----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Saturday, September 4, 2021

වපුරා මිතුදම් - සුභාෂිණි ජයතිලක

වපුරා මිතුදම් සිත් තුටින් පිරුණාවේ
හසකැන් සලා
මුව මඩල විකසිත වුණාවේ

කරුණා දයාව ස්නේහෙ පතුරා
නිවාලමු හද ක්‍රෝධ ගිනි දැල්
නවමු ලොවකට එළිය සදන්නට
එක්ව පතුරමු යහ සිතුම්

නිවනා සිතුම් හදපුරා අතුරා
පුබුදු කරනට පැතුම් සහසක්
පායනා හිරු රැසින් දිලෙන්නට
පෙරට යමු අපි එක සිතින්

© Subhashini Jayathilaka, 2021
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, September 3, 2021

උදා වූ සඳ මඬල අහසේ - සුභාෂිණි ජයතිලක

උදා වූ සඳ මඬල අහසේ
දුලා සිහිල් රැස් දහරේ
තාරුකා මල් ගොන්නේ
රෑ අහස හැඩ කරාවි

සඳ දිය කලතා පීදුන ආදරේ
සිසිල දෙයි නමින් ඔබේ
ලැගුම් අරන් හද අරණේ
නොදැනීම රහසේ

පීදුණු නෙක මල් වසන්තයේ
සුපිපී සුවඳ විහිදේ
මුසු වී නල රැල්ලේ
මල්යාය හැඩ කරාවි

වන මල් යායේ පීදුන ආදරේ
සුවඳ දී නමින් ඔබේ
ලැගුම් අරන් සිත් අරණේ
සැතපේවි සුවසේ

© Subhashini Jayathilaka, 2021
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ