----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Tuesday, December 5, 2023

සුසුදු ජල බිඳු - දුමින්ද අබේසේකර

සුසුදු ජල බිඳු විසිරි විසිරී රහස් කොඳුරයි සැලි සැලී
මුහුදු මායිම නිසංසල වී අසිරි දෙයි නිති මුතු රැළී
සුමුදු මඳනල ගයයි පෙම් ගී තාලෙ අනුවම නැළවිලී
නමුදු සොඳුරිය නොමැත බාධා දැනෙයි සැනසුම් සිතුවිලී

දෑස පියවෙන සෑම මොහොතෙම සිහින රඳවපු හුරතලී
මාස සති දින බලා සිටි ඒ දිනය මෙයමයි සැනසිලී
ආසමයි නුඹෙ තුරුලෙ උණුහුම විඳින්නට රන් සමනලී
රෝස මල්පෙති සුවය පරදයි දැනෙන හැඟුමන් සියුමැලී

හිතින් හිතකට සෙනෙහෙ තැවරී පැහැය ගලනව දිලි දිලී
නෙතින් නෙතකට සතුටු කඳුළක් පිබිදිලා කොපුලක වෙළී
අතින් අත ගත් වාසනාවට වැටෙයි මල් වැහි සිලි සිලී
ඉතින් තනිවෙමු අපේ ලෝකෙක බිනර මහ අපටයි මලී

© Duminda Abeysekara, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.

ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

1 comment:

  1. රහ කවි ලියන දුමින්ද ගේ ගීතවත් පද දැක්කාම සතුටුයි.

    ReplyDelete

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ