----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Wednesday, November 11, 2020

ගල් පොළොවයි ඔබේ හිතයි - නිහාල් රූපසිංහ

ගල් පොළොවයි ඔබේ හිතයි
දෙකම එක වගෙයි හිතෙයි

දෙගොඩතලා ගං ගලන්න
අනොරාවට වැසි වැස්සත්
ගල් පොළොව නෙවෙයි උරාගන්නේ
වැහි බිඳුවක් වත්

ඇද හැලුනත් හැමදාකම
ඉර හඳ තරු මල් අරගෙන
පෙඟෙන්නෙ නෑ
ආදරයෙන්
ඔබෙ ගල් හිත නම්

© Nihal Rupasinghe, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, November 9, 2020

ඇය වෙන්වූ බව - හේමාල් ජයවික්‍රම

පදමාලාව, තනුව සහ ගායනය: හේමාල් ජයවික්‍රම
සහය: කෝශලා කුමාරි

ඇය වෙන්වූ බව ඔබ දන්නේ නැහැ
ඇය පෙන්වා ඔබ සනසයි මා නිති
ඡායා දක්වන මායාවක් මුත්
මිහිරි සිහිනයන් පෙන්නූ
නින්ද ඔබ සුන්දර ය
මට බෙහෙවින් සුන්දර ය

ආදරය අහිමි වූ - දොම්නස උදා වූ
බිඳුණු හදවතට නෑ අතීතෙ සුන්දර
ආදරයෙන් ඈ මා වෙත කැන්දා
දෙදෙනා එක්කොට සනසයි මා නිති
වින්ද සුවය කෙටි මායාවක් මුත්
මිහිරි සිහිනයන් පෙන්නූ
නින්ද ඔබ සුන්දර ය
මට බෙහෙවින් සුන්දර ය

© Hemal Jayawickrama, 2020




මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නුඹේ සුවඳ මුසු - කරුණාසේන කහටපිටිය

නුඹේ සුවඳ මුසු සුපෙම් විලේ
කිමිද නාමි නුඹෙ සුවඳ විලේ

වාන් දොරටු හළ යොවුන් අතීතයෙ
ගලා හැලෙන නිල් දිය ඇල්ලේ
නුඹේ සුවඳ මුසු සුපෙම් විලේ
කිමිද නාමි නුඹෙ සුවඳ විලේ

විරසක දෙගුරුන් හෙළුෑ සුසුම් වැල්
ලැව් ගින්නක් විය දිවි අරණේ
හදවිල දිනු මුල් සුවඳ සුපෙම් මල
ඒ ගිනි දැල්ලේ මිලින වුණේ

සුරඟනියේ නුඹෙ සුවඳැ'ල්ලේ
කිමිද නාමි නුඹෙ සුවඳ විලේ

© Karunasena Kahatapitiya

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, November 5, 2020

දහස් ගණන් බඹර කැලට - රසික සූරියආරච්චි

දහස් ගණන් බඹර කැලට පෙම් මදිරා බෙදනා
අමල්බිසෝ නුඹ මලකි ය මද සුළගේ සැලෙනා
බාඳුරා සුවඳ පැතිරී මගෙ ලෝකය පිරුණා
සිතේ උපන් කුළුඳුල් පෙම නුඹට දෙන්න සිතුණා

සුවඳ නුඹේ සතර අතේ ගව්වක සිට දැනුණේ
නුහුරු හැගුම් ගොන්නක් මැද හදවත කිති කැවුණේ
නුරා පිරුණු නෙතඟ බැලුම් ඔය සඳවන් මුහුණේ
මට වරයක් දෙන බව පවසනවාදෝ ළඳුනේ

මලෙක මෙලෙක නැත කිසිදා සිහිනෙන් වත් දැනිලා
කෝඩු සිතේ ආදරයක් නුඹ ගැන ඇත දළුලා
වසන්තයේ අරුණැල්ලේ සහන් සුවය විඳලා
සැබෑ කරන් මගේ බඹර සිහිනය රොන් පුදලා

© Rasika Suriyaarachchi, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සඳවතියේ නුඹ නාඬන් - ඥානතිලක හේවාගමගේ

සඳවතියේ නුඹ නාඬන්
අපට උරුම අපෙ තනියට
කුරුලු කැදැල්ලේ පැටවුන්
ඉගිල ගියේ යස අගේට

ඈත කැලේ තුරු වදුලක
බිජු දමාවි උන් දවසක
හොටට හොට තියා මුදු ලෙස
හාදු දේවි ආදරයට

පීරා ගොස් ඇහිඳ ඇවිත්
කුස් පුරවයි ආදරයෙන්
රෑ තිස්සේ තුරුලු කරන්
උණුසුම දෙයි සෙනේහයෙන්

අත්තටුවල වෙර වීරිය
නැගෙයි මවුගෙ හෙලු කඳුළට
උනුත් ඉතින් ඉගිල යාවි
යම් දවසක යස අගේට

© Gnanatilaka Hewa-Gamage, 2012

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, November 3, 2020

සීතල උදුවප් මාසේ - රසන්ත චන්ද්‍රසූරිය

සීතල උදුවප් මාසේ එක් පියකරු රාත්‍රියක
නගර කොනේ දිළිඳු ගව ලෙනේ
සතුට මිහිර තුරුළු කරන්
සාමයෙ පණිවිඩය අරන්
රෑ යාමේ ජනිත වුණා
ජේසු බිලින්දා

ඒ මැදියම් රාත්‍රියේ සීතල සුළඟේ දැවටී
දේවදූතයින්ගේ ගී දසත පැතිරුණා
අහස් කුසේ උදාගිරෙන් ලස්සන තරුවක් පායා
සොබාදහම මල් වැස්සෙන් ආසිරි පැතුවා
ජේසු බිලින්දා

යථාර්ථයද, මාර්ගයද, ජීවනයද මා වන්නේ
සතුරාටද ප්‍රේම කරනු කී සමිදාණෝ
අපේ කිලිටි ආත්මවල පව් සෝදා කමාව දී
විමුක්තියේ මඟ පෙන්වූ ඒ උතුමාණෝ
ජේසු බිලින්දා

© Rasantha Chandrasuriya, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, November 2, 2020

මේ පුංචි බංකුවේ - චන්ද්‍රා ආරච්චිගේ

මේ පුංචි බංකුවේ
පෙර දිනේ එක්වෙලා
ඔබ සමග ආදරේ
රස ගීය මිමිනුවා

හිරු කිරණ පරදලා
පෙම් සිසිල රජ කළා
වියළි කර්කශ සුළං
අපට පවනක් වුණා

ඔබේ වියොවින් මගේ
ලොවම යටිකුරු වුණා
සිසිල සනහස නැතේ
හදවත ද වියලුණා

මේ පුංචි බංකුවේ
සිටිමි අද තනිවෙලා
ජීවිතය මෙන් ඇතේ
බංකුව ද ඉරිතලා

© Chandra Arachchige, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, November 1, 2020

බාලිකාවියේ - චන්ද්‍රා ආරච්චිගේ

බාලිකාවියේ, බාලිකාවියේ
දහස් නෙතින් බැලුම් ලබන බාලිකාවියේ
ආදරයෙන් කුල්මත් වූ
බාලිකාවියේ

ඔහු දෙනෙතින් එවූ හීය ඔබේ හදවතේ ඇනුණා දෝ
නුපුරුදු රසයක් පිළිබඳ ආශාවක් ඇති වූවා දෝ
බාලිකාවියේ, බාලිකාවියේ

ඔබේ හදේ ලැගුම් ගන්න ඔහුගෙ හදට ඉඩ දුන්නා දෝ
බඹර කුලේ ස්වයංවරය ඒ සැණෙකින් නිම වූවා දෝ
බාලිකාවියේ, බාලිකාවියේ

බාලිකාවියේ, බාලිකාවියේ
යොවුන් වියේ මිහිර විඳින බාලිකාවියේ
ආදරයෙන් මන්මත් වූ
බාලිකාවියේ

© Chandra Arachchige, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ