හිරු උදා වී අඳුර දුරු වී තවත් දවසක් ඇරඹිලා
නුබ ගැබේ සුසිනිඳු වලා කැටි හිරු කිරණ වැද හැඩවෙලා
පෙරනිමිති ඇත මේ ලබන්නේ සුබ දිනක් බව පැවසෙනා
සිතට සැනසුම හදට සිසිලස, ගතට ඉසිඹුව ගෙන දෙනා
උදේ සුපිපෙන සොඳුරු පියුමන් සැඳෑවේ මිලිනව යතේ
ආදරෙන් බැඳි හදවතක් වුව දිනෙක දුක් සුසුමෙන් පිරේ
සිතක පිළිසිඳි පැතුම් සුන් වී සිහින සැම බොඳ වී ගියත්
හඬනු ලතැවෙනු කුමට දෝ ලොව ධර්මතාවය එලෙස නම්?
මා ඔබේ දෙස බලන මොහොතක ලැබෙනු ඇත අද සොඳුරු බැල්මක්
මුතු දසන්, රත් ලවන් මැදිකොට පෙනෙනු ඇත පියකරු සිනාවක්
සවන මී පැනි සේ දැනෙන්නට ලැබෙනු ඇත පිය තෙපුල් වදනක්
වසන්තයෙ පෙර නිමිති අභියස ලැබෙනු ඇත කඳුළට නිමාවක්
© Rasantha Chandrasuriya, 2023මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.