මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Sunday, October 18, 2026

සෝදුපත් බලන්නෙපා - අනුරුද්ධ වැලිගමගේ

සෝදුපත් බලන්නෙපා බිඳුණු අපෙ ආදරේ
ආයෙමත් ලියන්නෙපා පටුන ප්‍රේමාදරේ
මුදුව අතැඟිලි අතර රැඳුණත් නැහැ නෙ ඒ ආදරේ
ආයෙමත් අහන්නෙපා මගෙන් ඒ ආදරේ

බිඳුණු හිත මගෙ තැලුණු හැටි ගැන දන්නෙ නම් මේ මා තමා
ආයෙමත් වටයක් ගිහිල්ලත් ආවෙ නම් ඒ ඔබ තමා
සීත කඳු හෙල් නිම්න මැද්දෙන් හමන සුළඟේ සැර නිවා
ඔබ තුරුල්ලේ දැනුණු උණුසුම රසම රස මතක ය තමා

සමාවට ඔබටත් කාරණා පදම වැඩියෙන් ඇති තමා
ඒත් කොහොම ද හදාගන්නේ බිඳුණු හිත යළි යළි මෙමා
එකම වහලක එකට හිටියොත් කඳුළු ගඟුලැල් තෙම තෙමා
මොකට අපි දුක් විඳිනව ද දැන් වෙන්වීම යහපත් තමා

© Anuruddha Weligamage, 2026


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

සෝදුපත් බලන්නෙපා - අනුරුද්ධ වැලිගමගේ