----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Monday, December 4, 2023

වසක් රසක් - දුමින්ද අබේසේකර

වසක් රසක්, රසක් වසක් හැඟුමන් ගත දැනී
වරක් දෙකක් නොව නිතරම සතුටට නතු වුණී
බියක් සැකක් වළලාගෙන හැම දෙනා ම පනී
තැනක් ඉඩක් අදාළ ම ද ඇවිළෙන්නට ගිනී?

සිසිල් වෙමින් සැනසෙන්නට ආවත් සුව දැනී
ඇසිල්ලකින් ඇවිළෙනවා නවතනු බැරි ගිනී
දුසිල් ලෙසින් අනුනට කිව් සුදනුන් වැනි වැනී
විසිල් දෙමින් බල්ටි ගසා වැට කඩුලුත් පනී

ඇති වී නැති වෙන බව නම් සොබාදහම දනී
සති යහපත් කරගත්තත් යටි හිත පිමි පනී
ගති දුරලනු බැහැ කැරකී එයි ආශා පැනී
හති වැටෙනා තුරු පිච්චෙන සැපතක් ම ද ගිනී

© Duminda Abeysekara, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ