ගැ | වසන්තය ගෙවී යන වෙලාවට පිච්ච මල් ඇද හැළෙයි රටාවට |
පි | තනිවෙලා ගෙවන දුක් විඩාවට අවසරද සමු දෙන්න මතකයට? |
පි | දොළොස් වසකට පසුව අද දිනේ විඩාබර ඔබේ නෙත් හමුවුණේ |
ගැ | නිල බලය දැරූ ඔබ අභිමුවේ නීතියද සෙනෙහසද පැරදුණේ |
පි | නැතිබැරිකමට මිල මුදලට වෙන්න ඇතී අතීතයේ මා තනිකර යන්න ඇතී |
ගැ | ලෙහුණා සළුව මුදලට යට වෙලා නිතී දෛවය මට දුන්නු දඬුවම මෙයයි සකී |
පි | වසන්තය ගෙවී ගිය වෙලාවට පිච්ච මල් ඇද හැලුණි රටාවට |
ගැ | තනිවෙලා ගෙවූ දුක් විඩාවට අවසරයි සමු දෙන්න මතකයට! |
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
අපූරුවට පද ගලපා තිබේ. දෙබස තේරුම් ගැනීමට තරමක් අපහසුයි. තව කීපවරක් කියවන්නම්.
ReplyDeleteඅපූරුවට පද ගලපා තිබේ. දෙබස තේරුම් ගැනීමට තරමක් අපහසුයි. තව කීපවරක් කියවන්නම්.
ReplyDeleteනිහාල් රූපසිංහ