----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Tuesday, October 20, 2020

අකුරු පිරූ - කරුණාසේන කහටපිටිය

බත් කට

අකුරු පිරූ කිරි කොක්කු රෑන අපි
හඹා ආවෙ බත් සැළිය බලා
ගොම මැටි ගෑ බිම පුංචි පිඟන් හය
තාලෙට එලුවේ සිනා සලා
බෙදූ බතින් මා නංගි මල්ලි කැල
සනහා ආදර බස් දොඩලා
සැළියේ පතුලට එබී බැලූ මට
දංකුඩ පමණක් ඉතිරි වෙලා

බෙදූ පළමු පත කෙසෙල් දළුවෙ ලා
මැද ගෙයි මේසේ රැකවල්ලා
කම්හල් දොර වෙත දුවන්න කලියෙන්
අම්මා කළ දෙය මතක් වෙලා
දරාගන්න බෑ බඩගිනි ඇවිලෙයි
මැද ගේ මේසෙට පිය නගලා
කෑවේ ගැහි ගැහි එකම කටයි මා
අත්පා සියොළඟ හද සැලිලා

හිරුත් එන්න පෙර වැල්ලට පැදලා
ගම් බිම් පීරා මොර ගාලා
ගෙට පා නැගුවේ බත්පත වෙත නෙත
ලෝලෙන් දැහැනේ සම වැදිලා
දිග හැර බැලුවා මා දෙස බැලුණා
දංකුඩ සැළියෙත් පත්ල බලා
ඇයි බුදු තාත්තෙ නුඹෙ මුළු බත් පත
කන්නට කීවේ සුසුම් හෙළා

© Karunasena Kahatapitiya, 2020


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

1 comment:

  1. නිර්ව්‍යාජ ආත්ම ප්‍රකාශණයක් ලෙස හොඳින් ලියවී ඇති මේ පද පෙළ ගායනයට ඉතාම පහසු බවක් දැනේ.
    -නිහාල් රූපසිංහ

    ReplyDelete

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ