----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Friday, December 15, 2023

හිරු මහළු වෙලා - චන්ද්‍රා ආරච්චිගේ

හිරු මහළු වෙලා ක්ෂිතිජයෙ ගිලිලා
නොපෙනීම ගියා ලොව අඳුර මවා
සඳු නගින තුරා සිටිය ද ඉවසා
ඇත අඳුරු වලා මුළු අහස වසා
ඔබ කුරිරු වෙලා මහදට ගිනි ලා
පිටුපාම ගියා වෙනතක බැඳිලා
යන්න ගියා

ඇයි ප්‍රියේ ඔබේ
සිත එදා වගේ නොව වෙනස්වෙලා
මා පිදුව ආදරේ
කුරිරු විලාසෙන් ඉවත හෙලා
ඇයි ද කිව මැනේ මදෙස බලා
මගෙ දෙනෙත දිහා
ඍජු නෙතින් බලා, ඍජු නෙතින් බලා

සැම වෙලේ සිතේ
දුක පිරී ඇතේ ඔබ දුරස්වෙලා
මා ඔබට පෑ සෙනේ
ඇතිය එදා මෙන් මෝදු වෙලා
කොයිද ඔබ අනේ වසන්වෙලා
මගෙ ජීවිතයම
මට එපාවෙලා, මට එපාවෙලා

© Chandra Arachchige, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ