----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Thursday, January 28, 2021

තුෂර බිඳු දෙන සිසිලසේ - රසන්ත චන්ද්‍රසූරිය

තුෂර බිඳු දෙන සිසිලසේ
රැඳුණු සුව සැප වෙන කොහේ හෝ තිබේ දෝ
සිපිරිගෙයි මුරකාවලින් මිදිලා
ළපටි තණපත් උඩින් පියවර
තබන්නට මට වරම් දේවි ද සූරියා
වරම් දේවීදෝ

දොළොස් වසකින් නොදුටු ගම් දොර
ඉදෙන කිරිබත රස බලන්නට
දහයියා සුවඳින් පිරි ගිය
නැවුම් කළයක වතුර බොන්නට
කුඹුක් ඔය ඒදණ්ඩ හරහා එගොඩ වී
පිපුණු තලමල සුවඳ විඳිනට
වරම් දේවි ද සූරියා
වරම් දේවීදෝ

පරාජිත දුක් අතීතය තුළ
අහිමි වී ගිය දේ බොහෝ ඇත
එයින් ඔබෙ සුන්දර සිනාවයි
නයනයුග කැල්මයි දකින්නට
අහිමි උණුසුම මොහොතකට ලැබ
හදවතේ සීතල මකන්නට
වරම් දේවි ද සූරියා
වරම් දේවීදෝ

© Rasantha Chandrasuriya, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ