----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Sunday, December 27, 2020

මේ සිහින බොඳවෙන යාමයයි - ලක්ෂ්මන් කොඩිතුවක්කු

ගේයපද: ලක්ෂ්මන් කොඩිතුවක්කු
සංගීතය සහ ගායනය: ඉන්දු ප්‍රේමතිලක
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

මේ සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

කඳුළු ඇස් දියවී
සරා සඳ ළඟ ඉකිගසා වැළපී
පැතුම් මල් බොඳවී
තාරකා ළඟ තනිකමින් වැතිරී
අඳුර ඇවිදින් හිරුට රිදවා
සිහින දියකර නොනිඳි නෙතු ළඟ
සිහින බොඳවෙන යාමයයි

මේ සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

සුළං රැළි සැලෙමින්
අතීතය මුමුණයි
වසින වැසි අහසින්
පෙමක සිරී කොඳුරයි
බිඳුණු පෙම අද ගලා යයි
ගං දෑළ තෙරපා
සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

මේ සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

පිපෙන මල් රහසින්
රාත්‍රිය හඬවයි
රොනට වැඩි බිඟුවන්
මට සිනාසී යයි
සොමි සඳට නොව සඳ දියට පෙම් කළ ප්‍රේමවන්ත මා
සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

මේ සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

© Lakshman Kodithuwakku, 2010
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ