----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Wednesday, November 29, 2023

ගෙදර වත්තේ - අනුරුද්ධ වැලිගමගේ

ගෙදර වත්තේ තිබුණු ගස් ටික
කපා ගෙමිදුල ඉන්ටලොක් කර
කඩෙන් ගෙනැවිත් පාට මල් පැල
ආයෙ වත්ත ම හදනවා
ජීවිතය අපි හොයනවා

අම්ම අප්පා යවා ගෙදරින්
බෙදා වැඩිහිටි නිවාසෙට දන්
සෙල්ෆි දහසක් ගහනවා
ෆේස්බුක් හැඩ කරනවා
ජීවිතය අපි හොයනවා

කප කපා දිගු සේද වරලස
වෙනස් කර කර ඇගේ ඇහිබැම
නේක නම් ඇති ක්‍රීම් උල උල
මූණෙ ලස්සන හොයනවා
ජීවිතය අපි හොයනවා

පසෙක ලා අප සරල දිවි පෙත
බදාගෙන සංකර සිරිත් රැස
බිසි ය කිය කිය රෑ දවාලේ
සල්ලි පොදි මිටි බඳිනවා
නිමා නැති තරගයක් මැද්දේ
ජීවිතය අපි හොයනවා
අපට අප මගහැරෙනවා

© Anuruddha Weligamage


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, November 28, 2023

තරු අහුරු මල් පිපුණු - අනුරුද්ධ වැලිගමගේ

තරු අහුරු මල් පිපුණු ඉඟි මරන රෑ අහස
සඳ නැතුව පාළුවෙන් කියන් ඉන්නේ කෝම
පාළුවක් දැනුනොතින් කියන්නට බැරි සේම
මගේ හද ගොළුවෙලා පැතුම් වැහි නෑ බෝම

දේදුන්න පායලා එළිය කරනා සේ ම
බලා ඉමි පාළුවෙන් එනතුරා සඳ සේ ම
ඈත නොවුණත් දුරින් ළගින් මගේ නෙතු මාන
හිත රිදෙනවා දකින තුරු ඔබේ සුදු මූණ

මේ රැයට හෙට උදේ මහ දුරක් නොවුණාට
දැනෙනවා ඒක මහ කල්පයක් වාගේ ම
මල් පාර අද්දරම හොඳට හෙවණක් තියෙන
ගහ ගාව ඉන්නවා මගේ සඳ එන තුරු ම

© Anuruddha Weligamage, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඉඩක් ලද ඇසිල්ලෙක - අනුරුද්ධ වැලිගමගේ

ඉඩක් ලද ඇසිල්ලෙක සඳත් වෙන තුරුල්ලක
අළුපාට හැන්දෑව මවනවා දුක හිතෙන
පමාවට කාරණා හොය හොයා හිත තවන
සඳ කුමරි පමාවන අඳුරු රැය අප දකින

හාවාට ආවාට විදු නැණින් කිව්වාට
දකින සොමි සඳේ නම් මිහිර නෑ තව අඩුව
අටවකින්, පුරවකට බිඳෙන් බිඳ එළිය වන
මවන ඒ අම මිහිර කියන්නේ මං කොහොම

තරු රටා මව මවා ජීවිතය එළිය දෙන
සිතුම් පෙළ රටාවට පැදුරු මිටි වියනව ද?
ග්‍රහයින්ගේ ගමන් මග ඉර වෙතින් දුරස් කොට
විටින් විට ගෙනෙනවා අපල, ගුරු, ශනි දෝෂ

© Anuruddha Weligamage, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, November 6, 2023

මවගෙ පයෝධර - ආනන්ද දියුණුගල

මවගෙ පයෝධර පහස නොලද දියණී
නැළවිලි ගීයක මිහිර නොලද දියණී

කුස පුරවාගෙන ලුණු කැඳ වතුරෙන්
අත්තම්මාගේ තුරුලට වීලා
රැහැයි හඬට කන් දී නිදියාපන්
මවක් ඇතත් මව් සෙනෙහෙ නොලද දියණී

අප්පා නුඹගේ කොයි කවුරුන් දෝ
අම්මා කොතැනක ගොස් සැඟවුණි දෝ
ළය තෙත්වන්නේ කොයි කාගේ දෝ
නුඹගේ නෑයා මං විතරයි දෝ

© Ananda Diunugala, 2003
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ