----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Wednesday, January 13, 2021

ළඟින් හිටියත් - ජනක සෙනෙවිරත්න

ළඟින් හිටියත් හිතින් හමුවෙමු
දෙනෝදාහක් උකුසු ඇස් අතරේ

ඔබේ ඇස් තුළ දකිමි මා මම
විසි කරන්නෙමි මගේ කැඩපත
ඔබේ පියවර පිටුපසින් එමි
ජන්ම පත්තිරු කුමටදෝ මට
දිවි ගමන කියනා

ඔබේ හිත මගෙ නවාතැන්පල
සෙනෙහසේ සත්කාර හුරු පුරුදුයි
කුමටදෝ මට රුසිරු සිටු මැදුරක්
දොරටු විවරයි වැතිර ගන්නට
නුඹේ හද තුළ අමිල ආදරයෙන්

අනන්තයටම දිවෙන ඔබගේ
සෙනෙහසින් පිරි පහන්වැට අග
පෙනෙන්නේ අප සෙවූ කෙම්බිම දෝ
නුඹේ දෙනෙතේ කාන්තිය ළඟ
කුමටදෝ මට තව පහන් එළියක්

© Janaka Seneviratne, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ