ආදර පියාණනි
මා ඔබගේ පුතු වේ
කුමර වියේ නිති මා ළඟ රැඳිලා
ආදර වදනින් මා හද නළවා
දිවි හිමියෙන් මා රැක ගත්තා
ආදර පියාණනි, මාගේ පියාණනි
බිළිඳු වියේ මා නිදි යහනේ දී
මා නිදනා තෙක් මා ළඟ සිටියා
නිඳි දෙව්දුව මා ළඟට එනතුරා
කියූ කතන්දර තාමත් මතකයි
පාසැල වෙත මා උදෙන් ම ඇරලා
මා හිස අතගා මා දිරි ගන්වා
උදම් වුණේ මා දස්කම් පෑවිට
ආදර පියාණනි, මාගේ පියාණනි
සරසවියෙන් මා උපාධි ලබලා
පිය සෙනෙහස පා මා සිපගත් දා
ඔබ දෙනෙතේ රැඳි සතුටු කඳුළු බිඳු
තාමත් මට මතකයි, මාගේ පියාණනි
© Palitha Ganewatta, 2026මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.