----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Thursday, December 14, 2023

මං ආව දා - නාලනී ද සිල්වා

මං ආව දා මංකඩ බලන් හිඳ
වෙරළේම නුඹ නැටුවා නගේ
හැන්දෑවටත් බයවෙච්ච ඔය සිත
කෝලවෙයි වෙරළේ රළේ
පෙම්බර මතකේ, සුන්දර සිහිනේ

දිය නෑව සීරුව සයුරු රැල්ලේ
ඔය රූපෙ හිරු එතිලා වගේ
සුදු පාට පෙන බිඳු සේලයක් සේ
හිස උඩින් නැටුවා අගේ
ආදරෙයි මං, ආදරෙයි මං

දැන් කාලේ නාවත් මතකයේ සිත
ආදරේ සොඳුරුයි අගෙයි
පාරනා නුඹෙ ප්‍රේම ඇමතුම
සෝලි දෙයි මූදේ හඬේ
ආදරෙයි මං, ආදරෙයි මං

නුඹෙ බරට තෙරපෙන්නේම වැලිකැට
පේවෙලා හිටියා සිතේ
ලුණු රසය රැන්දුව ප්‍රේම සිහිනෙට
පාලුවක් හරියට දැනේ
දැන් වෙරළටත් සිහි නැති ම තරමට
මාව නම් බර නෑ වගේ
ආදරෙයි මං, ආදරෙයි මං

© Nalani De Silva, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

2 comments:

  1. ආදරයෙන් මා පිළිගත් ඔබට ස්තූතියි

    ReplyDelete
  2. ගී ලියමුවට සාදරයෙන් පිළිගමු. තව තවත් නිර්මාණ එවන්න.

    ReplyDelete

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ