මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Sunday, January 3, 2021

අතැර ගියත් දකිනෙමි - ඇනට් ගුණසේකර

අතැර ගියත් දකිනෙමි සිහිනෙන් අම්මේ
අඳුර මකා එළිය දෙන දෙවඟනක් සේ

ආදර උල්පතෙන් ඉණු තෙල් බිඳු සෑම
සිඳෙනු නොදී අපගේ දිවි එකලු කළ
අම්මා අපෙ දිවි පහන විය සැමදාම
දැල්වුණු පහන් තිර වූයේ අපි සැවොම

කාගෙත් ආදරයට වැඩියෙනි බෙදුවේ
ඒ ආදරය නැත වෙන කිසිවෙකු පිදුවේ
දිවි ඇති තුරා දරු සෙනෙහස ඇය රැකුවේ
ජීවමාන දෙවියෙකි නිවසේ සිටියේ

අරුණෝදයේ පිබිදුණු හිරු රැස් වාගේ
රෑ මැදියමේ සිසිලක් දුන් සඳු වාගේ
සුවඳ මල් යායෙ පීදුණු මලක් වගේ
සිසිල සුවඳ අපෙ ආලෝකය ඔබ වේ

© Annette Gunasekara, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

හිරු නැග ඒ - රසිකා ඉඹුල්ගොඩ