----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Thursday, December 14, 2023

තරුවක් වෙලා - මහේෂා වජිරකාන්ති විජේසේකර

තරුවක් වෙලා මතකයේ මල් පිපුණා ම
අහසම මගේ යැයි කියලා සිතුණාට
වැටුණත් කඩාගෙන, හිනැහෙන තරු අතර
වරුවක් බලා ඉමි මැසිවිලි නොකියාම

අකුණක් විදුලි සැරයක් නැතිවුව රහසේ
පොඩි පොඩි වැහි කඳුළු නිති වැටෙනා අහසේ
සිත බොඳවෙලා උකහා ජීවය රිදුමේ
සිතිවිලි පුබුදුවයි සුරැකුණු හද පැතුමේ

පෑරෙන විට කොනිති ගසමින් ජීවිතය
නෑසෙන සරින් මුමුණා ආසම තනුව
වැටෙනා සෑම විට වාරුව ගෙන නැගිට
මා ම යි සැනසුවේ මගෙ හිත ඉකි ගැසුව

© Mahesha Vajirakanthi Wijesekara, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ