----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Friday, October 9, 2020

උදෑසනක පිපි - රසික සූරියආරච්චි

ගේයපද රචනය: රසික සූරියආරච්චි
තනුව: හේමාල් ජයවික්‍රම
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක/මහින්ද බන්ඩාර
ගායනය: ලතා වල්පොල සහ හේමාල් ජයවික්‍රම



හේමාල්:    ආ ආ ආ ආ
උදෑසනක පිපි කුසුමක් සේ සුවඳ දසත පතුරා
සදාතනික ආදරයක් ගැන සොඳුරු පැතුම පතලා
ලතා: ආ ආ ආ
වලා රොදක සිත පා කරලා මියුරු සිහින මවලා
කුමාරයෙක් ඇවිදින් මගේ සිතට පවන් සලලා

හේමාල්: ගිරි හිස මුදුණින් හිරු බැස යන අරුම ලෝකයේ
සඳ කිරණක වුව පෙර සුව දුන් සිසිල නොම තියේ
ලතා: අමතක කර ඒ දුන් සිතුවිලි මොහොතකට රැයේ
සුළඟේ දැවටෙන ඔබෙ සුවඳට තුරුළු වෙමි ප්‍රියේ
ආ ආ ආ ආ

ලතා: නෙතු සඟළින් ඔබ කියු ගීයේ තනුව වැටහුණා
ඔබ නොම දැක එක මොහොතක් හෝ ඉන්න බැරි වුණා
හේමාල්: හිරු සඳු නැති ලොව තරුවකි ඔබ එළිය ගෙනදෙනා
අද සිට මගෙ මුළු දිවියම ඔබ වෙතට කැප වෙනා

ලතා: උදෑසනක පිපි කුසුමක් සේ සුවඳ දසත පතුරා
සදාතනික ආදරයක් ගැන සොඳුරු පැතුම පතලා
හේමාල්: ආ ආ ආ
වලා රොදක සිත පා කරලා මියුරු සිහින මවලා
කුමාරියක් ඇවිදින් මගේ සිතට පවන් සලලා


© Rasika Suriyaarachchi, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

3 comments:

  1. අදහසට කැමතියි.
    ලොජික් එකේ ප්‍රශ්නයක් තිබේ.
    නෙත් සඟලින් "කියූ" ගීයේ 'තනුව' වැටහුනා.

    නිහාල් රූපසිංහ

    ReplyDelete
    Replies
    1. @ නිහාල් රූපසිංහ

      එහි අදහස ඉතා සරලයි.

      කටින් ගීය පිටවුණා නම් කනට ඇසෙන නිසා තනුව මොකක්ද කියා වැටහෙනවා නේ.

      නෙතින් කියන ගීය ඇහෙන්නේ නෑ. ඉතිං එහි තනුව කුමක්ද කියා ඒ නෙත් දෙස බලා වටහා ගත යුතුයි.

      Delete

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ