----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Friday, October 2, 2020

ගී ලියමු - ගේය පද සංචිතය

"ගේය පද" හෙවත් ගීතයක් ලෙස තනුව සහ සංගීතය යොදා ගායනා කළ හැකි ආකාරයේ කාව්‍ය නිර්මාණ සංචිතයක් ගොඩනැගීමේ ව්‍යාපෘතියක් සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධ ලේඛක සංසදය විසින් අරඹා ඇති බව සතුටෙන් දැනුම් දෙමු.

මේ ව්‍යාපෘතියේ අරමුණු මෙසේ ය.
  • කාව්‍ය නිර්මාණයේ යෙදෙන්නන්ට තම නිර්මාණ ගේය පද ලෙස සකසා සංගීතඥයින්ට සහ ගායකයින්ට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීම
  • සංගීතඥයින්ට සහ ගායකයින්ට තම නිර්මාණ සඳහා අවශ්‍ය ගේය පද පිරික්සා බලා ලබා ගැනීමට හැකි අවකාශයක් නිර්මාණය කිරීම
  • පොදුවේ සිංහල ගේය පද සාහිත්‍යයේ ද, සිංහල ගීතයේ ද, ප්‍රගමනයට සම්මාදම් වීම
මේ යෝජිත සංචිතයට එකතු කිරීම සඳහා "ගේය පද" සඳහා සුදුසුවේ යැයි සිතෙන ඔබේ කාව්‍ය නිර්මාණ අප වෙත එවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

එසේ එවන නිර්මාණන්හි ගීතමය ශක්‍යතාව පිළිබඳව, ලේඛක සංසදයේ සම්පත්දායකයෙකු විසින් කරනු ලබන පුද්ගලික ඇගයීමක් සහ ඔබේ කාව්‍ය නිර්මාණය ගේය පදවැලක් ලෙස වැඩි දියුණු කිරීමට අවශ්‍ය පරිදි යෝජනා ලබා දිය හැක. මෙහි ප්‍රතිඵලය ලෙස, ඒ නිර්මාණය තුළින් ගීතයකට උචිතවන ආකාරයේ ගේය පද බිහිවෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඔබට මෙම ස්වේච්ඡා සේවාව ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ බව ද අපට දැනුම් දෙන්න.

ඉන්පසු, ඔබේ පූර්ණ අනුමැතිය යටතේ, ඒ ගේය පද ලේඛක සංසදය විසින් පවත්වාගෙන යනු ලබන මේ වෙබ් අඩවියේ පළ කෙරෙනු ඇත. ඒ හරහා, කාව්‍ය රසිකයින්ට සහ සහෘදයින්ට ඔබේ නිර්මාණ කියවා රස විඳීමටත්, ඒ ගැන ඔවුන්ගේ අදහස් දැක්වීමටත් හැකිවන අතර සංගීතඥයින්ට සහ ගායකයින්ට ඔවුන්ගේ ඉදිරි ගී නිර්මාණ සඳහා ඔබේ ගේය පද තෝරා ගැනීමට ඉඩ ලැබෙනු ඇත.

වෙබ් අඩවියේ පළ කිරීම සඳහා ඔබේ නිර්මාණ තෝරා ගැනීමේ දී පහත සඳහන් කරුණු අදාළ වේ.
  • ගේය පදමාලාවක ප්‍රමාණය පිළිබඳ සීමාවක් නැත.
  • නිර්මාණයේ අන්තර්ගතය පිළිබඳව ද කිසිදු සීමාවක් නැත, එසේ නමුත්, නිර්මාණය තුළින් කිසිදු පුද්ගලයෙකුට, ජනවර්ග කණ්ඩායමකට හෝ ආගමික ඇදහිල්ලකට අගෞරවයක් හෝ පහර ගැසීමක් හෝ සිදු නොවිය යුතු ය.
  • ඕනෑම නිර්මාණයක් වෙබ් අඩවියේ පළ කිරීම පිළිබඳ අවසාන තීරණය ලේඛක සංසදය සතුය
අපේ වෙබ් අඩවියේ පළ කිරීම සඳහා ඔබේ අනුමැතිය සහිතව ලේඛක සංසදය වෙත එවනු ලබන කාව්‍ය නිර්මාණවල බුද්ධිමය අයිතිය ඔබ සතු ය. එසේම, ඔබේ නිර්මාණවල අන්තර්ගතය පිළිබඳව වගකීම ද ඔබ සතුවෙනු ඇත.

ඔබේ නිර්මාණ යොමු කිරීම ඊ-මේල් ලිපිනය මෙසේ ය: GeeLiyamu@gmail.com

ස්තුතියි

සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය


මේ ව්‍යාපෘතිය පිළිබඳව වැඩි විස්තර ලබා ගැනීම සඳහා:

හේමාල් ජයවික්‍රම, ගේය පද සංචිතය ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක, ලේඛක සංසදය hjayawic@hotmail.com / 0410 954 571


මේ වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය සතුය.

1 comment:

  1. මෙවැනි දෙයක් ඇරඹීම පිළිබඳව,
    දායක වූ සැමට ස්තූතියි!

    ReplyDelete

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ