අඩක් දිවියෙන් ගතවෙලා
හිතත් වයසට පත්වෙලා
හෙටක් එනතුරු සැපෙන් සපිරුණු
කොතෙක් ඉන්නද ඉවසලා
පතොක් කටු පිරි ජීවිතේ
මෙතෙක් ආ මග කෙළවරේ
කොතෙක් බිම්මල් පිපී තිබුණද
තෙතක් සිසිලක් එහි නැතේ
දවස් එක දෙක එකතු වී
තවත් වසරක් යයි ගෙවී
ලදොත් සතුටක් එක් දිනක හෝ
දහස් සැරයක් හිනැහෙමී
© Rasika Suriyaarachchi, 2002මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.