----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Tuesday, June 22, 2021

ආදරණීය සුරංගී - හේමාල් ජයවික්‍රම

ගැහැණු:
(කෝරස්)  
ආදරණීය සුරංගී, ඔබෙ ආදරණීය සුරංගී
මා ඔබගේ ප්‍රේමෙ දිණූ - ආදරණීය සුරංගී

පිරිමි:
(රැප්)  
මං දන්නවා, මං දන්නවා
රස්සාවක් නෑ කොයිදෝ එක් විල්ලක්
නිස්කාරණයක් නේදෝ සිතුවිල්ලත්
සම්මුඛ පරීක්ෂණෙ දෙයිදෝ සැනසිල්ලක්
මං පිටවුණේ උදේ කාලා පොල් රැල්ලක්
තාම රොටී හැදේ කොයි කන්න නිවිහිල්ලක්
අම්මගේ දෑසේ බිඳේ දුක් කඳුළැල්ලක්

මතකයි දැන්
කොටුවේ පිකටින් කොට කාපු ජල ප්‍රහාරය
ගැටුණු සැණෙකින් වට කඳුළු ගෑස් දුමාරය
බොටුව ඩැහැගන්නට ආපු පොලිස්කාරයා
දුටුවේ විලසින් බට වසවර්ති මාරයා

පිරිමි:
(අන්තරා)  
සහතික මිටි තුරුළු කරන්
දුහුවිල්ලෙන් පිරි වීදි දිගේ
සුසුමන් හෙළා කඳුළු බීලා
මං සොයනවා ජීවිතේ
නුඹේ අතට වාසනාව
රැගෙන එන්නැයි සුරංගී
ආදර බර සුරංගී, මගෙ ආදර බර සුරංගී
ඔබ මාගේ ප්‍රේමෙ දිණූ, ආදර බර සුරංගී

ගැහැණු:
(රැප්)  
මං දන්නවා, මං දන්නවා
අවුරුදු තුනක් නුඹ ගන්න කම් උපාධිය
පවුරුද බිඳ විඳි දෝමනස්සාදිය
කවුරුද පෙම් බැඳ මාමෙන් දොස් ලද්දිය
නුඹ රස්සා සොයා යද්දි පඹ ගාලේ පැටලෙද්දි
ඉඳ හිට මෙහෙ එද්දි සුළු විරාමයක් ගද්දි
මඟුල් තුලා සැරසෙද්දි වුණා විගඩම් සිද්ධි

තේරෙයි දැන්
අම්මලා කතා කරලා ගෙනාපු යෝජනාවෙ
අන්දලා යැව්ව බුලත් හෙප්පු වන්දනාවෙ
අද්දලා පද්දලා මං පාපු මත් ඉනාව
කුද්දලා ගත්තා නාකි මනමාල පෙම් සිනාව

ගැහැණු:
(අන්තරා)  
මා බලන්නට තවත් අයෙක්
ඊයෙත් ආවා ගෙදරට
ඔහුට හැදූ කේක්වලින්
ඉතුරු කළා මං ඔයාටත්
මේ වර හෝ රැකියාව ලැබී
රැගෙන යන්නැයි සුරංගී

© Hemal Jayawickrama, 2021

ලක්‍ෂ්මන් කොඩිතුවක්කුගේ "හුස්ම" නම් කෙටිකතාවේ ඇතුළත් චරිත සහ සිදුවීම් ඇසුරෙන් කෙරුණු නිර්මාණයකි.


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ