මල් මල් ගවුමක් ඇඳලා
කොණ්ඩය කරලට ගොතලා
මල් මල් ගවුමක් ඇඳලා
කොණ්ඩය කරලට ගොතලා
මල් යායේ දුව පැනලා
සිත මගෙ පිරිසිදු කරලා
මමයි වසන්තේ, මමයි වසන්තේ
මමයි වසන්තේ, මමයි වසන්තේ

සඳ පායන රාත්‍රියේ
අහස බලා තරු ගණින්න
සඳ පායන රාත්‍රියේ
අහස බලා තරු ගණින්න
හඳ හාවට ගී ගයන්න
මං ආසයි පියාඹන්න
මමයි වසන්තේ, මමයි වසන්තේ
මමයි වසන්තේ, මමයි වසන්තේ
ඔබයි වසන්තේ, ඔබයි වසන්තේ

© Inuri Wettasinghe, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, January 8, 2021

නිදි නැති තුන් යම - සුභාෂිණි ජයතිලක

නිදි නැති තුන් යම මගේ කඳුළු කැට
මට සරදම් කරනා
සිහින විමානෙක අතරමංව මම
ඔබ එනතුරු උන්නා

ඈතින් රැව්දෙන විහඟ ගීතයක
ඔබෙ හඬ මට ඇසුණා
මල් කෙමි පිස එන සිහිලැල් පවනේ
ඔබේ සුවඳ රැඳුණා

ශෝක ගීතයක පදවැල් අබියස
මගේ පැතුම් බිඳුණා
සිහින බිඳුණ නෙතු කඳුළු අතර ඔබ
ඈතක බව හැඟුණා

මේ පදමාලාව දැන් ගීතයක් ලෙස නිර්මාණය වී ඇත.

රචනය: සුභාෂිණි ජයතිලක
ගායනය: නුවන්ධිකා සේනාරත්න
තනුව සහ සංගීත නිර්මාණය : අශෝක පුෂ්පකුමාර

නිදි නැති තුන්යම මගේ කඳුළු කැට මට සරදම් කරනා
සිහින විමානෙක අතරමංව මම ඔබ එනතුරු උන්නා

විල් දිය පිස එන සිහිලැල් පවනේ ඔබේ සුවය දැනුණා
සිහින බිඳුන නෙතු කඳුළු අතර ඔබ ඈතක බව හැඟුණා

නිදි නැති තුන්යම මගේ කඳුළු කැට මට සරදම් කරනා
සිහින විමානෙක අතරමංව මම ඔබ එනතුරු උන්නා

ඈතින් රැව්දෙන විහඟ ගීතයක ඔබෙ හඬ මට ඇසුණා
සෝක ගීතයක පදවැල් අබියස මගේ පැතුම් සිඳුණා

නිදි නැති තුන්යම මගේ කඳුළු කැට මට සරදම් කරනා
සිහින විමානෙක අතරමංව මම
ඔබ එනතුරු උන්නා

ගීය අසන්න.

© Subhashini Jayathilaka, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, January 7, 2021

බෝධි අබියස - මල්කාන්ති පටුවත විතානගේ

ගේයපද: මල්කාන්ති පටුවත විතානගේ
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: විදුර ප්‍රනාන්දු
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

බෝධි අබියස පහන් දල්වා
පැතුම් පැතුවා අපි එසේ
අනේ සමිඳුනි කියනු මැන මට
පුංචි මා ඇයි තනි වුණේ
දෙනෝ දහසක් සෙනඟ ගැවසෙන
මහා ගංතෙර මත එදා
ළසෝ දැල් ගිනි ඇවිලුණා මට
අපේ අසරණ කම නිසා

කිරට හැරවූ ඔබේ රතු ලේ
කඳුළු ගඟකට මුසුවුණේ
ඇයිද අම්මේ ඔබේ හදවත
ගොළුවුණේ මා ගැන එසේ
භවෙන් භවයට පැතුම් පතමින්
ඔබේ පුතු ලෙස මා එදා
සිනාසෙන විට දෙතොල් විහිදා
ගැයූ ඒ සුන්දර කතා

ගහේ ගෙඩි ගස්වලට බර නැත
කියා මා අසලා තියේ
මහමෙරක් සේ බර වුණේ ඇයි
පුංචි මා අද මේ ලෙසේ
වනේ වන සතුරෙකුටවත් මා
කළේ නැත වරදක් එදා
පුංචි මගෙ ලොව අහිමි කළෙ මට
ඇයිද අම්මේ නෙත් වසා

බෝධි අබියස පහන් දල්වා
පැතුම් පැතුවා අපි එසේ
අනේ සමිඳුනි කියනු මැන මට
පුංචි මා ඇයි තනි වුණේ
දෙනෝ දහසක් සෙනග ගැවසෙන
මහා ගංතෙර මත එදා
ලසෝ දැල් ගිනි ඇවිලුණා මට
අපේ අසරණ කම නිසා

© Malkanthi Patuwatha Withanage, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඉරත් හඳත් මට - මල්කාන්ති පටුවත විතානගේ

ගේයපද රචනය: මල්කාන්ති පටුවත විතානගේ
සංගීතය: තුෂාරී එදිරිසිංහ
ගායනය: අයෝමී බස්නායක බොස්කෝ
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

ඉරත් හඳත් මට නැතත් ලොවේ
සඳත් හිරුත් මට ඔබයි පුතේ
හිරු සඳු වී යළි අපේ ලොවේ
පායන හිරු ඔබ වෙන්න පුතේ
පායන හිරු ඔබ වෙන්න පුතේ

ජාතිය ආගම ගැන කවදත්
වේදනාව නුඹහට තිබුණා
මිනිසත් බව දුණි දෙවියකු විලසට
වස්තුව නිලතල ගැන නොතකා
වස්තුව නිලතල ගැන නොතකා

ඉරත් හඳත් මට නැතත් ලොවේ
සඳත් හිරුත් මට ඔබයි පුතේ
හිරු සඳු වී යළි අපේ ලොවේ
පායන හිරු ඔබ වෙන්න පුතේ
පායන හිරු ඔබ වෙන්න පුතේ

අන් සතු දුක දැක රට රැක ගන්නට
රණ විරුවකු ලෙස නික්ම ගියේ
මතු අත් භවයෙදි යළිත් වරක් නුඹ
හමුවේවා සුදු පුතු විලසේ
හමුවේවා සුදු පුතු විලසේ

© Malkanthi Patuwatha Withanage, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අතරමග යි මේ සංසාරේ - ආරියදාස විදානපතිරන

අතරමගයි මේ සංසාරේ
ඔබ හමුවී සෙනෙහස ලැබුණේ
එමග මතක අද සිහිනයකී
සිත කැළඹී දොම්නස දැනුණේ

පසුකරනා එම ගමන් මගේ
ඔබ අද නැත හිත කකියන්නේ
නමුත් ඔබේ ගුණ සදා මතකයේ
පවතිනු ඇත නැත මියයන්නේ

පෙන්වා දෙනු මැන ඔබේ ගමන් මග
නැවතුම් පොළ ඇත පේන මානයේ
පෙරුම් පුරන්නේ යළි හමුවන්නට
අම්මෙ තාත්තේ මතු භවයේ

© Ariyadasa Vidanapathirana, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, January 4, 2021

පෙරුම් පුරාගෙන - මෛත්‍රී පනාගොඩ

ගේයපද: මෛත්‍රී පනාගොඩ
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: ප්‍රදීප් වාස් ගුණවර්ධන
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

පෙරුම් පුරාගෙන නාවා වෙන්නැති
මේ අත් භවයෙම නිවන් දකින්නට
උතුම් මිනිස්බව නැවත ලැබේවිද
වැඩි වැඩියෙන් තව පින් කරගන්නට
වැඩි වැඩියෙන් තව පින් කරගන්නට

තන්හා ආශා යටපත් කෙරුවා
දන් සිල් පාරමිතා පිරුවා
ඉඳහිට නොදැනම වරදක් කෙරුවත්
ගිහිගෙයි යුතුකම් ඉටු කෙරුවා

පන්සිල් ගත්තා පන්සිල් රැක්කා
සන්සුන් දිවියක් ගත කෙරුවා
බවුන් වඩන්නට කෙලෙස් නිවන්නට
මේ දිවි ආයුෂ අල්ප වුණා

පෙරුම් පුරාගෙන නාවා වෙන්නැති
මේ අත් භවයෙම නිවන් දකින්නට
උතුම් මිනිස්බව නැවත ලැබේවිද
වැඩි වැඩියෙන් තව පින් කරගන්නට
වැඩි වැඩියෙන් තව පින් කරගන්නට

© Maithri Panagoda, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ගුවන් ගැබේ - පාලිත ගනේවත්ත

ගේයපද: පාලිත ගනේවත්ත
සංගීතය: ප්‍රියානී ගනේවත්ත
ගායනය: ප්‍රියානී ගනේවත්ත සහ පිරිස
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

ගුවන් ගැබේ සිත පියඹා යයි
ඈත රටක මතකය පිබිදෙයි
හද තුළ තෙරපෙන නොකියන සිතිවිලි
හිරු සඳු අතරින් මියැදී යයි
හද තුළ තෙරපෙන නොකියන සිතිවිලි
හිරු සඳු අතරින් මියැදී යයි

මව්බිම සිහිවීලා, දොම්නස නෙත රැඳිලා
දුරුරට පෙම් බැඳලා, සිත් මල් පිබිදීලා
මව්බිම සිහිවීලා, දොම්නස නෙත රැඳිලා
දුරුරට පෙම් බැඳලා, සිත් මල් පිබිදීලා

සොඳුරු දසුන් නෙත ගැටෙන සඳේ
නුහුරු වදන් සවනත පැටලේ
හෙට දින පිළිරුව මනසින් දකිමින
තුටුවෙමු නිබඳව රන් රස සේ
හෙට දින පිළිරුව මනසින් දකිමින
තුටුවෙමු නිබඳව රන් රස සේ

මව්බිම සිහිවීලා, දොම්නස නෙත රැඳිලා
දුරුරට පෙම් බැඳලා, සිත් මල් පිබිදීලා
මව්බිම සිහිවීලා, දොම්නස නෙත රැඳිලා
දුරුරට පෙම් බැඳලා, සිත් මල් පිබිදීලා

© Palitha Ganewatta, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මල් දුටු කල - මංජුල වෙත්තසිංහ

ගේයපද: මංජුල වෙත්තසිංහ
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: ලංකා ප්‍රියංගනී
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

මල් දුටු කල ඔබෙ රුව සිත මැවේවී
මල් සිඹි කල කිරි සුවඳක් දැනේවී
මලින් පුදා පැතුවත් සසරේ සුවේ
මා සිත මා හට පහසක් නොදේවී

අලුත් ලොවක තනිකම හුරු වුණාදෝ
සයුරෙන් තෙර රන් කහවණු සොයාදෝ
අලුත් ලොවක තනිකම හුරු වුණාදෝ
සයුරෙන් තෙර රන් කහවණු සොයාදෝ
නෙත් බොඳවී සිතුවිලි පාවී ගියේ
යළි ඔබ නොලැබෙන බව මට දැනීදෝ

මුව හඬ නැගුමට ගත වර නොවීදෝ
හිනැහීමට හද බර වැඩි වුණාදෝ
මුව හඬ නැගුමට ගත වර නොවීදෝ
හිනැහීමට හද බර වැඩි වුණාදෝ
නෙත් බොඳවී සිතුවිලි පාවී ගියේ
මා එන තුරු දොර දෙස නෙත් යොමාදෝ

මල් දුටු කල ඔබෙ රුව සිත මැවේවී
මල් සිඹි කල කිරි සුවඳක් දැනේවී
මලින් පුදා පැතුවත් සසරේ සුවේ
මා සිත මා හට පහසක් නොදේවී
මා සිත මා හට පහසක් නොදේවී
මා සිත මා හට පහසක් නොදේවී

© Manjula Wettasinghe, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, January 3, 2021

අතැර ගියත් දකිනෙමි - ඇනට් ගුණසේකර

අතැර ගියත් දකිනෙමි සිහිනෙන් අම්මේ
අඳුර මකා එළිය දෙන දෙවඟනක් සේ

ආදර උල්පතෙන් ඉණු තෙල් බිඳු සෑම
සිඳෙනු නොදී අපගේ දිවි එකලු කළ
අම්මා අපෙ දිවි පහන විය සැමදාම
දැල්වුණු පහන් තිර වූයේ අපි සැවොම

කාගෙත් ආදරයට වැඩියෙනි බෙදුවේ
ඒ ආදරය නැත වෙන කිසිවෙකු පිදුවේ
දිවි ඇති තුරා දරු සෙනෙහස ඇය රැකුවේ
ජීවමාන දෙවියෙකි නිවසේ සිටියේ

අරුණෝදයේ පිබිදුණු හිරු රැස් වාගේ
රෑ මැදියමේ සිසිලක් දුන් සඳු වාගේ
සුවඳ මල් යායෙ පීදුණු මලක් වගේ
සිසිල සුවඳ අපෙ ආලෝකය ඔබ වේ

© Annette Gunasekara, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුනිල වරලස දිලේ - දීපිකා සුන්ද්‍රාවඩුගේ

සුනිල වරලස දිලේ පිට මැද මලින් ගවසාලා
සුවඳ චන්දන කුංකුම අංගර ඇඟෙහි ගල්වාලා
රන් මිණි මුතු බැඳි මනරම් අබරණ ගෙල වට පළඳාලා
නිලුපුල් දෑසින් මදෙස බලයි ඇය සුරඟන පරදාලා

කස්තුරි තිලකය නළලත තබලා
පළඳා උකුළෙහි රන් මිණි මෙවුලා
සිරිමත් පුන්සඳ මෙන් වත කමලා
නිලුපුල් දිගු නෙත් රතදර පොබලා

යටැසින් බලනා බැල්මෙන් දඟලා
මා මත් කැරුමට නොහැකිය රඟලා
දැනගනු ළඳ මා බවුන් වඩන්නෙමි
සරතැස නොතකා කෙලෙසුන් තැවුමට

සුකොමල ළඳ වුව ඔබ ඒ කෙතරම්
නොහැකිය ඔබහට මා වලකන්නට
මෙලොව දනන්ගේ ගුණ නැණ වැඩුමට
වරම් ලබා මා පැමිණියෙ මෙලොවට

© Deepika Sundrawaduge, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, January 2, 2021

ජීවිතේ අපේ - පූජ්‍ය කුඩාගල කෝවිද

ගේයපද: පූජ්‍ය කුඩාගල කෝවිද හිමි
තනුව: හේමාල් ජයවික්‍රම
සංගීත සංයෝජනය: අශෝකවර්ණ සිටිනාමළුව
ගායනය: ටියුරින් ෆොන්සේකා සහ පිරිස
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

ජීවිතේ අපේ ජීවිතේ, රෝස මල් යානා නොවේ
ජීවිතේ අපේ ජීවිතේ, රෝස මල් යානා නොවේ
දුක සැප දෙක පෙරළෙන මේ
දුක සැප දෙක පෙරළෙන මේ
ලෝ තලයේ ජීවිතේ ජීවීතේ
ජීවිතේ අපේ ජීවිතේ, රෝස මල් යානා නොවේ

දුක කෙළවර සැප තිබෙන්නෙ
සැප කෙළවර දුක තිබෙන්නෙ
දුක සැප දෙක නිති පෙරළේ
රිය සක සේමා ලෝකේ
දුක කෙළවර සැප තිබෙන්නෙ
සැප කෙළවර දුක තිබෙන්නෙ
දුක සැප දෙක නිති පෙරළේ රිය සක සේමා

ජීවිතේ අපේ ජීවිතේ, රෝස මල් යානා නොවේ
ජීවිතේ අපේ ජීවිතේ, රෝස මල් යානා නොවේ

දුක සැප දෙක පෙරළෙන මේ
දුක සැප දෙක පෙරළෙන මේ
ලෝ තලයේ ජීවිතේ ජීවීතේ
ජීවිතේ අපේ ජීවිතේ
රෝස මල් යානා නොවේ

රෝස මලක් වගේ අපට, බැහැ නිතරම දිවි ගෙවන්න
දුක සැප දෙක නිරතුරුවම අප පසුපස ලුහු බඳින්නෙ
රෝසමලක් වගේ අපට, බැහැ නිතරම දිවි ගෙවන්න
දුක සැප දෙක නිරතුරුවම, අප පසුපස ලුහු බඳින්නෙ

මේ අනුවයි අපෙ ජීවිත ගත වෙන්නේ මේ ලෝකේ
මේ අනුවයි අපෙ ජීවිත ගත වෙන්නේ මේ ලෝකේ
දුක් කම්කටොලු ද නිම්නැත මෙයයි අපේ ජීවිතේ

මෙයයි අපේ ජීවිතේ
මෙයයි අපේ ජීවිතේ
මෙයයි අපේ ජීවිතේ

© Rev Kudagala Kovida

මේ ගීතය ස්ව 2021 ප්‍රසංගයේ දී හේමාල් ජයවික්‍රම සහ රුවී නිම්නදී විසින් ගායනා කරන ලදී.

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

පියාණෙනි - දීපාල් ද සිල්වා

ගේයපද: දීපාල් ද සිල්වා
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: බොනී ප්‍රනාන්දු
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

ඔබ මට සෙවන දුන් සුවිසල් ගසක් වැනී
යා යුතු දිවි මග මාහට කියා දුනී
මා ලැබු ජය ඔබ දිරි දුන් නිසා වෙනී
ගයනෙමි ඔබ ගුණ සිහිකර පියාණෙනී
ගයනෙමි ඔබ ගුණ සිහිකර පියාණෙනී

කිසිවෙකු කළත් නොපනත්කම් වී සතුරු
එකිනෙක කළේ නෑ ඔබ ඔවුනට නපුරු
කිසිවෙකු කළත් නොපනත්කම් වී සතුරු
එකිනෙක කළේ නෑ ඔබ ඔවුනට නපුරු
එවැනි උතුම් ගුණ දිවියෙන් පෑ අයුරු
මතකයි මට තාම අද වගෙ පියෙණි ගරු

සුවඳක් තියේ මගෙ සිත පතුලේ පිරුණු
ඒ ඔබ සුවඳමයි කවදත් මෙමට හුරු
සුවඳක් තියේ මගෙ සිත පතුලේ පිරුණු
ඒ ඔබ සුවඳමයි කවදත් මෙමට හුරු
පැතුමක් පතමි සැම දින මා මියෙන තුරු
වේවා ඔබ පුතුම සසරේ වසන තුරු
පැතුමක් පතමි සැම දින මා මියෙන තුරු
වේවා ඔබ පුතුම සසරේ වසන තුරු
පැතුමක් පතමි සැම දින මා මියෙන තුරු
වේවා ඔබ පුතුම සසරේ වසන තුරු

© Deepal de Silva, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, December 31, 2020

ගැටය සන්දියේ - නිහාල් රූපසිංහ

ගේයපද: නිහාල් රූපසිංහ
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: හේමාල් ජයවික්‍රම
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

ගැටය සන්දියේ
පෝදා ගමේ පන්සලේ
පෑයූ ඒ අපූරුවට
ඇයි අද පායන්නේ නැත්තේ
සඳුනේ

ඔබ සුසුමින් සැලි සිල්
සේම මා සිත කැළඹුණා
දුම් වැද පිපි කඳුළු සේ
තුරුණු සෙනෙහේ මල් පිපුණා
ඇයි අද පායන්නේ නැත්තේ
සඳුනේ

සඳ ළඟ ලතවෙනා
සොඳුරු මතකයෙ ඝන වලා
ගෙනයන් ඈතට එහා
වහා වියපත් මදනලේ
පායන් අපූරුවට එදා වගේ
සඳුනේ

ගැටය සන්දියේ
පෝදා ගමේ පන්සලේ
පෑයූ ඒ අපූරුවට
පායනු මැන එදා වාගේ
සඳුනේ

© Nihal Rupasinghe, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ටික්කි ටිකිරි ටිකිරිලියා - ඥානතිලක හේවාගමගේ

ගේයපද: ඥානතිලක හේවාගමගේ
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක
ගායනය: මලිත් ගුණරත්න
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

ටික්කි ටිකිරි ටිකිරිලියා
මාත් එක්ක තරහ වෙලා
ටික්කි ටිකිරි ටිකිරිලියා
අහක බලන් යන්න ගියා
ආදරයට නැගූ සිනා කෝ
ආදරයට නැගූ සිනා කෝ

පුන්සඳ පායා ඇති දින
ගංතෙර අයිනේ ඉඳගෙන
මාත් එක්ක ජෝඩුවෙලා
ආදරේට දෙඩූ කතා කෝ
ආදරයට දෙඩූ කතා කෝ

ටික්කි ටිකිරි ටිකිරිලියා
මාත් එක්ක තරහ වෙලා
ටික්කි ටිකිරි ටිකිරිලියා
අහක බලන් යන්න ගියා
ආදරයට නැගූ සිනා කෝ
ආදරයට නැගූ සිනා කෝ

එක දවසක් නොදැක ඉඳලා
තල් වැට අයිනේ හැංගිලා
මාත් එක්ක තුරුළු වෙලා
ආදරයට හැඬූ කඳුළු කෝ
ආදරයට හැඬූ කඳුළු කෝ

ටික්කි ටිකිරි ටිකිරිලියා
මාත් එක්ක තරහ වෙලා
ටික්කි ටිකිරි ටිකිරිලියා
අහක බලන් යන්න ගියා
ආදරයට නැගූ සිනා කෝ
ආදරයට නැගූ සිනා කෝ

© Gnanatilaka Hewa-Gamage, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 30, 2020

වරම් දෙනු මැන - රසික සූරියආරච්චි

ගේයපද: රසික සූරියආරච්චි
සංගීතය සහ ගායනය: අරුණ කන්නන්ගර
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

වරම් දෙනු මැන මගේ දෙතොලින්
සුමුදු ඔබ වත මල සිඹින්නට
වරම් දෙනු මැන මගේ සුරතින්
සුමුදු කෙහෙරැලි පිරිමදින්නට

සිතේ බැඳි සෙනෙහසේ මැදුරේ
ඇතේ නටබුන් විසිරිලා
සිතේ බැඳි සෙනෙහසේ මැදුරේ
ඇතේ නටබුන් විසිරිලා
අසම්මත පෙම බැඳුණු දෙසිතේ
වසන්තය අද ගොළුවෙලා

වරම් දෙනු මැන මගේ දෙතොලින්
සුමුදු ඔබ වත මල සිඹින්නට
වරම් දෙනු මැන මගේ සුරතින්
සුමුදු කෙහෙරැලි පිරිමදින්නට

හිරු නොමැති ලොව සඳු නොමැති ලොව
අපේ ලොව අඳුරුයි ප්‍රියේ
හිරු නොමැති ලොව සඳු නොමැති ලොව
අපේ ලොව අඳුරුයි ප්‍රියේ
සතුට මදහස මිහිර සිසිලස
සිහිනයකි සැබෑවක් නොවේ

වරම් දෙනු මැන මගේ දෙතොලින්
සුමුදු ඔබ වත මල සිඹින්නට
වරම් දෙනු මැන මගේ සුරතින්
සුමුදු කෙහෙරැලි පිරිමදින්නට
වරම් දෙනු මැන මගේ දෙතොළින්
සුමුදු ඔබ වත මල සිඹින්නට
වරම් දෙනු මැන මගේ සුරතින්
සුමුදු කෙහෙරැලි පිරිමදින්නට

© Rasika Suriyaarachchi, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මුරුගසන් වැස්ස - ශ්‍යාමලී සෙනෙවිරත්න

මුරුගසන් වැස්ස ඇද හැලිලා
මුදු සිනිඳු පියාපත් කැඩුණා
නෙත් ඇරලාවත් නොබලා
කොහෙදෝ ගියෙ සමනළ පැටියෝ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ

නුඹේ නමට ඉනු කිරි පොද
කඳුළක් වී වැගිරී වැටුණා
මල් වත්තම තිගැස්සිලා
සංකාවෙන් උන්නා
මල් වත්තම තිගැස්සිලා
හිත සුසුමෙන් පිරුණා

සමනළ දරුවෝ උයනේ
හිනැහී දුව පැන යනවා
නුඹෙ රන් පියාපතේ රුව
තාමත් මට සිහිවෙනවා
නුඹෙ රන් පියාපතේ රුව
කිරි සිහින දැවෙනවා

ගේයපද: ශ්‍යාමලී සෙනෙවිරත්නගේ ඉහත පදවැල අනුසාරයෙනි
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: දීපා ගංගොඩ
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

මුරුගසන් වැසි ඇද හැලිලා
මුදු සිනිඳු පියාපත් සැලුණා
නෙත් හැරලාවත් නොබලා
කොහෙද ගියේ සමනළ පැටියෝ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ

නුඹේ නමට ඉඳු පැණි පොද
කඳුළක් වී වැගිරී වැටුණා
මල් වත්තම තිගැස්සිලා
සංකාවෙන් උන්නා
මල් වත්තම තිගැස්සිලා
හිත සුසමන් පිරුණා

සමනළ දරු කැළ උයනේ
ආයෙත් දුව පැන පැන යනවා
නුඹෙ රන් පියාපතේ රුව
තාමත් සිහිවෙනවා
නුඹෙ රන් පියාපතේ රුව
කිරි සිහින මැවෙනවා

මුරුගසන් වැසි ඇද හැලිලා
මුදු සිනිඳු පියාපත් සැලුණා
නෙත් හැරලාවත් නොබලා
කොහෙද ගියේ සමනළ පැටියෝ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ

© Shyamali Senevirathna, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හෙට අලුත් ඉරක් පායයි - මලී දිසනායක

ගේයපද: මලී දිසනායක
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: සමනලී ජයසූරිය
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා

නව දිනක් උදාවෙයි සිත පුබුදා
සුභ සිහින සිතේ පුරවා

සුභ සිහින සුවඳ සල් මලක් වගෙයි
ඒ සුවඳ රැඳුණ මේ ලොවම හැඩයි
සල් මලක් වගේ හැඩ සිහින ප්‍රියේ
පිබිදෙන්න දෙන්න තව සිතක ඔහේ
හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා
හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා

හිරු අඳුර නසා ලොව එළිය කරයි
ඔබ මලක් වෙලා ලොව සුවඳ කරයි
ඒ සිහින සැබෑවෙන දිනක ප්‍රියේ
පිබිදෙන්න දෙන්න තව සිතක ඔහේ

හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා
හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා
නව දිනක් උදාවෙයි සිත පුබුදා
සුභ සිහින සිතේ පුරවා
හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා

(කථනය)
ඒ හීන සිතේ මියැදෙන්න නොදී
ඉඩදෙන්න පිපෙන්නට මලක් වගේ

© Malee Dissanayake, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

තව එක ඩිංගක් - ඇනට් ගුණසේකර

ගේයපද: ඇනට් ගුණසේකර
තනුව: ප්‍රියානි ගනේවත්ත
සංගීත සංයෝජනය: දිනූජ ගංගොඩ
ගායනය: දීපා ගංගොඩ
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

තව එක ඩිංගක් හමුවන්න්ට ඔබ
අවසර ලැබෙනවා නම්
හද තුළ තෙරපෙන දහසක් දේ මම
කෙටියෙන් පවසන්නම්
තව එක ඩිංගක් හමුවන්න්ට ඔබ
අවසර ලැබෙනවා නම්
හද තුළ තෙරපෙන දහසක් දේ මම
කෙටියෙන් පවසන්නම්

අහසේ පායන හිරු සඳු තරු වැල්
පවතී සදා කලේ
ඔබට පිදුව මගෙ නොයිඳුල් ආලය
හිරු සඳු තරු වැන්නේ

තව එක ඩිංගක් හමුවන්න්ට ඔබ
අවසර ලැබෙනවා නම්
හද තුළ තෙරපෙන දහසක් දේ මම
කෙටියෙන් පවසන්නම්

මහ සයුරෙන් හඬ දී නගෙනා රැළි
වෙරළේ විසිර ගියත්
මගෙ ආදරෙ රැළි බිඳී සුන්වී
යන්නේ නැත කොහෙවත්

තව එක ඩිංගක් හමුවන්න්ට ඔබ
අවසර ලැබෙනවා නම්
හද තුළ තෙරපෙන දහසක් දේ මම
කෙටියෙන් පවසන්නම්
තව එක ඩිංගක් හමුවන්න්ට ඔබ
අවසර ලැබෙනවා නම්
හද තුළ තෙරපෙන දහසක් දේ මම
කෙටියෙන් පවසන්නම්

© Annette Gunasekara, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

හෙන්දිරික්ක මල් පිපිච්ච - අනුරුද්ධ වැලිගමගේ