----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Friday, April 9, 2021

ඉස්කෝලෙ ප්‍රසංගේ - ලක්ෂ්මන් කොඩිතුවක්කු

රචනය: ලක්ෂ්මන් කොඩිතුවක්කු
සංගීතය: සංගීත් වික්‍රමසිංහ
ගායනය: තිසල් පාදුක්කවිදාන ("මගේ උරුමය" සංයුක්ත තැටියෙනි)
ප්‍රසංගය: බක්මහ රංගන (2010)

ඉස්කෝලෙ ප්‍රසංගේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාරගේ ගෙල සිඳින්න බෑ

බනිස් ගෙඩිය බෙදන් කාපු
පයිප්පයෙන් වතුර බීපු
එළාර ලෙස රඟ පානා එළාර ලෙස රඟ පානා
මගෙ මිතුරා දයාලන්ගෙ ගෙල සිඳින්න බෑ
ඉස්කෝලෙ ප්‍රසංගේ

තැන් තැන්වල ලොකු බෝම්බ පුපුර ගත්තෙ නෑ
බංකර් යට හැංගි හැංගි සටන් කළෙත් නෑ
සැප විඳ විඳ පොඩි එවුන්ව බිලිදුන්නේ නෑ
ලොවට කියා උපන් රටක් පාව දුන්නේ නෑ

මුහුණට මුහුණම දීලා
පපුවට පපුවම දීලා
එළාර ලෙස රඟපානා, එළාර ලෙස රඟපානා
අනේ සර් දයාලන්ට හතුරු වෙන්න බෑ
ඉස්කෝලෙ ප්‍රසංගේ

ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාරගේ ගෙල සිඳින්න බෑ

රණ්ඩු කරන් තරහ වෙලා එක පේළියෙ හිටියා
හොරෙන් බලා දුක්වීලා හිතින් කඳුළු සැලුවා
වෛරය විෂ බැන්දෙත් නෑ
පළිගන්නට හිතුවෙත් නෑ
කිසි කෙනෙකුට කිව්වෙත් නැහ
ැ ලොකු සර්ල දන්නෙත් නැහැ
මේ නාටකෙ රඟපානා හොඳ මිතුරෝ අපි දෙන්නා
අපි ගහේ වැලේ ගඟේ දොළේ සෙල්ලම් කෙරුවා
ඉස්කෝලෙ ප්‍රසංගේ

ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණුයි යාලු කරමුකෝ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණුයි යාලු කරමුකෝ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණුයි යාලු කරමුකෝ

© Lakshman Kodithuwakku, 2009



මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

1 comment:

  1. වෙනස් නිර්මාණයක් . ආසාවෙන් රසවින්දා.

    ReplyDelete

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ