----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Tuesday, January 12, 2021

සුවඳ රැන්දු මාවතේ - හේමාල් ජයවික්‍රම

සුවඳ රැන්දු මාවතේ
මා ආ දිහා එසේ
දල්වා නෙතින් කළේ විපරම්
හද ගිලී රසේ

සිටියේ එලෙස දෑස් විදා
ස්නේහේ ගෙනේ කියා
දිවියේ ගෙවන කාන්සියෙන්
මොහොතක් සුවේ සොයා
දෙහදෙන් නැගෙනා'ලේ රසෙන් මත්වෙමියි කියා

මෙලෙසින් ය එක්ව කාලෙකින්
මැවුණේ සුවේ සහන්
රහසින් කී කතාවලින්
හද මා කළා සිසිල්
ගෙවුණේ සැණෙන් නිමේෂය පෙම්, දෙහදටත් හොරා

දිලෙනා නෙතේ කැල්මෙන්
මොනවා ද කියවුණේ
සැලෙනා සුපුල් තොල් අගින්
රහසක් ද ගොළුවුණේ
සුමිහිරි හඬින් සරාගික වූ, පිබිදුණා හැඟුම්

© Hemal Jayawickrama, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ