ගිම්හානය දෝ උදාවුණේ
කොවුල් කූජනය නෑසේ
වසන්තයේ පිපි මල් කෝ
සමනලුන ද සැඟවීලා
ඔබ කොහෙදෝ මා සුන්දරියේ
මා මෙලොව තනිවෙලා
සෙනෙහසක් බලෙන් ලබනට බෑ
ඒ බව මම දනිමි
කුමක් ද මා කළ වරද කියා
කිසි ලෙසකින් නොම දනිමී
ඒ සත්තමයි ප්‍රියේ
මගෙන් දුරස් වී ගියත් ඔබේ
සුවඳක් මා අසල රැදී
උදේ හවා රෑ කලේ පුරා
මට සැනසුම දෙමින් සිටී
ඒ සත්තමයි ප්‍රියේ
© Kaseera Perera, 2024මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.