මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා
කුරුල්ලෙකු වගේ තටු සළලා
ඔසී රටේ සිඩ්නිපුරෙන්
සුන්දර සිරි ලංකාවට
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා
පැසිපික් මහ සාගරයේ තල්මසුන්ගෙ තතු කියන්න
නිල් වදුලේ කැන්ගරුවෝ දුවන පනින හැටි කියන්න
සිඩ්නි පුරේ, ඔපෙරා මැදුරේ
නෙක විසිතුරු කියා දෙන්න
උලුරු ගලේ, මරේ ගඟේ
කතන්දරේ කියා දෙන්න
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා
සමනල කඳු මුදුන උඩින් හිරු පායන හැටි බලන්න
අනුරපුරේ සිරි මහ බෝ, අටමස්ථානය වඳින්න
පොළොන්නරුවෙ, සීගිරියේ
නටඹුන් මැද ඇවිද යන්න
තිසාවැවේ, පැරකුම් සයුරේ
සීතල වතුරෙන් නාන්න
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා
ඉහත පදමාලාව දැන් ගීයක් ලෙස නිර්මාණය වී ඇත.
පදමාලාව: රසික සූරියආරච්චි
තනුව සහ සංගීතය: සුරේෂ් මාලියද්ද
ගායනය: පාරමී කුරුප්පු
("දෝණී" සංයුක්ත තැටියේ අඩංගුය)
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා
කුරුල්ලෙකු වගේ තටු සළලා
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා
කුරුල්ලෙකු වගේ තටු සළලා
ඔසී රටේ සිඩ්නිපුරෙන්
සුන්දර සිරි ලංකාවට
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා
පැසිපික් මහ සාගරයේ, තල්මසුන්ගෙ තතු කියන්න
නිල් වදුලේ කැන්ගරුවෝ දුවන පනින හැටි කියන්න
සිඩ්නි පුරේ, ඔපෙරා මැදුරේ
නෙක විසිතුරු කියා දෙන්න
උලුරු ගලේ, මරේ ගඟේ
කතන්දරේ කියා දෙන්න
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා
කුරුල්ලෙකු වගේ තටු සළලා
ඔසී රටේ සිඩ්නිපුරෙන්
සුන්දර සිරි ලංකාවට
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා
සමනල කඳු මුදුන උඩින් හිරු පායන හැටි බලන්න
අනුරපුරේ සිරි මහ බෝ, අටමස්ථානය වඳින්න
පොළොන්නරුවෙ, සීගිරියේ
නටඹුන් මැද ඇවිද යන්න
තිසාවැවේ, පැරකුම් සයුරේ
කිමිද කිමිද දියඹුං ගසන්න
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා
කුරුල්ලෙකු වගේ තටු සළලා
ඔසී රටේ සිඩ්නිපුරෙන්
සුන්දර සිරි ලංකාවට
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා
ගීය අසන්න:
© Rasika Suriyaarachchi, 2020මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
monawada aise me liyanne.
ReplyDeleteමේ පදවැල සිඩ්නි පුරවරයෙන් ලියවුණු උසස් ළමා ගීයකට හිමිකම් කියනු ඇත.
ReplyDelete