----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Thursday, January 28, 2021

මා පෙම්බර පුෂ්පා - රසික සූරියආරච්චි

විඩා නිවා මා සිත සනසන්නී
හදට සෙමෙර රන් පවන් සලන්නී
සදාතනික සෙනෙහස මුදු පහස දෙවන්නී
මා පෙම්බර පුෂ්පා දේවී

විසිර දුවන සිත එක තැන රන්දා
හසරැලි මල් මුව කමලේ බන්දා
සඳ සිසිලස දී දිවි මග එළිය කරන්නී
මා පෙම්බර පුෂ්පා දේවී

ගිම්හානය සරතැස දුක දෙවනා
සන්තාපය හද නිරතුරු පෙලනා
සිඳ අමරස පැන් පොද මා දෙතොල තබන්නී
මා පෙම්බර පුෂ්පා දේවී

© Rasika Suriyaarachchi, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

3 comments:

  1. පුෂ්පා දැන් ෆුල් ශේප් නේ

    ReplyDelete
  2. පුෂ්පා දැන් ෆුල් ශේප් නේ
    Nihal Rupasinghe

    ReplyDelete
    Replies
    1. දැන් නොවෙයි මේ පදමාලාව ලියා, තනුවක් දමා දැන් අවුරුදු පහළොවක් (2008) වෙනවා.
      https://kathandara.blogspot.com/2010/05/blog-post_28.html

      Delete

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ