----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Friday, May 5, 2023

බිඳ දා කෙලෙස් මර සේනා - සුභාෂිණී ජයතිලක

බිඳ දා කෙලෙස් මර සේනා
ලෝ සතුන් හට මග කියූ
ගෝතම මුනින්දා තිලොවට ගුරු වූ
නිදුකාණෙනි, අප බුදු පියාණෙනි

අසරණයි මේ කටුක දිගු ගමනේ
නොපෙනෙනා ඉම සසර දිය ගැඹරේ
මහා කරුණා සමාපත් වැද
මෙත් සිතින් අප දෙස බලා
පිහිට වනු මැන පියාණෙනි, නිදුකාණෙනි!

තුන් සරණමයි සරණ මේ භවයේ
බවුන් වඩනෙමි විරිය ගෙන නිසි සේ
සඳේ සිසිලැල් සොමි කැලුම් දී
බැබළෙනා මේ වෙසක් පෝ දා
පිහිට වනු මැන පියාණෙනි, නිදුකාණෙනි!

© Subhashini Jayathilaka, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ළඟදීම පළ කළ ගේය පදමාලාව

රෝස මල් සිනාසේ - නිහාල් රූපසිංහ