----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Saturday, January 9, 2021

ඔබයි වසන්තේ - ඉනුරී වෙත්තසිංහ

ගේයපද: ඉනුරී වෙත්තසිංහ
සංගීතය: තුෂාරී එදිරිසිංහ
ගායනය: චාන්දනී සේනාරත්න
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

ගනඳුර බැස යයි, හිරු රැස් විහිදෙයි
වනන්තරේ හැඩ මල් සුපිපෙයි
වසන්ත ගස්වල මැණික් පිරීලා
බිමට නැමී හරීම හැඩයි
චූටි පැටව් ඉපදුණ මොහොතේ දී
නව සුවඳක් ලොවට ලැබෙයි
ඔබයි වසන්තේ, ඔබයි වසන්තේ
ඔබයි වසන්තේ, ඔබයි වසන්තේ

මල් මල් ගවුමක් ඇඳලා
කොණ්ඩය කරලට ගොතලා
මල් මල් ගවුමක් ඇඳලා
කොණ්ඩය කරලට ගොතලා
මල් යායේ දුව පැනලා
සිත මගෙ පිරිසිදු කරලා
මමයි වසන්තේ, මමයි වසන්තේ
මමයි වසන්තේ, මමයි වසන්තේ

සඳ පායන රාත්‍රියේ
අහස බලා තරු ගණින්න
සඳ පායන රාත්‍රියේ
අහස බලා තරු ගණින්න
හඳ හාවට ගී ගයන්න
මං ආසයි පියාඹන්න
මමයි වසන්තේ, මමයි වසන්තේ
මමයි වසන්තේ, මමයි වසන්තේ
ඔබයි වසන්තේ, ඔබයි වසන්තේ

© Inuri Wettasinghe, 2013


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ