----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Sunday, January 28, 2024

හිත ගාව පෙම් හීන - ශානිකා ශෂීප්‍රියා ද සිල්වා

හිත ගාව පෙම් හීන, මල් වාගේ පිපුණා ම
ඔබ එන්න මල් මාවතේ
අර ඈත සඳ ගාව - තරුවක් වගේ ඉන්න
වරුවක් ම මගෙ ජීවිතේ

එළිවෙච්ච ඒ හීන, පණ වාගෙ රැක ගන්න
මුදු හාදු තවරා මුවේ
මට ආයෙ හිනැහෙන්න, හීනය ළඟින් ඉන්න
හැමදාට දැන් ඔබ මගේ

නෙතඟින් බලා කීව, සෙනෙහස් කතා බෝම
වෑහෙයි නුරා ගී වගේ
හිම හීත බිඳු වාගේ, දෙතොලතර දැවටෙන්න
උණුසුම් සුසුම් දෙනු ප්‍රියේ

© Shanika Shashipriya de Silva, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, January 16, 2024

එක දිනක් ඔබ පෙනී - කසීර පෙරේරා

එක දිනක් ඔබ පෙනී සෙනෙහසක් ඉපදුණේ
තව කලක් ගතවුණේ හද සෙනේ වැඩිවුණේ
ආදරෙයි කියවුණේ ඔබ කෝප වී ගියේ
සරදමයි පැරදුමයි එපමණයි හිමිවුණේ

මා කෙරේ ඔබ සිතේ පිළිකුලකි ඇතිවුණේ
දෙනු සමා මා වෙතේ දුක නොමැත මගෙ සිතේ
පැරදුමයි මට හිමී
සමුගමී නැත යළිත් ඔබ නෙතේ මගේ රුව ගැටෙන්නේ

කුස රජා පබවතී දැක එදා පෙම් කළේ
සත් වසක් දුක දරා ජය ඔහුට හිමිවුණේ
ඒ දිරිය මට නැතේ
සමුගමී නැත යළිත් ඔබ නෙතේ මගේ රුව ගැටෙන්නේ

© Kaseera Perera, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නිසංසලේ ගලා හැලෙන - ශානිකා ශෂීප්‍රියා ද සිල්වා

හරි නිසංසලේ ගලා හැලෙන සෙනහස් ගං දෑළේ
ආදරේ සෙත් පිරිත ඇහෙනව රෑ තුන් යාමේ
ඔබ මගේ වෙලා උපදින හැම භවයක් වාරේ
පෙම් පහන් සිළක් වී දැල්වෙනවද හද මළුවේ

ජීවිතේ දුර්ගයකි සමනොළ ගිරි හිස මානේ
සෙනෙහසේ වාරුවට මට ඔබෙ උරහිස ඕනේ
ආදරේ බත උයා හිනැහෙන රෑ හඳ පානේ
මාවතේ ඇස් තියන් ඉන්නව ගෙට එන ගානේ

සැඩ හිරු කිරණට පිච්චී හිත දැවෙනා වාරේ
ඔබෙ සෙනෙහස සිසිලයි මට මහ නුග රුක වාගේ
අපෙ සමනළ පැටවුන් ඇහැරී හඬනා වේලේ
ගුළි වෙන්නට ඔය ඉසිවර සුව පපුතුර ඕනේ

© Shanika Shashipriya de Silva, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, January 6, 2024

හිරු නැග එනවා - රසික සූරියආරච්චි

හිරු නැග එනවා, හිරු බැස යනවා
ලෝකය කැරකෙනවා
දවසින් දවසට කල් ගත වෙනවා
අප වයසට යනවා

ඉපදුණු දා සිට කළ කී දේ ගැන
දැන් සිතුවට පල නෑ
ගිලිහුණු අදිටන්
නොලැබුණු දේවල්
නොකෙරුණු යුතුකම්
ගැන දුක් වී පළ නෑ

හෙට දින කෙලෙසක ලිය වී ඇති දැ යි
දන්නා කිසිවෙකු නෑ
යුතුකම් ඉටුකර
බැඳුම් අවම කර
පැතුම් ඉවත් කර
හිටියොත් අවුලක් නෑ

© Rasika Suriyaarachchi, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ