----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Thursday, March 25, 2021

තනිකඩ තරුණියගේ ගීතය - රසිකා ඉඹුල්ගොඩ

ඔබ මෙලෙස මගෙ ලොවට පිවිසෙන්න අයදින්නෙ ඇයි
අකමැත්ත පෙනි පෙනිම හදවතට දුක දෙන්නෙ ඇයි
මට මගෙම රිසි විලස ලොව විසුම සුබ නැත්තෙ ඇයි
ඔබ එලෙස පවසන්නෙ ඇයි

ලෝකයේ අන් අයට අවැසි ලෙස මා ඉන්නෙ නෑ
ජීවිතේ ගෙන යන්නෙ නෑ
මගෙ සිතට කිසි සැකක් හෙට දවස ගැන නැතේ
මට ඔබේ අවවාද ඕනැ නෑ, ඕනැ නෑ

ආදරේ, පෙම් සුවේ, රස විඳුම මා දන්නෙ නෑ
ඒ නමුදු දුක් වෙන්නෙ නෑ
ඔබ සිතන තනිකමක් නැති නිසා මගෙ සිතේ
ඔබෙ පිහිට මට කිසිත් ඕනැ නෑ, ඕනැ නෑ

© Rasika Imbulgoda, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, March 22, 2021

දයාබර ඔබෙ ළයාදර රුව - කසීර පෙරේරා

දයාබර ඔබෙ ළයාදර රුව
සදාකල්හිම මා සිතේ
ඇඳීලා ඇත මැකී නොයනා
සිතුවමක් සේ පිය කතේ
ඔබ ම වේ මා ජීවිතේ

එදා ඔබ මා නෙත ගැටුණු දින මුල්වරට දුම්රිය පොළේ
විදා දෙනයන සිනා මල් පිබිදුවා මතකයි අද වගේ
සදාදර මා කුමරියේ
ඔබයි රැජිනිය මා ලොවේ

දිනෙක මතු දා, රැගෙන අවසර ඔබව තුරුලට ගන්නෙමී
මසිත ලියවුණු ප්‍රේම ගීතය තනුව පබැඳා ගයනෙමී
සුමුදු ඔබෙ වත සිපගමී
ඔබව සැමදා රකිනෙමී

© Kaseera Perera, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

පිපෙන මල් පරවෙනවා - කසීර පෙරේරා

පිපෙන මල් පරවෙනවා
තුෂර බිඳු මිය යනවා

අතීතය සිහිවෙනවා
මහද ඇතුළේ ඉකිබිඳුම් දුක් සුසුම් රැව් දෙනවා
ඔබ වෙනත් කුලගෙයක සිරවී
දෙනෙත කඳුළැලි පිස දමන බව
මට හැඟී යනවා
නුවන් තෙත් වෙනවා, මා, නුවන් තෙත් වෙනවා

එදා අප ආදරෙන් බැඳුණේ
කඳුළු කැට ගැන බලන්නට නොව සිනා වපුරන්නයි
ඒ සිනා පිරි අනාගතයක
අසිරි විඳගන්නයි, සිරි අසිරි විඳගන්නයි

පැතූ සිසිලස නොවේ ලැබුණේ
සයුර පරදන දුක් ගොඩක් හා සදා වැලපිල්ලයි
මේ දුකෙන් ගැලවෙන්න ඇත්තේ
එකම විසඳිල්ලයි එය මරණයම පමණයි

පිපෙන මල් පරවෙනවා
තුෂර බිඳු මිය යනවා

© Kaseera Perera, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, March 19, 2021

ගඟට ගඟක් හමුවේවිද - චන්ද්‍රා ආරච්චිගේ

ගඟට ගඟක් හමුවේවිද කෙදිනක හෝ
විලට විලක් හමුවේවිද කෙදිනක හෝ
ඔබට දිනක මා යළි හමු වේ දෝ
අපට යළිත් එක්වන්නට
ලැබේවි දෝ

කඳු හෙල් මිටියාවත් බෑවුම් ඔස්සේ
ඇදී ගියත් ගංගා රිසි ලෙස සොඳ සේ
මුහුද සමග එක්වූවත්
ගඟට ගඟක් හමුවෙනවා දෝ
කවදා හෝ හමුවේවිද අප දෙදෙනා
මට නොසිතේ

විලේ සුනිල දිය වාෂ්ප බවට හැරේ
ඉහළ නගී සැහැල්ලුවෙන් සැරෙන් සැරේ
වළා සමග එක්වූවත්
විලට විලක් හමුවෙනවා දෝ
කවදා හෝ හමුවේවිද අප දෙදෙනා
මට නොසිතේ

© Chandra Arachchige, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මට කියන්න එපා ළඳුනේ - කසීර පෙරේරා

ලෝහිත වර්ණ සායම් පොදෙන්
දුඹුලු තොල් වැසුණා
පුයර තැවරූ මුහුණ මත පිණි බින්දු නිදි මැරුවා
කළුවර ගලාගෙන එන පැයේ
නගරේ කොනේ බස් නැවතුමේ
ඔබව ඇස ගැටුණා
මට අමුත්තක් දැනුණා

මල් සාරියේ පැල්ලම් මැකී නෑ වැටුණු රැළි අතරේ
අත් බෑගයේ හම ගැලවි උරහිස කොනේ එල්ලේ
මේ අවේලාවේ
ඔබ කොයිබට ද යන්නේ
මට කියන්න එපා ළඳුනේ

දුම් වැටිය මුවගේ දැවෙන මුත් උණුසුමක් නොදැනේ
සීතලේ, සිරි පොද වැටේ, මගෙ පාළු සිත පැකිලේ
හද සැලේ මාගේ
ඔබ ඇයි ද ඉඟි මැරුවේ
මට කියන්න එපා ළඳුනේ

© Kaseera Perera, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, March 17, 2021

අපේ ඇත්තෝ - රසිකා ඉඹුල්ගොඩ

මව් බිමෙන් පිට වෙසෙනා
මුවේ නොම ගාවා,
මුසා බස් දොඩනා,
අපේ සමහර අය වගේ ඇත්තෝ
වෙනත් ලොව නැත්තේ
එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ

ඉසුරු සම්පත් සොයා ඇවිදින්
කලක් තිස්සේ නොරට සිටියත්
සිතේ දුක ඇත්තේ

කටක් ඇරියොත් කියන්නේ:

"උතුම් රට ලංකාවයි,
රටෙන් ආ එක දුකමයි,
අනේ ආපසු යන්න ඇතිනම්
මං යන්න යනවාමයි!"

ඒත් නොරටක,
දුකෙන් සැප විඳ,
ඉන්නවා මිස,
කටෙන් මොන මොන
කතා කිව්වත්,
යලිත් ලංකාවේ,
ඉඳින්නට සැමදා,
කිසිම දිනයක,
යන්න අදහස,
තුන් සිතක නැත්තේ

එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ

කාලෙකින් ලංකාව වෙත ගොස්
සති දෙකක් හෝ තුනක් ඉඳලා
ආවයින් පස්සේ

දුකෙන් බර වී කියන්නේ:

"අපොයි මට ලංකාවේ
ඉන්න බෑ නේ අයියෝ
රටපුරා මදුරුවන් බෝමයි
ග්‍රීෂ්මයි හරි දාඩියයි"

"කාර් එකකින්
යන්නෙ කොහොමද?
රියදුරන් මග
මරුවන්ය අද!
අනේ නොදකින්
දේශපාලකයෝ,
මහා දූෂිතයෝ,
සදාකල් මා,
එරට ඉන්නේ
කොයි ලෙසද අයියෝ!"

එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ

තවත් සති දෙක තුනක් ගත වී
පරණ සුපුරුදු දිවිය ඇරඹේ
යළිත් අපෙ ඇත්තෝ

පරණ තැටියම ගහන්නේ:

"උතුම් රට ලංකාවයි,
රටෙන් ආ එක දුකමයි,
අනේ ආපසු යන්න ඇතිනම්
මං යන්න යනවාමයි!"

එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ!

© Rasika Imbulgoda, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සිනාවෙන් පිරුණු - රසික සූරියආරච්චි

සිනාවෙන් පිරුණු දිය කඩිත්තක් කලතවා
කෝපයෙන් වැසුණු මඩ විලක් කර දමන්නට
ඔබට හැකි බවක් මා දැන සිටියෙ නෑ,
සොඳුරියේ
ප්‍රේමයෙන් පිරී ගිය හදවතක් කළඹවා
ශෝකයෙන් පිරුණු රළු ලෝකයක් මවන්නට
ඔබට හැකි බවක් මා දැන සිටියෙ නෑ,
සොඳුරියේ

තොලට තොල තියාලා, ආදරෙන් බැඳීලා
සෑමදා ඉන්න මා කළ පැතුම් සුන්වෙලා
බිඳුණු ප්‍රේමයෙ නමින් දැන් ඉතින් තියෙන්නේ
හඬා නොවැටී ඉන්න අදිටනක් පමණී

පරාජය උරුම වී, පිළිසරණ අහිමි වී
වියෝ ගිනි ජාලයෙන් හදවත ද දැවීලා
අතීතයෙ නාමයෙන් දැන් ඉතින් පතන්නේ
සදාකල් තනිවෙලා දිවි ගෙවුම පමණී

© Rasika Suriyaarachchi, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, March 14, 2021

තාත්තේ මගෙ තාත්තේ - රසිකා ඉඹුල්ගොඩ

තාත්තේ මගෙ තාත්තේ
මේ අහන්නකො තාත්තේ
ආච්චී මට කියා දුන්නා කතන්දරයක් ඊයේ
ඒ කතාවේ තේරුණේ නැති දේ
මොනවදෝ කියලා
මට කියා දෙන්නකො තාත්තේ

ඒ කතාවේ හිටිය රජ්ජුරුවෝ
මාළිගේ හැරදා
ළමයි දෙන්නා සමග අම්මා
මහ කැලේකට ගෙන ගියේ ඇයි
කියා දෙන්නකො තාත්තේ
මට කියා දෙන්නකො තාත්තේ

කැලෙන් පලතුරු නෙලා එන්නට
ගිය වෙලේ අම්මා
සොයා වහලුන් ආපු බමුණට
ළමුන් දෙන්නා ඇයි ද දුන්නේ
කියා දෙන්නකො තාත්තේ
මට කියා දෙන්නකො තාත්තේ

© Rasika Imbulgoda, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, March 13, 2021

පිටුවහල් ප්‍රේමේ - දයා සුදසිංහ

අන්තෝනි පල්ලියේ
ගැයෙද්දී කන්තාරු ගීතිකා
කලත්තා ගැඹුරටම හර්දේ
හුවමාරු කළෙමු අපි
කල්වාරියක් තරම් ආදරේ

පෝය දොළහක් ගෙවුණා
ගොල්ගොතාවේ මා තාම අඳුරේ
ඉලක්කම් මැකුණා ද
ඔබෙ ස්නේහයෙ කෝදුවේ
අමතක ද ආදරේ මුර පදේ

තැවරෙනවා මහද පතුලේ
ඇස කඳුළ මරිය මව් සුරුවමේ
කටුකයි කයිතාලමේ රාවේ
උහුලන්න බැරි වේ
ගිනියම පිටුවහල් ප්‍රේමේ

© Daya Sudasinghe, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, March 12, 2021

දුර ඈත ආකාශයේ - රසිකා ඉඹුල්ගොඩ

දුර ඈත ආකාශයේ
කුරුල්ලෙක් ඉගිලෙනවා
සුවිසාල අත්තටු විහිදලා
කුරුල්ලෙක් ඉගිලෙනවා
නිදහසේ ඉගිලෙනවා

අම්මගේ සාරියක් වාගේ
ලස්සනට දිලිසෙනා
නෙක සිරින් ඔය උඩු ගුවන් තලයේ
පාට ඇතිවෙන්නේ
කොහොමදෝ, ඒ කොහොමදෝ
කියාපන් මට කුරුල්ලෝ

මල්ලියා ගෙන එන්න ගිය දා
ආ පාර වැරදිලා
දිව්‍යලෝකේ ගිය මගේ අම්මා
එහේ ඉන්නවනේ
දුටුවදෝ ඈ දුටුවදෝ
කියාපන් මට කුරුල්ලෝ

© Rasika Imbulgoda, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, March 9, 2021

ඈත ක්ෂිතිජය - කසීර පෙරේරා

ඈත ක්ෂිතිජය එකලු කරමින්
හිරු උදාවෙන පැයේ
සීත කඳුකරයේ පිපෙනා
මල් සිනාසෙනවා
දසන් පෙති විහිදා
මේ වසත් කාලයේ

සීත සිසිරය නිමාවෙනු දැක
ලෝකයම කුල්මත් වෙලා
නිදා සිටි සියොතුන් ද අවදිව
මියුරු කූජනයෙන්
නවක පැතුමන් බිහි කළා

ගෙවී ගිය දුක්බර අතීතය
සිහිනයකි අද හුදකලා
පිරී ඉතිරෙන පැතුම් ඉටු වී
සොඳුරු හෙට දවසක්
උදාවෙයි සිත සනසලා

© Kaseera Perera, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුදුවත ඇඳගෙන - චන්ද්‍රා ආරච්චිගේ

සුදුවත ඇඳගෙන, තෙල් මල් අරගෙන
පන්සල වෙත යන මිතුරේ
වියපත් වෙන විට, ඔබ සිත දහමට
යොමු වූයේ ඇයි මෙලෙසේ
එය චක්කරය ද සසරේ

දහම් පාසලෙන් උගත් පාඩමෙන් වැඩිදුර නොසිතා ඈත් වුණා
පන්සිල් කැඩුණා, පන්සිල් රැකුණා ඒ ගැන කිසිවක් නොම සිතුණා
පෙම් කෙරුවා, අතිනත ගත්තා, යුග දිවියේ අම රස වින්දා
මිහිරෙන් සතුටෙන් පිරුණු අපේ ඒ තරුණ ජීවිතේ ගෙවී ගියා

කාලය ගෙවුණා, දරුවන් ලැබුණා, හොඳ හැටි පවුලේ බර දැනුණා
හිස කෙස් පැසුණා, සම රැළි වැටුණා, මැදිවිය ආවා, දුක හිතුණා
කාලය පෙරටත් වඩා වේගයෙන් ඉගිලී යන බව පසක් වුණා
පින් පව් ගැන යළි, සිත යොමු කරවන, සැන්දෑ සමය ද උදා වුණා

කඩුලු පනිනු බෑ, හයේ පහර බෑ, සිරුරේ ශක්තිය හීන වෙලා
ඉස්සර වාගේ විස්කම් දැන් බෑ, ඒ බව දැන් ඇත පසක් වෙලා
පන්සල පැත්තට සිත හැරුණා, පන්සිල්, අටසිල් මතක් වෙලා
යන තැනකට පින් එක්කර ගන්නට කාලය හරි බව පසක් වෙලා


සුදුවත ඇඳගෙන, තෙල් මල් අරගෙන
පන්සල වෙත යන මිතුරේ
වියපත් වෙන විට, ඔබ මෙන් දහමට
යොමුවෙන්නම් මං නුදුරේ
එයයි චක්කරය සසරේ

© Chandra Arachchige, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, March 8, 2021

කාලයාගේ ඇවෑමෙන් - රසික සූරියආරච්චි

එදා අප දෙදෙනා
එකිනෙකා හා ආදරෙන් බැඳිලා
රස මැවූ මල්බර සමේ
මා ඔබට ගැයුවේ සැමදා
හදවතේ ඉපදුණු සුපෙම් ගී
මේ ලෙසයි ප්‍රියේ

කියන් මා හට ඔබේ හදවත මලක් දෝ
ගිලන් සිත සුව කරන ඔසුවක
පහන් එළියක
සඳුන් සිසිලක
අරුම කැටිකොට අරුණ සුපිපුණු
කියන් මා හට ඔබේ හදවත මලක් දෝ

මෙදා අප දෙදෙනා
එකිනෙකා හා කෝපයෙන් වෙළිලා
ගතවෙනා දුක්බර සමේ
ඔබට ලියු ගීතේ පෙරදා
මා මුවෙන් යටිකුරුව පෙරළී
මේ ලෙසින් ගැයේ

කියන් මා හට ඔබේ හදවත ගලක් දෝ
දුකින් පිරි සිත තලන පහරක
දෙනෙත කඳුළක
දෙකන යවුලක
කුරිරු බව ගෙන රුදුරු ලෙස සැදු
කියන් මා හට ඔබේ හදවත ගලක් දෝ

© Rasika Suriyaarachchi, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ගේ කුරුල්ලෝ - දයා සුදසිංහ

ගේ කුරුල්ලෝ
අවල කෙලි නවතා
අසාපන් වැහි බින්දු පෙම් කතා
විළඳ ඇට සේ පිපිරෙනා

දිලෙන ගිනි අකුණු ප්‍රේමේ
වැහි බිංදු අස්සේ දවටා
මලවි දුනුදිය අදිනවා
පිළිස්සුම් විස තවරලා

ගන ගැජුම් පිපිරේ නම්
වැසි ලකුණු අහසින් ගෙනේවි
වයිරයේ මාත්තුවක් නැති දා
පෙම් හැඟුම් උපදීද හදකින්

© Daya Sudasinghe, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මූසිලගේ ගීතය - රසන්ත චන්ද්‍රසූරිය

සමාන සේවය වෙනුවෙන් සම තැන
සමාන වේතන දෙන්න කියා
රජුගෙන් මා ඉල්ලූ බව ඇත්තයි
කිමද වරද ඇදුරිඳුනි දයා

වීණා වාදනයේ පරතෙරට ම
මම වැර වීරිය යොදා උගත්තෙමි
වියපත් ඔබ ඉසුඹුව ලැබගත් දා
ගඳඹ තනතුරට සුදුසුම මම වෙමි

ඔබ හා තරගය රජුගෙ කැමැත්තයි
මා අත කිසි ලෙස වරද නැතේ
ඇස්බැන්දුම් ප්‍රෝඩා නොතිබී නම්
මම ජය ගන්නෙමි සැකක් නැතේ

© Rasantha Chandrasuriya, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, March 7, 2021

සිත සසල කරනා - කසීර පෙරේරා

සිත සසල කරනා
දුක්බර ගීත රාවේ
සීත සැන්දෑවේ
ගම්මානයේ
කඳු පාමුලේ
දොළ මායිමේ
සුළඟේ මුසුව පාවේ

පැතුම් සුන්කරලා
සුසුම් හිමිකරලා
හදක පිපි පෙම මියගොසින් බව
ලොවට පවසන්නේ
ඒ ශෝක ගී රාවේ

හිරු උදාවේදෝ
අඳුර දුරුවේදෝ
සිතක සෝ ගිනි නිවීයාදෝ
කුකුස උපදන්නේ
ඒ ශෝක ගී රාවේ

© Kaseera Perera, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, March 2, 2021

කෙල්ලේ මගේ කෙල්ලේ (රැප්) - කසීර පෙරේරා

(කෝරස්)
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ ආදර කෙල්ලේ
සිහිවෙනවා ඔබ සැමදා කෙල්ලේ
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ ආදර කෙල්ලේ
ඔබටත් මා සිහිවෙනවද කෙල්ලේ
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ පණ වැනි කෙල්ලේ
ළඟදී මං එන්නම් ගම පැත්තේ
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ පණ වැනි කෙල්ලේ
පරිස්සමෙන් ඉඳින්න රත්තරනේ

(රැප්)
යනකොට එනකොට කනකොට බොනකොට
ඉරිදට සඳුදට අඟහරුවාදාට
දින හත පැය විසි හතර පුරාවට
ඔබ සිහිවෙනවා කෙල්ලේ හැම විට

කඩේට යනකොට වැඩ කරනා විට
උදයට හවසට තේ එක බොන කොට
දහවල රෑ කල බත්පත කනකොට
ඔබ සිහිවෙනවා කෙල්ලේ හැම විට

ගෙදර ඉන්න කොට හුස්ම ගන්න කොට
රූපවාහිනිය නරඹන හැමවිට
තනියම යහනත නිදියන මොහොතට
ඔබ සිහිවෙනවා කෙල්ලේ හැම විට

(රැප්)
නුබ කුස දිලිසෙන සුන්දර පුර හඳ
සඳ වට දිදුලන නිල්මිණි තරු කැට
දුටු විට ඔබ මට සිහිවෙයි ප්‍රිය කත

පෙරදින දොළ ළඟ මා දුටු ඔබ වත
කෝමල ලාලිත සුලලිත සිහිනිඟ
සිහිනෙක පෙනුනද ඇති මට සිරිකත

මගෙ හදවත පිරි නොකැලැල් සෙනෙහස
සදහට ඔබ වෙතටම පුද කෙරුමට
පතනෙමි මම සුදු කෙල්ලේ හැමවිට

ළඟදිම එක්වෙමු එක වහලක් යට
ඒ දින එනතුරු එකරට දෙතැනක
අතැඟිලි ගනිමින ඉමු අපි රන් කඳ

© Kaseera Perera, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, March 1, 2021

මල් සුවඳ - ජනක සෙනෙවිරත්න

මල් සුවඳ වැට උඩින් පැන
මා වැළඳ යළි දුවයි
සරදමට මගේ හද පාරවයි
නවතින්න සොඳුරියේ නවතින්න
සුවඳ මට විඳ ගන්න ඉඩදෙන්න

අරලියා මල් වැටෙයි එදා වාගේ අදත්
අපි පෙමින් බැඳුණු තක්සලාවේ
මාවතේ අතුළ මල් පාගන්න මට බයයි
මගෙ දෙපා රළුයි අද ජීවිතේ
ඔබෙ හිමි ද දූපුතුන් ගොළු මුහුද ගෙනගොසින්
නුඹ සරන පටාචාරාවකී
කෙලෙස නුඹ ගෙනයමිද ඉසුරුපිරි ලොවක් වෙත
තවම මම සුනීතගෙ පන්තියේ

ගුරු දෙගුරු නෙත් වසා හාදුවක රස සොයා
ගෙවූ කාලය සුවඳ සිහිනෙකී
එකම පංතියේ හිඳ අකුරු කළ මුත් දනිමු
නොවුණු වග අපි එකම පංතියේ

ඇසුරු කළ පොත් අතර සැඟව ගිය පෙම් හසුන්
පිඹුරුපත් සිහිනයේ පුරවරේ
නුඹේ සිය නෑසියන් උමතුවෙන් වියරුවෙන්
දවාලූවා සිහින මන්දිරේ

© Janaka Seneviratne, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නාන කාමරේ - කසීර පෙරේරා

නාන කාමරේ මාගේ නාන කාමරේ
හද කිති කවනා, සිතුවිලි මවනා, නාන කාමරේ
නාන කාමරේ මාගේ නාන කාමරේ
ගත පිරිමදිනා, සිත සනසවනා, සෑම කාලයේ

උදේ රැයින් එමි මම සැමදා ඔබේ සුව පතා
ඇඟේ පතේ මැළි දුරු කර දා ඔබ ගෙනෙයි සිනා
මුවෙන් ගීතයක් වී ඉපිදේ මගේ පෙම් කතා
නාන කාමරේ නාන කාමරේ
නාන කාමරේ ඇතුලේ, ගායකයෙකි මා

සැඳෑ කලේ සේවය නිමවා එමි වෙහෙස වෙලා
ගතේ වේදනා සැම නිවලා දෙයි සතුට සදා
ඇඟේ වතුර බිඳු ගෑවෙන විට සිත නිවී ගියා
නාන කාමරේ නාන කාමරේ
නාන කාමරේ ඇතුලේ, තාපසයෙකි මා

© Kaseera Perera, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ