කතා නොකර හිටි දවසට
මුහුණ හංගගත් හවසට
ඔබ මා ළඟ ඇති දුර
කල්ප කාලයක් සේ
සිතට දැනෙනවා, සත්තයි සිතට හැඟෙනවා
ගව් සීයක් ගෙවු අවසන
ගෙපැල අද්දරම ඇති විට
යොදුනක දුර මහ දුරකැයි සිතට දැනෙනවා
ගව් ගණනක දුරක් ලෙසින් හිතට දැනෙනවා
කතා නොකර හිටි දවසට
එළිය පිරුණු පසළොස්වක
සඳ තරු පිරි රෑ යාමෙක
නැති මිහිරක් අඩ සඳ තනි තරුව මවනවා
යළිදු ළං ව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා
© Anuruddha Weligamage, 2023මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.