----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Thursday, January 27, 2022

සරසවිය කුසුමින් වැසී - ෂ්‍යාම් රත්නායක

සරසවිය කුසුමින් වැසී
යව්වනේ තුසිතය මැවී
එදා සුව දුන් මහවැලි නදී
අසන්නී ඔබ කොහි ගියේ

තුරුලතා මල් පිපී හැඩ වී
මනාලියක වෙස් අරන්
රඟයි ඔබ ගිය අයුරු සිහිකර
පෙළා මා සිත සරදමින්

හන්තානෙන් හමන නල රැල්ලේ
ඔබේ සුවඳයි තාම තැවරෙන්නේ
නිමා වූ සිව් වසරේ පෙම් හීනේ
උල්පතයි නෙත් පොඟන ළතැවිල්ලේ

© Shyam Ratnayake, 2022


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, January 17, 2022

මා පෙම් කළ - සුමිත් නිශ්ශංක

මා පෙම් කළ ඒ මගේ කුමාරිය
මනාලියක වී යන දිනයේ
කඳුළැලි සඟවා බලා හිඳිමි මම
මගේ සිහින මියැදෙන අතරේ

නිල්වන් දෑසින් හිනැහුණ දා සඳ
මතකයි පෙර දින මා තුරුලේ
අමාවකයි අද මගේ මුළු දිවියම
ඒ සඳ නෑ පායනු පෙරසේ

අහිමිව ගිය මුත් පැතු ඒ පැතුමන්
කුණාටුවක ගිලෙනා විලසේ
පහන්ටැඹක් සේ බලා හිඳිමි මම
හමුවෙමු මතු උපදින සසරේ

© Sumith Nishshanka, 2022


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, January 6, 2022

හිනැහෙන් දිලී නයනාවියේ - ෂ්‍යාම් රත්නායක

හිනැහෙන් දිලී නයනාවියේ
දිය රැල් ලෙසේ හසරැල් ඔබේ
මේ නිල් විලේ කුසුමන් පිරී
දෙකොපුල් සුළී දෙනුවන් මිණී
හිනැහෙන් දිලී නයනාවියේ

ඔසරියෙ පොටේ අහසේ ඇදී
මල් පවන කිමදෝ මේ හබේ
වරලස ඇගේ සුළඟේ සැලේ
විල් සුළඟ ඇයි දඟකම් මෙසේ

ඇස් නැලවිලා මොනවද කියයි
ඇගෙ මුහුණෙ රංගන පෙළහැරයි
සේයාව ඇගෙ දිස්වේ දියේ
මානෙල් නෙළුම් විළියෙන් සැලේ

ඇගෙ සිහිනි ඉඟ සැලි දෝලනේ
සමනලුන් සේ නෙරියේ රැලී
රන්දම් ගෙලේ තිසරුන් සොයයි
තවුසන් කෙසේ කවියන් කළේ

© Shyam Ratnayake, 2022


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, January 5, 2022

ගුරු තරුව - ටිකිරි රණවීර

ගුරු තරුව!
විසල් ලතාවෙක අරුණට විකසිත
සුපිපුණ කුසුමන් දැයට තිළිණ කළ
යොවුන් රුසිරු සිරි සෙවණැලි අතරට
සුවය සදාදෙන ඉසිවර අසපුව

ගුරු තරුව!
නුවණ සල, නිරතුරුව පුබුදු කළ ඔබ!
රඟ මඬල, නදීතෙර, විපුල සරු කලා කෙත
යුග නයන වසඟ කළ මලින් පිරි තුරු ලතා
හන්තාන අරණ තුළ මැවූ ප්‍රිය දසුන ඔබ!

දුරස්වන අතීතයෙ ශේෂ ඉතිරිව ඇතත්
යාද බොඳවී මැකී මතක සිතිවිලි තුළින්
දරා ගත් හදවතින් යාද ගිලිහී සැණින්
පතමු තව එක්වරක් දකිනු රිසියෙන් යළිත්
ගුරු තරුව!

© Tikiri Ranaweera, 2022
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ