----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Saturday, October 28, 2023

ඇසක කඳුළක - රසික සූරියආරච්චි

ඇසක කඳුළක, හදක සුසුමක, සිතක ඉකියක,
දුක දැනෙන්නේ වෙනත් දුක්බර ඇසකටයි,
වෙන හදකටයි, වෙන සිතකටයි
මගේ කඳුළක, මගේ සුසුමක, මගේ ඉකියක,
දුක නොතේරෙන ඔබේ සෙනෙහස අකැපමයි,
මට අකැපමයි, මට අකැපමයි

දිවා රෑ ඇඳි සිහින සිතුවම් බොඳවුණී
මහා සයුරේ කුණාටුව මැද තනිවුණී
සදා මා ළඟ ඉඳිමි කිව් ඔබ නික්මුණී
එදා සිට මම ඔබේ හදවත හඳුණමී
එදා සිට මම හඳුණමී

දුකින් පිරි ඒ සමය ගැන අද නොතැවෙමී
සිතේ නලියන සිතුම් ගොන්නේ කිමිදෙමී
හදේ ඉපදෙන වසන්තයෙ තනු මුමුණමී
උදෑසන පිපි නේක මල් දැක හිනැහෙමී
එමල් සුවඳින් සැනසෙමී

© Rasika Suriyaarachchi, 2023
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, October 25, 2023

ආනන්ද තෙරණුනේ - ආනන්ද දියුණුගල

ආනන්ද තෙරණුනේ
පවසන්න මට අනේ
කෙලෙසක මෙවන්
දහම් කඳක් රඳවා තැබුවේ?

පත්ඉරු, තල්පත් තිබිල ද?
සෙල්ලිපි, වැලිපිල් තිබිල ද?
මුඛ පෙළපත තුලින් මෙලෙස
රැඳුණේ කෙලෙස ද කියන්න
අනේ තෙරණුනේ!

අප සිරිලක බබලවන්න
මිහිඳු හිමිට රැගෙන එන්න
සුවාසු දහසක් දම් කඳ
රැකුණේ කෙලෙසද කියන්න
අනේ තෙරණුනේ!

© Ananda Diunugala, 2003

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, October 24, 2023

එල් නීන්‍යෝ, ලා නීන්‍යා - රමණී ප්‍රියන්තා වීරසේකර

කපා වන පෙත්, තනා මංපෙත්
මහා මන්දිර ගොඩනගා
ඔබේ දරුවන් සිනාසෙන හැටි
සදාකාලික සැප සොයා
මෑණියනි ඔබ බලා සිටියා
මිහිමඬල මුව දොර අයා
එල් නීන්‍යෝ, ලා නීන්‍යා

දවා ගල් අඟුරු නගා දුම් රොටු
සිහින ලෝකය කැඳවලා
සීත කඳු මත අයිස් කවරය
ගලා හැලෙනා හැටි බලා
ඈත හිමයේ වලස් කැල දැන්
අනේ ඇත වල්මත් වෙලා
පියාණෙනි ඔබ සුසුම් හෙලුවා
අහස්කුස ඈතට වෙලා
එල් නීන්‍යෝ ලා නීන්‍යා

ලඳු කැලෑ වඳවෙලා දැන් ඇත
කාන්තාරය වැඩිවෙලා
කඳු කැඩී දිය ගලා දැන් ඇත
යටවෙලා අප මිහිතලා
අනේ දරුවනි රජවෙලා ඇත ඔබේ ලෝකයේ
එල් නීන්‍යෝ, ලා නීන්‍යා ලා

© Ramani Priyantha Weerasekara, 2023
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, October 8, 2023

ගී ලියමු අඩවියේ පළ වූ නිර්මාණ ඇගයීම

ගී ලියමු අඩවිය සඳහා නිර්මාණ දායකත්වය සැපයූ ගේයපද රචකයන් වෙත ආදරයෙනි,

නිව් සවුත් වේල්ස්හි සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය මගින් පවත්වාගෙන යනු ලබන "ගී ලියමු" ගේයපද සංචිතයයේ 2020 සහ 2021 වර්ෂ ද්වයේ පළ වූ ඔබ විසින් ලියන ලද ගී පදමාලා දැන් ඇගයීමකට ලක්කොට ඇති බව සතුටින් දැනුම් දෙමු.

කලා සාහිත්‍ය ක්ෂේත්‍රයේ දැනුම සහිත දස දෙනෙකු වූ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීම් කොට ඇති මෙම ගීත, එක් වසරක් සඳහා දහය (10) බැගින් ශ්‍රේණිගත කොට නුදුරු කාලයේ දී ඔබ වෙත දන්වා, ගී ලියමු වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කිරීමට අදහස් කරමු.

හේමාල් ජයවික්‍රම,
සම්බන්ධීකාරක, "ගී ලියමු" වැඩසටහන
නිව් සවුත් වේල්ස්හි සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය

©
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, October 6, 2023

එදා අසන්නට නොහැකිවු - රූපිකා ද සිල්වා

එදා අසන්නට නොහැකිවු එකමෙක පැනයට
අද තාමත් හොයනව මං පිළිතුර නොදැනම
චන්ද කින්නරී කවුදැයි ඔබ ළඟ දැවටුණ
සඳ කිඳුරෝ කියනවා ද ඔබ මට දුන් තැන?

පේළි පේළි ළඟට ඇවිත් ගිය මගකුත් නැති
හීන් හඬින් ගී මිමිණූ තව කිඳුරියො ඇති
ඒ පේළියෙ මම හිටියේ ඈතම වෙන්නැති
ළං වෙන්නට දුර හින්දා නොකියම යන්නැති

පාරමිතාවන් පුරන්න මා විතරක් මදි
සඳගිරි පව්වයි මේ සිත ඔබ සැමදා හිඳි
කිඳුරු පෙමට වඩා පෙමක් තවමත් දන්නැති
සසර මගක කොතනක හෝ දුටුවොත් මට ඇති

© Rupika de Silva, 2023
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

වලා බැම්ම පහුකර - රූපිකා ද සිල්වා

වලා බැම්ම පහුකර මම හැමදාමත් යනවා
මං නොබැලූ ඒ පෙරහැර මතකය රිදවනවා
පමාවුණේ මං ම නේද මට තහංචි පනවා
එන ඇහැළක් ආවේ නැහැ සැමදා හිත දනවා

හැමදාමත් අලුත් වෙලා පෙරහැර එන ගානේ
හිත ළඟ සිටි අයියණ්ඩියෙ එය සිහිවෙනවා නේ
පමාවෙලා මට ඇහිලා ඒ හඬ රෑ පානේ
මං එන විට පෙරහැර ගොස් කවුරුවත් ම නෑ නේ

සෙංකඩගල දැන් වැහිමල් එදා වගේ නැතුවට
චිරි චිරි හඬ මඩ වතුරේ මට ගානක් නැතිවට
කඳු යා කර නුවර මැවුණ දේදුන්නත් මැකුණට
හිත ඇතුලෙන් මං යනවා මට නොආව ඇහැළට

ඔය තරමට ආඩම්බර රන්දෝලිය හින්ද දෝ?
බර අඩි තිය තිය යන්නට ඉගැන්නුවේ කවුරු දෝ?
සැහැල්ලුවෙන් සිටි ඒ සිත කොහේ කොහොම වැටුණ දෝ?
පසුකර ආ දුර, කාලය එය අරගෙන ගියා දෝ?

තවමත් මං එදා හිටිය නුවර ළමා ම යි හිතින්
ඒත් අඬන්නට වාගෙ ම නාඬන්නත් දනිමි දැන්
හිතක් නැතිව කිමද බලා මේ පෙරහැර නෙත් වලින්?
මං නැතිවට හැමදාමත් ඒ පෙරහැර ගියාදෙන්!

© Rupika de Silva, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

එකම එක කවියකුත් - රූපිකා ද සිල්වා

එකම එක කවියකුත් නොදන්නා ඒ කාලෙ
කවි දහක් ලියන්නට අරුත් දුන්නේ ඔබයි
වලාකුළු, දේදුනුත් ඒ තරම් ලස්සනයි
ඇත්තමයි, මට හිතුණෙ ඔබ ආව නිසාමයි

සමුනොදී සමුගත්‍ත අලු පාට සැඳෑවක
ක්ෂිතිජයේ කොහේදෝ සැඟව ගිය ඒ කවිය
උදම්‍ රළ සතක් මැද පද බිඳුණ මගෙ කවිය
සොයාලා දෙනවා ද, දුටුවා ද රැළි අතර?

සසර මග දිනක දී අරගෙනම තව හීන
විශ්වයේ කොහේ හෝ මට පෙනෙන කොදෙව්වක
තරු එළිය මග කියයි පුරුදු සේ ඔබ එන්න
පද අතර ඇති අරුත් මුදු සරින් මුමුනන්න

© Rupika de Silva, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ