----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Tuesday, April 6, 2021

හිරු බැස යයි, සඳු නැග එයි - කසීර පෙරේරා

හිරු බැස යයි, සඳු නැග එයි
තරු හිනැහෙයි, මද අඳුරේ
ඔබ සිහිවෙයි, සිත හිනැහෙයි
හද සැනසෙයි, සියුමැලියේ
දුරකතනේ මගෙ පිහිටට
අත ළඟ ඇත, මියුලැසියේ
මගෙ නිදිමත කර අමතක
ඔබ අමතමි පෙම්බරියේ

මේ දුරු රට තනිකම මැද
දුක් විඳගෙන ඉන්නෙමී
අප දෙදෙනගෙ හෙට දවසට
මසුරන් පොදි සොයනෙමී
හෙට උදයෙම වැඩබිම වෙත
මට යන්නට තියෙන්නේ
නිදි යහනේ ඔබ සිහිනෙන්
දැක ගන්නට ලැබෙන්නේ
ඔබ සිහිනෙන් පෙනෙන්නෙ
මට ඔබ සිහිනෙන් පෙනෙන්නේ

බැලු බැලු සැම අත ඔබෙ රුව
මට මැවිලා පෙනෙන්නේ
මගෙ රන් කඳ ඔබ ගැනමයි
මා නිරතුරු සිතන්නේ
මතු දවසක, මගෙ තුරුලට
ඔබ එන බව දන්නෙමී
එතුවක් මම මේ විලසට
දුරකතනෙන් අමතමි
මම දුරකතනෙන් අමතමී

© Kaseera Perera, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

රෝස කැකුළු - අනුරුද්ධ වැලිගමගේ