----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Monday, March 25, 2024

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ

අතීත වැහිබර දවසක
අප හමුවුණු හැන්දෑවක
මතකද අවසාන වරට අප සිප ගත්තා?
අවසන් වර බව නොම දැන අප සිප ගත්තා

ආකාසේ පියඹා ගිය
දිගුහොට ඇති කෑදැත්තෙක්
අමුතු හඬින් ඒ මොහොතේ විලාප නැගුවා
විරහ වේදනාවෙන් මෙන් විලාප නැගුවා
ඒ හඬ හැමදාටම මට මතක තියේවී

අද ඔබ මා ඇස ගැටුණත්
අප ආගන්තුකයින් වාගේ
ඒ වුණාට හද පතුලේ දුකක් තියනවා
ඔබ මා පමණක් දන්නා දුකක් තියෙනවා
ඒ දුක හැමදාටම මා ළඟම හිඳීවී

© Rasika Imbulgoda, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

පෙර දවසක් දා - රසිකා ඉඹුල්ගොඩ

පෙර දවසක් දා
සිත ඉකිබින්දා
ඒ ඔබ මා හැර ගිය හින්දා
මා දුක් වින්දා
නිහඬව සැමදා
මා ඔබට ආදරේ හින්දා

නෑ කිසිම ලෙසේ
අහිතක් මසිතේ
දුක පිරී ඇති වුණත් මහදේ
පෙර ලෙසම අදත්
අද ලෙසම හෙටත්
මා ඔබට ආදරෙයි සුහදේ

ඔබ සිතන ලෙසින්
පතනා විලසින්
සැමදේම ඉටු වෙන්න පතමී
දුර ඈත ඉඳන්
සුපුරුදු අයුරින්
නිහඬවම ආදරේ පුදමී

© Rasika Imbulgoda, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, March 24, 2024

එපා මට ඔබ එපා - රසිකා ඉඹුල්ගොඩ

එපා මට ඔබ එපා, ඔබේ සෙනෙහස එපා
ඉඳීමට සිදුවුණත් සැමදා පුරුදු තනිකමේ
මා මෙසේ ඉන්නම් පෙර සේ මගේ පාඩුවේ
එපා මට ඔබ එපා, ඔබේ සෙනෙහස එපා

හිමි එලොව ගිය දිනේ
නොකළෙමිය සති පූජා
සැමදාම ඉඳින්නම් තනි වී මියැදෙන තුරා

රිසි විලස දිවි ගෙවා
මියැදීම මට හොඳා
බිරිඳ වී ඔබේ සුරසැප විඳීමට වඩා

© Rasika Imbulgoda, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

රොබරෝසියා ගස් - අසිත උදයංග

රොබරෝසියා ගස් තාලයට මෙන් බිමට එවලා මල් වැහී
පයට පෑගී සුමුදු මල් පෙති ගියා සුළගේ වැනි වැනී
සුමුදු අත් පෙති පටලවාගෙන එදා පියමන් කළ හැටී
මලේ මල්පෙති හමන සුළගට වෙනස් වීලා නැති හැටී

විසල් ගස මත පිපුණු මලකට බඔරු නැහැ පෙම් කරන්නනේ
පුංචි පඳුරක පිපුණු මලකට ආදරේ ඇයි දැයි නොදන්නේ
දරන්නට බැරි පෙමක් ගුලි කොට සුළග මත පා කරන්නේ
නැවත පෙමකට ඇතුල් නොවෙනට හදේ දොර පළු වසන්නේ

කවියෙකුගෙ හිත කියව ගන්නට කවියමයි වැට බඳින්නේ
කොතෙක් කවිකම් කරත් කිසිදින කවිය නැහැ සිත පෙලන්නේ
අහසෙ තරු කැට බිමට හිමි නැත අහසෙමයි එය රැඳෙන්නේ
අහිමි තරුවට හඬා පල නැත දුරට වී එය විඳින්නේ

© Asitha Udayanga, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

දිසාපාමොක් ඇදුරුතුමනී - අසිත උදයංග

දිසාපාමොක් ඇදුරුතුමනී අවසර ද සමුදෙන්න
තවත් කිසි දෙයක් නැත මට කියා නැති වෙන්න
පියෙකු නැති මගේ ලොව ඔබ පියා මට වෙන්න
තිබුණ හීනය නැති කරේ කිම ද මට පවසන්න

කහට ඇති ගවුම අද පොඩි වෙලා ඉරිලා
කහට මැද රතු ලෙයින් ආත්මය මරලා
මගේ ලොව හිටි දෙවියා තිරිසනෙක් වීලා
ගුරු පඬුරු ⁣හිලව්වට නොමර මා මරලා

වේල්ලට උඩින් ලිහිණියො කැරකෙනවා
යන්නට ගෙදර පා පොඩි මගෙ වලකනවා
නොකියම යන්න අම්මේ මට සිදුවෙනවා
වැව් දිය තුරුලේ අම්මේ මම සැතපෙනවා

© Asitha Udayanga, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අවාසනාව ද වාසනාව ද - අසිත උදයංග

අවාසනාව ද වාසනාව ද
අතර මැදි වූ කාරණාව ද
කාලයට දී බලා සිටිමු ද
එසේ නැතිනම් හඬා වැටෙමු ද

ඉරණමට අරුමයක් වන්නට
සටන් කර අප හති වැටෙන්නට
ජය පැරදුමක් මැද අතර හිරවී
දෛවයට හිමි තැනක් සොයමී

ලැබෙන දේ සතුටුයි සිතන්නට
භාවනාවක පෙර හුරුව වන්නට
සිතේ ඇති බැමි ලිහිල් කරමී
සුසුම් රැලි මම ඉවත යවමී

© Asitha Udayanga, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

බලා හිටියා ම ඉස්සර - අසිත උදයංග

බලා හිටියා ම ඉස්සර
ලැබෙන පිළිතුරක ලස්සන
දැන් එහෙම නැහැ ඉතිං
ඒ හුඟක් ඉස්සර
ගිලෙන කොට සයුරේ
හරි හැඩයි දිනකර
කාටවත් කියන් නැහැ
ඔයා ගැන විස්තර

සරුංගලය ඉගිලෙන්නෙ නූල තියෙනා තුරා
කොතෙක් දුර ගියත් ඔබ මම ඉඳිමි දුක දරා
කමක් නැහැ ඉගිලෙන්න අහසේ ඉම සොය සොයා
හැරෙන්ට බැරි නිසා ඉන්නවා මග බලා

මල් උනත් හරි හැඩයි සුළග දෙන විට හාදු
ඔයා කොපමණ කළත් මගෙ හිතට අරියාදු
දැනෙන්නෙ ම අනේ මට ඔයා දුන් වැහි හාදු
තවත් කරනට එපා හිත් එක්ක පෙම් සූදු

© Asitha Udayanga, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, February 23, 2024

ඒ රුව ය - අමිතා පද්මකුමාරි

ඒ රුව ය, ඒ රුව ය
දෙනෝදාහක් මැදත්
හඳුනනා එකම රුව
නොදන්නා සේ ඉන්න

ඒ නෙත් ය, ඒ නෙත් ය
දහසකුත් නෙත් අතර
මා සොයන ඒ බැල්ම
නොදැක්කා සේ ඉන්න

ඒ හඬ ය, ඒ හඬ ය
දෙසවනේ රැව්දෙනා
හුරුපුරුදු ඒ හඬ ය
කිසිත් නොදොඩා ඉන්න

© Amitha Padmakumari, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, January 28, 2024

හිත ගාව පෙම් හීන - ශානිකා ශෂීප්‍රියා ද සිල්වා

හිත ගාව පෙම් හීන, මල් වාගේ පිපුණා ම
ඔබ එන්න මල් මාවතේ
අර ඈත සඳ ගාව - තරුවක් වගේ ඉන්න
වරුවක් ම මගෙ ජීවිතේ

එළිවෙච්ච ඒ හීන, පණ වාගෙ රැක ගන්න
මුදු හාදු තවරා මුවේ
මට ආයෙ හිනැහෙන්න, හීනය ළඟින් ඉන්න
හැමදාට දැන් ඔබ මගේ

නෙතඟින් බලා කීව, සෙනෙහස් කතා බෝම
වෑහෙයි නුරා ගී වගේ
හිම හීත බිඳු වාගේ, දෙතොලතර දැවටෙන්න
උණුසුම් සුසුම් දෙනු ප්‍රියේ

© Shanika Shashipriya de Silva, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, January 16, 2024

එක දිනක් ඔබ පෙනී - කසීර පෙරේරා

එක දිනක් ඔබ පෙනී සෙනෙහසක් ඉපදුණේ
තව කලක් ගතවුණේ හද සෙනේ වැඩිවුණේ
ආදරෙයි කියවුණේ ඔබ කෝප වී ගියේ
සරදමයි පැරදුමයි එපමණයි හිමිවුණේ

මා කෙරේ ඔබ සිතේ පිළිකුලකි ඇතිවුණේ
දෙනු සමා මා වෙතේ දුක නොමැත මගෙ සිතේ
පැරදුමයි මට හිමී
සමුගමී නැත යළිත් ඔබ නෙතේ මගේ රුව ගැටෙන්නේ

කුස රජා පබවතී දැක එදා පෙම් කළේ
සත් වසක් දුක දරා ජය ඔහුට හිමිවුණේ
ඒ දිරිය මට නැතේ
සමුගමී නැත යළිත් ඔබ නෙතේ මගේ රුව ගැටෙන්නේ

© Kaseera Perera, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නිසංසලේ ගලා හැලෙන - ශානිකා ශෂීප්‍රියා ද සිල්වා

හරි නිසංසලේ ගලා හැලෙන සෙනහස් ගං දෑළේ
ආදරේ සෙත් පිරිත ඇහෙනව රෑ තුන් යාමේ
ඔබ මගේ වෙලා උපදින හැම භවයක් වාරේ
පෙම් පහන් සිළක් වී දැල්වෙනවද හද මළුවේ

ජීවිතේ දුර්ගයකි සමනොළ ගිරි හිස මානේ
සෙනෙහසේ වාරුවට මට ඔබෙ උරහිස ඕනේ
ආදරේ බත උයා හිනැහෙන රෑ හඳ පානේ
මාවතේ ඇස් තියන් ඉන්නව ගෙට එන ගානේ

සැඩ හිරු කිරණට පිච්චී හිත දැවෙනා වාරේ
ඔබෙ සෙනෙහස සිසිලයි මට මහ නුග රුක වාගේ
අපෙ සමනළ පැටවුන් ඇහැරී හඬනා වේලේ
ගුළි වෙන්නට ඔය ඉසිවර සුව පපුතුර ඕනේ

© Shanika Shashipriya de Silva, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, January 6, 2024

හිරු නැග එනවා - රසික සූරියආරච්චි

හිරු නැග එනවා, හිරු බැස යනවා
ලෝකය කැරකෙනවා
දවසින් දවසට කල් ගත වෙනවා
අප වයසට යනවා

ඉපදුණු දා සිට කළ කී දේ ගැන
දැන් සිතුවට පල නෑ
ගිලිහුණු අදිටන්
නොලැබුණු දේවල්
නොකෙරුණු යුතුකම්
ගැන දුක් වී පළ නෑ

හෙට දින කෙලෙසක ලිය වී ඇති දැ යි
දන්නා කිසිවෙකු නෑ
යුතුකම් ඉටුකර
බැඳුම් අවම කර
පැතුම් ඉවත් කර
හිටියොත් අවුලක් නෑ

© Rasika Suriyaarachchi, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ