----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Thursday, December 31, 2020

ගැටය සන්දියේ - නිහාල් රූපසිංහ

ගේයපද: නිහාල් රූපසිංහ
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: හේමාල් ජයවික්‍රම
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

ගැටය සන්දියේ
පෝදා ගමේ පන්සලේ
පෑයූ ඒ අපූරුවට
ඇයි අද පායන්නේ නැත්තේ
සඳුනේ

ඔබ සුසුමින් සැලි සිල්
සේම මා සිත කැළඹුණා
දුම් වැද පිපි කඳුළු සේ
තුරුණු සෙනෙහේ මල් පිපුණා
ඇයි අද පායන්නේ නැත්තේ
සඳුනේ

සඳ ළඟ ලතවෙනා
සොඳුරු මතකයෙ ඝන වලා
ගෙනයන් ඈතට එහා
වහා වියපත් මදනලේ
පායන් අපූරුවට එදා වගේ
සඳුනේ

ගැටය සන්දියේ
පෝදා ගමේ පන්සලේ
පෑයූ ඒ අපූරුවට
පායනු මැන එදා වාගේ
සඳුනේ

© Nihal Rupasinghe, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ටික්කි ටිකිරි ටිකිරිලියා - ඥානතිලක හේවාගමගේ

ගේයපද: ඥානතිලක හේවාගමගේ
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක
ගායනය: මලිත් ගුණරත්න
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

ටික්කි ටිකිරි ටිකිරිලියා
මාත් එක්ක තරහ වෙලා
ටික්කි ටිකිරි ටිකිරිලියා
අහක බලන් යන්න ගියා
ආදරයට නැගූ සිනා කෝ
ආදරයට නැගූ සිනා කෝ

පුන්සඳ පායා ඇති දින
ගංතෙර අයිනේ ඉඳගෙන
මාත් එක්ක ජෝඩුවෙලා
ආදරේට දෙඩූ කතා කෝ
ආදරයට දෙඩූ කතා කෝ

ටික්කි ටිකිරි ටිකිරිලියා
මාත් එක්ක තරහ වෙලා
ටික්කි ටිකිරි ටිකිරිලියා
අහක බලන් යන්න ගියා
ආදරයට නැගූ සිනා කෝ
ආදරයට නැගූ සිනා කෝ

එක දවසක් නොදැක ඉඳලා
තල් වැට අයිනේ හැංගිලා
මාත් එක්ක තුරුළු වෙලා
ආදරයට හැඬූ කඳුළු කෝ
ආදරයට හැඬූ කඳුළු කෝ

ටික්කි ටිකිරි ටිකිරිලියා
මාත් එක්ක තරහ වෙලා
ටික්කි ටිකිරි ටිකිරිලියා
අහක බලන් යන්න ගියා
ආදරයට නැගූ සිනා කෝ
ආදරයට නැගූ සිනා කෝ

© Gnanatilaka Hewa-Gamage, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 30, 2020

වරම් දෙනු මැන - රසික සූරියආරච්චි

ගේයපද: රසික සූරියආරච්චි
සංගීතය සහ ගායනය: අරුණ කන්නන්ගර
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

වරම් දෙනු මැන මගේ දෙතොලින්
සුමුදු ඔබ වත මල සිඹින්නට
වරම් දෙනු මැන මගේ සුරතින්
සුමුදු කෙහෙරැලි පිරිමදින්නට

සිතේ බැඳි සෙනෙහසේ මැදුරේ
ඇතේ නටබුන් විසිරිලා
සිතේ බැඳි සෙනෙහසේ මැදුරේ
ඇතේ නටබුන් විසිරිලා
අසම්මත පෙම බැඳුණු දෙසිතේ
වසන්තය අද ගොළුවෙලා

වරම් දෙනු මැන මගේ දෙතොලින්
සුමුදු ඔබ වත මල සිඹින්නට
වරම් දෙනු මැන මගේ සුරතින්
සුමුදු කෙහෙරැලි පිරිමදින්නට

හිරු නොමැති ලොව සඳු නොමැති ලොව
අපේ ලොව අඳුරුයි ප්‍රියේ
හිරු නොමැති ලොව සඳු නොමැති ලොව
අපේ ලොව අඳුරුයි ප්‍රියේ
සතුට මදහස මිහිර සිසිලස
සිහිනයකි සැබෑවක් නොවේ

වරම් දෙනු මැන මගේ දෙතොලින්
සුමුදු ඔබ වත මල සිඹින්නට
වරම් දෙනු මැන මගේ සුරතින්
සුමුදු කෙහෙරැලි පිරිමදින්නට
වරම් දෙනු මැන මගේ දෙතොළින්
සුමුදු ඔබ වත මල සිඹින්නට
වරම් දෙනු මැන මගේ සුරතින්
සුමුදු කෙහෙරැලි පිරිමදින්නට

© Rasika Suriyaarachchi, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මුරුගසන් වැස්ස - ශ්‍යාමලී සෙනෙවිරත්න

මුරුගසන් වැස්ස ඇද හැලිලා
මුදු සිනිඳු පියාපත් කැඩුණා
නෙත් ඇරලාවත් නොබලා
කොහෙදෝ ගියෙ සමනළ පැටියෝ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ

නුඹේ නමට ඉනු කිරි පොද
කඳුළක් වී වැගිරී වැටුණා
මල් වත්තම තිගැස්සිලා
සංකාවෙන් උන්නා
මල් වත්තම තිගැස්සිලා
හිත සුසුමෙන් පිරුණා

සමනළ දරුවෝ උයනේ
හිනැහී දුව පැන යනවා
නුඹෙ රන් පියාපතේ රුව
තාමත් මට සිහිවෙනවා
නුඹෙ රන් පියාපතේ රුව
කිරි සිහින දැවෙනවා

ගේයපද: ශ්‍යාමලී සෙනෙවිරත්නගේ ඉහත පදවැල අනුසාරයෙනි
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: දීපා ගංගොඩ
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

මුරුගසන් වැසි ඇද හැලිලා
මුදු සිනිඳු පියාපත් සැලුණා
නෙත් හැරලාවත් නොබලා
කොහෙද ගියේ සමනළ පැටියෝ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ

නුඹේ නමට ඉඳු පැණි පොද
කඳුළක් වී වැගිරී වැටුණා
මල් වත්තම තිගැස්සිලා
සංකාවෙන් උන්නා
මල් වත්තම තිගැස්සිලා
හිත සුසමන් පිරුණා

සමනළ දරු කැළ උයනේ
ආයෙත් දුව පැන පැන යනවා
නුඹෙ රන් පියාපතේ රුව
තාමත් සිහිවෙනවා
නුඹෙ රන් පියාපතේ රුව
කිරි සිහින මැවෙනවා

මුරුගසන් වැසි ඇද හැලිලා
මුදු සිනිඳු පියාපත් සැලුණා
නෙත් හැරලාවත් නොබලා
කොහෙද ගියේ සමනළ පැටියෝ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ

© Shyamali Senevirathna, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හෙට අලුත් ඉරක් පායයි - මලී දිසනායක

ගේයපද: මලී දිසනායක
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: සමනලී ජයසූරිය
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා

නව දිනක් උදාවෙයි සිත පුබුදා
සුභ සිහින සිතේ පුරවා

සුභ සිහින සුවඳ සල් මලක් වගෙයි
ඒ සුවඳ රැඳුණ මේ ලොවම හැඩයි
සල් මලක් වගේ හැඩ සිහින ප්‍රියේ
පිබිදෙන්න දෙන්න තව සිතක ඔහේ
හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා
හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා

හිරු අඳුර නසා ලොව එළිය කරයි
ඔබ මලක් වෙලා ලොව සුවඳ කරයි
ඒ සිහින සැබෑවෙන දිනක ප්‍රියේ
පිබිදෙන්න දෙන්න තව සිතක ඔහේ

හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා
හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා
නව දිනක් උදාවෙයි සිත පුබුදා
සුභ සිහින සිතේ පුරවා
හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා

(කථනය)
ඒ හීන සිතේ මියැදෙන්න නොදී
ඉඩදෙන්න පිපෙන්නට මලක් වගේ

© Malee Dissanayake, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

තව එක ඩිංගක් - ඇනට් ගුණසේකර

ගේයපද: ඇනට් ගුණසේකර
තනුව: ප්‍රියානි ගනේවත්ත
සංගීත සංයෝජනය: දිනූජ ගංගොඩ
ගායනය: දීපා ගංගොඩ
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

තව එක ඩිංගක් හමුවන්න්ට ඔබ
අවසර ලැබෙනවා නම්
හද තුළ තෙරපෙන දහසක් දේ මම
කෙටියෙන් පවසන්නම්
තව එක ඩිංගක් හමුවන්න්ට ඔබ
අවසර ලැබෙනවා නම්
හද තුළ තෙරපෙන දහසක් දේ මම
කෙටියෙන් පවසන්නම්

අහසේ පායන හිරු සඳු තරු වැල්
පවතී සදා කලේ
ඔබට පිදුව මගෙ නොයිඳුල් ආලය
හිරු සඳු තරු වැන්නේ

තව එක ඩිංගක් හමුවන්න්ට ඔබ
අවසර ලැබෙනවා නම්
හද තුළ තෙරපෙන දහසක් දේ මම
කෙටියෙන් පවසන්නම්

මහ සයුරෙන් හඬ දී නගෙනා රැළි
වෙරළේ විසිර ගියත්
මගෙ ආදරෙ රැළි බිඳී සුන්වී
යන්නේ නැත කොහෙවත්

තව එක ඩිංගක් හමුවන්න්ට ඔබ
අවසර ලැබෙනවා නම්
හද තුළ තෙරපෙන දහසක් දේ මම
කෙටියෙන් පවසන්නම්
තව එක ඩිංගක් හමුවන්න්ට ඔබ
අවසර ලැබෙනවා නම්
හද තුළ තෙරපෙන දහසක් දේ මම
කෙටියෙන් පවසන්නම්

© Annette Gunasekara, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මිහිරි හඬින් - සමන් දිසනායක

ගේයපද: සමන් දිසනායක
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: අයෝමී බස්නායක බොස්කෝ
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

මිහිරි හඬින් ගී ගයමින්
පාද තාලයට තබමින්
බලන් අපේ හෙළ දරුවන්
රඟනා මනහර රැඟුමන්
මිහිරි හඬින් ගී ගයමින්
පාද තාලයට තබමින්

දෙදහස් පන්සිය වසරක්
පර සතුරන්ගෙන් රැකගත්
අපගේ උරුමය විදෙස් රටක දැක
නෙත අග ඇත තුටු කඳුළක්
අපගේ උරුමය විදෙස් රටක දැක
නෙත අග ඇත තුටු කඳුළක්

මිහිරි හඬින් ගී ගයමින්
පාද තාලයට තබමින්
බලන් අපේ හෙළ දරුවන්
රඟනා මනහර රැඟුමන්
මිහිරි හඬින් ගී ගයමින්
පාද තාලයට තබමින්

සිහල ජනකතා මනරම්
වන්නම් නාටක කෝලම්
දෑ අබිමන් අප හිත තුළ රඳවා
රඟදෙන අප පොඩි දරුවන්
දෑ අබිමන් අප හිත තුළ රඳවා
රඟදෙන අප පොඩි දරුවන්

මිහිරි හඬින් ගී ගයමින්
පාද තාලයට තබමින්
බලන් අපේ හෙළ දරුවන්
රඟනා මනහර රැඟුමන්
මිහිරි හඬින් ගී ගයමින්
පාද තාලයට තබමින්

© Saman Dissanayake, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුපිපි කුසුමන් - දීපිකා සුන්ද්‍රාවඩුගේ

ගේයපද: දීපිකා සුන්ද්‍රාවඩුගේ
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක
ගායනය: තිසල් පදුක්කවිදාන
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

සුපිපි කුසුමන් අතර සරනා
භෘංග සේනාවෝ
සොයයි රොන් සුනු තුඩින් තුඩ ගා
භෘංග සේනාවෝ

හමන සුළඟට නතුව සැලෙනා
සුමුදු කුසුමක් මතට පියඹා
හමන සුළඟට නතුව සැලෙනා
සුමුදු කුසුමක් මතට පියඹා
ගුම් නදින් මන් මත් කළා
කුසුම බිඟු හා හිනැහුණා

සුවඳ රොන් සුනු වියැකි යද්දී
සුමුදු මල් පෙති පරවුණා
සුවඳ රොන් සුනු වියැකි යද්දී
සුමුදු මල් පෙති පරවුණා
අන් මලක් වෙත පහස ලැබුමට
ගුම් නදින් බිඟු ඉගිලුණා

සුපිපි කුසුමන් අතර සරනා
භෘංග සේනාවෝ
සොයයි රොන් සුනු තුඩින් තුඩ ගා
භෘංග සේනාවෝ

© Deepika Sundrawaduge, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, December 29, 2020

වැල්ල දිගේ - සිසිල් ගුණසේකර

ගේයපද: සිසිල් ගුණසේකර
තනුව: හේමාල් ජයවික්‍රම
සංගීත සංයෝජනය: අශෝකවර්ණ සිටිනාමළුව
ගායනය: ලලිත් කලුපහන සහ පිරිස
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

වැල්ල දිගේ අපි යනවා
රැල්ල වැදී පෙරළෙනවා
නතර නොවේ
මුහුදේ නැව් පැද්දෙනවා
ඔරු පාරුත් එක්වෙනවා
කදිම රුවේ
බෙල්ලෝ මුතු සිප්පි පිරී
වැල්ලේ පතුරයි අසිරී
නෙත් පිනවා
පුංචි පුංචි දරු පැටවුන්
පෙරළි පෙරළි වැලි කෙළිමින්
දඟවෙනවා
දඟවෙනවා
දඟවෙනවා

සාගරයෙන් වට අපහට සාගරයම සම්පතකී
කොරල් පරේ හික්කඩුවේ වරුණ අසා ඇතිද සකී
නැගෙනහිරින් හිරු නැඟි සඳ පාසිකුඩා ලොවෙහි එකයි
කොළ පාටින් නිසල මුහුද දවස පුරා යහන සමයි
දවස පුරා යහන සමයි
දවස පුරා යහන සමයි
දවස පුරා යහන සමයි

වැල්ල දිගේ අපි යනවා
රැල්ල වැදී පෙරළෙනවා
නතර නොවේ
මුහුදේ නැව් පැද්දෙනවා
ඔරු පාරුත් එක්වෙනවා
කදිම රුවේ

සිතුසේ පෙරළී එන්නට නොහැකිව රළ හඬා දොඩයි
රුපුසේ සිටිනා පොළොවට බැට දී යළි කඩා හැළෙයි
වඩදිය බාදිය සැරවී වාරකනය කල ආදා
අන්තරාය දතොත් හොඳයි නිම් නැත හිරිහැර බාධා
නිම් නැත හිරිහැර බාධා
නිම් නැත හිරිහැර බාධා
නිම් නැත හිරිහැර බාධා

වැල්ල දිගේ අපි යනවා
රැල්ල වැදී පෙරළෙනවා
නතර නොවේ
මුහුදේ නැව් පැද්දෙනවා
ඔරු පාරුත් එක්වෙනවා
කදිම රුවේ
බෙල්ලෝ මුතු සිප්පි පිරී
වැල්ලේ පතුරයි අසිරී
නෙත් පිනවා
පුංචි පුංචි දරු පැටවුන්
පෙරළි පෙරළි වැලි කෙළිමින්
දඟවෙනවා
දඟවෙනවා
දඟවෙනවා
දඟවෙනවා

© Sisil Gunasekara, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුපුන් සඳ එයි නැගී - දීපිකා සුන්ද්‍රාවඩුගේ

සුපුන් සඳ එයි නැගී නිලඹර
සිඳී මිහිමත පැතිරි ගනඳුර
අහස් කුස සොඳ අරා පැතිරුණු
සහස් තරුකැට ඇතේ විසිරුණු

වැටී සඳකැන් සයුරු දිය මත
රඟයි මින් රළ තුටින් ඒ මත
පෙරැළි කරමින් සයුරු ජල කඳ
ඔසැවි නැඟ එයි ලෙසින් රළ පෙළ

සිනිඳු වැලි ඇති වෙරළ තල මත
සුදෝ සුදු රළ පෙළ ඇදී එන
සොබා දිය දම් දිනිති මනරම්
පොබා ඇත සිත් සතන් මනකල්

© Deepika Sundrawaduge, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, December 28, 2020

ඉඳු දුනු යුරා - දීපිකා සුන්ද්‍රාවඩුගේ

ඉඳු දුනු යුරා, නෙක පැහැ වලා
සුර ගඟ පුරා, ඇත විසිරිලා
හිරු දෙවි අරා, රිවිරැස වලා
බිඳ ඝනඳුරා, එබිකම් කළා

වනගොමු පුරා, ඇත මුව රැළා
ගඟුලැලි අරා, ඇත මසු කැලා
මගෙ සිත අරා, සුරඟන විලා
සසරේ පුරා, ඔබ මගෙ වෙලා

පුන් සඳ අරා, නුඹෙ වත වෙලා
ඉඳුවර යුරා, විකසිත කළා
නිලුපුල් නුරා, නුඹෙ නෙත් සලා
සරතැස වරා, මන් මත් කළා

නා දළු යුරා, නුඹෙ තොල් සලා
හසරැළි පුරා, මා සනසලා
මගෙ හද අරා, නුඹ සැතපිලා
සසරේ පුරා සිරිකත වෙලා

© Deepika Sundrawaduge, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, December 27, 2020

සියලු දන මන - දීපිකා සුන්ද්‍රාවඩුගේ

සියලු දන මන සිසිල කරවා
සමාධී ගුණ නුවණ වඩවා
විරාගි හද ගැබින් ගලා ගිය
මහා කරුණා නදී දිය කඳ

රුදුරු වූ මහ සසර කතරේ
අතරමං වු දනන් සනහා
ඇරිය ඒ දොර මොක්පුරේ
තිලෝගුරු වූ ඒ අමා මෑණී
බුදු පියාණන් වහන්සේ
වන්දනා කරම්
වන්දනා කරම්

සාරාසක් කල්ප ලක්ෂය
පිරු පාරමී දම් බෙලෙන්
ලැබූ බුදුබව ඒ උතුම්
දහම් සිහිලෙන් සියලු සතගේ
පවස නිවු බුදු පියාණන්
දෙසූ ශ්‍රී සද්ධර්ම රත්නය
වන්දනා කරම්
වන්දනා කරම්

© Deepika Sundrawaduge, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සඳ වතුර ගලන - ලක්ෂ්මන් කොඩිතුවක්කු

ගේයපද: ලක්ෂ්මන් කොඩිතුවක්කු
සංගීතය සහ ගායනය: තුෂාරී එදිරිසිංහ
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

සඳ වතුර ගලන මේ රෑ
ඔබෙ සිනා කැල්ම සිත පුබුදු කරයි
පෙම් සිතින් ගැයෙන රස ගී
නිල් අහස තරම් ආදරේ කියයි
තුටු කඳුළු ගලා ආ දිවි ගමනේ
සසර පුරා පිය සෙනෙහෙ නුඹයි
භවයෙන් භවයේ පැතුම නුඹයි
සඳ වතුර ගලන මේ රෑ

වියළි කතරක උල්පතක් වී ගලන දිය දහරා
අග්නි ජාලේ පවන් සලනා සුළං රැළි සේනා
බිඳෙන් බිඳ අවුදින්
සසර මං තෙර මෙදිවි ගමනේ
ඔබයි හිමිසඳු වයන තත් වීණා
සඳ වතුර ගලන මේ රෑ
සඳ වතුර ගලන මේ රෑ

මගේ හද තුළ තුටු පියන් හැර රිවි කිරණ වීලා
පියෙන් පිය විත් සුවඳ දී මඟ පියෙක් මෙන් වීලා
බැබලෙනා සොමි සඳක් සේ ගගන මල් පවනේ
ඉන්න හිමිසඳු මගෙ ලොවේ පායා
සඳ වතුර ගලන මේ රෑ
සඳ වතුර ගලන මේ රෑ
සඳ වතුර ගලන මේ රෑ

© Lakshman Kodithuwakku, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මේ සිහින බොඳවෙන යාමයයි - ලක්ෂ්මන් කොඩිතුවක්කු

ගේයපද: ලක්ෂ්මන් කොඩිතුවක්කු
සංගීතය සහ ගායනය: ඉන්දු ප්‍රේමතිලක
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

මේ සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

කඳුළු ඇස් දියවී
සරා සඳ ළඟ ඉකිගසා වැළපී
පැතුම් මල් බොඳවී
තාරකා ළඟ තනිකමින් වැතිරී
අඳුර ඇවිදින් හිරුට රිදවා
සිහින දියකර නොනිඳි නෙතු ළඟ
සිහින බොඳවෙන යාමයයි

මේ සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

සුළං රැළි සැලෙමින්
අතීතය මුමුණයි
වසින වැසි අහසින්
පෙමක සිරී කොඳුරයි
බිඳුණු පෙම අද ගලා යයි
ගං දෑළ තෙරපා
සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

මේ සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

පිපෙන මල් රහසින්
රාත්‍රිය හඬවයි
රොනට වැඩි බිඟුවන්
මට සිනාසී යයි
සොමි සඳට නොව සඳ දියට පෙම් කළ ප්‍රේමවන්ත මා
සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

මේ සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

© Lakshman Kodithuwakku, 2010
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, December 26, 2020

නිසල අමාවක - රසික සූරියආරච්චි

මෙම පදමාලාව ඇසුරෙන් මේ වන විට ගීයක් නිර්මාණය වෙමින් පවතින බව සතුටෙන් දැනුම් දෙමු.

තනුව සහ සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: රේනුකා ලියනගේ

නිසල අමාවක අහස් ගඟේ
පායන තරු මල් පොකුරක් සේ
මගේ ලෝකයට අදත් එදා මෙන්
එළිය ගෙනෙනවා දෝ අම්මේ

රැජිනක ලෙස මා කිරුළු පළන්දා
අපමණ දුක් මා වෙනුවෙන් වින්දා
සසර රළ පෙළෙන් ඔබ රැකගන්නට
පිං නැතිවිය මට, ඇයි දෝ අම්මේ

රෑ සිහිනෙන් ඔබ තුරුලට එන්නම්
ලේ කිරි කර පෙව් සුවඳ ලබන්නම්
ඔබේ ම දුව ලෙස යළි හමු වෙන්නම්
සංසාරේ කොතැනක හෝ අම්මේ

© Rasika Suriyaarachchi, 2008

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, December 25, 2020

සේද වලා රොද - දීපිකා සුන්ද්‍රාවඩුගේ

ගේයපද: දීපිකා සුන්ද්‍රාවඩුගේ
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: ටෝනි සිල්වා
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

සේද වලා රොද අතරින් පාවී
ඈතින් ඈතට ගුවන් ගැබේ
ඉඳුපුර සුරඟන ලෙස අත පටලා
මා සමගින් ඔබ සැරිසැරුවේ
මා සමගින් ඔබ සැරිසැරුවේ

තුෂර පටින් වෙලි සීතල මඳනල
පහසින් අප ගත කිති කැවුණා
ඔබ ගත දැවටුණු සුසිනිඳු සේලය
සීතල මා ගත සැනසූවා

සේද වලා රොද අතරින් පාවී
ඈතින් ඈතට ගුවන් ගැබේ
ඉඳුපුර සුරඟන ලෙස අත පටලා
මා සමගින් ඔබ සැරිසැරුවේ
මා සමගින් ඔබ සැරිසැරුවේ

තරු මැද දිදුලන සරා සඳය නුඹ
විල්තෙර සරනා හසඟන වේ
වනයේ සරනා වන දෙවඟන නුඹ
මා හද සරනා මනුලිය වේ

සේද වලා රොද අතරින් පාවී
ඈතින් ඈතට ගුවන් ගැබේ
ඉඳුපුර සුරඟන ලෙස අත පටලා
මා සමගින් ඔබ සැරිසැරුවේ
මා සමගින් ඔබ සැරිසැරුවේ

© Deepika Sundrawaduge, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුවබර හේමන්තය - නිහාල් රූපසිංහ

ගේයපද: නිහාල් රූපසිංහ
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: සුභානී විජේසිංහ
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

සුවබර හේමන්තය ඉඟි මරයි
සීතල සිසිරය අගින්
මිදුල කොනේ වැට අද්දර
යසට හැදුණු, සමන්පිච්ච මල් වැලේ
සමන්පිච්ච මල් වැලේ

හේමන්තයේ පළමු අව් රැල්ලේ
වෙනස දැනී සුදු මල් පූදින්නේ
සමන්පිච්ච මල් වැලේ
අනුනගෙ දුක් ශෝකා දැනෙනා
දෙව් මිනිසුන් මෙනි
සමන්පිච්ච මල් වැලේ
සමන්පිච්ච මල් වැලේ

සුවබර හේමන්තය ඉඟි මරයි
සීතල සිසිරය අගින්
මිදුල කොනේ වැට අද්දර
යසට හැදුණු, සමන්පිච්ච මල් වැලේ
සමන්පිච්ච මල් වැලේ
සමන්පිච්ච මල් වැලේ

© Nihal Rupasinghe, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

භවාශ්‍රයේ එන - වික්‍රම කීර්තිපාල

ගේයපද: වික්‍රම කීර්තිපාල
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: තාමරසී ඩයස්
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

භවාශ්‍රයේ එන ධූවිලි ධාරා
සංඝට වූ ඒ විශ්වය පරදා
තිරිසන් සිව්පා මත්සන් පරදා
අනුවර්තී වූ දෙපයින් නැගෙනා

මිනිසුන් වැජඹෙන මනුලොව පෘථුලා
ලංකා නම් රට අප හද ගැහෙනා
නමදිම් මගෙ රට මව්බිම් ලංකා
වෙනුවෙන් ඉදිරියෙ විස්කම් දස්නා

භවාශ්‍රයේ එන ධූවිලි ධාරා
සංඝට වූ ඒ විශ්වය පරදා
වීර විකුම් ඇත් කිත් ඝොෂ් නැගෙනා
මුළු ලොව විද්වත් හැම දැය පරදා

සිරිලක් ධජ ජය කෙහෙලි පළන්දා
ලක් දෙරණින් මතු මතුවෙන ධාරා
සංඝට වී එන ප්‍රඥා ධාරා
කරවයි මුළු ලොව ඒකා ලෝකා

භවාශ්‍රයේ එන ධූවිලි ධාරා
සංගත වූ ඒ විශ්වය පරදා
ලක් දෙරණින් මතු මතුවෙන ධාරා
කරවයි මුළු ලොව ඒකා ලෝකා
කරවයි මුළු ලොව ඒකා ලෝකා

© Wickrama Keerthipala, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, December 24, 2020

පොල් ගස තාල වර්ගයේ - රසික සුරියආරච්චි

ගේයපද: රසික සුරියආරච්චි
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක
ගායනය: තිසල් පාදුක්කවිදාන
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

ආ හෝ හෝ හෝ
ආ ආ ආ

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ

තිසා වැවේ නුවර වැවේ නිල් දිය දහරේ
මාවිලාරූ ඉරණාමඩු නිල් දිය දහරේ
ඒ වතුරේ පීන පීන
මේ වතුරේ පීන පීන
දියබුං ගැසු කොලු රංචුව අද කොහේද?
භූමදානයේ

හම්බන්තොට ලේවායේ ලුණු වේලන්නේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් තියෙන්නේ
ඒ ලුණු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුලු රටටම කිරිබත් කන දිනයක් ගැන
සිත විමසන්නේ

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසු කොලු රංචුව
අද කොහේද?
උන් සුවර්ගයේ

ආ හෝ හෝ හෝ
ආ ආ ආ

© Rasika Suriyaarachchi, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

බැන්දුණාවු රේණු - හේමාල් ජයවික්‍රම

ගේය පද රචනය: හේමාල් ජයවික්‍රම
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක
ගායනය: චමින්ද කුරුප්පු සහ චමිලා වේරගම
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

චමින්ද:    හෝ හෝ හෝ ආ හා හා
හෝ හෝ ආ ආ

චමින්ද: බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී
සැලී සැලී, ගැලී ගැලී
චමිලා: බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී
සැලී සැලී, ගැලී ගැලී

චමින්ද: යොමා දෑසින් බලන්, මේ ඉමේම මල් පීදී සරදමක් ද
පාය වැදී මධු මීවිතේ, ප්‍රීතියෙන් පිනා රඟාලා
චමිලා: යොමා දෑසින් බලන්, මේ ඉමේම මල් පීදී සරදමක් ද
පාය වැදී මධු මීවිතේ, ප්‍රීතියෙන් පිනා රඟාලා

චමින්ද: කල එළඹී, සිත කැළඹී, යයි පවනේ, බමා සුළි සුළී
චමිලා: කල එළඹී (චමින්ද: ආ හා)
සිත කැළඹී (චමින්ද: හ්ම් හ්ම්)
යයි පවනේ (චමින්ද: ආ හා)
බමා සුළි සුළී

චමින්ද: බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී
සැලී සැලී, ගැලී ගැලී
චමිලා: බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී
සැලී සැලී, ගැලී ගැලී

චමින්ද: කිසි දේ සිදුවෙතේ, අපි දෙන්න ආවෙ ගිමන් නිවන සේයා
උදේ පටන් හෙම්බත් වී, පොතපතේ දැයෙන් නිමේෂයක් සොයා
චමිලා: කිසි දේ සිදුවෙතේ, අපි දෙන්න ආවෙ ගිමන් නිවන සේයා
උදේ පටන් හෙම්බත් වී, පොතපතේ දැයෙන් නිමේෂයක් සොයා

චමින්ද: කල එළඹී, සිත කැළඹී, යයි පවනේ, බමා සුළි සුළී
චමිලා: කල එළඹී (චමින්ද: ආ හා)
සිත කැළඹී (චමින්ද: හ්ම් හ්ම්)
යයි පවනේ (චමින්ද: ආ හා)
බමා සුළි සුළී

චමින්ද: බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී
සැලී සැලී, ගැලී ගැලී
චමිලා: බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී
සැලී සැලී, ගැලී ගැලී

© Hemal Jayawickrama, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිතට දුකක් - ඇනට් ගුණසේකර

ගේයපද රචනය: ඇනට් ගුණසේකර
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: චාන්දනී සෙනාරත්න
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

හිතට දුකක් ඇති සෑම වෙලාවක
සිතන්නෙමි ඒ සොඳුරුම කාලය
සඳ රැස් වැතිරී දිලුණු විටක රැය
සේපාලිකා අතු අතරින් දුටුවෙමි

ඔබෙ සුවඳ දැනුණා, රෑ නිදියම් නොලබා
ආ අ ආ, බලා සිටියා

නිසංසලේ ගං ඉවුරු කොනේ
වැටුණු මල් පෙති පලසේ
එන තුරා සිටියා බලා
නොනිමි රෑ පහන් වූවා
හිතට දැනුණේ නැහැ කිසිත්
හදට දනුණේ නැහැ කිසිත්

ඔබෙ සුවඳ දැනුණා, රෑ නිදියම් නොලබා
ආ අ ආ, බලා සිටියා

මඳ නලක් මෙන් ඇතුළු වුණා
සුළඟ වාගේ නොපෙනි ගියා
ගිය දෙසක් සොයනු බැරී
සුවඳ රැඳුණු මඟ සිටියා
නෙතට දැනුණේ නැහැ කිසිත්
හදට දනුණේ නැහැ කිසිත්

ඔබෙ සුවඳ දැනුණා, රෑ නිදියම් නොලබා
ආ අ ආ, බලා සිටියා

හිතට දුකක් ඇති සෑම වෙලාවක
සිතන්නෙමි ඒ සොඳුරුම කාලය
සඳ රැස් වැතිරී දිලුණු විටක රැය
සේපාලිකා අතු අතරින් දුටුවෙමි

ඔබෙ සුවඳ දැනුණා, රෑ නිදියම් නොලබා
ආ අ ආ, බලා සිටියා

©
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

වලාකුළෙන් හඳ වැහිලා - පාලිත ගනේවත්ත

ගේය පද රචනය: පාලිත ගනේවත්ත
සංගීතය සහ ගායනය: ප්‍රියානී ගනේවත්ත
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

වලාකුළෙන් හඳ වැහිලා
නගරය ඉහළින් අහසේ
මටත් හොරා ඉගිල්ලිලා
මගෙ හිත යන්නේ කොහෙදෝ
මගෙ හිත යන්නේ කොහෙදෝ

අඹ ගහ මුදුනේ අහසේ
හඳ පායාලා දිලිසෙනවාදෝ
අම්මා බණ පොත පෙරළාලා
හෙමින් සැරේ මුමුණනවද
හෙමින් සැරේ මුමුණනවද

හාන්සි පුටුවේ වැතිරී
තාත්තාට දැන් නින්ද ගිහිල්ලා
මගේ කාමරේ පාළුවෙලා
පොත් මේසය හිස්වීලා
පොත් මේසය හිස්වීලා

දුවයි පුතයි මැද සාලේ
නුහුරු බසින් මුලු ගෙදරම පිරිලා
සිතිවිලි දුර යයි පියඹාලා
මාගේ දෑසම බොඳ වීලා
මාගේ දෑසම බොඳ වීලා

වලාකුළෙන් හඳ වැහිලා
නගරය ඉහළින් අහසේ
මටත් හොරා ඉගිල්ලිලා
මගෙ හිත යන්නේ කොහෙදෝ
මගෙ හිත යන්නේ කොහෙදෝ
මගෙ හිත යන්නේ කොහෙදෝ

© Palitha Ganewatta, 2010
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 23, 2020

සීතල පිණි මත - සමන් දිසානායක

ගේය පද රචනය: සමන් දිසානායක
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: රිඩෙම්ප්ෂන් ගායක කණ්ඩායම
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

සීතල පිණි මත හිරු රැස් වැටීලා
දේදුණු පැහැයෙන් බබළනවා, ආ හ හා
සීතල සුළඟට මල් පෙති හැලීලා, ආ හ හා
සීතල සුළඟට මල් පෙති හැලීලා, ආ හ හා
වන පියසෙහි විසිරී යනවා

කොවුලන්ගේ ගී නඳ මියුරූ
පිල් විදහා රඟ දෙන මොණරූ
හැරදා යනු බෑ මා හා රඟන්නට
හැරදා යනු බෑ මා හා රඟන්නට
එනවද මුව පොවුවනි මිතුරූ

සීතල පිණි මත හිරු රැස් වැටීලා
දේදුණු පැහැයෙන් බබළනවා, ආ හ හා
සීතල සුළඟට මල් පෙති හැලීලා, ආ හ හා
සීතල සුළඟට මල් පෙති හැලීලා, ආ හ හා
වන පියසෙහි විසිරී යනවා

ලේන පැටව් ටිං හඬ නඟනා
රෑන ගිරව් ගුවනෙහි සරනා
බලන්න බෑ මට ලස්සන දුටුවම
බලන්න බෑ මට ලස්සන දුටුවම
විල් තෙර වෙත එන ඇත් සේනා

සීතල පිණි මත හිරු රැස් වැටීලා
දේදුණු පැහැයෙන් බබළනවා, ආ හ හා
සීතල සුළඟට මල් පෙති හැලීලා, ආ හ හා
සීතල සුළඟට මල් පෙති හැලීලා, ආ හ හා
වන පියසෙහි විසිරී යනවා
වන පියසෙහි විසිරී යනවා
වන පියසෙහි විසිරී යනවා

© Saman Dissanayake, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

පිය සෙනෙහස - මෛත්‍රී පනාගොඩ

ගේය පද රචනය: මෛත්‍රී පනාගොඩ
සංගීතය සහ ගායනය: අරුණ කන්නන්ගර
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

පිය සෙනෙහස උණු කඳුළක් වීලා
ගලා ගියා දෙකොපුල් තෙමලා
දවසින් දවසට මා යන මඟ දිග
අඳුරෙන් එළියට හිරු මෙන් සඳු මෙන්
එළිකළ පියාණනේ
එළිකළ පියාණනේ

අවසන් සුසුමට ඔබ ළඟ ඉන්නට
පවසන්නට එක වදනක් සවනට
පින් මද පුතෙකු වුණා
පින් මද පුතෙකු වුණා

භවයෙන් භවයට පිය පුතු වන්නට
දෙවියන් නොව ඔබ මතු බුදු වන්නට
පින්බර පියාණනේ
පින්බර පියාණනේ
පින්බර පියාණනේ
පින්බර පියාණනේ

© Maithri Panagoda, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, December 22, 2020

බලා හඬනෙමි - ඇනට් ගුණසේකර

බලා හඬනෙමි ඔබේ රුව දෙස
පුංචි මගෙ සොයුරේ
දරා ගන්නට බැරිය මේ දුක
සංසාර ගමනේ

අහස දෙස මම බලා ඉන්නම්
දකින තුරු ඔබ වලාකුළකින්
යළිත් නොඑනා ගමන ගියෙ ඇයි
මගේ ලොව අඳුරේ
යළිත් එනු සොයුරේ

දෑස රිදෙනා තුරු හඬන්නට
සොහොන් කොත වෙත පා නගන්නට
වාරු නැති පා අපට හිමිකර
ඔබ නිසල සෙවණේ
සංසාර ගමනේ

© Annette Gunasekera, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, December 17, 2020

මතකද ඉස්සර දිනවල - රසික සූරියආරච්චි

මතකද ඉස්සර දිනවල ලස්සන
අත්වැල් බැඳගෙන කතා කළා
මතකද කොච්චරවත් බට්ටිච්චා
ගීතය ගැන මා මතක් කළා
මතකද මැයි මල් ගැන සල් මල් ගැන
සඳ තරු ගැන කවි පෙළක් කළා
මතකද මියුලැසියේ, සියුමැලියේ
ඇයි අද මේ ලෙස දුරස් වෙලා

එදා වගේමත් පේරාදෙණියේ
සඳ පායනවා කඳු මුදුනින්
එදා වගේමත් මහවැලි නදියේ
රළ පෙරළෙනවා පෙණ නගමින්
එදා වගේමත් ගලහ හන්දියේ
මල් පෙති විසිරෙනවා සුළඟින්
එදා වගේමත් මා සියුමැලියේ
ඔබ ගැන සිහිවෙනවා සිහිනෙන්

ලැබුණොත් අවසර මතු යම් දවසක
සිහිනයකින් යළි හමු වෙන්නම්
නොවෙනස් හදවත පිපි මල් පොකුරක
මුදු සුවඳෙන් ඔබ නලවන්නම්
අවසන් ගමනක මා යන දවසක
හෝ ඔබගෙන් සිසිලක් ඒ නම්
සුසුමන් කැටිකොට බැඳි දුක් කවියක
රැඳි පැතුමෙන් අද සැනසෙන්නම්

© Rasika Suriyaarachchi, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

බුදු සමිඳුන් ළඟ - පූජ්‍ය කුඩාගල කෝවිද හිමි

ගේය පද රචනය: පූජ්‍ය කුඩාගල කෝවිද හිමි
සංගීතය සහ ගායනය: තුෂාරී එදිරිසිංහ
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

බුදු සමිඳුන් ළඟ මා සිටියා නම් නිවන් දකින්නට මට තිබුණා
බුදු හිමියන් ළඟ නොසිටි නිසා මා එසේ නිවන් මඟ අහිමි වුණා

බුදු සමිඳුන් අද දිවමන් නැතිමුත් ජීව මාන වූ ශ්‍රී සදහම්
පිළිපදිනා සඳ නිවන් ලබන්නට
හැකිවන බැව් මට අද හැඟුණා
හැකිවන බැව් මට අද හැඟුණා

බුදු සමිඳුන් ළඟ මා සිටියා නම් නිවන් දකින්නට මට තිබුණා
බුදු හිමියන් ළඟ නොසිටි නිසා මා එසේ නිවන් මඟ අහිමි වුණා

පෙර සසරේ කළ පින් මතු වේවා
සිව්සස් දහමට සිත යොමු වේවා
කැළැඹෙන සිත මගෙ එක් තැන් වේවා
මේ භවයෙම මට නිවන ලැබේවා
මේ භවයෙම මට නිවන ලැබේවා

© Rev Kudagala Kovida, 2010
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

රුවැත්තියේ - මංජුල වෙත්තසිංහ

ගේය පද රචනය: මංජුල වෙත්තසිංහ
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: ප්‍රදීප් වාස් ගුණවර්ධන
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

රන් රුවින් දසුන් මවා රුවැත්තියේ
රන් මුවින් සවන් පිනා රුවැත්තියේ
රන් රුවින් දසුන් මවා රුවැත්තියේ
රන් මුවින් සවන් පිනා රුවැත්තියේ
රන් හදින් පවන් සලා සංහිඳින් ළඟින් හිඳින් මුවැත්තියේ

රන් හුයේ රුවන් හරේ වන් ඉඟේ දුහුල් පටේ දිසින් නොවේ

මං හදේ ලැගුම් හැදේ දුන් ළඳේ ඔබේ නෙතේ සිසිල් සුවේ
රන් රුවින් දසුන් මවා රුවැත්තියේ
රන් මුවින් සවන් පිනා රුවැත්තියේ
රන් රුවින් දසුන් මවා රුවැත්තියේ
රන් මුවින් සවන් පිනා රුවැත්තියේ
රන් හදින් පවන් සලා සංහිඳින් ළඟින් හිඳින් මුවැත්තියේ

සෙව් සැණේ පියම්ඹියේ ලත් සුපුන් පියුම් විලේ ඔබෙන් සෙනේ

දෙව් ලොවේ රැඳින් මගේ මව් සෙනේ ලැබූ ලෙසේ හදින් දැනේ
රන් රුවින් දසුන් මවා රුවැත්තියේ
රන් මුවින් සවන් පිනා රුවැත්තියේ
රන් රුවින් දසුන් මවා රුවැත්තියේ
රන් මුවින් සවන් පිනා රුවැත්තියේ
රන් හදින් පවන් සලා සංහිඳින් ළඟින් හිඳින් මුවැත්තියේ

© Manjula Wettasinghe, 2010
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, December 14, 2020

සීතල රජයන රෑ යාමේ - ෂෙල්ටන් පීරිස්

ගේය පද රචනය: ෂෙල්ටන් පීරිස්
තනුව: හේමාල් ජයවික්‍රම
සංගීත සංයෝජනය: ඉන්දු ප්‍රේමතිලක / මහින්ද බන්ඩාර
ගායනය: හේමාල් ජයවික්‍රම

සීතල රජයන රෑ යාමේ, සෙවනැලි නොසැලෙන නිසංසලේ
සිත තුළ උපදින ගී පද තනු වී
හෙමිහිට මුමුනන්නේ, හදවත සැනසෙන්නේ

අප දිනු මේ ලොව, අහිමිව යන ලොව
අප තනිවී ඉන්නේ, දූ දරු සිහිවන්නේ
අප දිනු මේ ලොව, අහිමිව යන ලොව
අප තනිවී ඉන්නේ
නෙතු යුග පියවෙනවා, අඳුරක මැදිවෙනවා

මවු දින, පිය දින, යළි යළි එන තුරු
දින ගනිමින් ඉන්නේ, සිතුවිලි බොඳවෙන්නේ
එනවද මගෙ පුතුනේ, ආදර දියණියනේ

සීතල රජයන රෑ යාමේ, සෙවනැලි නොසැලෙන නිසංසලේ
සිත තුළ උපදින ගී පද තනු වී
හෙමිහිට මුමුනන්නේ, හදවත සැනසෙන්නේ

සමුගෙන යන්න අපෙන්
එනවද මගෙ පුතුනේ
ආදර දියණියනේ

© Shelton Pieris, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අපිට විතරද වහින්නේ - මහේෂා වජිරකාන්ති විජේසේකර

රට යන අත

අපිට විතරද වහින්නේ, මොකද අපිවම තෙමෙන්නේ
පෙඟුණ කරදහිවලින් දැන් ඔරුව කොහොමද හදන්නේ
ඉවුර නැහැ දැන් පෙනෙන්නේ, ගැඹුර වැඩි බව දැනෙන්නේ
කඳුළ ලුණු රස මදියිනේ, ඉතින් නැතිවද අඬන්නේ

බිඳින තුරු හිස සුළඟ කොහොමද, පහන් සිළුවක් රකින්නේ
අකුණු එළියත් එළියකැයි අපි, රවටලා සිත හදන්නේ
ධවල වත හැඳ වදන් හබලින් එගොඩ ගෙන යමි කියන්නේ
අරුත් සුන් බව දැන දැනත් අපි ඉතින් නැතිවද අඬන්නේ

මිටි තැනින්මයි ගලන්නේ, කියාලයි අපි නිදන්නේ
කවුද වක්කඩ කඩන්නේ අනේ අපි නම් නොදන්නේ
අපිව විතරද ගිලෙන්නේ, අපිත් ජය පැන් පුරන්නේ
කවුද අර නැව් නගින්නේ, අඬන්නත් උන් නොඉන්නේ

© Mahesha Vajirakanthi Wijesekara, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, December 13, 2020

මම හරිම දඩබ්බර කවියක් - මහේෂා වජිරකාන්ති විජේසේකර

මම හරිම දඩබ්බර කවියක්
නැවතුනත් ඔබේ ළඟ මොහොතක්
රැඳෙන්නට සිතුවෙ නැහැ භවයක්
ගැළපුවා ඔබ මටම තනුවක්

තටු රැගෙන පියාඹන සිහිනේ
ඉදිබු ගමනින් ඇදෙමි තිරසේ
සිතුවමම මා අතිනි ඇඳුණේ
නමුත් මේ පාට හැඩ ඔබගේ

තරුවකිය බැබළි ඔබ හිරුසේ
මට වඩා එළිය රැඳි අහසේ
පසෙක ලා ඔටුනු රැඳි සිරසේ
නැවතුවා ඔබ ගමන ඔබගේ

විලක් නොම වෙමින් රැඳි අඳුරේ
ගඟක් වී ගලායමි සොඳුරේ
ජීවිතය ගීතයකි මාගේ
නමුත් මේ ගීතයම ඔබගේ

තනි නොවී මගේ අඩි පාරේ
පුංචි පියවර එවා මුදු සේ
ඔබ නොවුන මුත් ඔබේ සිහිනේ
මමත් මාගේ නොවෙයි ඔබගේ

© Mahesha Vajirakanthi Wijesekara, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ගෙ⁣⁣වන මේ ජීවිතය - අසිත උදයංග

ගෙ⁣⁣වන මේ ජීවිතය පවසන්න බැරි දුකක්
ගෙවන්නට වෙනව එය බදාගෙන මහ මෙරක්
පතන්නට නම් එපා දුකින් තොර ලෝකයක්
හිත් බැඳන් යමු ඉතින් ගෙවන සංසාරයක්

හිනාවෙන වසන්තය හැමදාම නැති හැඩයි
කඳුළු දෙන මගේ ඇස් නුඔට නම් දුර වැඩියි
ඈත් වෙන්නට හිතන හැම විටම හිත හඬයි
ඔයා දන්නැති උනත් මම තවම ආදරෙයි

තනිවෙලා ඉන්න එක ඉවසන්න බැරි දුකයි
ඔබ ගැනම සිතන හිත තද බලව අසරණයි
කෙසේ අත් හරින්නද තිබුණ පෙම අපමණයි
නොලැබුනත් ඔයා මට මැරෙණකම් ආදරෙයි

© Asitha Udayanga, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිම කඳුකරයේ - එඩ්වින් පේමජයන්ත විතානගේ

ගායනය: රුවී නිම්නදී
තනුව: හේමාල් ජයවික්‍රම
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක/මහින්ද බණ්ඩාර

හා හා හා හ්ම්
ලා ල ලා ල ලා ලා ලා ආ

ස රි ගග පග පධ සස පධ ස

හිම කඳුකරයේ කුරුලු රැහැන් පියඹා
කියන රහස ආදරේ
ආදරේ, ආදරේ, ආදරේ

කුරුලු රැහැන් පියඹා, කියන රහස ආදරේ
රන් සමනලයින් දිස්වුණ, රහස ආදරේ, අහා
කඳු අතරින් දිස්වුණ ලස්සන ආදරේ
කඳු අතරින් දිස්වුණ ලස්සන ආදරේ
ආදරේ, ආදරේ
හෝ හෝ හෝ
ලා ලා ලා ලල ලල ලල ලා
සිළි සිළි සිළි සිළියේ

ලස්සන සමනලයින් දිස්වුණ රහසක් ඇතේ
ගංගා ඇල දොල හඬමින් කියනා ආදරේ
ගංගා ඇල දොල හඬමින් කියනා ආදරේ
ආදරේ, ආදරේ
හිම කඳුකරයේ කුරුලු රැහැන් පියඹා
කියන රහස ආදරේ
ආදරේ, ආදරේ
ආදරේ, ආදරේ, ආදරේ, ආදරේ

© Edwin P Vithanage, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, November 11, 2020

ගල් පොළොවයි ඔබේ හිතයි - නිහාල් රූපසිංහ

ගල් පොළොවයි ඔබේ හිතයි
දෙකම එක වගෙයි හිතෙයි

දෙගොඩතලා ගං ගලන්න
අනොරාවට වැසි වැස්සත්
ගල් පොළොව නෙවෙයි උරාගන්නේ
වැහි බිඳුවක් වත්

ඇද හැලුනත් හැමදාකම
ඉර හඳ තරු මල් අරගෙන
පෙඟෙන්නෙ නෑ
ආදරයෙන්
ඔබෙ ගල් හිත නම්

© Nihal Rupasinghe, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, November 9, 2020

ඇය වෙන්වූ බව - හේමාල් ජයවික්‍රම

පදමාලාව, තනුව සහ ගායනය: හේමාල් ජයවික්‍රම
සහය: කෝශලා කුමාරි

ඇය වෙන්වූ බව ඔබ දන්නේ නැහැ
ඇය පෙන්වා ඔබ සනසයි මා නිති
ඡායා දක්වන මායාවක් මුත්
මිහිරි සිහිනයන් පෙන්නූ
නින්ද ඔබ සුන්දර ය
මට බෙහෙවින් සුන්දර ය

ආදරය අහිමි වූ - දොම්නස උදා වූ
බිඳුණු හදවතට නෑ අතීතෙ සුන්දර
ආදරයෙන් ඈ මා වෙත කැන්දා
දෙදෙනා එක්කොට සනසයි මා නිති
වින්ද සුවය කෙටි මායාවක් මුත්
මිහිරි සිහිනයන් පෙන්නූ
නින්ද ඔබ සුන්දර ය
මට බෙහෙවින් සුන්දර ය

© Hemal Jayawickrama, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නුඹේ සුවඳ මුසු - කරුණාසේන කහටපිටිය

නුඹේ සුවඳ මුසු සුපෙම් විලේ
කිමිද නාමි නුඹෙ සුවඳ විලේ

වාන් දොරටු හළ යොවුන් අතීතයෙ
ගලා හැලෙන නිල් දිය ඇල්ලේ
නුඹේ සුවඳ මුසු සුපෙම් විලේ
කිමිද නාමි නුඹෙ සුවඳ විලේ

විරසක දෙගුරුන් හෙළුෑ සුසුම් වැල්
ලැව් ගින්නක් විය දිවි අරණේ
හදවිල දිනු මුල් සුවඳ සුපෙම් මල
ඒ ගිනි දැල්ලේ මිලින වුණේ

සුරඟනියේ නුඹෙ සුවඳැ'ල්ලේ
කිමිද නාමි නුඹෙ සුවඳ විලේ

© Karunasena Kahatapitiya

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, November 5, 2020

දහස් ගණන් බඹර කැලට - රසික සූරියආරච්චි

දහස් ගණන් බඹර කැලට පෙම් මදිරා බෙදනා
අමල්බිසෝ නුඹ මලකි ය මද සුළගේ සැලෙනා
බාඳුරා සුවඳ පැතිරී මගෙ ලෝකය පිරුණා
සිතේ උපන් කුළුඳුල් පෙම නුඹට දෙන්න සිතුණා

සුවඳ නුඹේ සතර අතේ ගව්වක සිට දැනුණේ
නුහුරු හැගුම් ගොන්නක් මැද හදවත කිති කැවුණේ
නුරා පිරුණු නෙතඟ බැලුම් ඔය සඳවන් මුහුණේ
මට වරයක් දෙන බව පවසනවාදෝ ළඳුනේ

මලෙක මෙලෙක නැත කිසිදා සිහිනෙන් වත් දැනිලා
කෝඩු සිතේ ආදරයක් නුඹ ගැන ඇත දළුලා
වසන්තයේ අරුණැල්ලේ සහන් සුවය විඳලා
සැබෑ කරන් මගේ බඹර සිහිනය රොන් පුදලා

© Rasika Suriyaarachchi, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සඳවතියේ නුඹ නාඬන් - ඥානතිලක හේවාගමගේ

සඳවතියේ නුඹ නාඬන්
අපට උරුම අපෙ තනියට
කුරුලු කැදැල්ලේ පැටවුන්
ඉගිල ගියේ යස අගේට

ඈත කැලේ තුරු වදුලක
බිජු දමාවි උන් දවසක
හොටට හොට තියා මුදු ලෙස
හාදු දේවි ආදරයට

පීරා ගොස් ඇහිඳ ඇවිත්
කුස් පුරවයි ආදරයෙන්
රෑ තිස්සේ තුරුලු කරන්
උණුසුම දෙයි සෙනේහයෙන්

අත්තටුවල වෙර වීරිය
නැගෙයි මවුගෙ හෙලු කඳුළට
උනුත් ඉතින් ඉගිල යාවි
යම් දවසක යස අගේට

© Gnanatilaka Hewa-Gamage, 2012

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, November 3, 2020

සීතල උදුවප් මාසේ - රසන්ත චන්ද්‍රසූරිය

සීතල උදුවප් මාසේ එක් පියකරු රාත්‍රියක
නගර කොනේ දිළිඳු ගව ලෙනේ
සතුට මිහිර තුරුළු කරන්
සාමයෙ පණිවිඩය අරන්
රෑ යාමේ ජනිත වුණා
ජේසු බිලින්දා

ඒ මැදියම් රාත්‍රියේ සීතල සුළඟේ දැවටී
දේවදූතයින්ගේ ගී දසත පැතිරුණා
අහස් කුසේ උදාගිරෙන් ලස්සන තරුවක් පායා
සොබාදහම මල් වැස්සෙන් ආසිරි පැතුවා
ජේසු බිලින්දා

යථාර්ථයද, මාර්ගයද, ජීවනයද මා වන්නේ
සතුරාටද ප්‍රේම කරනු කී සමිදාණෝ
අපේ කිලිටි ආත්මවල පව් සෝදා කමාව දී
විමුක්තියේ මඟ පෙන්වූ ඒ උතුමාණෝ
ජේසු බිලින්දා

© Rasantha Chandrasuriya, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, November 2, 2020

මේ පුංචි බංකුවේ - චන්ද්‍රා ආරච්චිගේ

මේ පුංචි බංකුවේ
පෙර දිනේ එක්වෙලා
ඔබ සමග ආදරේ
රස ගීය මිමිනුවා

හිරු කිරණ පරදලා
පෙම් සිසිල රජ කළා
වියළි කර්කශ සුළං
අපට පවනක් වුණා

ඔබේ වියොවින් මගේ
ලොවම යටිකුරු වුණා
සිසිල සනහස නැතේ
හදවත ද වියලුණා

මේ පුංචි බංකුවේ
සිටිමි අද තනිවෙලා
ජීවිතය මෙන් ඇතේ
බංකුව ද ඉරිතලා

© Chandra Arachchige, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, November 1, 2020

බාලිකාවියේ - චන්ද්‍රා ආරච්චිගේ

බාලිකාවියේ, බාලිකාවියේ
දහස් නෙතින් බැලුම් ලබන බාලිකාවියේ
ආදරයෙන් කුල්මත් වූ
බාලිකාවියේ

ඔහු දෙනෙතින් එවූ හීය ඔබේ හදවතේ ඇනුණා දෝ
නුපුරුදු රසයක් පිළිබඳ ආශාවක් ඇති වූවා දෝ
බාලිකාවියේ, බාලිකාවියේ

ඔබේ හදේ ලැගුම් ගන්න ඔහුගෙ හදට ඉඩ දුන්නා දෝ
බඹර කුලේ ස්වයංවරය ඒ සැණෙකින් නිම වූවා දෝ
බාලිකාවියේ, බාලිකාවියේ

බාලිකාවියේ, බාලිකාවියේ
යොවුන් වියේ මිහිර විඳින බාලිකාවියේ
ආදරයෙන් මන්මත් වූ
බාලිකාවියේ

© Chandra Arachchige, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, October 30, 2020

ගිරි හිසින් පනින - ෂාමලින් පෙරේරා

ගිරි හිසින් පනින දිය ඇලි දැක නිලෙන් පැසෙයි කුඹුරූ
විහඟුනගෙ ගී සරින් මනලොල් සවන් පිනන අයුරූ
සිරි සිරියෙන් වැටෙනා තුෂාර කරවයි මන සොඳුරූ
මල් වටා රඟන මී මැසි කැල සදතේ පැණි මියුරූ

මඳ නල සිප අප ගත දවටා නිවන්න සරතැස
දෙනෙතින් අසිරිය උකහා ගෙන බෙදන්න සිසිලස
ගස් වැල් රැක ගෙන සතුනට නිති පුදන්න සෙනෙහස
සොබාදහම් කුමරියනේ හෙලන්න මදහස

සඳ රේණු වැටී මවන රටා හරිම උදාරයි
තරු දිලී වලා තුළින් එබෙන අයුරු අපූරුයි
පරිසරයෙ සිරිය රැකගන්නට සැවොම එක්වෙමූ
තුරු වියන් බැඳුණු හරිත ලොවක් උරුම කරගමූ

© Sharmaline Perera, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

එකමුතු වී පියඹා යති - එඩ්වින් පේමජයන්ත විතානගේ

එකමුතු වී පියඹා යති කුරුලු රෑන්
මිතුරු කමින් පීනා යති මාළු රෑන්
මිනිස්කමක් ඇති වෙන්නේ මිතුරු කමින්
ජීවිතයක් ලස්සන වෙයි මිනිස්කමින්

සිංහ පැටව් තරහෙන් දෝ ගොරවෙන්නේ
හරක් පැටව් බය වී දෝ දිවයන්නේ
වයිර සිතින් දෝ සර්පයො දඟලන්නේ
තමන් නිසා ඇයි තමන්ම දුක් වෙන්නේ

මෝඩකමට සිතේ තරහ ඇති වෙන්නේ
ඉරිසියාව තරහට කරුණක් වෙන්නේ
තරහ වැඩි වුණොත් වයිරය උපදින්නේ
තරහ නැති සිතෙන් සිනහව මතුවෙන්නේ

© Edwin P Vithanage, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිරු මිලින වී - රසන්ත චන්ද්‍රසූරිය

හිරු මිලින වී අඳුර පැතිරෙයි සඳු වළාවක සැඟවිලා
තවත් දිනයක් නිමා වී ඇත දුකෙන් බර සිත ගොළුවෙලා

උදේ සුපිපෙන සොඳුරු පියුමන් සැඳෑ සමයේ මිලින වේ නම්
එක්ව හිනැහුණු යොවුන් දෙහදක් වේදනාවෙන් වෙන්ව යා නම්
සිතක ඇතිවුණු සියලු පැතුමන් සිඳී සුළඟේ විසිර යා නම්
හඬනු කුමටද තැවෙනු කුමටද මගේ උරුමය මෙලෙස වේ නම්

ලැබුණි නම් එක් සොඳුරු බැල්මක් මා ඔබේ දෙස බලන මොහොතක
ලැබුණි නම් එක් සිනාවක් හෝ මුතු දසන් රත් ලවන් මැදිකොට
ඇසුණි නම් පිය තෙපුල් වදනක් සදාකල් මා මන රැඳෙන්නට
නොවෙනු ඇත මට මේ ලෙසින් අද දුක් සුසුම් මැද කඳුළු බොන්නට

© Rasantha Chandrasuriya, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සියලු ගස්වැල් - රසන්ත චන්ද්‍රසූරිය

සියලු ගස්වැල් රුදුරු නියඟින් විඩාපත් වී නැසී ගියෙදෝ
පොකුණු ගංගා වැව් සිඳීලා පොළොව වියලී පැලී ගියෙදෝ

සුදෝ සුදු එක් රෝස කැකුළක පෙති හැලීලා මිලින වුණි දෝ
සොඳුරු නිල්වන් ඒ දෙනෙත් මට සදාකල්හිම අහිමි වුණිදෝ

අන්ධකාර ව තිබුණු මගෙ ජීවිතය ඔබගෙනි එළිය කෙරුණේ
මිහිරියේ ඔබගෙන් ය මගෙ හදවතේ පාළුව කෙමෙන් මැකුණේ

මැරුණු විට මා නුදුරු දිනකදි ප්‍රියේ මාගේ නිසල මුහුණේ
නැඟුණොතින් හසරැළි පොදක් ඒ ඔබටමය මා සොඳුරු ළඳුනේ

© Rasantha Chandrasuriya, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අප්පච්චී - පූජ්‍ය කුඩාගල කෝවිද හිමි

ගේයපද රචනය: පූජ්‍ය කුඩාගල කොවිද හිමි
සංගීතය: ක්‍රිශාන්ත වීරසිංහ
ගායනය: දිනාලි සෝමවීර

අප්පච්චී ඔබ කොයිබද යන්නේ
අප හැරදා මෙලොවින් සමුගෙන
බැහැ වාවන්නට මගෙ හද ගැහෙනව
කවද දකින්නද යළි ඔබ අප්පච්චී
කවද දකින්නද යළි ඔබ අප්පච්චී

අප වෙනුවෙන් ඔබ දහදුක් වින්දා
මහමෙර සේ හද සෙනෙහස රන්දා
ගැහුවත් රැවුවත් ඔබ මට ඉඳහිට
සෙනෙහස තිබුණා ඔබගේ හද යට
අප්පච්චී මගෙ ආදර අප්පච්චී

වැටහුණ නැතිමුත් එදවස එය මට
දැන්නම් වැටහෙනවා මට හොඳටම
බැන්නත් ඔබ හට ඒවට ඉඳහිට
සමාවෙන්න අප්පච්චී ඒවට
අප්පච්චී මගෙ ආදර අප්පච්චී

අප්පච්චී ඔබ කොයිබද යන්නේ
අප හැරදා මෙලොවින් සමුගෙන
බැහැ වාවන්නට මගෙ හද ගැහෙනව
කවද දකින්නද යළි ඔබ අප්පච්චී
කවද දකින්නද යළි ඔබ අප්පච්චී

© Rev Kudagala Kovida, 2020

ගීතය අසන්න, නරඹන්න.

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, October 29, 2020

වසන්තය ගෙවී යන වෙලාවට - අසිත උදයංග

ගැ     වසන්තය ගෙවී යන වෙලාවට
පිච්ච මල් ඇද හැළෙයි රටාවට
පි     තනිවෙලා ගෙවන දුක් විඩාවට
අවසරද සමු දෙන්න මතකයට?

පිදොළොස් වසකට පසුව අද දිනේ
විඩාබර ඔබේ නෙත් හමුවුණේ
ගැනිල බලය දැරූ ඔබ අභිමුවේ
නීතියද සෙනෙහසද පැරදුණේ

පිනැතිබැරිකමට මිල මුදලට වෙන්න ඇතී
අතීතයේ මා තනිකර යන්න ඇතී
ගැලෙහුණා සළුව මුදලට යට වෙලා නිතී
දෛවය මට දුන්නු දඬුවම මෙයයි සකී

පිවසන්තය ගෙවී ගිය වෙලාවට
පිච්ච මල් ඇද හැලුණි රටාවට
ගැතනිවෙලා ගෙවූ දුක් විඩාවට
අවසරයි සමු දෙන්න මතකයට!

© Asitha Udayanga, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මට එන්නට ඇත්නම් - රසික සූරියආරච්චි (ගායනය: පාරමී කුරුප්පු)

තනුව සහ සංගීතය: සුරේෂ් මාලියද්ද
ගායනය: පාරමී කුරුප්පු

මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා
කුරුල්ලෙකු වගේ තටු සළලා
ඔසී රටේ සිඩ්නිපුරෙන්
සුන්දර සිරි ලංකාවට
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා

පැසිපික් මහ සාගරයේ තල්මසුන්ගෙ තතු කියන්න
නිල් වදුලේ කැන්ගරුවෝ දුවන පනින හැටි කියන්න
සිඩ්නි පුරේ, ඔපෙරා මැදුරේ
නෙක විසිතුරු කියා දෙන්න
උලුරු ගලේ, මරේ ගඟේ
කතන්දරේ කියා දෙන්න

මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා

සමනල කඳු මුදුන උඩින් හිරු පායන හැටි බලන්න
අනුරපුරේ සිරි මහ බෝ, අටමස්ථානය වඳින්න
පොළොන්නරුවෙ, සීගිරියේ
නටඹුන් මැද ඇවිද යන්න
තිසාවැවේ, පැරකුම් සයුරේ
සීතල වතුරෙන් නාන්න
මට එන්නට ඇත්නම් ඉගිල්ලිලා

© Rasika Suriyaarachchi, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, October 27, 2020

ගසකට පුළුවන්ද - අසිත උදයංග

ගසකට පුළුවන්ද මල් එල නොපතන්න
සඳකට පුළුවන්ද තරුකැට නොපතන්න
අඳුරට පුළුවන්ද තනිකම දුරලන්න
මා හට පුළුවන්ද ඔබ නැතිවම ඉන්න

අත අල්ලනා හැම විට අත මග හැරුණා
හිත ඉල්ලනා විට හිත පතුලට කිඳුණා
මග සොයනා විට දි මගතොට මග හැරුණා
ඔබ සොයනා විට දි ඔබ දුර ගොස් තිබුණා

දුක බර වැඩියි ඊයම් බරුවකට වඩා
සුසුම රළු වැඩියි සුළි සුළඟකට වඩා
අඳුර ඝන වැඩියි අඳ නෙත් දෙකට වඩා
මතකය ළඟ වැඩියි ළඟ උන් ඔබට වඩා

© Asitha Udayanga, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මුවැත්තියකගෙ වගේ - රසන්ත චන්ද්‍රසූරිය

මුවැත්තියකගෙ වගේ දිගටි නිල් නෙත් සඟළ
සිනාවෙන් පිරී ගිය ඔබෙ සිඟිති මුව කමල
නොදැක ඉන්නට නොහැක
මා නෙතට මොහොතකට

රෝසමල් පරදවන ඔබේ සුන්දර මුහුණ
පෙනෙනවා බොහෝ විට සිහිනයෙන් පවා මට

ඒ සොඳුරු සුව දසුන ලබාගන්නැයි විගස
මගේ සිත මගේ නෙත වහා මට අණ කරයි

මගේ නෙත් ඒ නිසයි පියාඹා දුවන්නේ
ඔබෙ දසුනෙ ඇති අමිල සුව පහස විඳින්නේ
නමුත් ඇයි ප්‍රියේ ඔබ මදෙස නොබලන්නේ
ඔබෙ දෙනෙත් මගෙ දෙනෙත් මන්ද හමුනොවන්නේ

© Rasantha Chandrasuriya, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සිරි සිරියට මල් වැහි පොද - සේන ගුණසේකර

සිරි සිරියට මල් වැහි පොද අඳුරට ගොම්මන් යාමේ
සොඳ නැටුම් නටන වැහි කැට තණ බිස්සෙදි බිඳුණා වේ
වා කවුළු දොරෙන් සීත සළුව මගෙ ගත වෙළුණා වේ
උණු කෝපි කොහෙද මගේ මුවට සීතල දැනුණා වේ

චණ්ඩ සුළඟ තුරු අඹරා ගෙට එබිකම් කෙරුවා
නුඹ නතර කරල දොර වහන්න මැණිකේ අද නැතුවා
මුළුතැන්ගේ හරි පාළුයි ලිප ගින්දර නිවිලා
ගෙයි පහන නැතිව අද කලින්ම බිම් කළුවර වැටිලා

පමා වෙලා ගෙට ආවට මල් පැණි තොල ගාලා
මගෙ මැණිකේ මහ ගෙදර ගියා අමනාපෙන් ඔරවා
වැහි කුණාටුවේ හිත් ගින්දර අරගෙන ඉගිලීලා
මගෙ පහන් තරුව අරන් වරෙන් ශෝක සුසුම් මකලා

© Sena Gunasekara, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

දවස එළැඹෙන්නේ දුකින්මය - රසන්ත චන්ද්‍රසූරිය

දවස එළැඹෙන්නේ දුකින්මය
දවස නිමවෙන්නේ දුකින්මය
ඒ අතර සතුටක් ලැබේ නම් එය මහා පුදුමයක් වේමය

කරුමෙ කියලා දුකින් තැවිලා
සෑමදාමත් සිටිය හැකි දෝ
පූරුවේ කළ පවකි සිතලා වේදනා ඉවසන්න හැකිදෝ

පිපී පරවෙන ඉපදි මිය යන
ලොව තිබෙන්නේ මෙවැනි දහමකි
සදා සැනසුම ඕනෙ නෑ මට මද සිනාවත් අමිල සැපතකි

© Rasantha Chandrasuriya, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අඩක් දිවියෙන් ගතවෙලා - රසික සූරියආරච්චි

අඩක් දිවියෙන් ගතවෙලා
හිතත් වයසට පත්වෙලා
හෙටක් එනතුරු සැපෙන් සපිරුණු
කොතෙක් ඉන්නද ඉවසලා

පතොක් කටු පිරි ජීවිතේ
මෙතෙක් ආ මග කෙළවරේ
කොතෙක් බිම්මල් පිපී තිබුණද
තෙතක් සිසිලක් එහි නැතේ

දවස් එක දෙක එකතු වී
තවත් වසරක් යයි ගෙවී
ලදොත් සතුටක් එක් දිනක හෝ
දහස් සැරයක් හිනැහෙමී

© Rasika Suriyaarachchi, 2002

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, October 26, 2020

සතුට සොම්නස - රසන්ත චන්ද්‍රසූරිය

සතුට සොම්නස මිහිර සැනසුම ඇයිද මට හිමි නොවන්නේ
දුකට කඳුළට යටත් වෙන්නද මේ ලොවේ මා උපන්නේ

මගේ දිවියේ තිබෙන බොල් බව කාටදෝ වෙන දැනෙන්නේ
මගේ හදවත ගයන දුක් ගී නැතිද කෙනෙකුට ඇසෙන්නේ

මේ පවින් මා මිදෙන ලකුණක් කෝ නැතිය ඈතකින්වත්
මා සිනා වී සිටින මොහොතක් දුටුවෙ නැත හීනෙකින්වත්

© Rasantha Chandrasuriya, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබෙ ලස්සන දිගටි දෑස - රසන්ත චන්ද්‍රසූරිය

ඔබෙ ලස්සන දිගටි දෑස
මා හද දිනු සොඳුරු දෑස
අනෝතත්ත විලේ පිපුණු නිලුපුල් වූ නිසා නොවේ
මා සිත ඔබ වෙත බැඳුණේ
ඔබෙ ඇස් නිසා නොවේ

නිරතුරුවම හසරැල්ලක්
නැගී තිබෙන මුහුණ ඔබේ
තරු රැස පිරිවරණා ලද සඳ මඩලක් නිසා නොවේ
මා සිත ඔබ වෙත බැඳුණේ
ඔබ වත නිසා නොවේ

ඔබේ අහිංසක සිනාව
ඒ නිරහංකාර බැල්ම
මුසු සුන්දර සුව දසුනෙන් මා හද පිබිදුණු නිසාය
ගල් ව තිබුණු මගේ හදවත ඉන් ජීවය ලද නිසාය
මා සිත ඔබ වෙත බැඳුණේ ඒ නිසාය, ඒ නිසාය

© Rasantha Chandrasuriya, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, October 25, 2020

ඔටුනු පළන් රැජින ඔබයි - රසන්ත චන්ද්‍රසූරිය

ඔටුනු පළන් රැජින ඔබයි මගේ සිහින ලොවේ
මගේ හදවත ගයනා ගී ඇසෙනවාද ප්‍රියේ

සරා සඳෙන් කැලුම් පෙරා සැදුණු ඔබේ නෙතේ
ඇති කැල්මෙනි මගේ හදේ අඳුර මැකී ගියේ
රෝසමලට නිගා කරන සුන්දර ඔබ මුවේ
රැඳී තිබෙන සිනහව මට ලොකු සැපතකි ලොවේ

මුළු දවසම ඔබ ගැන මට සිතන්න දේ ඇතේ
මගේ සිතේ වේදනාව එවිට මැකී යතේ
මෙතෙක් මගේ සිහින ලොවේ රැජිනිය වුණු ප්‍රියේ
සැබෑ ලොවෙත් මගේ රැජින වෙනු මැන කුමරියේ

© Rasantha Chandrasuriya, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, October 24, 2020

තල් ගස් දේසේ - හේමාල් ජයවික්‍රම

තල් ගස් දේසේ අස්වැද්දෙන්නේ
ජනපද ඉදිවී සිත් පෑරෙන්නේ
භේදය වපුරා රට කරවන්නේ
මුළු රට සූරා සම්පත් ගන්නේ

කලාකරුවාණනේ, සහෘදයානනේ
පවිටු බවින් ආත්මාර්ථය සලකා
රජු සනහා ස්තෝත්‍රය ගයනා
නෙක කැනහිලුන් පරදා
නැගී සිටිනු මැනැවී

පන්සල් කෝවිල් යා කරමින් නිති
පෙම් සබැඳුම් ගැන ගී ලියුවා ඇති
නුහුරු ඇඳුම් ආයිත්තම් ගන්වා
සාමයෙ සමගියෙ අත්වැල් නංවා
රිදී තිරයෙ වේදිකාවෙ සරුවට
නාටක පෑවා දැන් හොඳටම ඇති

කලාකරුවාණනේ, සහෘදයානනේ
පවිටු බවින් ආත්මාර්ථය සලකා
රජු සනහා ස්තෝත්‍රය ගයනා
නෙක කැනහිලුන් පරදා
නැගී සිටිනු මැනැවී

© Hemal Jayawickrama, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, October 23, 2020

ආදරයෙ මුල්ම කව - ෂාමලින් පෙරේරා

අම්මා

ආදරයෙ මුල්ම කව
සිත තැවරු සඳුන් සුව
මියුරු ඒ ගී රාව
සෙනේ ගඟ අම්මා

සෙනෙහසේ නවාතැන
අඳුරු ලොව මිණි පහන
ළබැඳි සුසුමින් බැඳුණ
පින් කෙතයි අම්මා

ඔබයි මගෙ පිය තෙපුල
නොනිමෙනා පහන් සිළ
දිවි මගේ සුනිල විල
රස කැලැතු අම්මා

තම සුවය පරදු කොට
මා සුවය පෙරටු කොට
දිවි මගේ පහන් වැට
එකලු කළ අම්මා

ගියත් ඔබ මා අතැර
ළඟ දැනෙයි මට නිතර
අමා පොද භව කතර
මගේ සුදු අම්මා

© Sharmaline Perera, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

පණක් පණ ලෙස - අසිත උදයංග

පණක් පණ ලෙස සිතන්නට බැහැ
මටත් මගෙ සිත අයිති නැති කොට
විටක හිනැහෙන විටක හඬවන
ජීවිතය ගැන මොටද අබිමන

ජීවිතේ දුක සැප ලෙසේ
සුළඟ අඩු වැඩි වෙන වරේ
පහනෙ දිවිපෙත ලියවිලා ඇත
සුළං පහරට රිසි ලෙසේ

දිලෙන්නට එක දිගට සිතු ලෙස
පතමි පැතුමක් මතු භවේවත්
එපා සුළගේ මෙලෙස එන්නට
පහනෙ දුක ගැන නොම දැනේ නම්

© Asitha Udayanga, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, October 21, 2020

යොදුන් මග දුර ගෙවා - අසිත උදයංග

යොදුන් මග දුර ගෙවා වෙහෙසින්
පවුරු බාධක මතින් ගලමින්
සයුර තොටමුණ පෙනෙන අබියස
පුංචි කැකුලිය දිටිමි සැණෙකින්

දියට බර වී සැලෙන නුඹගේ
රතට දිලිසෙන තොල් පියල්ලක්
ගල් කුලක නැග සෙමින් ඉස්සී
වැළද ගන්නට නොමැත සවියක්

නැවත හැරෙනට කොතෙක් සිතුවද
සයුර රළ පෙළ අත වනයි නම්
සිතෙන් නුඔ සිඹ නොහිමි සැනසුම
සයුර තෙර මත මුසු කරන්නම්

© Asitha Udayanga, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ගහ කොළ දළු දා නිල්ලේ - ෂාමලින් පෙරේරා

අවුරුදු උදාව

ගහ කොළ දළු දා නිල්ලේ
නෙක නෙක මල් සැරසිල්ලේ
අතුවල බැඳි ඕවිල්ලේ
පැද්දෙමු අපි නැළැවිල්ලේ

කිට්ටුයි කිට්ටුයි අවුරුදු
පොට්ටුයි පොට්ටුයි එරබදු
වළලු නටන දෑත් සුමුදු
රබන් හඬින් ගම ම පුබුදු

පිනි පොද සිරි සිරි වැටෙනා
නව හිරුහට ආවඩනා
කොවුල් තුඩින් ගී ගැයෙනා
කජු පුහුලන් පැණි පෙරෙනා

රතිඤ්ඤ ඩොන් චට පට පට
රස පිරි අතිරහ අපහට
අලුත් ඇඳුම් සැම ගත වට
නව අවුරුදු ජයයි අපට

බුලත් හුරුළු දෑත පුරා
නෑදෑ කැල සපිරි වරා
හෙළ අවුරුදු සිරිත් පුරා
පිබිදෙමු නව ලොවක් කරා

© Sharmaline Perera, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, October 20, 2020

දුර හන්තානේ - රසික සූරියආරච්චි

සමුගැනීම

දුර හන්තානේ උස් කඳු මුදුනේ
පායා දිලෙනා පුංචි තාරුකා
කාටද පාර කියන්නේ?
මහවැලි ඉවුරේ මඳනල අතරේ
මුසු වී ඇසෙනා මියුරු ගීතිකා
කා වෙනුවෙන්ද ගැයෙන්නේ?

සරසවි උයනේ මන්දිර සෙවණේ
ගත කළ සමයක සොඳුරු නිමේෂය
නෙත් ඉදිරියෙහි මැවෙන්නේ
පෙර සංසාරේ කළ පින් මදි දෝ
හදවත මඩිනා විරහ වේදනා
මේ ලෙස දෑස තෙමන්නේ?

මේ ගංගාවේ සුදු මල් පාවේ
මිය ගිය සෙනෙහස නටඹුන් අබියස
කණ කොක් සුදය දිලෙන්නේ
විහඟ ගීතයේ වැයෙන තාලයේ
ජීවිතයේ කොටසක් ලියවුණිදෝ
හෙට ඇයි හිරු පායන්නේ?

© Rasika Suriyaarachchi, 2005

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හන්තාන කඳු වැටිය සිප එන - ෂෙල්ටන් පීරිස්

ඇසේ බොඳවන පැරණි සිතුවම්
මෙසේ කොළවල අඳින්නම්
සිතේ මතුවන මතක සටහන්
මෙසේ කවිකොට ලියන්නම්

තුටින් පාසැල් දිවිය සමුගෙන
තක්සලාවක් සොයා ආයෙම්
මනස සැනසුන නිසල බිම සිට
ශිල්ප සෙව්වෙමි පිපාසාවෙන්

තරුණ කල කෙළිදෙලෙන් සිප් කළ
සොඳුරු යුගයක් දකින රිසියෙන්
එදා සුපුරුදු ගිය මග ම අද
සිතින් හිමිහිට ඇවිද යන්නම්

හන්තාන කඳු වැටිය සිප එන
සිහිල් සුළඟක පහස විඳිමින්
කලාගාරය අසල පඩි පෙළ
වාරුගෙන හිමිහිට බසින්නම්

මහවැලිය පෙර සේම තවමත්
තුටින් හිනැහී ගලා යන බව
සදා නොමියන මතක අතුරින්
මෙසේ සටහන් කොට තබන්නම්

© Shelton Pieris, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අකුරු පිරූ - කරුණාසේන කහටපිටිය

බත් කට

අකුරු පිරූ කිරි කොක්කු රෑන අපි
හඹා ආවෙ බත් සැළිය බලා
ගොම මැටි ගෑ බිම පුංචි පිඟන් හය
තාලෙට එලුවේ සිනා සලා
බෙදූ බතින් මා නංගි මල්ලි කැල
සනහා ආදර බස් දොඩලා
සැළියේ පතුලට එබී බැලූ මට
දංකුඩ පමණක් ඉතිරි වෙලා

බෙදූ පළමු පත කෙසෙල් දළුවෙ ලා
මැද ගෙයි මේසේ රැකවල්ලා
කම්හල් දොර වෙත දුවන්න කලියෙන්
අම්මා කළ දෙය මතක් වෙලා
දරාගන්න බෑ බඩගිනි ඇවිලෙයි
මැද ගේ මේසෙට පිය නගලා
කෑවේ ගැහි ගැහි එකම කටයි මා
අත්පා සියොළඟ හද සැලිලා

හිරුත් එන්න පෙර වැල්ලට පැදලා
ගම් බිම් පීරා මොර ගාලා
ගෙට පා නැගුවේ බත්පත වෙත නෙත
ලෝලෙන් දැහැනේ සම වැදිලා
දිග හැර බැලුවා මා දෙස බැලුණා
දංකුඩ සැළියෙත් පත්ල බලා
ඇයි බුදු තාත්තෙ නුඹෙ මුළු බත් පත
කන්නට කීවේ සුසුම් හෙළා

© Karunasena Kahatapitiya, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, October 19, 2020

පිය සෙවණ අහිමි පොළොවේ - සේන ගුණසේකර

පිය සෙවණ අහිමි පොළොවේ
මවු සෙනේ ළඟයි වැඩුණේ
වන මලක් වගේ සුවඳයි
නුඹ මගේ පුංචි නැගනී

සෙයිලමේ සිරව ඉන්නේ
කම්හලේ රෙදි මහන්නයි
අපි දිවි හිමියෙන් මහපූ
නුඹෙ ලෝකෙ ඉරා නොගනින්
මට දරා ගන්න බැරි වෙයි
මගෙ සුරතල් පොඩි හාවී

යක් දෙබරු වටේ කැරකෙයි
මල් සුවඳ නුඹේ උදුරයි
සුරැකිලා ඉන්න බැරිනම්
යළි ගමට වරෙන් ඉගිලී
මගෙ දෑත දෙපා වාරුයි
නුඹ බරක් නෙවෙයි පැංචී

© Sena Gunasekara, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

පහන් සිළ ඔබ ළඳේ - රසික සූරියආරච්චි

පහන් සිළ ඔබ ළඳේ

දුරාතීතේ සිහින සමයක
විදා හරිමින් සඳක සිසිලස
හදේ කෙළවර සෙමෙන් දැල්වුණු පහන් සිළ ඔබ ළඳේ
අඳුරු මා ලොව එළිය කරවූ පහන් සිළ ඔබ ළඳේ

මියුරු ගී පදයක තාලයට
සෙමෙන් නැළැවී මුදා සනහස
මගේ දෙනයන වශී කර වූ පහන් සිළ ඔබ ළඳේ
නිමේෂයකට හෝ ලොවේ ඇති
සොඳුරු බව මා නෙතට පෙන්වූ පහන් සිළ ඔබ ළඳේ
සදාකල්හිම ඔබ මගේ යැයි
පැතුම් ගොන්නක් ජනිත කර වූ පහන් සිළ ඔබ ළඳේ

මගේ කළ පින් මදි වුණා දෝ
යළිත් අඳුරේ දිවිය ගිල්වා
මා සදා කල් තනි කළා වූ පහන් සිළ ඔබ ළඳේ
සැපේ අවසන දුක නියත බව
ලෝ දහම් අට මට කියා දුන් පහන් සිළ ඔබ ළඳේ

© Rasika Suriyaarachchi, 2005
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, October 18, 2020

වලාකුළක් හෙමින් හෙමින් - පාලිත ගනේවත්ත

සඳ සොඳුර

වලාකුළක් හෙමින් හෙමින් සඳ මඬලට ළංවන්නේ
ඔබත් මමත් පෙමින් බැඳුණු අතීතයයි සිහිවන්නේ

සඳ මඬලයි වලාකුලයි හාදු දිදී නැලවෙන්නේ
ඔබත් මමත් අපේ ලොවේ තනිවුණු හැටි සිහිවන්නේ

වැට අයිනේ පිච්ච වැලයි සඳ එළියෙන් දිලිසෙන්නේ
මුවග ඔබේ නිබඳ රැඳුණු මඳ සිනහව සිහිවන්නේ

අඳුරු වලාවක් පායා සඳ මඬලම සඟවන්නේ
විරසක වූ දිනක ඔබේ මුහුණයි මට සිහිවන්නේ

මිදුල පුරා සුදු වැල්ලයි සඳ එළියෙන් නැහැවෙන්නේ
සඳ කැන් පරදන ඔබගේ මුව හසරැලි සිහිවන්නේ

© Palitha Ganewatta, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

බෝමළුවේ උඩ - පාලිත ගනේවත්ත

පොඩි සාදු

බෝමළුවේ උඩ අහසේ හඳ මුදුන් වෙලා
සුදු ඇඳගත් පොඩි දරුවන් දුව පැන නැටුවා
පොඩි සාදුට දුක හිතිලා බලා ඉන්නවා
සිල් සුවඳත් අරගෙන හිත කොහෙද ගිහිල්ලා

මැදියම් රෑ නින්ද නැතිව සුසුම් හෙළන්නේ
ගෙදර තනිව ඉන්නා අම්මා සිහිවන්නේ
අඳනකඩය තෙමෙනකම්ම දෑස පිසින්නේ
පුංචි සිතේ වේදනාව කඳුළක් වෙන්නේ

සමනල සිතිවිලි පිරිච්ච හිස මුඩු කරලා
කසාවතින් ළපටි බොළඳ හද සඟවාලා
සිඟිති කටින් පිරිත් දහම් වනපොත් කරලා
පොඩි සාදුගේ පොඩි ඇස් දෙක කඳුළින් තෙමිලා

© Palitha Ganewatta, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, October 17, 2020

තරු නෙලා ගෙනල්ලා - සේන ගුණසේකර

පෙම් කවිය!

තරු නෙලා ගෙනල්ලා
සඳ දියෙන් දොවන්නම්
මාලාවක් ගෙලේ දමන්නම්
දේදුන්න ගෙනෙන්නම්
ඔබ හිස පළඳන්නම්
සිහින ලොවේ රැජින කරන්නම්
කිසිදා ඔබ අවදි නොවේ නම්

හිස් ආකාසෙ පුරා
පෙම් කවිය ලියන්නම්
වලාකුළෙන් එය සරසන්නම්
වැහි බිංඳු ගෙනල්ලා
එකිනෙක අමුණන්නම්
මාළිගාව එයින් තනන්නම්
ඔබ පොළොවේ පා නොතබයි නම්

කප්රුක ගෙනැ⁣විල්ලා
ගෙයි මිදුලේ තබන්නම්
ඔබේ පැතුම් එහි එල්ලන්නම්
මීදුම් සේල ගෙනල්ලා
මල් පාට ද තවරාලා
පෝරුව මත දී අන්දන්නම්
ඔබේ තෙවැනි ඇස නොපෙනේනම්

© Sena Gunasekara, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, October 11, 2020

උඩට උඩුවියන් - ඥානතිලක හේවාගමගේ

උඩට උඩුවියන් කුමටද අහස තියෙනවා
පයට පාවාඩ කුමටද පොළොව තියෙනවා
සලන චාමරත් කුමටද සුළඟ තියෙනවා
හිත ඇත්නම් පත කුඩාද කියල තියෙනවා

ශිල්ප සදන තක්ෂිලාව දුරින් පෙනෙනවා
රන් මිරිවැඩි නැති වුණාට ගමන තියෙනවා
සිදාදියේ චංචල බව සිත පටලනවා
ඒත් පුතුනි දිරි ලැබෙන්න පැතුම් පතනවා

සුර ලෝකේ රැස්මාලා වට විහිදෙනවා
මුතු කුඩ නැති වුණාට පුත සුරත තියෙනවා
නංගි මල්ලි නුඹ යනු දැක කඳුළු පිසිනවා (සලනවා)
මමත් පුතුනි ඉණි වැට ළඟ බලා ඉන්නවා

© Gnanatilaka Hewa-Gamage, 2015
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, October 9, 2020

ඔබට අහිමි ලොව - ෂෙල්ටන් පීරිස්

ගේයපද: ෂෙල්ටන් පීරිස්
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: ක්‍රිස්ටෝෆර් වීරතුංග
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

ඔබට අහිමි ලොව මා රජ කරවා
මා වියතෙක් වී නැවතත් එන තුරු
බලා නොසිට ඔබ නො එනා ගමනක
අපි හැම තනි කරලා කොහේද ගියේ අම්මේ
අපි හැම තනි කරලා කොහේද ගියේ අම්මේ

වැදු මව් හැදු මව් කිරි මව් ඔබ වී
මට බුදු විවරණ දී
ඔබ දැල්වූ ඒ පහනේ සිළුවෙන්
බබළයි සුවඳ පිරී
එපා යන්න මා හැර කිසිදා

ඔබට අහිමි ලොව මා රජ කරවා
මා වියතෙක් වී නැවතත් එන තුරු
බලා නොසිට ඔබ නො එනා ගමනක
අපි හැම තනි කරලා කොහේද ගියේ අම්මේ
අපි හැම තනි කරලා
නුඹ කොහේද ගියේ අම්මේ

මෙම පදමාලාව සහිත ගීතය දෙවන වරට මෙලෙස ගායනා විය.

ගායනය: ගාමිණී වීරක්කොඩි

ඔබට අහිමි ලොව මා රජ කරවා
මා වියතෙකු වී නැවතත් එනතුරු
බලා නොසිට ඔබ නොයනා ගමනක
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා

දෛවය පරදා ජය මඟ හෙළි කළ
මා හැදු මගෙ අම්මා
මෙතේ බුදුන් දැක නිවන් දකින තුරු
ඔබ මගෙ මව් වේවා
එපා යන්න මා හැර කිසිදා

ඔබට අහිමි ලොව මා රජ කරවා
මා වියතෙකු වී නැවතත් එනතුරු
බලා නොසිට ඔබ නො එනා ගමනක
කොහෙද ගියේ අම්මේ අප හැම තනි කරලා
කොහෙද ගියේ අම්මේ අප හැම තනි කරලා

වැදු මව් හැදු මව් කිරි මව් ඔබ වී
මට බුදු විවරණ දී
ඔබ දැල්වූ ඒ පහනේ එළියෙන්
බබළයි සුවඳ දිදී
අම්මේ ඔබ ගුණ ගයමි නිතී

ඔබට අහිමි ලොව මා රජ කරවා
මා වියතෙකු වී නැවතත් එනතුරු
බලා නොසිට ඔබ නො එනා ගමනක
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා

පසුව, නව සංගීත සංයෝජනයෙන් යුතුව මෙලෙස ද ගායනා විය.

නව සංගීත සංයෝජනය: ඉන්දු ප්‍රේමතිලක / මහින්ද බන්ඩාර
ගායනය: හේමාල් ජයවික්‍රම

ඔබට අහිමි ලොව මා රජ කරවා
මා වියතෙක් වී නැවතත් එනතුරු
බලා නොසිට ඔබ නොයනා ගමනක
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා

දෛවය පරදා ජය මඟ හෙළි කළ
මා හැදු මගෙ අම්මා
මෙතේ බුදුන් දැක නිවන් දකින තුරු
ඔබ මගෙ මව් වේවා
එපා යන්න මා හැර කිසිදා

වැදු මව් හැදු මව් කිරි මව් ඔබ වී
මට බුදු විවරණ දී
ඔබ දැල්වූ ඒ පහනේ එළියෙන්
බබළයි සුවඳ දිදී
අම්මේ ඔබ ගුණ ගයමි නිතී

ඔබට අහිමි ලොව මා රජ කරවා
මා වියතෙක් වී නැවතත් එනතුරු
බලා නොසිට ඔබ නො එනා ගමනක
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා
කොහෙද ගියේ අම්මේ, අප හැම තනි කරලා

© Shelton Pieris, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

උදෑසනක පිපි - රසික සූරියආරච්චි

ගේයපද රචනය: රසික සූරියආරච්චි
තනුව: හේමාල් ජයවික්‍රම
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක/මහින්ද බන්ඩාර
ගායනය: ලතා වල්පොල සහ හේමාල් ජයවික්‍රම

හේමාල්:    ආ ආ ආ ආ
උදෑසනක පිපි කුසුමක් සේ සුවඳ දසත පතුරා
සදාතනික ආදරයක් ගැන සොඳුරු පැතුම පතලා
ලතා: ආ ආ ආ
වලා රොදක සිත පා කරලා මියුරු සිහින මවලා
කුමාරයෙක් ඇවිදින් මගේ සිතට පවන් සලලා

හේමාල්: ගිරි හිස මුදුණින් හිරු බැස යන අරුම ලෝකයේ
සඳ කිරණක වුව පෙර සුව දුන් සිසිල නොම තියේ
ලතා: අමතක කර ඒ දුන් සිතුවිලි මොහොතකට රැයේ
සුළඟේ දැවටෙන ඔබෙ සුවඳට තුරුළු වෙමි ප්‍රියේ
ආ ආ ආ ආ

ලතා: නෙතු සඟළින් ඔබ කියු ගීයේ තනුව වැටහුණා
ඔබ නොම දැක එක මොහොතක් හෝ ඉන්න බැරි වුණා
හේමාල්: හිරු සඳු නැති ලොව තරුවකි ඔබ එළිය ගෙනදෙනා
අද සිට මගෙ මුළු දිවියම ඔබ වෙතට කැප වෙනා

ලතා: උදෑසනක පිපි කුසුමක් සේ සුවඳ දසත පතුරා
සදාතනික ආදරයක් ගැන සොඳුරු පැතුම පතලා
හේමාල්: ආ ආ ආ
වලා රොදක සිත පා කරලා මියුරු සිහින මවලා
කුමාරියක් ඇවිදින් මගේ සිතට පවන් සලලා

© Rasika Suriyaarachchi, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නන්නාඳුනනා කිරිල්ලී - ප්‍රසාදිකා වික්‍රමආරච්චි

ප්‍රසාදිකා වික්‍රමආරච්චි විසින් රචිත "සිත් කවුළුව" (2019) කාව්‍ය සංග්‍රහයේ අඩංගු නිර්මාණයකි.

නන්නාඳුනනා කිරිල්ලියක් වී
නන්නාඳුනනා කොදෙව්වේ
නාඳුනනා උණුසුමක සැතපිලා
නාඳුනනා සිහිනේ

නිල් නුබ ගැබ තුළ
දිදුලන තරු කැට
සඳ තුරුලේ රැඳුනත්
පිස යන මඳ නල
විකසිත මල්වල
සුවඳ සොයා ඇදුනත්

රන් හසරැලි කිරි
සිනහ ගඟුල නිති
හදවත පිරවූවත්
හිමි සඳ සෙනෙහස
අහිමි වුණේ ඇයි
සෙවණත මත රැඳුනත්

© Prasadika Wickramarachchi, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

කවුදෝ මාගේ - හේමාල් ජයවික්‍රම

කවුදෝ මාගේ තුන් දොර කලතා
පා හඬ නංවා ඉඟ සුඟ නළවා
සිහින විමානයෙ මැවු මූර්තිය සේ
ආවේ සැණෙකින් හදවත කළඹා

සිතුවෙමි කිමිදී යටිහිත පතුලේ
එහෙත් නොමැත එය හඳුනා ගත්තේ
මිනිස් රුවක් මිස දෙව්ලියකුත් නොව
දෙනෙතින් දැක නැති මනසින් දැක ඇති

විටෙක සිතුණි එය මායාවක් නොව
මගෙ ආසාව ම පණ ලැබ ආ බව
යළි සිතුණේ පෙම හටගත් අයුරින්
භවය පුරා බැඳි රුවය නොහඳිණූ

© Hemal Jayawickrama, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ