මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Thursday, December 21, 2023

ඔබට නොපෙනී - නිහාල් රූපසිංහ

ඔබට නොපෙනී ඔබ ළඟින් ඉන්නම්
ඔබට නොපෙනී සැඟවිලා ඉන්නම්

ගහ කොළ ගොළුවන හැන්දෑ යාමේ
මල් වල පැණි පුරවන හෝරාවේ
මීමැස්සන් ගුම් නැති මේ යාමේ
ඔබ ගැන සිතමින් තනි වෙන්නම්

රළ පෙළ වෙරළට හැම දා එන සේම
හිරු තරු අහසේ බබළන්නා සේම
පහේ කෝච්චිය හැම දා එන සේම
කොහෙ යන්නද මා අමතක කෙරුවාම

© Nihal Rupasinghe, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

1 comment:

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

හිරු නැග ඒ - රසිකා ඉඹුල්ගොඩ