----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Wednesday, December 30, 2020

මුරුගසන් වැස්ස - ශ්‍යාමලී සෙනෙවිරත්න

මුරුගසන් වැස්ස ඇද හැලිලා
මුදු සිනිඳු පියාපත් කැඩුණා
නෙත් ඇරලාවත් නොබලා
කොහෙදෝ ගියෙ සමනළ පැටියෝ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ

නුඹේ නමට ඉනු කිරි පොද
කඳුළක් වී වැගිරී වැටුණා
මල් වත්තම තිගැස්සිලා
සංකාවෙන් උන්නා
මල් වත්තම තිගැස්සිලා
හිත සුසුමෙන් පිරුණා

සමනළ දරුවෝ උයනේ
හිනැහී දුව පැන යනවා
නුඹෙ රන් පියාපතේ රුව
තාමත් මට සිහිවෙනවා
නුඹෙ රන් පියාපතේ රුව
කිරි සිහින දැවෙනවා


ගේයපද: ශ්‍යාමලී සෙනෙවිරත්නගේ ඉහත පදවැල අනුසාරයෙනි
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: දීපා ගංගොඩ
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

මුරුගසන් වැසි ඇද හැලිලා
මුදු සිනිඳු පියාපත් සැලුණා
නෙත් හැරලාවත් නොබලා
කොහෙද ගියේ සමනළ පැටියෝ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ

නුඹේ නමට ඉඳු පැණි පොද
කඳුළක් වී වැගිරී වැටුණා
මල් වත්තම තිගැස්සිලා
සංකාවෙන් උන්නා
මල් වත්තම තිගැස්සිලා
හිත සුසමන් පිරුණා

සමනළ දරු කැළ උයනේ
ආයෙත් දුව පැන පැන යනවා
නුඹෙ රන් පියාපතේ රුව
තාමත් සිහිවෙනවා
නුඹෙ රන් පියාපතේ රුව
කිරි සිහින මැවෙනවා

මුරුගසන් වැසි ඇද හැලිලා
මුදු සිනිඳු පියාපත් සැලුණා
නෙත් හැරලාවත් නොබලා
කොහෙද ගියේ සමනළ පැටියෝ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ

© Shyamali Senevirathna, 2010


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ