----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Wednesday, April 28, 2021

මගෙ මව් රට - මෛත්‍රී පනාගොඩ

රචනය: මෛත්‍රී පනාගොඩ
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: අයෝමී බොස්කො සහ අරුණ කන්නන්ගර
ප්‍රසංගය: බක්මහ රංගන (2013)

අරුණ:    සමනොළ ගිර පිස හමනා
සුළඟේ පණ නල වැඩෙනා
ඉර සේවය කරනා
මගෙ මව් රට ශ්‍රී ලංකා
දෙදෙනා:    මගෙ මව් රට ශ්‍රී ලංකා

අයෝමී:    සමනොළ ගිර පිස හමනා
සුළඟේ පණ නල වැඩෙනා
ඉර සේවය කරනා
මගෙ මව් රට ශ්‍රී ලංකා
දෙදෙනා:    මගෙ මව් රට ශ්‍රී ලංකා

අරුණ:    රණ විරුවකු දිරි ගමනේ
ගොවි කම්කරු අප රකිනේ
අයෝමී:    රණ විරුවකු දිරි ගමනේ
ගොවි කම්කරු අප රකිනේ
අරුණ:    මහවැලියේ රැලි, සිංහරාජ වන
අපගේ උරුමය දිලෙනා
දෙදෙනා:    අභිමානය ඔබ වේ ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා

අයෝමී:    එරබදු මල් හිනැහෙනවා
කොවුලන් ගී හැඬවෙනවා
අරුණ:    එරබදු මල් හිනැහෙනවා
කොවුලන් ගී හැඬවෙනවා
අයෝමී:    රන්වන් ගොයමේ, දුන්හිඳ ඇල්ලේ
බක්මහ රංගන රඟනා
දෙදෙනා:    අභිමානය ඔබ වේ ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා

© Maithri Panagoda, 2013


ගීතය රස විඳිමු.



මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, April 27, 2021

නංගිලා මල්ලිලා - මෛත්‍රී පනාගොඩ

රචනය: මෛත්‍රී පනාගොඩ
තනුව: ෂෙල්ටන් ප්‍රේමරත්න
සංගීතය: අග්‍රා ප්‍රේමරත්න
ගායනය: සිඩ්නි නුවර මුතුහර ළමා සමාජය
ප්‍රසංගය: බක්මහ රංගන (2014)

ගමේ ඉන්න නංගිලා මල්ලිලා
මට සිහිවෙනවා, මට සිහිවෙනවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා
මට සිහිවෙනවා, මට සිහිවෙනවා
උජාරුවට විසිතුරු ලොව මම සැරිසරනා
උජාරුවට විසිතුරු ලොව මම සැරිසරනා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා

දීයැල් ඔය ඉස්මත්තේ ඔබ කිමිදෙනවා
තටාකයක නිල් වතුරේ මම පීනනවා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා
මට සිහිවෙනවා, මට සිහිවෙනවා
උජාරුවට විසිතුරු ලොව මම සැරිසරනා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා

තුරු සෙවණක ඇලවී ඔබ ගිමන් නිමනවා
වායු සමීකරනය යට මම නිදියෙනවා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා
මට සිහිවෙනවා - මට සිහිවෙනවා
උජාරුවට විසිතුරු ලොව මම සැරිසරනා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා

එක හිරු යට එක සඳු යට අපි හිනැහෙනවා
හෙට දවසෙදි අපි කොයිබද කවුරු දන්නවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා
මට සිහිවෙනවා, මට සිහිවෙනවා
උජාරුවට විසිතුරු ලොව මම සැරිසරනා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා

© Maithri Panagoda, 2014


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

වලා පොදක් නැති අහස වගේ - නිහාල් රූපසිංහ

වලා පොදක් නැති අහස වගේ
පාළුයි ඔබ නැති ගේ, ආදරියේ
ගිය තැනකින් ඉක්මන් කර
එන්න තවම මා මිදුලේ

රහස් විහිළුවක් කරලා
බකස් ගාලා හිනා වෙන්න
තුරුළු වෙලා නිදාගන්න
ඉක්මන් කර ගෙදර එන්න

මං තනියෙන් යයි හිතලා
වලාකුළක් කවුළුව ළඟ
ඉක්මන් කර ගෙදර එන්න
තවමත් මා ගෙයි මිදුලේ

© Nihal Rupasingle, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, April 25, 2021

බැස එනවාද නගේ - හේමාල් ජයවික්‍රම

පිරිමි:   බැස එනවාද නගේ, පදිනට පාරු ගඟේ
ගැහැණු:   එමි අය්යේ මගේ

ගැහැණු:   ආකාශයේ නිවී යාය හිරූ
දෙයි නද රෑහින් කන් බීරි කෙරූ
කන් බීරු කෙරූ

පිරිමි:   සිසිලයි නේද නගේ, පිනි හා එන සුළඟේ
ගැහැණු:   ඔව් අය්යේ මගේ

ගැහැණු:   තනිවී ඔබ හා ඉන්නා විට නම්
එයි නුපුරුදු ලෙන්ගතුකමක හැඟුම්
ලෙන්ගතුකමක හැඟුම්

පිරිමි:   ජීවිතෙ ගැටුම දරා යමුකො ඉතින්
ගල් පර මඩිනා දිය පාර ලෙසින්
දිය පාර ලෙසින්

© Hemal Jayawickrama, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

රෝස මලේ සුවඳ වගේ - එඩ්වින් පේමජයන්ත විතානගේ

ගේයපද: එඩ්වින් පේමජයන්ත විතානගේ
තනු නිර්මාණය සහ සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: සිසිල් ෆොන්සේකා

රෝස මලේ සුවඳ වගේ දුන්න දේ පුතේ
දුගඳ හැමේ හැම වේලේ කාපු දේ පුතේ
අම්ම කියූ හැම වදනෙම අරුතක් ඇත්තේ
රෝස මලක් වගෙ අම්මේ ඔබගෙ ආදරේ
ඔබගෙ ආදරේ

අම්මා දුන් උපදේසේ අනුව හදවතේ
සනාතනික අත්දකීම් නිම් නැති එමට මට ඇතේ
අම්ම කියූ හැම වදනෙම අරුතක් ඇත්තේ
ඔබෙ ඔවදන් රකිනෙමි මම් සදා මගෙ හිතේ
සදා මගෙ හිතේ

අම්මේ ඔබෙ ආදරයට කිසි නිමක් නැතේ
ගෙදර බුදුන් අම්මාමයි සදා හදවතේ
අම්ම කියූ හැම වදනෙම අරුතක් ඇත්තේ
අමමේ ඔබ කියු ඔවදන් සදා හදවතේ
සදා හදවතේ

රෝස මලේ සුවඳ වගේ දුන්න දේ පුතේ
දුගඳ හැමේ හැම වේලේ කාපු දේ පුතේ
අම්ම කියූ හැම වදනෙම අරුතක් ඇත්තේ
රෝස මලක් වගෙ අම්මේ ඔබගෙ ආදරේ
ඔබගෙ ආදරේ
ඔබගෙ ආදරේ

© Edwin P Vithanage, 2021


ගීතය අසන්න:

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, April 9, 2021

ඉස්කෝලෙ ප්‍රසංගේ - ලක්ෂ්මන් කොඩිතුවක්කු

රචනය: ලක්ෂ්මන් කොඩිතුවක්කු
සංගීතය: සංගීත් වික්‍රමසිංහ
ගායනය: තිසල් පාදුක්කවිදාන ("මගේ උරුමය" සංයුක්ත තැටියෙනි)
ප්‍රසංගය: බක්මහ රංගන (2010)

ඉස්කෝලෙ ප්‍රසංගේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාරගේ ගෙල සිඳින්න බෑ

බනිස් ගෙඩිය බෙදන් කාපු
පයිප්පයෙන් වතුර බීපු
එළාර ලෙස රඟ පානා එළාර ලෙස රඟ පානා
මගෙ මිතුරා දයාලන්ගෙ ගෙල සිඳින්න බෑ
ඉස්කෝලෙ ප්‍රසංගේ

තැන් තැන්වල ලොකු බෝම්බ පුපුර ගත්තෙ නෑ
බංකර් යට හැංගි හැංගි සටන් කළෙත් නෑ
සැප විඳ විඳ පොඩි එවුන්ව බිලිදුන්නේ නෑ
ලොවට කියා උපන් රටක් පාව දුන්නේ නෑ

මුහුණට මුහුණම දීලා
පපුවට පපුවම දීලා
එළාර ලෙස රඟපානා, එළාර ලෙස රඟපානා
අනේ සර් දයාලන්ට හතුරු වෙන්න බෑ
ඉස්කෝලෙ ප්‍රසංගේ

ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාරගේ ගෙල සිඳින්න බෑ

රණ්ඩු කරන් තරහ වෙලා එක පේළියෙ හිටියා
හොරෙන් බලා දුක්වීලා හිතින් කඳුළු සැලුවා
වෛරය විෂ බැන්දෙත් නෑ
පළිගන්නට හිතුවෙත් නෑ
කිසි කෙනෙකුට කිව්වෙත් නැහ
ැ ලොකු සර්ල දන්නෙත් නැහැ
මේ නාටකෙ රඟපානා හොඳ මිතුරෝ අපි දෙන්නා
අපි ගහේ වැලේ ගඟේ දොළේ සෙල්ලම් කෙරුවා
ඉස්කෝලෙ ප්‍රසංගේ

ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණුයි යාලු කරමුකෝ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණුයි යාලු කරමුකෝ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණුයි යාලු කරමුකෝ

© Lakshman Kodithuwakku, 2009



මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, April 8, 2021

සරාගී පෙම් රැජිණියේ - චන්ද්‍රා ආරච්චිගේ

සරාගී පෙම් රැජිණියේ
ඇයි ද මා හැර දා ගියේ
විරහ ගින්නේ දැවෙන්නෙමි මා
කොහෙද ඔබ කොහෙදෝ ප්‍රියේ

පිපෙන හැම මල් පරවෙතේ
නොනැසෙනා කිසිවක් නැතේ
කෙම්බිමක් දුර ඈත පෙනුණත්
මිරිඟුවකි නෙත් රැවටෙතේ

පිපාසෙට දිය පොද නැතේ
සැනසුමක් කොතැනක වෙතේ
මගේ තනියට ළඟින් ඉන්නා
මීවිතයි මගෙ ජීවිතේ

© Chandra Arachchige, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, April 7, 2021

පුප්ඵං මිලායාතී - රසිකා ඉඹුල්ගොඩ

පුප්ඵං මිලායාතී
කියා දෙන්නම් දුවේ
ලොවේ අනියත බව දැකලා
හැම දුකක් මැද්දේ සැනසී
සිනාසෙනු මැන දුවේ
දුක සැප ද එකසේ ඉවසා
සිනාසෙනු මැන දුවේ

ඝණසාරප්ප දිත්තේන
කියා දෙන්නම් දුවේ
ඥාන ප්‍රදීප දල්වාලා
මෝහාන්ධකාරේ සිතේ
දුරැලන්න මගෙ දුවේ
මෝහාන්ධකාරේ ලොවේ
දුරැලන්න මගෙ දුවේ

නහි වේරේන වේරානි
කියා දෙන්නම් දුවේ
අනුන්ගෙන් වරදක් වූවත්
සමාව දී අමතක කරලා
දිවි ගෙවනු මැන දුවේ
කිසිවෙකුට වෛරය නොබෙදා
දිවි ගෙවනු මැන දුවේ

© Rasika Imbulgoda, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අතථ්‍ය ඒක පාර්ශවීය ප්‍රේමයක් - චන්ද්‍රා ආරච්චිගේ

දනිමි මා හට ඔබ අහිමි බව
ඔබේ සෙනෙහස උරුම නැති බව
නමුදු ඔබ වෙත මගේ හදවත
ඇදෙනවා තාමත්
ඔබෙන් මද සිසිලක් ලැබේයැයි
සිතෙනවා තාමත්, සිත කියනවා තාමත්

ඔබේ අත මට අහිමි වූවත්
සදා නොවෙනස් මගේ සෙනෙහේ
ඔබටමයි පෙම්බරියේ
මගේ සිත තුළ ගැයෙන පෙම් ගී
ඔබටමයි මියුලැසියේ

එදා ඔබ මා දුරස් වූවත්
සදා මා හද රැඳී සිටිනා
ඔබේ රුව සුන්දරියේ
මගේ දිවියට නව පණක් දී
රැක ගනී සියුමැලියේ

© Chandra Arachchige, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, April 6, 2021

හිරු බැස යයි, සඳු නැග එයි - කසීර පෙරේරා

හිරු බැස යයි, සඳු නැග එයි
තරු හිනැහෙයි, මද අඳුරේ
ඔබ සිහිවෙයි, සිත හිනැහෙයි
හද සැනසෙයි, සියුමැලියේ
දුරකතනේ මගෙ පිහිටට
අත ළඟ ඇත, මියුලැසියේ
මගෙ නිදිමත කර අමතක
ඔබ අමතමි පෙම්බරියේ

මේ දුරු රට තනිකම මැද
දුක් විඳගෙන ඉන්නෙමී
අප දෙදෙනගෙ හෙට දවසට
මසුරන් පොදි සොයනෙමී
හෙට උදයෙම වැඩබිම වෙත
මට යන්නට තියෙන්නේ
නිදි යහනේ ඔබ සිහිනෙන්
දැක ගන්නට ලැබෙන්නේ
ඔබ සිහිනෙන් පෙනෙන්නෙ
මට ඔබ සිහිනෙන් පෙනෙන්නේ

බැලු බැලු සැම අත ඔබෙ රුව
මට මැවිලා පෙනෙන්නේ
මගෙ රන් කඳ ඔබ ගැනමයි
මා නිරතුරු සිතන්නේ
මතු දවසක, මගෙ තුරුලට
ඔබ එන බව දන්නෙමී
එතුවක් මම මේ විලසට
දුරකතනෙන් අමතමි
මම දුරකතනෙන් අමතමී

© Kaseera Perera, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ