දිවි මඟට ඇවැසිමුත් සිසිලසක් ආදරේ
පෙම්බැදුම් නොම වෙතේ පරම සුව ජීවිතේ
අරුත්සුන් විරහ ගී ඉවතලන් සකි සඳේ
අලුත් දවසක් රැගෙන අලුත් හිරු පායතේ
දුක් කඳුළු පිසදමා සදහටම ඔබ නෙතේ
දුක් සුසුම් නිමාකර බවුන් වඩවා සිතේ
මතකයෙන් ඉවත් කර අරුත්සුන් අතීතේ
නැගී සිටිනට ඔබට දිරිය ශක්තිය ඇතේ
සංසාර සයුර මැද නැවක් නම් ජීවිතේ
පදවන්න ඉදිරියට නියමුවා ඔබ වෙතේ
පරාජයෙ ගෙබිම මත ජයමැදුර ඉදිවෙතේ
අදිටනේ ජල පොදෙන් පැතුම් මල් පිබිදෙතේ
© Rasika Imbulgoda, 2024මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.