----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Thursday, January 7, 2021

බෝධි අබියස - මල්කාන්ති පටුවත විතානගේ

ගේයපද: මල්කාන්ති පටුවත විතානගේ
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: විදුර ප්‍රනාන්දු
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

බෝධි අබියස පහන් දල්වා
පැතුම් පැතුවා අපි එසේ
අනේ සමිඳුනි කියනු මැන මට
පුංචි මා ඇයි තනි වුණේ
දෙනෝ දහසක් සෙනඟ ගැවසෙන
මහා ගංතෙර මත එදා
ළසෝ දැල් ගිනි ඇවිලුණා මට
අපේ අසරණ කම නිසා

කිරට හැරවූ ඔබේ රතු ලේ
කඳුළු ගඟකට මුසුවුණේ
ඇයිද අම්මේ ඔබේ හදවත
ගොළුවුණේ මා ගැන එසේ
භවෙන් භවයට පැතුම් පතමින්
ඔබේ පුතු ලෙස මා එදා
සිනාසෙන විට දෙතොල් විහිදා
ගැයූ ඒ සුන්දර කතා

ගහේ ගෙඩි ගස්වලට බර නැත
කියා මා අසලා තියේ
මහමෙරක් සේ බර වුණේ ඇයි
පුංචි මා අද මේ ලෙසේ
වනේ වන සතුරෙකුටවත් මා
කළේ නැත වරදක් එදා
පුංචි මගෙ ලොව අහිමි කළෙ මට
ඇයිද අම්මේ නෙත් වසා

බෝධි අබියස පහන් දල්වා
පැතුම් පැතුවා අපි එසේ
අනේ සමිඳුනි කියනු මැන මට
පුංචි මා ඇයි තනි වුණේ
දෙනෝ දහසක් සෙනග ගැවසෙන
මහා ගංතෙර මත එදා
ලසෝ දැල් ගිනි ඇවිලුණා මට
අපේ අසරණ කම නිසා

© Malkanthi Patuwatha Withanage, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ