යොවුන් වියේ සොඳුරු සමය
ආදරයෙන් මුසු වූ හද
සිව් වසරක මතක සිහින
අවදි කරන දිනයයි අද
අතීතයේ සෙනෙහස මැද
අත්වැල් බැඳ හමුවන සඳ
පේරදෙණියෙ සෙවණ යටට
සිතින් ඇදෙන මොහොතයි අද
හන්තානේ සෙවනෙහී
සතුට සපිරි කාලයේ
යොවුන් දිවිය ගත වුණේ
යදම් නොමැති ලෝකයේ
නිදි වරා රැය පුරා
දැනුම සෙවූ ජීවිතේ
තිත්ත වූ, මිහිරි වූ
පේරදෙණිය ආදරේ
දුරින් දුර ගියත් අපී
ලොව පුරා මං පෙතේ
නො මැකුණේය කිසි දිනේ
අපගේ සබඳකම් බලේ
එක්ව අත්වැල් බැඳන්
හමුවෙනවා අද දිනේ
රැකෙයි සෙනේහය සදා
අපේ සොඳුරු හදවතේ
© Ajith Wickramaratne, 2026මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.