----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Saturday, December 26, 2020

නිසල අමාවක - රසික සූරියආරච්චි

මෙම පදමාලාව ඇසුරෙන් මේ වන විට ගීයක් නිර්මාණය වෙමින් පවතින බව සතුටෙන් දැනුම් දෙමු.

තනුව සහ සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: රේනුකා ලියනගේ


නිසල අමාවක අහස් ගඟේ
පායන තරු මල් පොකුරක් සේ
මගේ ලෝකයට අදත් එදා මෙන්
එළිය ගෙනෙනවා දෝ අම්මේ

රැජිනක ලෙස මා කිරුළු පළන්දා
අපමණ දුක් මා වෙනුවෙන් වින්දා
සසර රළ පෙළෙන් ඔබ රැකගන්නට
පිං නැතිවිය මට, ඇයි දෝ අම්මේ

රෑ සිහිනෙන් ඔබ තුරුලට එන්නම්
ලේ කිරි කර පෙව් සුවඳ ලබන්නම්
ඔබේ ම දුව ලෙස යළි හමු වෙන්නම්
සංසාරේ කොතැනක හෝ අම්මේ

© Rasika Suriyaarachchi, 2008


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

3 comments:


  1. හරිම අපූරුයි රසික. මවකගේ ආදරය ගැන ලියපු ඉතාම සුන්දර පදවැලක්. මම කොහොමද ඔයාගෙ ගේය පද සංචිතයට ලියන්නේ.😊

    ReplyDelete
    Replies
    1. ඒ සමගම මේ අම්මා සුනාමියෙන් මිය ගිය අයෙකු බවත් මෙහි ව්‍යංගයෙන් සඳහන් වෙනවා.

      Delete
    2. මේ ගේයපද සංචිතය පවත්වාගෙන යන්නේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.

      "ඔබේ නිර්මාණ එවිය යුතු අයුරු" මේ වෙබ් පිටුවේ බැනරයට යටින් ඇති menu එකේ එනමින් ම පෙන්වා සම්බන්ධකර ඇත.

      Delete

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ