----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Friday, October 30, 2020

ගිරි හිසින් පනින - ෂාමලින් පෙරේරා

ගිරි හිසින් පනින දිය ඇලි දැක නිලෙන් පැසෙයි කුඹුරූ
විහඟුනගෙ ගී සරින් මනලොල් සවන් පිනන අයුරූ
සිරි සිරියෙන් වැටෙනා තුෂාර කරවයි මන සොඳුරූ
මල් වටා රඟන මී මැසි කැල සදතේ පැණි මියුරූ

මඳ නල සිප අප ගත දවටා නිවන්න සරතැස
දෙනෙතින් අසිරිය උකහා ගෙන බෙදන්න සිසිලස
ගස් වැල් රැක ගෙන සතුනට නිති පුදන්න සෙනෙහස
සොබාදහම් කුමරියනේ හෙලන්න මදහස

සඳ රේණු වැටී මවන රටා හරිම උදාරයි
තරු දිලී වලා තුළින් එබෙන අයුරු අපූරුයි
පරිසරයෙ සිරිය රැකගන්නට සැවොම එක්වෙමූ
තුරු වියන් බැඳුණු හරිත ලොවක් උරුම කරගමූ

© Sharmaline Perera, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

එකමුතු වී පියඹා යති - එඩ්වින් පේමජයන්ත විතානගේ

එකමුතු වී පියඹා යති කුරුලු රෑන්
මිතුරු කමින් පීනා යති මාළු රෑන්
මිනිස්කමක් ඇති වෙන්නේ මිතුරු කමින්
ජීවිතයක් ලස්සන වෙයි මිනිස්කමින්

සිංහ පැටව් තරහෙන් දෝ ගොරවෙන්නේ
හරක් පැටව් බය වී දෝ දිවයන්නේ
වයිර සිතින් දෝ සර්පයො දඟලන්නේ
තමන් නිසා ඇයි තමන්ම දුක් වෙන්නේ

මෝඩකමට සිතේ තරහ ඇති වෙන්නේ
ඉරිසියාව තරහට කරුණක් වෙන්නේ
තරහ වැඩි වුණොත් වයිරය උපදින්නේ
තරහ නැති සිතෙන් සිනහව මතුවෙන්නේ

© Edwin P Vithanage, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිරු මිලින වී - රසන්ත චන්ද්‍රසූරිය

හිරු මිලින වී අඳුර පැතිරෙයි සඳු වළාවක සැඟවිලා
තවත් දිනයක් නිමා වී ඇත දුකෙන් බර සිත ගොළුවෙලා

උදේ සුපිපෙන සොඳුරු පියුමන් සැඳෑ සමයේ මිලින වේ නම්
එක්ව හිනැහුණු යොවුන් දෙහදක් වේදනාවෙන් වෙන්ව යා නම්
සිතක ඇතිවුණු සියලු පැතුමන් සිඳී සුළඟේ විසිර යා නම්
හඬනු කුමටද තැවෙනු කුමටද මගේ උරුමය මෙලෙස වේ නම්

ලැබුණි නම් එක් සොඳුරු බැල්මක් මා ඔබේ දෙස බලන මොහොතක
ලැබුණි නම් එක් සිනාවක් හෝ මුතු දසන් රත් ලවන් මැදිකොට
ඇසුණි නම් පිය තෙපුල් වදනක් සදාකල් මා මන රැඳෙන්නට
නොවෙනු ඇත මට මේ ලෙසින් අද දුක් සුසුම් මැද කඳුළු බොන්නට

  

© Rasantha Chandrasuriya, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සියලු ගස්වැල් - රසන්ත චන්ද්‍රසූරිය

සියලු ගස්වැල් රුදුරු නියඟින් විඩාපත් වී නැසී ගියෙදෝ
පොකුණු ගංගා වැව් සිඳීලා පොළොව වියලී පැලී ගියෙදෝ

සුදෝ සුදු එක් රෝස කැකුළක පෙති හැලීලා මිලින වුණි දෝ
සොඳුරු නිල්වන් ඒ දෙනෙත් මට සදාකල්හිම අහිමි වුණිදෝ

අන්ධකාර ව තිබුණු මගෙ ජීවිතය ඔබගෙනි එළිය කෙරුණේ
මිහිරියේ ඔබගෙන් ය මගෙ හදවතේ පාළුව කෙමෙන් මැකුණේ

මැරුණු විට මා නුදුරු දිනකදි ප්‍රියේ මාගේ නිසල මුහුණේ
නැඟුණොතින් හසරැළි පොදක් ඒ ඔබටමය මා සොඳුරු ළඳුනේ

© Rasantha Chandrasuriya, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අප්පච්චී - පූජ්‍ය කුඩාගල කෝවිද හිමි

ගේයපද රචනය: පූජ්‍ය කුඩාගල කොවිද හිමි
සංගීතය: ක්‍රිශාන්ත වීරසිංහ
ගායනය: දිනාලි සෝමවීර

අප්පච්චී ඔබ කොයිබද යන්නේ
අප හැරදා මෙලොවින් සමුගෙන
බැහැ වාවන්නට මගෙ හද ගැහෙනව
කවද දකින්නද යළි ඔබ අප්පච්චී
කවද දකින්නද යළි ඔබ අප්පච්චී

අප වෙනුවෙන් ඔබ දහදුක් වින්දා
මහමෙර සේ හද සෙනෙහස රන්දා
ගැහුවත් රැවුවත් ඔබ මට ඉඳහිට
සෙනෙහස තිබුණා ඔබගේ හද යට
අප්පච්චී මගෙ ආදර අප්පච්චී

වැටහුණ නැතිමුත් එදවස එය මට
දැන්නම් වැටහෙනවා මට හොඳටම
බැන්නත් ඔබ හට ඒවට ඉඳහිට
සමාවෙන්න අප්පච්චී ඒවට
අප්පච්චී මගෙ ආදර අප්පච්චී

අප්පච්චී ඔබ කොයිබද යන්නේ
අප හැරදා මෙලොවින් සමුගෙන
බැහැ වාවන්නට මගෙ හද ගැහෙනව
කවද දකින්නද යළි ඔබ අප්පච්චී
කවද දකින්නද යළි ඔබ අප්පච්චී

© Rev Kudagala Kovida, 2020

ගීතය අසන්න, නරඹන්න.



මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, October 29, 2020

වසන්තය ගෙවී යන වෙලාවට - අසිත උදයංග

ගැ     වසන්තය ගෙවී යන වෙලාවට
පිච්ච මල් ඇද හැළෙයි රටාවට
පි     තනිවෙලා ගෙවන දුක් විඩාවට
අවසරද සමු දෙන්න මතකයට?

පිදොළොස් වසකට පසුව අද දිනේ
විඩාබර ඔබේ නෙත් හමුවුණේ
ගැනිල බලය දැරූ ඔබ අභිමුවේ
නීතියද සෙනෙහසද පැරදුණේ

පිනැතිබැරිකමට මිල මුදලට වෙන්න ඇතී
අතීතයේ මා තනිකර යන්න ඇතී
ගැලෙහුණා සළුව මුදලට යට වෙලා නිතී
දෛවය මට දුන්නු දඬුවම මෙයයි සකී

පිවසන්තය ගෙවී ගිය වෙලාවට
පිච්ච මල් ඇද හැලුණි රටාවට
ගැතනිවෙලා ගෙවූ දුක් විඩාවට
අවසරයි සමු දෙන්න මතකයට!

© Asitha Udayanga, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මට එන්නට ඇත්නම් - රසික සූරියආරච්චි (ගායනය: පාරමී කුරුප්පු)

තනුව සහ සංගීතය: සුරේෂ් මාලියද්ද
ගායනය: පාරමී කුරුප්පු


මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා
කුරුල්ලෙකු වගේ තටු සළලා
ඔසී රටේ සිඩ්නිපුරෙන්
සුන්දර සිරි ලංකාවට
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා

පැසිපික් මහ සාගරයේ තල්මසුන්ගෙ තතු කියන්න
නිල් වදුලේ කැන්ගරුවෝ දුවන පනින හැටි කියන්න
සිඩ්නි පුරේ, ඔපෙරා මැදුරේ
නෙක විසිතුරු කියා දෙන්න
උලුරු ගලේ, මරේ ගඟේ
කතන්දරේ කියා දෙන්න

මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා

සමනල කඳු මුදුන උඩින් හිරු පායන හැටි බලන්න
අනුරපුරේ සිරි මහ බෝ, අටමස්ථානය වඳින්න
පොළොන්නරුවෙ, සීගිරියේ
නටඹුන් මැද ඇවිද යන්න
තිසාවැවේ, පැරකුම් සයුරේ
සීතල වතුරෙන් නාන්න
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා

© Rasika Suriyaarachchi, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, October 27, 2020

ගසකට පුළුවන්ද - අසිත උදයංග

ගසකට පුළුවන්ද මල් එල නොපතන්න
සඳකට පුළුවන්ද තරුකැට නොපතන්න
අඳුරට පුළුවන්ද තනිකම දුරලන්න
මා හට පුළුවන්ද ඔබ නැතිවම ඉන්න

අත අල්ලනා හැම විට අත මග හැරුණා
හිත ඉල්ලනා විට හිත පතුලට කිඳුණා
මග සොයනා විට දි මගතොට මග හැරුණා
ඔබ සොයනා විට දි ඔබ දුර ගොස් තිබුණා

දුක බර වැඩියි ඊයම් බරුවකට වඩා
සුසුම රළු වැඩියි සුළි සුළඟකට වඩා
අඳුර ඝන වැඩියි අඳ නෙත් දෙකට වඩා
මතකය ළඟ වැඩියි ළඟ උන් ඔබට වඩා

© Asitha Udayanga, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මුවැත්තියකගෙ වගේ - රසන්ත චන්ද්‍රසූරිය

මුවැත්තියකගෙ වගේ දිගටි නිල් නෙත් සඟළ
සිනාවෙන් පිරී ගිය ඔබෙ සිඟිති මුව කමල
නොදැක ඉන්නට නොහැක
මා නෙතට මොහොතකට

රෝසමල් පරදවන ඔබේ සුන්දර මුහුණ
පෙනෙනවා බොහෝ විට සිහිනයෙන් පවා මට

ඒ සොඳුරු සුව දසුන ලබාගන්නැයි විගස
මගේ සිත මගේ නෙත වහා මට අණ කරයි

මගේ නෙත් ඒ නිසයි පියාඹා දුවන්නේ
ඔබෙ දසුනෙ ඇති අමිල සුව පහස විඳින්නේ
නමුත් ඇයි ප්‍රියේ ඔබ මදෙස නොබලන්නේ
ඔබෙ දෙනෙත් මගෙ දෙනෙත් මන්ද හමුනොවන්නේ

© Rasantha Chandrasuriya, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සිරි සිරියට මල් වැහි පොද - සේන ගුණසේකර

සිරි සිරියට මල් වැහි පොද අඳුරට ගොම්මන් යාමේ
සොඳ නැටුම් නටන වැහි කැට තණ බිස්සෙදි බිඳුණා වේ
වා කවුළු දොරෙන් සීත සළුව මගෙ ගත වෙළුණා වේ
උණු කෝපි කොහෙද මගේ මුවට සීතල දැනුණා වේ

චණ්ඩ සුළඟ තුරු අඹරා ගෙට එබිකම් කෙරුවා
නුඹ නතර කරල දොර වහන්න මැණිකේ අද නැතුවා
මුළුතැන්ගේ හරි පාළුයි ලිප ගින්දර නිවිලා
ගෙයි පහන නැතිව අද කලින්ම බිම් කළුවර වැටිලා

පමා වෙලා ගෙට ආවට මල් පැණි තොල ගාලා
මගෙ මැණිකේ මහ ගෙදර ගියා අමනාපෙන් ඔරවා
වැහි කුණාටුවේ හිත් ගින්දර අරගෙන ඉගිලීලා
මගෙ පහන් තරුව අරන් වරෙන් ශෝක සුසුම් මකලා

© Sena Gunasekara, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

දවස එළැඹෙන්නේ දුකින්මය - රසන්ත චන්ද්‍රසූරිය

දවස එළැඹෙන්නේ දුකින්මය
දවස නිමවෙන්නේ දුකින්මය
ඒ අතර සතුටක් ලැබේ නම් එය මහා පුදුමයක් වේමය

කරුමෙ කියලා දුකින් තැවිලා
සෑමදාමත් සිටිය හැකි දෝ
පූරුවේ කළ පවකි සිතලා වේදනා ඉවසන්න හැකිදෝ

පිපී පරවෙන ඉපදි මිය යන
ලොව තිබෙන්නේ මෙවැනි දහමකි
සදා සැනසුම ඕනෙ නෑ මට මද සිනාවත් අමිල සැපතකි

© Rasantha Chandrasuriya, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අඩක් දිවියෙන් ගතවෙලා - රසික සූරියආරච්චි

අඩක් දිවියෙන් ගතවෙලා
හිතත් වයසට පත්වෙලා
හෙටක් එනතුරු සැපෙන් සපිරුණු
කොතෙක් ඉන්නද ඉවසලා

පතොක් කටු පිරි ජීවිතේ
මෙතෙක් ආ මග කෙළවරේ
කොතෙක් බිම්මල් පිපී තිබුණද
තෙතක් සිසිලක් එහි නැතේ

දවස් එක දෙක එකතු වී
තවත් වසරක් යයි ගෙවී
ලදොත් සතුටක් එක් දිනක හෝ
දහස් සැරයක් හිනැහෙමී

© Rasika Suriyaarachchi, 2002

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, October 26, 2020

සතුට සොම්නස - රසන්ත චන්ද්‍රසූරිය

සතුට සොම්නස මිහිර සැනසුම ඇයිද මට හිමි නොවන්නේ
දුකට කඳුළට යටත් වෙන්නද මේ ලොවේ මා උපන්නේ

මගේ දිවියේ තිබෙන බොල් බව කාටදෝ වෙන දැනෙන්නේ
මගේ හදවත ගයන දුක් ගී නැතිද කෙනෙකුට ඇසෙන්නේ

මේ පවින් මා මිදෙන ලකුණක් කෝ නැතිය ඈතකින්වත්
මා සිනා වී සිටින මොහොතක් දුටුවෙ නැත හීනෙකින්වත්

© Rasantha Chandrasuriya, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබෙ ලස්සන දිගටි දෑස - රසන්ත චන්ද්‍රසූරිය

ඔබෙ ලස්සන දිගටි දෑස
මා හද දිනු සොඳුරු දෑස
අනෝතත්ත විලේ පිපුණු නිලුපුල් වූ නිසා නොවේ
මා සිත ඔබ වෙත බැඳුණේ
ඔබෙ ඇස් නිසා නොවේ

නිරතුරුවම හසරැල්ලක්
නැගී තිබෙන මුහුණ ඔබේ
තරු රැස පිරිවරණා ලද සඳ මඩලක් නිසා නොවේ
මා සිත ඔබ වෙත බැඳුණේ
ඔබ වත නිසා නොවේ

ඔබේ අහිංසක සිනාව
ඒ නිරහංකාර බැල්ම
මුසු සුන්දර සුව දසුනෙන් මා හද පිබිදුණු නිසාය
ගල් ව තිබුණු මගේ හදවත ඉන් ජීවය ලද නිසාය
මා සිත ඔබ වෙත බැඳුණේ ඒ නිසාය, ඒ නිසාය

© Rasantha Chandrasuriya, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, October 25, 2020

ඔටුනු පළන් රැජින ඔබයි - රසන්ත චන්ද්‍රසූරිය

ඔටුනු පළන් රැජින ඔබයි මගේ සිහින ලොවේ
මගේ හදවත ගයනා ගී ඇසෙනවාද ප්‍රියේ

සරා සඳෙන් කැලුම් පෙරා සැදුණු ඔබේ නෙතේ
ඇති කැල්මෙනි මගේ හදේ අඳුර මැකී ගියේ
රෝසමලට නිගා කරන සුන්දර ඔබ මුවේ
රැඳී තිබෙන සිනහව මට ලොකු සැපතකි ලොවේ

මුළු දවසම ඔබ ගැන මට සිතන්න දේ ඇතේ
මගේ සිතේ වේදනාව එවිට මැකී යතේ
මෙතෙක් මගේ සිහින ලොවේ රැජිනිය වුණු ප්‍රියේ
සැබෑ ලොවෙත් මගේ රැජින වෙනු මැන කුමරියේ

© Rasantha Chandrasuriya, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, October 24, 2020

තල් ගස් දේසේ - හේමාල් ජයවික්‍රම

තල් ගස් දේසේ අස්වැද්දෙන්නේ
ජනපද ඉදිවී සිත් පෑරෙන්නේ
භේදය වපුරා රට කරවන්නේ
මුළු රට සූරා සම්පත් ගන්නේ

කලාකරුවාණනේ, සහෘදයානනේ
පවිටු බවින් ආත්මාර්ථය සලකා
රජු සනහා ස්තෝත්‍රය ගයනා
නෙක කැනහිලුන් පරදා
නැගී සිටිනු මැනැවී

පන්සල් කෝවිල් යා කරමින් නිති
පෙම් සබැඳුම් ගැන ගී ලියුවා ඇති
නුහුරු ඇඳුම් ආයිත්තම් ගන්වා
සාමයෙ සමගියෙ අත්වැල් නංවා
රිදී තිරයෙ වේදිකාවෙ සරුවට
නාටක පෑවා දැන් හොඳටම ඇති

කලාකරුවාණනේ, සහෘදයානනේ
පවිටු බවින් ආත්මාර්ථය සලකා
රජු සනහා ස්තෝත්‍රය ගයනා
නෙක කැනහිලුන් පරදා
නැගී සිටිනු මැනැවී

© Hemal Jayawickrama, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, October 23, 2020

ආදරයෙ මුල්ම කව - ෂාමලින් පෙරේරා

අම්මා

ආදරයෙ මුල්ම කව
සිත තැවරු සඳුන් සුව
මියුරු ඒ ගී රාව
සෙනේ ගඟ අම්මා

සෙනෙහසේ නවාතැන
අඳුරු ලොව මිණි පහන
ළබැඳි සුසුමින් බැඳුණ
පින් කෙතයි අම්මා

ඔබයි මගෙ පිය තෙපුල
නොනිමෙනා පහන් සිළ
දිවි මගේ සුනිල විල
රස කැලැතු අම්මා

තම සුවය පරදු කොට
මා සුවය පෙරටු කොට
දිවි මගේ පහන් වැට
එකලු කළ අම්මා

ගියත් ඔබ මා අතැර
ළඟ දැනෙයි මට නිතර
අමා පොද භව කතර
මගේ සුදු අම්මා

© Sharmaline Perera, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

පණක් පණ ලෙස - අසිත උදයංග

පණක් පණ ලෙස සිතන්නට බැහැ
මටත් මගෙ සිත අයිති නැති කොට
විටක හිනැහෙන විටක හඬවන
ජීවිතය ගැන මොටද අබිමන

ජීවිතේ දුක සැප ලෙසේ
සුළඟ අඩු වැඩි වෙන වරේ
පහනෙ දිවිපෙත ලියවිලා ඇත
සුළං පහරට රිසි ලෙසේ

දිලෙන්නට එක දිගට සිතු ලෙස
පතමි පැතුමක් මතු භවේවත්
එපා සුළගේ මෙලෙස එන්නට
පහනෙ දුක ගැන නොම දැනේ නම්

© Asitha Udayanga, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, October 21, 2020

යොදුන් මග දුර ගෙවා - අසිත උදයංග

යොදුන් මග දුර ගෙවා වෙහෙසින්
පවුරු බාධක මතින් ගලමින්
සයුර තොටමුණ පෙනෙන අබියස
පුංචි කැකුලිය දිටිමි සැණෙකින්

දියට බර වී සැලෙන නුඹගේ
රතට දිලිසෙන තොල් පියල්ලක්
ගල් කුලක නැග සෙමින් ඉස්සී
වැළද ගන්නට නොමැත සවියක්

නැවත හැරෙනට කොතෙක් සිතුවද
සයුර රළ පෙළ අත වනයි නම්
සිතෙන් නුඔ සිඹ නොහිමි සැනසුම
සයුර තෙර මත මුසු කරන්නම්

© Asitha Udayanga, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ගහ කොළ දළු දා නිල්ලේ - ෂාමලින් පෙරේරා

අවුරුදු උදාව

ගහ කොළ දළු දා නිල්ලේ
නෙක නෙක මල් සැරසිල්ලේ
අතුවල බැඳි ඕවිල්ලේ
පැද්දෙමු අපි නැළැවිල්ලේ

කිට්ටුයි කිට්ටුයි අවුරුදු
පොට්ටුයි පොට්ටුයි එරබදු
වළලු නටන දෑත් සුමුදු
රබන් හඬින් ගම ම පුබුදු

පිනි පොද සිරි සිරි වැටෙනා
නව හිරුහට ආවඩනා
කොවුල් තුඩින් ගී ගැයෙනා
කජු පුහුලන් පැණි පෙරෙනා

රතිඤ්ඤ ඩොන් චට පට පට
රස පිරි අතිරහ අපහට
අලුත් ඇඳුම් සැම ගත වට
නව අවුරුදු ජයයි අපට

බුලත් හුරුළු දෑත පුරා
නෑදෑ කැල සපිරි වරා
හෙළ අවුරුදු සිරිත් පුරා
පිබිදෙමු නව ලොවක් කරා

© Sharmaline Perera, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, October 20, 2020

දුර හන්තානේ - රසික සූරියආරච්චි

සමුගැනීම

දුර හන්තානේ උස් කඳු මුදුනේ
පායා දිලෙනා පුංචි තාරුකා
කාටද පාර කියන්නේ?
මහවැලි ඉවුරේ මඳනල අතරේ
මුසු වී ඇසෙනා මියුරු ගීතිකා
කා වෙනුවෙන්ද ගැයෙන්නේ?

සරසවි උයනේ මන්දිර සෙවණේ
ගත කළ සමයක සොඳුරු නිමේෂය
නෙත් ඉදිරියෙහි මැවෙන්නේ
පෙර සංසාරේ කළ පින් මදි දෝ
හදවත මඩිනා විරහ වේදනා
මේ ලෙස දෑස තෙමන්නේ?

මේ ගංගාවේ සුදු මල් පාවේ
මිය ගිය සෙනෙහස නටඹුන් අබියස
කණ කොක් සුදය දිලෙන්නේ
විහඟ ගීතයේ වැයෙන තාලයේ
ජීවිතයේ කොටසක් ලියවුණිදෝ
හෙට ඇයි හිරු පායන්නේ?

© Rasika Suriyaarachchi, 2005


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හන්තාන කඳු වැටිය සිප එන - ෂෙල්ටන් පීරිස්

ඇසේ බොඳවන පැරණි සිතුවම්
මෙසේ කොළවල අඳින්නම්
සිතේ මතුවන මතක සටහන්
මෙසේ කවිකොට ලියන්නම්

තුටින් පාසැල් දිවිය සමුගෙන
තක්සලාවක් සොයා ආයෙම්
මනස සැනසුන නිසල බිම සිට
ශිල්ප සෙව්වෙමි පිපාසාවෙන්

තරුණ කල කෙළිදෙලෙන් සිප් කළ
සොඳුරු යුගයක් දකින රිසියෙන්
එදා සුපුරුදු ගිය මග ම අද
සිතින් හිමිහිට ඇවිද යන්නම්

හන්තාන කඳු වැටිය සිප එන
සිහිල් සුළඟක පහස විඳිමින්
කලාගාරය අසල පඩි පෙළ
වාරුගෙන හිමිහිට බසින්නම්

මහවැලිය පෙර සේම තවමත්
තුටින් හිනැහී ගලා යන බව
සදා නොමියන මතක අතුරින්
මෙසේ සටහන් කොට තබන්නම්

© Shelton Pieris, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අකුරු පිරූ - කරුණාසේන කහටපිටිය

බත් කට

අකුරු පිරූ කිරි කොක්කු රෑන අපි
හඹා ආවෙ බත් සැළිය බලා
ගොම මැටි ගෑ බිම පුංචි පිඟන් හය
තාලෙට එලුවේ සිනා සලා
බෙදූ බතින් මා නංගි මල්ලි කැල
සනහා ආදර බස් දොඩලා
සැළියේ පතුලට එබී බැලූ මට
දංකුඩ පමණක් ඉතිරි වෙලා

බෙදූ පළමු පත කෙසෙල් දළුවෙ ලා
මැද ගෙයි මේසේ රැකවල්ලා
කම්හල් දොර වෙත දුවන්න කලියෙන්
අම්මා කළ දෙය මතක් වෙලා
දරාගන්න බෑ බඩගිනි ඇවිලෙයි
මැද ගේ මේසෙට පිය නගලා
කෑවේ ගැහි ගැහි එකම කටයි මා
අත්පා සියොළඟ හද සැලිලා

හිරුත් එන්න පෙර වැල්ලට පැදලා
ගම් බිම් පීරා මොර ගාලා
ගෙට පා නැගුවේ බත්පත වෙත නෙත
ලෝලෙන් දැහැනේ සම වැදිලා
දිග හැර බැලුවා මා දෙස බැලුණා
දංකුඩ සැළියෙත් පත්ල බලා
ඇයි බුදු තාත්තෙ නුඹෙ මුළු බත් පත
කන්නට කීවේ සුසුම් හෙළා

© Karunasena Kahatapitiya, 2020


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, October 19, 2020

පිය සෙවණ අහිමි පොළොවේ - සේන ගුණසේකර

පිය සෙවණ අහිමි පොළොවේ
මවු සෙනේ ළඟයි වැඩුණේ
වන මලක් වගේ සුවඳයි
නුඹ මගේ පුංචි නැගනී

සෙයිලමේ සිරව ඉන්නේ
කම්හලේ රෙදි මහන්නයි
අපි දිවි හිමියෙන් මහපූ
නුඹෙ ලෝකෙ ඉරා නොගනින්
මට දරා ගන්න බැරි වෙයි
මගෙ සුරතල් පොඩි හාවී

යක් දෙබරු වටේ කැරකෙයි
මල් සුවඳ නුඹේ උදුරයි
සුරැකිලා ඉන්න බැරිනම්
යළි ගමට වරෙන් ඉගිලී
මගෙ දෑත දෙපා වාරුයි
නුඹ බරක් නෙවෙයි පැංචී

© Sena Gunasekara, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

පහන් සිළ ඔබ ළඳේ - රසික සූරියආරච්චි

පහන් සිළ ඔබ ළඳේ

දුරාතීතේ සිහින සමයක
විදා හරිමින් සඳක සිසිලස
හදේ කෙළවර සෙමෙන් දැල්වුණු පහන් සිළ ඔබ ළඳේ
අඳුරු මා ලොව එළිය කරවූ පහන් සිළ ඔබ ළඳේ

මියුරු ගී පදයක තාලයට
සෙමෙන් නැළැවී මුදා සනහස
මගේ දෙනයන වශී කර වූ පහන් සිළ ඔබ ළඳේ
නිමේෂයකට හෝ ලොවේ ඇති
සොඳුරු බව මා නෙතට පෙන්වූ පහන් සිළ ඔබ ළඳේ
සදාකල්හිම ඔබ මගේ යැයි
පැතුම් ගොන්නක් ජනිත කර වූ පහන් සිළ ඔබ ළඳේ

මගේ කළ පින් මදි වුණා දෝ
යළිත් අඳුරේ දිවිය ගිල්වා
මා සදා කල් තනි කළා වූ පහන් සිළ ඔබ ළඳේ
සැපේ අවසන දුක නියත බව
ලෝ දහම් අට මට කියා දුන් පහන් සිළ ඔබ ළඳේ

© Rasika Suriyaarachchi, 2005
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, October 18, 2020

වලාකුළක් හෙමින් හෙමින් - පාලිත ගනේවත්ත

සඳ සොඳුර

වලාකුළක් හෙමින් හෙමින් සඳ මඬලට ළංවන්නේ
ඔබත් මමත් පෙමින් බැඳුණු අතීතයයි සිහිවන්නේ

සඳ මඬලයි වලාකුලයි හාදු දිදී නැලවෙන්නේ
ඔබත් මමත් අපේ ලොවේ තනිවුණු හැටි සිහිවන්නේ

වැට අයිනේ පිච්ච වැලයි සඳ එළියෙන් දිලිසෙන්නේ
මුවග ඔබේ නිබඳ රැඳුණු මඳ සිනහව සිහිවන්නේ

අඳුරු වලාවක් පායා සඳ මඬලම සඟවන්නේ
විරසක වූ දිනක ඔබේ මුහුණයි මට සිහිවන්නේ

මිදුල පුරා සුදු වැල්ලයි සඳ එළියෙන් නැහැවෙන්නේ
සඳ කැන් පරදන ඔබගේ මුව හසරැලි සිහිවන්නේ

© Palitha Ganewatta, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

බෝමළුවේ උඩ - පාලිත ගනේවත්ත

පොඩි සාදු

බෝමළුවේ උඩ අහසේ හඳ මුදුන් වෙලා
සුදු ඇඳගත් පොඩි දරුවන් දුව පැන නැටුවා
පොඩි සාදුට දුක හිතිලා බලා ඉන්නවා
සිල් සුවඳත් අරගෙන හිත කොහෙද ගිහිල්ලා

මැදියම් රෑ නින්ද නැතිව සුසුම් හෙළන්නේ
ගෙදර තනිව ඉන්නා අම්මා සිහිවන්නේ
අඳනකඩය තෙමෙනකම්ම දෑස පිසින්නේ
පුංචි සිතේ වේදනාව කඳුළක් වෙන්නේ

සමනල සිතිවිලි පිරිච්ච හිස මුඩු කරලා
කසාවතින් ළපටි බොළඳ හද සඟවාලා
සිඟිති කටින් පිරිත් දහම් වනපොත් කරලා
පොඩි සාදුගේ පොඩි ඇස් දෙක කඳුළින් තෙමිලා

© Palitha Ganewatta, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, October 17, 2020

තරු නෙලා ගෙනල්ලා - සේන ගුණසේකර

පෙම් කවිය!

තරු නෙලා ගෙනල්ලා
සඳ දියෙන් දොවන්නම්
මාලාවක් ගෙලේ දමන්නම්
දේදුන්න ගෙනෙන්නම්
ඔබ හිස පළඳන්නම්
සිහින ලොවේ රැජින කරන්නම්
කිසිදා ඔබ අවදි නොවේ නම්

හිස් ආකාසෙ පුරා
පෙම් කවිය ලියන්නම්
වලාකුළෙන් එය සරසන්නම්
වැහි බිංඳු ගෙනල්ලා
එකිනෙක අමුණන්නම්
මාළිගාව එයින් තනන්නම්
ඔබ පොළොවේ පා නොතබයි නම්

කප්රුක ගෙනැ⁣විල්ලා
ගෙයි මිදුලේ තබන්නම්
ඔබේ පැතුම් එහි එල්ලන්නම්
මීදුම් සේල ගෙනල්ලා
මල් පාට ද තවරාලා
පෝරුව මත දී අන්දන්නම්
ඔබේ තෙවැනි ඇස නොපෙනේනම්

© Sena Gunasekara, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, October 11, 2020

උඩට උඩුවියන් - ඥානතිලක හේවාගමගේ

උඩට උඩුවියන් කුමටද අහස තියෙනවා
පයට පාවාඩ කුමටද පොළොව තියෙනවා
සලන චාමරත් කුමටද සුළඟ තියෙනවා
හිත ඇත්නම් පත කුඩාද කියල තියෙනවා

ශිල්ප සදන තක්ෂිලාව දුරින් පෙනෙනවා
රන් මිරිවැඩි නැති වුණාට ගමන තියෙනවා
සිදාදියේ චංචල බව සිත පටලනවා
ඒත් පුතුනි දිරි ලැබෙන්න පැතුම් පතනවා

සුර ලෝකේ රැස්මාලා වට විහිදෙනවා
මුතු කුඩ නැති වුණාට පුත සුරත තියෙනවා
නංගි මල්ලි නුඹ යනු දැක කඳුළු පිසිනවා (සලනවා)
මමත් පුතුනි ඉණි වැට ළඟ බලා ඉන්නවා

© Gnanatilaka Hewa-Gamage, 2015
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, October 9, 2020

ඔබට අහිමි ලොව - ෂෙල්ටන් පීරිස්

ගේයපද: ෂෙල්ටන් පීරිස්
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: ක්‍රිස්ටෝෆර් වීරතුංග
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

ඔබට අහිමි ලොව මා රජ කරවා
මා වියතෙක් වී නැවතත් එන තුරු
බලා නොසිට ඔබ නො එනා ගමනක
අපි හැම තනි කරලා කොහේද ගියේ අම්මේ
අපි හැම තනි කරලා කොහේද ගියේ අම්මේ

වැදු මව් හැදු මව් කිරි මව් ඔබ වී
මට බුදු විවරණ දී
ඔබ දැල්වූ ඒ පහනේ සිළුවෙන්
බබළයි සුවඳ පිරී
එපා යන්න මා හැර කිසිදා

ඔබට අහිමි ලොව මා රජ කරවා
මා වියතෙක් වී නැවතත් එන තුරු
බලා නොසිට ඔබ නො එනා ගමනක
අපි හැම තනි කරලා කොහේද ගියේ අම්මේ
අපි හැම තනි කරලා
නුඹ කොහේද ගියේ අම්මේ


මෙම පදමාලාව සහිත ගීතය දෙවන වරට මෙලෙස ගායනා විය.

ගායනය: ගාමිණී වීරක්කොඩි

ඔබට අහිමි ලොව මා රජ කරවා
මා වියතෙකු වී නැවතත් එනතුරු
බලා නොසිට ඔබ නොයනා ගමනක
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා

දෛවය පරදා ජය මඟ හෙළි කළ
මා හැදු මගෙ අම්මා
මෙතේ බුදුන් දැක නිවන් දකින තුරු
ඔබ මගෙ මව් වේවා
එපා යන්න මා හැර කිසිදා

ඔබට අහිමි ලොව මා රජ කරවා
මා වියතෙකු වී නැවතත් එනතුරු
බලා නොසිට ඔබ නො එනා ගමනක
කොහෙද ගියේ අම්මේ අප හැම තනි කරලා
කොහෙද ගියේ අම්මේ අප හැම තනි කරලා

වැදු මව් හැදු මව් කිරි මව් ඔබ වී
මට බුදු විවරණ දී
ඔබ දැල්වූ ඒ පහනේ එළියෙන්
බබළයි සුවඳ දිදී
අම්මේ ඔබ ගුණ ගයමි නිතී

ඔබට අහිමි ලොව මා රජ කරවා
මා වියතෙකු වී නැවතත් එනතුරු
බලා නොසිට ඔබ නො එනා ගමනක
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා




පසුව, නව සංගීත සංයෝජනයෙන් යුතුව මෙලෙස ද ගායනා විය.

නව සංගීත සංයෝජනය: ඉන්දු ප්‍රේමතිලක / මහින්ද බන්ඩාර
ගායනය: හේමාල් ජයවික්‍රම

ඔබට අහිමි ලොව මා රජ කරවා
මා වියතෙක් වී නැවතත් එනතුරු
බලා නොසිට ඔබ නොයනා ගමනක
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා

දෛවය පරදා ජය මඟ හෙළි කළ
මා හැදු මගෙ අම්මා
මෙතේ බුදුන් දැක නිවන් දකින තුරු
ඔබ මගෙ මව් වේවා
එපා යන්න මා හැර කිසිදා

වැදු මව් හැදු මව් කිරි මව් ඔබ වී
මට බුදු විවරණ දී
ඔබ දැල්වූ ඒ පහනේ එළියෙන්
බබළයි සුවඳ දිදී
අම්මේ ඔබ ගුණ ගයමි නිතී

ඔබට අහිමි ලොව මා රජ කරවා
මා වියතෙක් වී නැවතත් එනතුරු
බලා නොසිට ඔබ නො එනා ගමනක
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා



© Shelton Pieris, 2020


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

උදෑසනක පිපි - රසික සූරියආරච්චි

ගේයපද රචනය: රසික සූරියආරච්චි
තනුව: හේමාල් ජයවික්‍රම
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක/මහින්ද බන්ඩාර
ගායනය: ලතා වල්පොල සහ හේමාල් ජයවික්‍රම



හේමාල්:    ආ ආ ආ ආ
උදෑසනක පිපි කුසුමක් සේ සුවඳ දසත පතුරා
සදාතනික ආදරයක් ගැන සොඳුරු පැතුම පතලා
ලතා: ආ ආ ආ
වලා රොදක සිත පා කරලා මියුරු සිහින මවලා
කුමාරයෙක් ඇවිදින් මගේ සිතට පවන් සලලා

හේමාල්: ගිරි හිස මුදුණින් හිරු බැස යන අරුම ලෝකයේ
සඳ කිරණක වුව පෙර සුව දුන් සිසිල නොම තියේ
ලතා: අමතක කර ඒ දුන් සිතුවිලි මොහොතකට රැයේ
සුළඟේ දැවටෙන ඔබෙ සුවඳට තුරුළු වෙමි ප්‍රියේ
ආ ආ ආ ආ

ලතා: නෙතු සඟළින් ඔබ කියු ගීයේ තනුව වැටහුණා
ඔබ නොම දැක එක මොහොතක් හෝ ඉන්න බැරි වුණා
හේමාල්: හිරු සඳු නැති ලොව තරුවකි ඔබ එළිය ගෙනදෙනා
අද සිට මගෙ මුළු දිවියම ඔබ වෙතට කැප වෙනා

ලතා: උදෑසනක පිපි කුසුමක් සේ සුවඳ දසත පතුරා
සදාතනික ආදරයක් ගැන සොඳුරු පැතුම පතලා
හේමාල්: ආ ආ ආ
වලා රොදක සිත පා කරලා මියුරු සිහින මවලා
කුමාරියක් ඇවිදින් මගේ සිතට පවන් සලලා


© Rasika Suriyaarachchi, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නන්නාඳුනනා කිරිල්ලී - ප්‍රසාදිකා වික්‍රමආරච්චි

ප්‍රසාදිකා වික්‍රමආරච්චි විසින් රචිත "සිත් කවුළුව" (2019) කාව්‍ය සංග්‍රහයේ අඩංගු නිර්මාණයකි.

නන්නාඳුනනා කිරිල්ලියක් වී
නන්නාඳුනනා කොදෙව්වේ
නාඳුනනා උණුසුමක සැතපිලා
නාඳුනනා සිහිනේ

නිල් නුබ ගැබ තුළ
දිදුලන තරු කැට
සඳ තුරුලේ රැඳුනත්
පිස යන මඳ නල
විකසිත මල්වල
සුවඳ සොයා ඇදුනත්

රන් හසරැලි කිරි
සිනහ ගඟුල නිති
හදවත පිරවූවත්
හිමි සඳ සෙනෙහස
අහිමි වුණේ ඇයි
සෙවණත මත රැඳුනත්


© Prasadika Wickramarachchi, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

කවුදෝ මාගේ - හේමාල් ජයවික්‍රම

කවුදෝ මාගේ තුන් දොර කලතා
පා හඬ නංවා ඉඟ සුඟ නළවා
සිහින විමානයෙ මැවු මූර්තිය සේ
ආවේ සැණෙකින් හදවත කළඹා

සිතුවෙමි කිමිදී යටිහිත පතුලේ
එහෙත් නොමැත එය හඳුනා ගත්තේ
මිනිස් රුවක් මිස දෙව්ලියකුත් නොව
දෙනෙතින් දැක නැති මනසින් දැක ඇති

විටෙක සිතුණි එය මායාවක් නොව
මගෙ ආසාව ම පණ ලැබ ආ බව
යළි සිතුණේ පෙම හටගත් අයුරින්
භවය පුරා බැඳි රුවය නොහඳිණූ

© Hemal Jayawickrama, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, October 2, 2020

ගී ලියමු - ගේය පද සංචිතය

"ගේය පද" හෙවත් ගීතයක් ලෙස තනුව සහ සංගීතය යොදා ගායනා කළ හැකි ආකාරයේ කාව්‍ය නිර්මාණ සංචිතයක් ගොඩනැගීමේ ව්‍යාපෘතියක් සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධ ලේඛක සංසදය විසින් අරඹා ඇති බව සතුටෙන් දැනුම් දෙමු.

මේ ව්‍යාපෘතියේ අරමුණු මෙසේ ය.
  • කාව්‍ය නිර්මාණයේ යෙදෙන්නන්ට තම නිර්මාණ ගේය පද ලෙස සකසා සංගීතඥයින්ට සහ ගායකයින්ට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීම
  • සංගීතඥයින්ට සහ ගායකයින්ට තම නිර්මාණ සඳහා අවශ්‍ය ගේය පද පිරික්සා බලා ලබා ගැනීමට හැකි අවකාශයක් නිර්මාණය කිරීම
  • පොදුවේ සිංහල ගේය පද සාහිත්‍යයේ ද, සිංහල ගීතයේ ද, ප්‍රගමනයට සම්මාදම් වීම
මේ යෝජිත සංචිතයට එකතු කිරීම සඳහා "ගේය පද" සඳහා සුදුසුවේ යැයි සිතෙන ඔබේ කාව්‍ය නිර්මාණ අප වෙත එවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

එසේ එවන නිර්මාණන්හි ගීතමය ශක්‍යතාව පිළිබඳව, ලේඛක සංසදයේ සම්පත්දායකයෙකු විසින් කරනු ලබන පුද්ගලික ඇගයීමක් සහ ඔබේ කාව්‍ය නිර්මාණය ගේය පදවැලක් ලෙස වැඩි දියුණු කිරීමට අවශ්‍ය පරිදි යෝජනා ලබා දිය හැක. මෙහි ප්‍රතිඵලය ලෙස, ඒ නිර්මාණය තුළින් ගීතයකට උචිතවන ආකාරයේ ගේය පද බිහිවෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඔබට මෙම ස්වේච්ඡා සේවාව ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ බව ද අපට දැනුම් දෙන්න.

ඉන්පසු, ඔබේ පූර්ණ අනුමැතිය යටතේ, ඒ ගේය පද ලේඛක සංසදය විසින් පවත්වාගෙන යනු ලබන මේ වෙබ් අඩවියේ පළ කෙරෙනු ඇත. ඒ හරහා, කාව්‍ය රසිකයින්ට සහ සහෘදයින්ට ඔබේ නිර්මාණ කියවා රස විඳීමටත්, ඒ ගැන ඔවුන්ගේ අදහස් දැක්වීමටත් හැකිවන අතර සංගීතඥයින්ට සහ ගායකයින්ට ඔවුන්ගේ ඉදිරි ගී නිර්මාණ සඳහා ඔබේ ගේය පද තෝරා ගැනීමට ඉඩ ලැබෙනු ඇත.

වෙබ් අඩවියේ පළ කිරීම සඳහා ඔබේ නිර්මාණ තෝරා ගැනීමේ දී පහත සඳහන් කරුණු අදාළ වේ.
  • ගේය පදමාලාවක ප්‍රමාණය පිළිබඳ සීමාවක් නැත.
  • නිර්මාණයේ අන්තර්ගතය පිළිබඳව ද කිසිදු සීමාවක් නැත, එසේ නමුත්, නිර්මාණය තුළින් කිසිදු පුද්ගලයෙකුට, ජනවර්ග කණ්ඩායමකට හෝ ආගමික ඇදහිල්ලකට අගෞරවයක් හෝ පහර ගැසීමක් හෝ සිදු නොවිය යුතු ය.
  • ඕනෑම නිර්මාණයක් වෙබ් අඩවියේ පළ කිරීම පිළිබඳ අවසාන තීරණය ලේඛක සංසදය සතුය
අපේ වෙබ් අඩවියේ පළ කිරීම සඳහා ඔබේ අනුමැතිය සහිතව ලේඛක සංසදය වෙත එවනු ලබන කාව්‍ය නිර්මාණවල බුද්ධිමය අයිතිය ඔබ සතු ය. එසේම, ඔබේ නිර්මාණවල අන්තර්ගතය පිළිබඳව වගකීම ද ඔබ සතුවෙනු ඇත.

ඔබේ නිර්මාණ යොමු කිරීම ඊ-මේල් ලිපිනය මෙසේ ය: GeeLiyamu@gmail.com

ස්තුතියි

සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය


මේ ව්‍යාපෘතිය පිළිබඳව වැඩි විස්තර ලබා ගැනීම සඳහා:

හේමාල් ජයවික්‍රම, ගේය පද සංචිතය ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක, ලේඛක සංසදය hjayawic@hotmail.com / 0410 954 571


මේ වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය සතුය.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ