----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Tuesday, April 30, 2024

රෝස කැකුළු - අනුරුද්ධ වැලිගමගේ

රෝස කැකුළු මට මොකටද ඔබේ දෙතොල් ළඟ
සමනල තටු පහස තිබෙයි ඔබෙ දෙකොපුල මැද
කවි ගීවල ඇති වරුණා නැතිමුත් ඉඟ ළඟ
රැජිනයි මට සතුට සදන සැමදා මා ළඟ

බාධක කම්කටොළු නැත්තෙ මේ ලොව කොයිබද
දිරිය නුඹයි මවට පසුව හිත සුව කැන්දන
රිදෙන විටදි සිත තැවිලා හිතේ රිදුම් දෙන
හද සනසන පැන් බිඳ නුඹ ඒ දුක් දුරලන

දුක සතුටත් සමව දරා යන මේ සක්මන
එළිය කරන සඳ එළියයි සොමි ගුණ පතුරන
දරුවන් මැද සතුටු සිනා උතුරා පතුරන
සෙනෙහෙ විලයි ඔබ මට නිති සිසිලස කැන්දන

© Anuruddha Weligamage, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, April 29, 2024

රෝස මල් සිනාසේ - නිහාල් රූපසිංහ

රෝස මල් සිනාසේ
මිදුල කොණේ
සියොතුන් වයතී තත් ගී මිහිරී
පැන් ද පැණි රසය දිව මත
සැවොම සතුටිනි
මා වටකොට හාදු වැස්සකි

එනමුදු අමාරුයි මට
හරීම අමාරුයි
දරාගෙන ඉන්න
හුරු පුරුදු තනිකම ද
හදවතේ හිස් බව ද
ප්‍රසන්නය ඒ වේදනාව
නොරිදවන මා සිත

ඉගිල එන්න කුරුලනි
වහා ඉගිල එන්න
මං ආසයි ඔබට ඇහෙන්න
ළඟ ඉඳ ගී ගයන්න

© Nihal Rupasinghe, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ