සියලු දන මන සිසිල කරවා
සමාධී ගුණ නුවණ වඩවා
විරාගි හද ගැබින් ගලා ගිය
මහා කරුණා නදී දිය කඳ
රුදුරු වූ මහ සසර කතරේ
අතරමං වු දනන් සනහා
ඇරිය ඒ දොර මොක්පුරේ
තිලෝගුරු වූ ඒ අමා මෑණී
බුදු පියාණන් වහන්සේ
වන්දනා කරම්
වන්දනා කරම්
සාරාසක් කල්ප ලක්ෂය
පිරු පාරමී දම් බෙලෙන්
ලැබූ බුදුබව ඒ උතුම්
දහම් සිහිලෙන් සියලු සතගේ
පවස නිවු බුදු පියාණන්
දෙසූ ශ්‍රී සද්ධර්ම රත්නය
වන්දනා කරම්
වන්දනා කරම්
© Deepika Sundrawaduge, 2020මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.