රට යන අත
අපිට විතරද වහින්නේ, මොකද අපිවම තෙමෙන්නේ
පෙඟුණ කරදහිවලින් දැන් ඔරුව කොහොමද හදන්නේ
ඉවුර නැහැ දැන් පෙනෙන්නේ, ගැඹුර වැඩි බව දැනෙන්නේ
කඳුළ ලුණු රස මදියිනේ, ඉතින් නැතිවද අඬන්නේ
බිඳින තුරු හිස සුළඟ කොහොමද, පහන් සිළුවක් රකින්නේ
අකුණු එළියත් එළියකැයි අපි, රවටලා සිත හදන්නේ
ධවල වත හැඳ වදන් හබලින් එගොඩ ගෙන යමි කියන්නේ
අරුත් සුන් බව දැන දැනත් අපි ඉතින් නැතිවද අඬන්නේ
මිටි තැනින්මයි ගලන්නේ, කියාලයි අපි නිදන්නේ
කවුද වක්කඩ කඩන්නේ අනේ අපි නම් නොදන්නේ
අපිව විතරද ගිලෙන්නේ, අපිත් ජය පැන් පුරන්නේ
කවුද අර නැව් නගින්නේ, අඬන්නත් උන් නොඉන්නේ
© Mahesha Vajirakanthi Wijesekara, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
ඉතාම ලස්සන අදහසක් අක්කේ....යසේල
ReplyDelete