----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Sunday, December 31, 2023

මලක්, සුවඳ විහිදනා මලක් - චන්ද්‍රා ආරච්චිගේ

මලක්, සුවඳ විහිදනා මලක්
මලක්, ළඟා වෙන්න බැරි මලක්
මලක්, සිප ගන්නට බැරි මලක්
මලක්, වෙන අයෙකුට හිමි වූ මලක්

එදා උදේ ඇගෙ රුව ඇස ගැටුණා
හදේ සුපෙම් හැඟුමන් පොදි බැඳුණා
ඒත් එමල අන්සතු බව දැනුණා
මහා දුකක් හද පතුලේ පිරුණා

හදේ උපන් හැඟුමන් මැඩ ගන්නම්
හිතේ ඇඳුණු රුව මකා දමන්නම්
මගේ ලොවේ තනි වී සැනසෙන්නම්
ඇගේ ලොවට ආසිරි ගෙන එන්නම්

© Chandra Arachchige, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, December 28, 2023

සඳ බැස යන අයුරු බලා - කසීර පෙරේරා

සඳ බැස යන අයුරු බලා
නොහඬමි මම කඳුළු සලා
නෙක තරු කැට අහස් තලේ
වෙනදා මෙන් පිපී දිලේ

තව හෝරා ගත වෙද්දී
ලොව නව දවසක් එළැඹේ
අට ලෝ දහමෙන් සැනසී
හෙට ඉමි අද මෙන් හිනැහී

ඉපදුණු අපහට මෙලොවේ
සැප දුක එක ලෙස හිමි වේ
එය නොම දැන කවුරුන්දෝ
ජය ලද්දේ ජීවිතයේ

© Kaseera Perera, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 27, 2023

සිතක තනිකම - රසිකා ඉඹුල්ගොඩ

සිතක තනිකම හදක පාළුව
දැනී නැති අයෙකුට ලොවේ
හැකි ද පිදුමට කිසිදු දිනයක
තවත් කෙනෙකුට ආදරේ

කුසේ ගින්දර නොදන්නේ
දිළිඳුකම ගැන නොදන්නේ
වෙනත් කෙනෙකුගෙ දුකේ දී
එවන් හද උණු නොවන්නේ

හිතේ ද්වේෂය දරන්නේ
මෝහ අඳුරේ ගැලෙන්නේ
වෙනත් කෙනෙකුගෙ සැපේ දී
ඉරිසියාවෙන් පෙළෙන්නේ

© Rasika Imbulgoda, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නිසල විල මත පිපිලා - රසික සූරියආරච්චි

නිසල විල මත පිපිලා, සුවඳ පතුරන දසතේ
සුදු නෙළුම ඔබ වේ සොඳුරේ පැතූ සංසාරේ
දෙනෙත පින් කර ඇත්තේ, මා
දෙනෙත පින් කර ඇත්තේ

මඩෙන් ඉපදී, දියෙන් මතු වී
සුමුදු පෙති විහිදා ලා
ඉන්ද්‍රඛීලය සේ නැගී
සිනා විහිදන්නේ
ඔබ ලොව ම පුබුදන්නේ

සෙමෙන් මසිතේ, හැඟුම් ඉපිදේ
මහද දොර වසලා, මා
රැක්ක සීලය යයි බිඳී
අනේ සුදු නෙළුමේ
මගෙ සෙනේ පිළිගන්නේ

© Rasika Suriyaarachchi, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ගනඳුරු වැටෙනා - චන්ද්‍රා ආරච්චිගේ

ගනඳුරු වැටෙනා මේ මොහොතේ
මගේ අඳුරු ලොව එළිය සදා
පායා එනවා
බලාපොරොත්තුවෙ රුවන් තාරුකා
පායා එනවා

තුන් වසරක දුක් ගින්න නිවන්නට
ගිලන් හදට සුවසෙත සලසන්නට
සිතේ සියක් ගී පද ලියවන්නට
පායා එනවා
බලාපොරොත්තුවෙ රුවන් තාරුකා
පායා එනවා

සීත සිසිරයට උණුසුම දෙන්නට
වසන්තයේ මල් පුබුදාලන්නට
ජීවිතය ම සුවඳවත් කරන්නට
පායා එනවා
බලාපොරොත්තුවෙ රුවන් තාරුකා
පායා එනවා

© Chandra Arachchige, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුරාවෙන් ගත කිපුණා - රසිකා ඉඹුල්ගොඩ

සුරාවෙන් ගත කිපුණා
නුරාවෙන් සිත පිරුණා
සරාගික හැඟුමන් අවදි වී
සිල් පදය කැඩුණා, තුන්වෙනි සිල් පදය කැඩුණා

මහා ලැව් ගින්නකට හසු වී ජීවිතේ දැවුණා
සමා ඉල්ලා පලක් වේවි ද මගේ සිත බිඳුණා

එදා කළ පව ගෙවී යනතුරු, හැඬීමෙන් සුව නැත්තේ
සදා සතුටක් උදාවේවි ද, සිතේ සැකයක් ඇත්තේ

© Rasika Imbulgoda, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, December 26, 2023

සඳ නැති ගනඳුර - රසිකා ඉඹුල්ගොඩ

සඳ නැති ගනඳුර එය මට උරුමය
ඔබ නැති ලොව මට සෙනෙහස අහිමිය
අසරණ මට හිමිවුණු ඒ දෛවය
කිසිදින නිමවෙනු නැත මේ කරුමය

මතකයි පෙර දින සෙනෙහේ බැඳුණා
සඳටයි හිරුටයි උපමා කෙරුණා
නොසිතුව විලසට ඒ පෙම කැඩුණා
එක්වෙනු නැත යළි හිරු සඳු දෙදෙනා

සැමදා මගෙ ලොව තනි වී ඉන්නම්
කිසිදා ඔබෙ ලොව දෙස නොබලන්නම්
ඔබෙ දුක මගෙ දුක ලෙස සලකන්නම්
ඔබෙ සතුටෙදි මම සිනා නගන්නම්

© Rasika Imbulgoda, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ආදරේ දිවි මඟට - රසිකා ඉඹුල්ගොඩ

ආදරේ දිවි මඟට සිසිල සොම්නස ගෙනේ
ඒ නමුත් පෙම් බැඳුම් ජීවිතය නම් නොවේ
අරුත්සුන් විරහ ගී පද ඉවතලනු මැනේ
ගෙවී ගිය අතීතෙට නොහඬන්න කිසි ලෙසේ

ජීවිතය කිසි දිනක, කිසිවිටක නොනැවතේ
හද ගැස්ම ඇති තුරා, රුහිරු දිවෙනා තුරා
අඳුරු වත්මන ඉරා හෙට ඉරක් පායතේ
පරාජයෙ ගෙබිම මත ජය මැදුර ඉදිවෙතේ

ජීවිතය ඉදිරියට රැගෙන යන නියමුවා
තිරසාර අදිටනයි ඔබ සිතේ ඉපදෙනා
උත්සාහයෙන් තොරව නමුදු ඒ නොසීහේ
උත්සාහ ජල පොදෙන් අදිටනේ මල් පිපේ

© Rasika Imbulgoda, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, December 25, 2023

මරු කතරක මැද - කසීර පෙරේරා

මරු කතරක මැද
පවස නිවන්නට
දිය බිඳකට හැකිය මිහිරියේ
ගිනිගත් හදවත
සුසුම් නිවන්නට
එක වදනක් හොඳටම සෑහේ
මා දිහා බලන්නකෝ අනේ - මට
ආදරෙයි කියන්නකෝ අනේ

ඔබ නොදුටුව දිනවල
සිත දුකින් පිරේ
කිසි දෙයක් කරන්න හිතෙන් නෑ
ජීවිතේ රහක් දැනෙන්නෙ නෑ
මා දිහා බලන්නකෝ අනේ - මට
ආදරෙයි කියන්නකෝ අනේ

ඔබ දුටුව දවස්වල
සිත තුටින් පිරේ
හැම දෙයක් ම සුන්දරයි ලොවේ
කවි ගී වැල් ගෙතෙනවා සිතේ
මා දිහා බලන්නකෝ අනේ - මට
ආදරෙයි කියන්නකෝ අනේ

© Kaseera Perera, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

එක සවසක - රසිකා ඉඹුල්ගොඩ

එක සවසක මා අහස බලද්දී
ලස්සන තරුවක් පිපිලා දිලුණා
තව සුළු මොහොතක් ගත වූ සැණිනේ
ඒ තරුව කඩාගෙන වැටුණා
මට මගේ ගැනම දුක හිතුණා

සිතක ඉපදෙනා පැතුම් සුවහසක
තාවකාලික ව සුවය තිබේ
අසුරු සැණින් ඒ සියල්ල වැනසී
දුක දොම්නස මා වෙත පැමිණේ

අට ලෝ ධර්මය ලොව අප සැමට ම
පොදු වේ යැයි බණ පොතේ තිබේ
රෝදය කැරකෙනවා දැ යි කුකුසකි
සිව් ලෝ දම පමණක් ම ලැබේ

© Rasika Imbulgoda


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, December 24, 2023

නිසල සිත් විල - රසික සූරියආරච්චි

නිසල සිත් විල මගෙ සසල කළ
කියන් ඔබ කවුරු දෝ
පිපුණු නෙළුමක සුවඳ විහිදන
කියන් ඔබ කවුරු දෝ

මගේ සිත වෙත ඇවිත් රහසේ
මුකුළු කරමින්නේ
සඳක් විලසින් සිනාසෙන්නේ
නුහුරු නුපුරුදු හැඟුම් ගොන්නක්,
නේක සිතුවිලි, සිතේ පුරවන්නේ

ඔබේ රුව දැක නොදැක්කා සේ
ඉන්න මට නොහැකේ
ඇයි ද මා හද කෝල වෙන්නේ
ඔබ සමග වදනක් දොඩන්නට
කෝඩු මගෙ සිත, නැතේ ඉඩ දෙන්නේ

© Rasika Suriyaarachchi, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සොඳ රුවෙන් සොබන - චන්ද්‍රා ආරච්චිගේ

සොඳ රුවෙන් සොබන මා සුන්දරියේ
සොඳුරු ඇස් කොනින් මදහස වැගිරේ
හද පෙමින් බරයි මා පෙම්බරියේ
මියුරු බස් තෙපුල් දෙසවන සැනසේ

ඔබ පතා ආමි, සසරින් සසරේ
දසුනින් හදවත සුවපත් කෙරුවේ

පැතු ලෙසින් සිටිමි, හැඟුමන් පුබුදා
කෙදිනක ඔබ මට අත්පත් වෙයි දෝ

© Chandra Arachchige, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, December 23, 2023

කිකිළි ද, බිත්තරය ද - කසීර පෙරේරා

කිකිළි ද, බිත්තරය ද මුලින්ම ආවේ
වඳුර ද, මනුස්සයට පෙර ලොව සිටියේ
ඔය වැනි ප්‍රශ්නවලට
උත්තර කවුදෝ දන්නේ
දන්නව නම් කියා දියන්නේ

සමහරු අදහන දෙවිවරු කොහේද ඉන්නේ
අයදින, ඉල්ලන දේ උන් කොහොමද දෙන්නේ
දවසක මැරුණම පණ නල කොහේද යන්නේ
රැස්කළ පින් පව් කොහොමද අරගෙන යන්නේ
උත්තර කවුදෝ දන්නේ
දන්නව නම් කියා දියන්නේ

කළ පව් කවද ද, දුදනට පඩිසන් දෙන්නේ
කළ පින් කවද ද, සුදනට සැම සැප දෙන්නේ
කවද ද, මෘගසං වැස්ස වසින්නේ
කල්පය කෙලෙස ද, කෙදින ද අවසන්වන්නේ
උත්තර කවුදෝ දන්නේ
දන්නව නම් කියා දියන්නේ

© Kaseera Perera, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, December 22, 2023

ඔබ වේ හිරු සඳු - චන්ද්‍රා ආරච්චිගේ

ඔබ වේ හිරු සඳු මා ලොවේ
බැලු බැලු සැම තැන සිසිලස සාදා
ඔබ වේ හිරු සඳු මා ලොවේ

ඔබ රුව දසුනෙන්
මා හද සැනසෙනවා
මගෙ සිත කුල්මත් වී ගත පිබිදෙනවා

හද ගැබ දහසක්
පැතුමන් ඉපදෙනවා
නොකිලිටි පෙම් මල ඔබ වෙත පුද දෙනවා

© Chandra Arachchige, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, December 21, 2023

දුක සිතුණා - කසීර පෙරේරා

දුක සිතුණා
මට දුක සිතුණා
ඒ ඔබ මා හැර ගිය හින්දා
හද රිදුණා
සිත ඉකිබින්දා
ඒ ඔබ මට දුන් දුක හින්දා

ඔබ මට සදා, අහිමිවු එදා
මා සිත පුරා දුක්බර වුණා
ඒ දුක මවා කොළයක් පුරා
කවියෙකු වුණා, මා කවියෙකු වුණා

ඔබ මට සුසුම්, හිමි කළ සොවින්
මා හද පුරා ගිනි දැල්වුණා
ඒ අළු නිවා සත්සර යොදා
ගීයක් සදා, මා ගඳඹෙකු වුණා

© Kaseera Perera, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබ මා හැරදා ගිය පසු - කසීර පෙරේරා

ඔබ මා හැරදා ගිය පසු මට ලැබුණු දුකේ රස
මා කිසිදු දිනෙක නැත අත්විඳ ඔබ සිටිනා විට
ඔබ මා ළඟ සිටිනා විට

ඔබ මට ගෙන දුන් දුක
මිහිරිය සොඳුරියෙ අද
ඔබ ළඟ සිටි දින මා ලද සුව පහසට වැඩියෙන
මේ ඇඹුල් මිදි නොවේ

දුක වුව එය රසයකි
දුක් විඳි අය දන්නා
ඒ රස පිළිබඳ තතු සැප විඳි අය නොම දන්නා
එය සත්‍යයක් ම වේ

© Kaseera Perera, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නිමවමු සසර - පද්මසිරි හේරත්

සරා සසරේ බොහෝ කල්
පුරා දස පාරමී දම්
නසා කෙලෙසුන් නිවී සැනසුණු
උතුම් බුදු සමිඳේ

තුන් ලොවේ ඉම තෙක් ගලාගිය
ඔබේ මෙත් කරුණා දයා ගුණ
විශ්වයේ පරතෙර ද දුටු බුදු
හිමියනේ ඔබගේ සියුම් නැණ

සදා සිහිකර දැහැන් ගතවෙමි
නිරාමිස පුජා පුදා
සනාතන හිමි දහම් මග යමි
අමා මහා නිවන ම පතා

© Padmasiri Herath, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබට නොපෙනී - නිහාල් රූපසිංහ

ඔබට නොපෙනී ඔබ ළඟින් ඉන්නම්
ඔබට නොපෙනී සැඟවිලා ඉන්නම්

ගහ කොළ ගොළුවන හැන්දෑ යාමේ
මල් වල පැණි පුරවන හෝරාවේ
මීමැස්සන් ගුම් නැති මේ යාමේ
ඔබ ගැන සිතමින් තනි වෙන්නම්

රළ පෙළ වෙරළට හැම දා එන සේම
හිරු තරු අහසේ බබළන්නා සේම
පහේ කෝච්චිය හැම දා එන සේම
කොහෙ යන්නද මා අමතක කෙරුවාම

© Nihal Rupasinghe, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

දුක් විඳිනා අය නොදැකා - කසීර පෙරේරා

දුක් විඳිනා අය නොදැකා
දුක ගැන නොම දැන කිසිදා
සැප විඳිනා කල සැමදා
දැනේ ද දුක යනු කිමදා

ඉපදුණු අය කෙමෙන් කෙමෙන් වියපත් වන බව
නොයෙක රෝග වැළඳෙන්නට ඉඩ තිබෙනා බව
ආයු ගෙවී කෙදිනක දී හෝ මිය යන බව
නොම දැන දිවි ගෙවන අයෙකු සිටී ද මේ ලොව

ලෙඩෙකු මහල්ලෙකු පළමුව ඇස ගැටෙනා දින
මිය ගිය අයෙකුගෙ සිරුරක් දකිනා මුල් දින
සියළු දේ ම නැසෙන සුළුය වැටහී යනු ඇත
සැප සම්පත් අත හරින්න සිතට දැනෙනු ඇත

© Kaseera Perera, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 20, 2023

සඳ කුමරිට තනි රකින්න - කසීර පෙරේරා

සඳ කුමරිට තනි රකින්න තරුවක් ළඟ ඉන්නවා
ඒ විදියට හැමදාට ම
ඔබෙ තනියට ළඟින් ඉන්න
නිරතුරු මා පතනවා

මගේ හදේ හද පතුලේ ඉපදුණු ආදර සිතුවිලි
සඳ කැළුමක සිසිල මැදින්
කවි පද ලෙස ගෙතෙනවා
ඔබ වෙනුවෙන්
ගී තනු සිත බැඳෙනවා

ඔබේ ලොවේ පෙම් මැදුරේ දිනයක මට දොර ඇරේවි
අප තනිවුණු අසුරු සැණෙන්
ඒ පෙම් ගී ගයනවා
ඔබ වෙනුවෙන්
මා පෙම් ගී ගයනවා

© Kaseera Perera, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, December 16, 2023

කතා නොකර හිටි දවසට - අනුරුද්ධ වැලිගමගේ

කතා නොකර හිටි දවසට
මුහුණ හංගගත් හවසට
ඔබ මා ළඟ ඇති දුර
කල්ප කාලයක් සේ
සිතට දැනෙනවා, සත්තයි සිතට හැඟෙනවා

ගව් සීයක් ගෙවු අවසන
ගෙපැල අද්දරම ඇති විට
යොදුනක දුර මහ දුරකැයි සිතට දැනෙනවා
ගව් ගණනක දුරක් ලෙසින් හිතට දැනෙනවා

කතා නොකර හිටි දවසට
එළිය පිරුණු පසළොස්වක
සඳ තරු පිරි රෑ යාමෙක
නැති මිහිරක් අඩ සඳ තනි තරුව මවනවා
යළිදු ළං ව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා

© Anuruddha Weligamage, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඇහිපිය යට හීන - අනුරුද්ධ වැලිගමගේ

ඇහිපිය යට හීන තියා
දඟ කරනා තරු ගණින්න
කිරි බැබළෙන හඳපානේ
විසිරෙන පිණිබිඳු දකින්න

පිණි තැවරුණු කුමුදු පොකුරු
සුවඳ මැදින් ඇවිද යන්න
නිසල රැයක ඔබත් මමත්
යමු ද හිතට පෙම් පුරන්න

කන්දෙ හැපී මුවා වෙලා
බලන්න අඩ සඳ මැවු රූ
ඇඟිලි තුඩින් හිස පිරිමැද
දෙන්න ද හාදුවක් සොඳුරු

සිත්තම් කර හිත අද්දර
ලස්සන කවි ගීත සින්දු
අපි මැදි විය පහු කළාට
තාම ආදරේ තරුණ ලු

© Anuruddha Weligamage, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, December 15, 2023

සුන්දර දියණියනේ - පුෂ්පා සූරියආරච්චි

ජීවිතයට මද පවනක් වූ
සුසිනුදු වදන් ඔබේ
අප දෙදෙනාගේ ජීවය ඔබ වේ
සුන්දර දියණියනේ

සැතපුම් දහසක දුරකින් සිටිය ද
ඔබ වදනින් අප සැනසෙන්නේ
දින ගණිමින් නිති බලා සිටින්නෙමු
ඔබ එනතුරු අප දියණියනේ

ගිනිගත් ලොවකට පැන් දහරක් වී
අවතැන් දන හට සරණ වෙමින්
යුක්තිය වෙනුවෙන් සටන් වදින්නට
දිරිය ලැබේවා දියණියනේ

© Pushpa Suriyaarachchi, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිරු මහළු වෙලා - චන්ද්‍රා ආරච්චිගේ

හිරු මහළු වෙලා ක්ෂිතිජයෙ ගිලිලා
නොපෙනීම ගියා ලොව අඳුර මවා
සඳු නගින තුරා සිටිය ද ඉවසා
ඇත අඳුරු වලා මුළු අහස වසා
ඔබ කුරිරු වෙලා මහදට ගිනි ලා
පිටුපාම ගියා වෙනතක බැඳිලා
යන්න ගියා

ඇයි ප්‍රියේ ඔබේ
සිත එදා වගේ නොව වෙනස්වෙලා
මා පිදුව ආදරේ
කුරිරු විලාසෙන් ඉවත හෙලා
ඇයි ද කිව මැනේ මදෙස බලා
මගෙ දෙනෙත දිහා
ඍජු නෙතින් බලා, ඍජු නෙතින් බලා

සැම වෙලේ සිතේ
දුක පිරී ඇතේ ඔබ දුරස්වෙලා
මා ඔබට පෑ සෙනේ
ඇතිය එදා මෙන් මෝදු වෙලා
කොයිද ඔබ අනේ වසන්වෙලා
මගෙ ජීවිතයම
මට එපාවෙලා, මට එපාවෙලා

© Chandra Arachchige, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, December 14, 2023

මං ආව දා - නාලනී ද සිල්වා

මං ආව දා මංකඩ බලන් හිඳ
වෙරළේම නුඹ නැටුවා නගේ
හැන්දෑවටත් බයවෙච්ච ඔය සිත
කෝලවෙයි වෙරළේ රළේ
පෙම්බර මතකේ, සුන්දර සිහිනේ

දිය නෑව සීරුව සයුරු රැල්ලේ
ඔය රූපෙ හිරු එතිලා වගේ
සුදු පාට පෙන බිඳු සේලයක් සේ
හිස උඩින් නැටුවා අගේ
ආදරෙයි මං, ආදරෙයි මං

දැන් කාලේ නාවත් මතකයේ සිත
ආදරේ සොඳුරුයි අගෙයි
පාරනා නුඹෙ ප්‍රේම ඇමතුම
සෝලි දෙයි මූදේ හඬේ
ආදරෙයි මං, ආදරෙයි මං

නුඹෙ බරට තෙරපෙන්නේම වැලිකැට
පේවෙලා හිටියා සිතේ
ලුණු රසය රැන්දුව ප්‍රේම සිහිනෙට
පාලුවක් හරියට දැනේ
දැන් වෙරළටත් සිහි නැති ම තරමට
මාව නම් බර නෑ වගේ
ආදරෙයි මං, ආදරෙයි මං

© Nalani De Silva, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

තරුවක් වෙලා - මහේෂා වජිරකාන්ති විජේසේකර

තරුවක් වෙලා මතකයේ මල් පිපුණා ම
අහසම මගේ යැයි කියලා සිතුණාට
වැටුණත් කඩාගෙන, හිනැහෙන තරු අතර
වරුවක් බලා ඉමි මැසිවිලි නොකියාම

අකුණක් විදුලි සැරයක් නැතිවුව රහසේ
පොඩි පොඩි වැහි කඳුළු නිති වැටෙනා අහසේ
සිත බොඳවෙලා උකහා ජීවය රිදුමේ
සිතිවිලි පුබුදුවයි සුරැකුණු හද පැතුමේ

පෑරෙන විට කොනිති ගසමින් ජීවිතය
නෑසෙන සරින් මුමුණා ආසම තනුව
වැටෙනා සෑම විට වාරුව ගෙන නැගිට
මා ම යි සැනසුවේ මගෙ හිත ඉකි ගැසුව

© Mahesha Vajirakanthi Wijesekara, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 13, 2023

දවස ගෙවී හිරු මිලිනයි - චන්ද්‍රා ආරච්චිගේ

දවස ගෙවී හිරු මිලිනයි
ලොව නැත බියෙන් අඬන්නේ
ගන අඳුරක සඳ සැඟවෙයි
තරු නැත කලබලවන්නේ
එහෙනම් ඇයි
හිත රිදුනම හද බර වී
නෙත් අග කඳුළු පිරෙන්නේ

නොමැරෙන කෙනෙකු ලොව නැතේ
එය දැන කටයුතු කරමී
නොසිතන දෙය ම සිදුවෙතේ
අටලෝ දහම පිළිගමී

වරදක් නැතිය මා අතේ
එය මගෙ හදවත දන්නේ
කහටක් නැතිය මා සිතේ
ඔබ නැත අමතකවන්නේ

© Chandra Arachchige, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, December 12, 2023

සඳ සිසිල ඔබෙ - චන්ද්‍රා ආරච්චිගේ

සඳ සිසිල ඔබෙ මට උරුම නෑ
ඔබ නිහඬ ඇයි මා දන්නෙ නෑ
මගෙ සිතේ දුක හඳුනන්නෙ නෑ
මගෙ වදන් ඔබ පිළිගන්නෙ නෑ

කිසිදු දිනයක නැතේ මිහිරියෙ
ඔබට ද්‍රෝහි වී
නැත කිසිම විලසින් වෙනත් ළඳකට
සිතින් ලෝල වී
ඇයි මගෙන් පළිගන්නේ?

යළිදු කියනෙමි නැතේ සෙනෙහස
බිඳකුදු අඩු වී
බොරු මුසා බසකින් මුලා වී ඇයි
මෙලෙස කුරිරු වී
මට නැතේ වැටහෙන්නේ!

© Chandra Arachchige, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, December 11, 2023

සඳ සිසිලක තරු එළියක - චන්ද්‍රා ආරච්චිගේ

සඳ සිසිලක තරු එළියක සුව
සෙව්වෙමි ඔබෙ සෙනෙහසින්
හිරු කිරණක, සැඩ සුළඟක දුක
වින්දෙමි නොසිතූ ලෙසින්
කිසිදින නොපැතූ ලෙසින්

මගෙ ලෝකෙට සුව සහනය ගෙන දෙන බැව් කිව් දිව්රලා
ඔබ කෙලෙසද අද මට පිටුපා වෙනතක හද පාරලා
මා හදවත පාරලා

මගෙ සිත සුවපත් කරවන ඔසු ඔබ මා වෙත ගෙන එනා
මතු කවදා හෝ එළැඹේවි ද දිනයක් සඳු පායනා
මා සුවපත් කරවනා

© Chandra Arachchige, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සඳ පළුවක තරු පොකුරක - චන්ද්‍රා ආරච්චිගේ

සඳ පළුවක තරු පොකුරක රැඳී තිබෙන සිසිලස සොඳුරු
හිරු කිරණක සැඩ සුළඟක කිසිදින අපහට දැනේ ද මිතුරු?

සඳ සිසිලස ලැබ රෑ යාමේ කුමුදු පිපෙන්නේ
වන බඹරුන් නැත ඒ කුසුමෙක රොන් අරගන්නේ
එනමුදු ඒ කුමුදු නොමැත සොවින හඬන්නේ

අපෙ ජීවිත නැත සැම විටකම තුටින් පිරෙන්නේ
අටලෝ දහමට අනුවයි සැම දේ කැරකෙන්නේ
ඔබ ලද දේ සතුටු සිතින බාර ගනින්නේ

© Chandra Arachchige, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, December 10, 2023

මංකඩ ළඟ වළිකුකුලන් - අනුරුද්ධ වැලිගමගේ

මංකඩ ළඟ වළිකුකුලන් පේළි සැදීලා
නුබේ නිතඹ පැද්දෙන හැටි බලාන උන්නා - කළු
කුමාරයා දොල ළඟ හැංගී ඇති හන්දා
පරිස්සමෙන් ගෙදර යමන් මගේ ම එතනා

ඔබේ දෙතොල් පාටට උන් පරදින හන්දා
ඉදිච්ච මාදන් ඔක්කොම හැංගිලා උන්නා
හිතේ තියෙන දේ ඔක්කොම කියන්න හිතලා
පෝය හඳක් පායනකම් බලාන උන්නා

කැකිරි හිනා හඬ අස්සේ මුණ ගස්සලා
තොවිල් පොළේ විරාමයේ ඔබෙ බහ ලැබුණා
බෙරයක් කර තියාන මං යන එන හන්දා
මාමණ්ඩී මට මනාප වේවිද මන්දා

© Anuruddha Weligamage, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, December 8, 2023

හිරු මිලින වී - රසන්ත චන්ද්‍රසූරිය

හිරු මිලින වී අඳුර පැතිරී තවත් දවසක් නිමවෙලා
නුබ ගැබේ තරු නැතේ පායා සඳු වලාවක සැඟවිලා
තවත් දිනයක් නිමා වී ගොස් සිත දුකෙන් ඇත ගොළුවෙලා
පුරුදු විලසින් අදත් ඉන්නම් මගේ ලෝකයෙ තනිවෙලා

උදේ සුපිපෙන සොඳුරු පියුමන්
සැඳෑ සමයේ මිලින වේ නම්
එක්ව හිනැහුණු යොවුන් දෙහදක්
වේදනාවෙන් වෙන්ව යා නම්
සිතක ඇතිවුණු සියලු පැතුමන්
සිඳී සුළඟේ විසිර යා නම්
හඬනු කුමටද තැවෙනු කුමටද
මගේ උරුමය මෙලෙස වේ නම්

ලැබුණි නම් එක් සොඳුරු බැල්මක්
මා ඔබේ දෙස බලන මොහොතක
පෙනුණි නම් එක් සිනාවක් හෝ
මුතු දසන්, රත් ලවන් මැදිකොට
ඇසුණි නම් පිය තෙපුල් වදනක්
සදාකල් මා මන රැඳෙන්නට
නොවෙනු ඇත මට මේ ලෙසින් අද
දුක් සුසුම් මැද කඳුළු බොන්නට

© Rasantha Chandrasuriya, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 6, 2023

හිරු වරම් දුන්නදෝ - චන්ද්‍රා ආරච්චිගේ

හිරු වරම් දුන්නදෝ ඔබහට
හිරු සේම ලොව එළිය කරනට
සඳ වරම් දුන්නදෝ ඔබහට
සඳ සේම ලොව සිසිල සදනට

ලොවක් හිරු නැති, ලොවක් සඳු නැති නැත උදාවෙන්නේ
ඔබෙ එළිය නැති, ඔබෙ සිසිල නැති දිනක් නොම එන්නේ
ඔබ පමණි මට ඉන්නේ

නුදුරු දිනයක ඔබේ අතගෙන අලුත් ලොවකට පිවිසෙමී
සදාකල් හිරු සඳු පරිද්දෙන් මිහිරියේ ඔබ රැකගමී
මම සදා සුරකිමී

© Chandra Arachchige, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

එදා වෙලේ අතවනාපු - අනුරුද්ධ වැලිගමගේ

එදා වෙලේ අතවනාපු
රුව තාමත් මැවෙනවා
ඒ මුහුණේ රැඳි සිනහව
හිතේ ඇඳිලා තියෙනවා

අපි පොඩිවුන් කාලෙ ඉඳන්
දං වාරෙට ලන්ද දිගේ
සුදු චූටියෙ මතක නැද්ද
අත්වැල් බැඳ දුවනවා

කුඹුරෙ හේනෙ වැඩ කරනා
වයිවාරන්න නැති මේ මට
සිදාදියට ගිය චූටියෙ
නුඹ ඔච්චම් කරනවා

© Anuruddha Weligamage, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, December 5, 2023

සුසුදු ජල බිඳු - දුමින්ද අබේසේකර

සුසුදු ජල බිඳු විසිරි විසිරී රහස් කොඳුරයි සැලි සැලී
මුහුදු මායිම නිසංසල වී අසිරි දෙයි නිති මුතු රැළී
සුමුදු මඳනල ගයයි පෙම් ගී තාලෙ අනුවම නැළවිලී
නමුදු සොඳුරිය නොමැත බාධා දැනෙයි සැනසුම් සිතුවිලී

දෑස පියවෙන සෑම මොහොතෙම සිහින රඳවපු හුරතලී
මාස සති දින බලා සිටි ඒ දිනය මෙයමයි සැනසිලී
ආසමයි නුඹෙ තුරුලෙ උණුහුම විඳින්නට රන් සමනලී
රෝස මල්පෙති සුවය පරදයි දැනෙන හැඟුමන් සියුමැලී

හිතින් හිතකට සෙනෙහෙ තැවරී පැහැය ගලනව දිලි දිලී
නෙතින් නෙතකට සතුටු කඳුළක් පිබිදිලා කොපුලක වෙළී
අතින් අත ගත් වාසනාවට වැටෙයි මල් වැහි සිලි සිලී
ඉතින් තනිවෙමු අපේ ලෝකෙක බිනර මහ අපටයි මලී

© Duminda Abeysekara, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.

ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, December 4, 2023

වසක් රසක් - දුමින්ද අබේසේකර

වසක් රසක්, රසක් වසක් හැඟුමන් ගත දැනී
වරක් දෙකක් නොව නිතරම සතුටට නතු වුණී
බියක් සැකක් වළලාගෙන හැම දෙනා ම පනී
තැනක් ඉඩක් අදාළ ම ද ඇවිළෙන්නට ගිනී?

සිසිල් වෙමින් සැනසෙන්නට ආවත් සුව දැනී
ඇසිල්ලකින් ඇවිළෙනවා නවතනු බැරි ගිනී
දුසිල් ලෙසින් අනුනට කිව් සුදනුන් වැනි වැනී
විසිල් දෙමින් බල්ටි ගසා වැට කඩුලුත් පනී

ඇති වී නැති වෙන බව නම් සොබාදහම දනී
සති යහපත් කරගත්තත් යටි හිත පිමි පනී
ගති දුරලනු බැහැ කැරකී එයි ආශා පැනී
හති වැටෙනා තුරු පිච්චෙන සැපතක් ම ද ගිනී

© Duminda Abeysekara, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, November 29, 2023

ගෙදර වත්තේ - අනුරුද්ධ වැලිගමගේ

ගෙදර වත්තේ තිබුණු ගස් ටික
කපා ගෙමිදුල ඉන්ටලොක් කර
කඩෙන් ගෙනැවිත් පාට මල් පැල
ආයෙ වත්ත ම හදනවා
ජීවිතය අපි හොයනවා

අම්ම අප්පා යවා ගෙදරින්
බෙදා වැඩිහිටි නිවාසෙට දන්
සෙල්ෆි දහසක් ගහනවා
ෆේස්බුක් හැඩ කරනවා
ජීවිතය අපි හොයනවා

කප කපා දිගු සේද වරලස
වෙනස් කර කර ඇගේ ඇහිබැම
නේක නම් ඇති ක්‍රීම් උල උල
මූණෙ ලස්සන හොයනවා
ජීවිතය අපි හොයනවා

පසෙක ලා අප සරල දිවි පෙත
බදාගෙන සංකර සිරිත් රැස
බිසි ය කිය කිය රෑ දවාලේ
සල්ලි පොදි මිටි බඳිනවා
නිමා නැති තරගයක් මැද්දේ
ජීවිතය අපි හොයනවා
අපට අප මගහැරෙනවා

© Anuruddha Weligamage


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, November 28, 2023

තරු අහුරු මල් පිපුණු - අනුරුද්ධ වැලිගමගේ

තරු අහුරු මල් පිපුණු ඉඟි මරන රෑ අහස
සඳ නැතුව පාළුවෙන් කියන් ඉන්නේ කෝම
පාළුවක් දැනුනොතින් කියන්නට බැරි සේම
මගේ හද ගොළුවෙලා පැතුම් වැහි නෑ බෝම

දේදුන්න පායලා එළිය කරනා සේ ම
බලා ඉමි පාළුවෙන් එනතුරා සඳ සේ ම
ඈත නොවුණත් දුරින් ළගින් මගේ නෙතු මාන
හිත රිදෙනවා දකින තුරු ඔබේ සුදු මූණ

මේ රැයට හෙට උදේ මහ දුරක් නොවුණාට
දැනෙනවා ඒක මහ කල්පයක් වාගේ ම
මල් පාර අද්දරම හොඳට හෙවණක් තියෙන
ගහ ගාව ඉන්නවා මගේ සඳ එන තුරු ම

© Anuruddha Weligamage, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඉඩක් ලද ඇසිල්ලෙක - අනුරුද්ධ වැලිගමගේ

ඉඩක් ලද ඇසිල්ලෙක සඳත් වෙන තුරුල්ලක
අළුපාට හැන්දෑව මවනවා දුක හිතෙන
පමාවට කාරණා හොය හොයා හිත තවන
සඳ කුමරි පමාවන අඳුරු රැය අප දකින

හාවාට ආවාට විදු නැණින් කිව්වාට
දකින සොමි සඳේ නම් මිහිර නෑ තව අඩුව
අටවකින්, පුරවකට බිඳෙන් බිඳ එළිය වන
මවන ඒ අම මිහිර කියන්නේ මං කොහොම

තරු රටා මව මවා ජීවිතය එළිය දෙන
සිතුම් පෙළ රටාවට පැදුරු මිටි වියනව ද?
ග්‍රහයින්ගේ ගමන් මග ඉර වෙතින් දුරස් කොට
විටින් විට ගෙනෙනවා අපල, ගුරු, ශනි දෝෂ

© Anuruddha Weligamage, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, November 6, 2023

මවගෙ පයෝධර - ආනන්ද දියුණුගල

මවගෙ පයෝධර පහස නොලද දියණී
නැළවිලි ගීයක මිහිර නොලද දියණී

කුස පුරවාගෙන ලුණු කැඳ වතුරෙන්
අත්තම්මාගේ තුරුලට වීලා
රැහැයි හඬට කන් දී නිදියාපන්
මවක් ඇතත් මව් සෙනෙහෙ නොලද දියණී

අප්පා නුඹගේ කොයි කවුරුන් දෝ
අම්මා කොතැනක ගොස් සැඟවුණි දෝ
ළය තෙත්වන්නේ කොයි කාගේ දෝ
නුඹගේ නෑයා මං විතරයි දෝ

© Ananda Diunugala, 2003
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, October 28, 2023

ඇසක කඳුළක - රසික සූරියආරච්චි

ඇසක කඳුළක, හදක සුසුමක, සිතක ඉකියක,
දුක දැනෙන්නේ වෙනත් දුක්බර ඇසකටයි,
වෙන හදකටයි, වෙන සිතකටයි
මගේ කඳුළක, මගේ සුසුමක, මගේ ඉකියක,
දුක නොතේරෙන ඔබේ සෙනෙහස අකැපමයි,
මට අකැපමයි, මට අකැපමයි

දිවා රෑ ඇඳි සිහින සිතුවම් බොඳවුණී
මහා සයුරේ කුණාටුව මැද තනිවුණී
සදා මා ළඟ ඉඳිමි කිව් ඔබ නික්මුණී
එදා සිට මම ඔබේ හදවත හඳුණමී
එදා සිට මම හඳුණමී

දුකින් පිරි ඒ සමය ගැන අද නොතැවෙමී
සිතේ නලියන සිතුම් ගොන්නේ කිමිදෙමී
හදේ ඉපදෙන වසන්තයෙ තනු මුමුණමී
උදෑසන පිපි නේක මල් දැක හිනැහෙමී
එමල් සුවඳින් සැනසෙමී

© Rasika Suriyaarachchi, 2023
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, October 25, 2023

ආනන්ද තෙරණුනේ - ආනන්ද දියුණුගල

ආනන්ද තෙරණුනේ
පවසන්න මට අනේ
කෙලෙසක මෙවන්
දහම් කඳක් රඳවා තැබුවේ?

පත්ඉරු, තල්පත් තිබිල ද?
සෙල්ලිපි, වැලිපිල් තිබිල ද?
මුඛ පෙළපත තුලින් මෙලෙස
රැඳුණේ කෙලෙස ද කියන්න
අනේ තෙරණුනේ!

අප සිරිලක බබලවන්න
මිහිඳු හිමිට රැගෙන එන්න
සුවාසු දහසක් දම් කඳ
රැකුණේ කෙලෙසද කියන්න
අනේ තෙරණුනේ!

© Ananda Diunugala, 2003

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, October 24, 2023

එල් නීන්‍යෝ, ලා නීන්‍යා - රමණී ප්‍රියන්තා වීරසේකර

කපා වන පෙත්, තනා මංපෙත්
මහා මන්දිර ගොඩනගා
ඔබේ දරුවන් සිනාසෙන හැටි
සදාකාලික සැප සොයා
මෑණියනි ඔබ බලා සිටියා
මිහිමඬල මුව දොර අයා
එල් නීන්‍යෝ, ලා නීන්‍යා

දවා ගල් අඟුරු නගා දුම් රොටු
සිහින ලෝකය කැඳවලා
සීත කඳු මත අයිස් කවරය
ගලා හැලෙනා හැටි බලා
ඈත හිමයේ වලස් කැල දැන්
අනේ ඇත වල්මත් වෙලා
පියාණෙනි ඔබ සුසුම් හෙලුවා
අහස්කුස ඈතට වෙලා
එල් නීන්‍යෝ ලා නීන්‍යා

ලඳු කැලෑ වඳවෙලා දැන් ඇත
කාන්තාරය වැඩිවෙලා
කඳු කැඩී දිය ගලා දැන් ඇත
යටවෙලා අප මිහිතලා
අනේ දරුවනි රජවෙලා ඇත ඔබේ ලෝකයේ
එල් නීන්‍යෝ, ලා නීන්‍යා ලා

© Ramani Priyantha Weerasekara, 2023
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, October 8, 2023

ගී ලියමු අඩවියේ පළ වූ නිර්මාණ ඇගයීම

ගී ලියමු අඩවිය සඳහා නිර්මාණ දායකත්වය සැපයූ ගේයපද රචකයන් වෙත ආදරයෙනි,

නිව් සවුත් වේල්ස්හි සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය මගින් පවත්වාගෙන යනු ලබන "ගී ලියමු" ගේයපද සංචිතයයේ 2020 සහ 2021 වර්ෂ ද්වයේ පළ වූ ඔබ විසින් ලියන ලද ගී පදමාලා දැන් ඇගයීමකට ලක්කොට ඇති බව සතුටින් දැනුම් දෙමු.

කලා සාහිත්‍ය ක්ෂේත්‍රයේ දැනුම සහිත දස දෙනෙකු වූ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීම් කොට ඇති මෙම ගීත, එක් වසරක් සඳහා දහය (10) බැගින් ශ්‍රේණිගත කොට නුදුරු කාලයේ දී ඔබ වෙත දන්වා, ගී ලියමු වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කිරීමට අදහස් කරමු.

හේමාල් ජයවික්‍රම,
සම්බන්ධීකාරක, "ගී ලියමු" වැඩසටහන
නිව් සවුත් වේල්ස්හි සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය

©
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, October 6, 2023

එදා අසන්නට නොහැකිවු - රූපිකා ද සිල්වා

එදා අසන්නට නොහැකිවු එකමෙක පැනයට
අද තාමත් හොයනව මං පිළිතුර නොදැනම
චන්ද කින්නරී කවුදැයි ඔබ ළඟ දැවටුණ
සඳ කිඳුරෝ කියනවා ද ඔබ මට දුන් තැන?

පේළි පේළි ළඟට ඇවිත් ගිය මගකුත් නැති
හීන් හඬින් ගී මිමිණූ තව කිඳුරියො ඇති
ඒ පේළියෙ මම හිටියේ ඈතම වෙන්නැති
ළං වෙන්නට දුර හින්දා නොකියම යන්නැති

පාරමිතාවන් පුරන්න මා විතරක් මදි
සඳගිරි පව්වයි මේ සිත ඔබ සැමදා හිඳි
කිඳුරු පෙමට වඩා පෙමක් තවමත් දන්නැති
සසර මගක කොතනක හෝ දුටුවොත් මට ඇති

© Rupika de Silva, 2023
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

වලා බැම්ම පහුකර - රූපිකා ද සිල්වා

වලා බැම්ම පහුකර මම හැමදාමත් යනවා
මං නොබැලූ ඒ පෙරහැර මතකය රිදවනවා
පමාවුණේ මං ම නේද මට තහංචි පනවා
එන ඇහැළක් ආවේ නැහැ සැමදා හිත දනවා

හැමදාමත් අලුත් වෙලා පෙරහැර එන ගානේ
හිත ළඟ සිටි අයියණ්ඩියෙ එය සිහිවෙනවා නේ
පමාවෙලා මට ඇහිලා ඒ හඬ රෑ පානේ
මං එන විට පෙරහැර ගොස් කවුරුවත් ම නෑ නේ

සෙංකඩගල දැන් වැහිමල් එදා වගේ නැතුවට
චිරි චිරි හඬ මඩ වතුරේ මට ගානක් නැතිවට
කඳු යා කර නුවර මැවුණ දේදුන්නත් මැකුණට
හිත ඇතුලෙන් මං යනවා මට නොආව ඇහැළට

ඔය තරමට ආඩම්බර රන්දෝලිය හින්ද දෝ?
බර අඩි තිය තිය යන්නට ඉගැන්නුවේ කවුරු දෝ?
සැහැල්ලුවෙන් සිටි ඒ සිත කොහේ කොහොම වැටුණ දෝ?
පසුකර ආ දුර, කාලය එය අරගෙන ගියා දෝ?

තවමත් මං එදා හිටිය නුවර ළමා ම යි හිතින්
ඒත් අඬන්නට වාගෙ ම නාඬන්නත් දනිමි දැන්
හිතක් නැතිව කිමද බලා මේ පෙරහැර නෙත් වලින්?
මං නැතිවට හැමදාමත් ඒ පෙරහැර ගියාදෙන්!

© Rupika de Silva, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

එකම එක කවියකුත් - රූපිකා ද සිල්වා

එකම එක කවියකුත් නොදන්නා ඒ කාලෙ
කවි දහක් ලියන්නට අරුත් දුන්නේ ඔබයි
වලාකුළු, දේදුනුත් ඒ තරම් ලස්සනයි
ඇත්තමයි, මට හිතුණෙ ඔබ ආව නිසාමයි

සමුනොදී සමුගත්‍ත අලු පාට සැඳෑවක
ක්ෂිතිජයේ කොහේදෝ සැඟව ගිය ඒ කවිය
උදම්‍ රළ සතක් මැද පද බිඳුණ මගෙ කවිය
සොයාලා දෙනවා ද, දුටුවා ද රැළි අතර?

සසර මග දිනක දී අරගෙනම තව හීන
විශ්වයේ කොහේ හෝ මට පෙනෙන කොදෙව්වක
තරු එළිය මග කියයි පුරුදු සේ ඔබ එන්න
පද අතර ඇති අරුත් මුදු සරින් මුමුනන්න

© Rupika de Silva, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, September 22, 2023

සඳ එළිය වැටී - අමිතා පද්මකුමාරි

සඳ එළිය වැටී
වැව් දියෙහි ගැටී
රූ මවන සැටී
දැක තුටින් සිටී

මඳ සුළං රැළී
තුරුපත් ද සැලී
මල් සුවඳ වෙළී
හද මිහිරෙ ඇලී

පෙන බුබුළු සැදී
වැව් දියෙහි බිඳී
සිත දැහැන් වැදී
මුළු ලොවින් මිදී

© Amitha Padmakumari, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, August 18, 2023

මා හැදු මගෙ අම්මා, ඔබ සුවපත් වේවා - පූජ්‍ය කුඩාගල කෝවිද

දෙනුවන් පිනවා දෙසවන් සනසා
දිව කට පිනවා මුළු ගත පිරිමැද
අත පය නොකඩා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

ලේ කිරි කරලා මා හට පොවලා
රස මුසු භෝජන මා හට කවලා
ගත සිත සනසා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

වැඩ පල කරලා දිවරෑ නොබලා
සෙනෙහස පුදලා හිස පිරිමැදලා
හොඳ මඟ යවලා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

© Rev Kudagala Kovida, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, May 5, 2023

බිඳ දා කෙලෙස් මර සේනා - සුභාෂිණී ජයතිලක

බිඳ දා කෙලෙස් මර සේනා
ලෝ සතුන් හට මග කියූ
ගෝතම මුනින්දා තිලොවට ගුරු වූ
නිදුකාණෙනි, අප බුදු පියාණෙනි

අසරණයි මේ කටුක දිගු ගමනේ
නොපෙනෙනා ඉම සසර දිය ගැඹරේ
මහා කරුණා සමාපත් වැද
මෙත් සිතින් අප දෙස බලා
පිහිට වනු මැන පියාණෙනි, නිදුකාණෙනි!

තුන් සරණමයි සරණ මේ භවයේ
බවුන් වඩනෙමි විරිය ගෙන නිසි සේ
සඳේ සිසිලැල් සොමි කැලුම් දී
බැබළෙනා මේ වෙසක් පෝ දා
පිහිට වනු මැන පියාණෙනි, නිදුකාණෙනි!

© Subhashini Jayathilaka, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, April 20, 2023

යාළුවෝ - ආරියදාස විදානපතිරන

වටිනා ම ඒ කාලෙ ඉස්කෝලෙ මතකේ පැරැණි යාළුවෝ
එක වාගෙ හැම දාම කැපවීම තිබුණේ මුල්ම යාළුවෝ

එන සෑම හොඳ නොහොඳ එකසේ දරා හිටපු යාළුවෝ
දිගු කාලයක් ජීවිතේ සබැඳුණේ එවැනි යාළුවෝ

දැන් කාලෙ මුණගැසෙන මිතුරන් පවා ගෙනෙන හාදකම්
කල්යෑම නිතැතින්ම මතුවේවි ගුණවත් සුහද හාදකම්

නොසැලීම, නොබිඳීම, දිවි මාවතේ නිබඳ යාළුකම්
නොනැසීම සදහටම පවතිනු ඇතේ පැරැණි යාළුකම්

© ආරියදාස විදානපතිරන, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ