මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Sunday, June 14, 2026

හෙන්දිරික්ක මල් පිපිච්ච - අනුරුද්ධ වැලිගමගේ

හෙන්දිරික්ක මල් පිපිච්ච, පාට වැටුණු තරු දිලිච්ච
සඳ රැස් පිරි ගුරු පාර දිගේ
ගවුම පුරා මල් හැලිච්ච, හිනා හඬින් මුව පිරිච්ච
සුදු නංගිගෙ හිනාවයි අගේ

රෑ හීනෙන් මට පෙනිච්ච, මගෙ ම ව‍ගේ මට දැනිච්ච
විදුලි කොටන නෙත් යුවළ ඇගේ
ඇඹුල බෙදන කොට පෙනිච්ච, රන් තැඹිලිය සේ පිරිච්ච
හංස යුවළ හරි දඟයි වගේ

තනි යහනේ දුක දැනිච්ච, සුසුම් හැඟුම් ගුලි ගැහිච්ච
කාලය දැන් නිම වෙලා වගේ
අහස පුරා සඳ පිරිච්ච, පැතුම් පොකුරු මල් පිපිච්ච
ඔබෙන් බහක් ලැබෙයි නම් අගේ

© Anuruddha Weligamage, 20206

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඉර හඳ තරු යට - අනුරුද්ධ වැලිගමගේ

ඉර හඳ තරු යට දිලිසෙන මිණි කැට
සඳ රැස් වතුරේ දිලිසෙන පිනි කැට
වැටි වැටි නැගිටින තරු කැට මුතු ඇට
වාගෙයි දරු කැල ගත් විට එක මිට

හිරු හිනැහෙන විට පිපෙනා මල් මිට
සිහිකර දෙනවා සිනහව මුව කට
පොඩි පැල ලොකු වී මහ ගස් වන විට
දෝරෙ ගලයි සිත මව් පිය යුවළට

කැටයම් වැඩ නැති සුනිමල හඬකට
සවන් තෙමෙනවා සුමියුරු වදනට
පා යුග සොලවා රැඟුම් රඟන විට
වාන් දමනවා ගුරු සිත සතුටට

© Anuruddha Weligamage, 2026

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මන්දාරම් නුවරට - අනුරුද්ධ වැලිගමගේ

මන්දාරම් නුවරට වැහි වහින්නට ළඟ යි
හීන පිරුණු ආකාශය හරි ම කළුවර යි
පැයූ දේදුන්නේ බොඳ පැහැය දුක්බර යි
අද නම් ඔබ හමුවන්නේ නැති ම නැති හැඩ යි

දුම්බර කඳු යාය මත්තෙ කෝච්චිය හැඩ යි
අපේ හිතත් යාකෙරුවේ මැණිකෙලා තම යි
හීත සුළං පොද දැනුණම තුරුල උණුහුම යි
තාමත් හිත රිදුම් දෙන්නෙ ඒ හාද්ද ම යි

මීදුම් තිර කඩා වැසෙන කඳුත් දුක්බර යි
නිම්න සානු මිටියාවත් හරි හැඟුම්බර යි
පැතුම් පොකුරු පිරෙන හිඳෙන මසිත චංචල යි
හිනා පිරුණු ඔබ දකින්න ගත ම කලබල යි

© Anuruddha Weligamage, 2026

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, May 28, 2026

පෙරුම් පුරමින් හමුවුණේ - රසික සූරියආරච්චි

පෙරුම් පුරමින් හමුවුණේ
එදා විඳි දුක් යළි විඳින්න ද?
සුසුම් හෙළමින් වෙන්වුණේ
සදා ඒ ගැන පසු තැවෙන්න ද?

අතින් අත පැටලුණු නිමේෂය
සිහිනයක් සේ ගෙවීලා
සිතෙන් සිත සිරවුණු වදන් වැල්
දෙතොල් මත්තේ මිදීලා

භවෙන් භවයේ පුරුදු විලසට
අදත් ඇත දුක උදා වී
මෙවන් මොහොතක් යළි නොඑන්නට
කරමු අදිටන් ප්‍රියාවී

-රසික සූරියආරච්චි

© Rasika Suriyaarachchi, 2026

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, May 24, 2026

යොවුන් වියේ - අජිත් වික්‍රමරත්න

යොවුන් වියේ සොඳුරු සමය
ආදරයෙන් මුසු වූ හද
සිව් වසරක මතක සිහින
අවදි කරන දිනයයි අද

අතීතයේ සෙනෙහස මැද
අත්වැල් බැඳ හමුවන සඳ
පේරදෙණියෙ සෙවණ යටට
සිතින් ඇදෙන මොහොතයි අද

හන්තානේ සෙවනෙහී
සතුට සපිරි කාලයේ
යොවුන් දිවිය ගත වුණේ
යදම් නොමැති ලෝකයේ
නිදි වරා රැය පුරා
දැනුම සෙවූ ජීවිතේ
තිත්ත වූ, මිහිරි වූ
පේරදෙණිය ආදරේ

දුරින් දුර ගියත් අපී
ලොව පුරා මං පෙතේ
නො මැකුණේය කිසි දිනේ
අපගේ සබඳකම් බලේ
එක්ව අත්වැල් බැඳන්
හමුවෙනවා අද දිනේ
රැකෙයි සෙනේහය සදා
අපේ සොඳුරු හදවතේ

© Ajith Wickramaratne, 2026

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ආදර පියාණනි - පාලිත ගනේවත්ත

ආදර පියාණනි
මා ඔබගේ පුතු වේ

කුමර වියේ නිති මා ළඟ රැඳිලා
ආදර වදනින් මා හද නළවා
දිවි හිමියෙන් මා රැක ගත්තා
ආදර පියාණනි, මාගේ පියාණනි

බිළිඳු වියේ මා නිදි යහනේ දී
මා නිදනා තෙක් මා ළඟ සිටියා
නිඳි දෙව්දුව මා ළඟට එනතුරා
කියූ කතන්දර තාමත් මතකයි

පාසැල වෙත මා උදෙන් ම ඇරලා
මා හිස අතගා මා දිරි ගන්වා
උදම් වුණේ මා දස්කම් පෑවිට
ආදර පියාණනි, මාගේ පියාණනි

සරසවියෙන් මා උපාධි ලබලා
පිය සෙනෙහස පා මා සිපගත් දා
ඔබ දෙනෙතේ රැඳි සතුටු කඳුළු බිඳු
තාමත් මට මතකයි, මාගේ පියාණනි

© Palitha Ganewatta, 2026

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, March 8, 2026

රෑ අහසේ තරු වැස්සේ - ගයත්‍රි පෙරේරා

රෑ අහසේ තරු වැස්සේ
නිමක් නොමැති අහසක් යට
දිස්නය දෙන
සුන්දර දසුනක් දකින්න
මගේ දෙනුවන් මට ම දෙන්න
මට ආයෙත් මං දකින්න
මගේ දෙනුවන් මට ම දෙන්න

අඳුරු රෑයේ කළු පැහගත්
රූ සිතුවිලි සැම අතරින්
මිදී යන්න
මට ආයෙත් මං දකින්න
මගේ දෙනුවන් මට ම දෙන්න

සුළං සරින් නැළැවි නැළ වි
ගංතෙර මිමිණූ රහසක්
අහන් ඉන්න
මට ආයෙත් මං අහන්න
මගේ දෙසවන මට ම දෙන්න
මගේ දෙනුවන් මට ම දෙන්න

© Gayathi Perera, 2026

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව